Monday 3 December 2012

අතු දියට වැටි ...දිය තරග නැගී......

ඊයේ සීතල වුනත් මිදුම තුනී වූ දවසක්..කාලෙකින් හොවැං කියම් වැව පැත්තෙ යන්න බැරි වුන නිසා රවුමක් ගියා.
මේ තමයි චිනය සහ යුද වදින්න ලබාදිපු රන් කඩුව ඉබ්බා ආපසු අරගත්තු තැන. ආයේ කඩුව කටු ගෙවල්වල දාලා පසු කාලෙක පරිස්සන් කරනවට වඩා ආපසු ගත්තු එක හොඳ වෙන්න ඇති.
අද මට කම්මැලියි වැඩි විස්තර කියන්න. පින්තුර විතරයි.

මේ වැව රවුම නගරයේ හදවත කියන්න පුළුවන්. ඒ වගෙම මෙතන තරමක උප සංස්කෘතියක්  තිබෙන බවත් කියන්න ඕන. ව්‍යායාම කරන්න , පින්තුර ගන්න ආදරේ කරන්න , රස්තියාදු වෙන්න කියාපු තැන .

මේ වගේ ජලාශ මේ පළාතේ හැම තැනම . කොටින්ම පළාතේ ලොකුම වැව ආසන්නයේ තමයි අප ජිවත් වෙන්නෙත් . නමුත් මේ වැව විශේෂයි  .

නගරයේ  ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් .

මේ ගැන ලියන්න නම් අපමණ දේ තියෙන නමුත් වෙලාව පිලිබඳ ගැටළුවක් තිබෙනවා . වසන්තය ඉවරයි . ලියන මුඩ් එකත් නැතිවේගෙන යනවා වගේ . පාසලේ නිවාඩුවට පෙර අන්තිම සති දෙක . විවිධ ක්‍රියාකාරකම් සිදුවෙන කාලේ .

මේ පාර නම් මුකුත්ම ගෙනියන්නේ නැහැ කියල හිතන් හිටි ගල් හිත උණු වෙන්න පටන් ගන්න කාලේ . සේද පසුම්බි ටිකක් , ලැකර් පින්තාරු ටිකක් ,  බම්බු වලින්හදපු පොඩි පොඩි විච්චුර්ණ ටිකක් ගන්න පරණ ටවුම දිහා රස්තියාදුවේ යන්නත් කාලේ .

ඉතින් ඒවා පැත්තකින් තියමුකෝ . මේ වැව වටේ ඇවිදීම ලස්සන අත්දැකීමක් .




පින්තුර අරන් විනාඩි දහයෙන් දෙන කැමරා ශිල්පියෙක්ට කියල ලස්සන පින්තුරයක් ගන්නත් පුළුවන් .



ආදරවන්තයෝ නම් බැංකුවක ඉඳගෙන ඈත බලන් ඉන්නත් බැරුවය දවසක් වුනත් ..




 .


වැවට උඩින් රතු පාලම දිගේ ගිහින් ඉබි පන්සලට යන්නත් පුළුවන් .
 
 
 
 පන්සලට යන ගේට්ටුව ගාව කොටියා සහ මකරා










අධ්‍යාපනය සංකේතවත් කරන පින්සල් කුළුණ . ඔය ගල් වැටියට බඩ ගෑම අපේ දෙන්නගේ ආසම වැඩක්





යුගල පින්තුර ගන්න ආපු මනාල ජෝඩු දහයක් පහළොවක් බලා ගන්න පුළුවන් . මට මුණගැහුන ආරක්ෂක අංශ සාමාජිකයා සහ එයාගේ මනාලිය නම් බොහොම කැමැත්තෙන් පින්තුරේට මුණ දුන්නා . ඒ අතින් හරිම මිත්‍රශීලි අහිංසක කමක් මේ මිනිස්සු ළඟ තියෙනවා .




Cyclo කියන බයිසිකල් රික්ශෝවේ නැගල රවුමක් යන්නත් පුළුවන් .

ලොකු තැපැල් කන්තෝරුව .





නගරයේ දහස් වසර ගෙවුන නිසා ස්විස් රජයෙන් දුන්න ලොකු ඔරලෝසුව ...



මුහුණ ඇඳගන්න කැමති නම්

නැත්නම් කැසට් එකක් දාල නැටුම් උගන්නන තාවකාලික නැටුම් කණ්ඩායමක් එක්ක නටන්නත් පුළුවන් . ඉවර වෙලා තොප්පියට කියක් හරි දෙන්න විතරයි තියෙන්නේ .
 
 

ඔය සේරම කරන්න කම්මැලි නම් ගස් අතු දියට වැටි මවන මනරම් දසුන් දෙස බලා ඔහේ ඉඳගෙන ඉන්නත් පුළුවන් .

67 comments:

  1. ෂා ..හරිම ලස්සන තැනක්නේ.. මම නම් ආස හිතෙන්නේ ඔය බංකුවක වාඩිවෙලා වැව දිහා බලාගෙන ඉන්න.. අර ගහට හේත්තු වෙලා ඉන්න මංගල ජෝඩුව නම් හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ...ඔය මගුල් දවසට කලින් පින්තුර ගන්න මේ ගොල්ල වෙනම දවසක් ගන්නවා . ඇල්බම් එක හදන්න මාරෙට වියදම් කරනවා .

      මාත් ආසයි ඉඳගෙන වැව දිහා බලන් ඉන්න ..කොහෙද ඉතින් අපි ළමයි එක්කනේ

      Delete
    2. කාට හරි දීල දාන්න අනේ...

      Delete
    3. අපොයි ..ළමයි නැතුව වැව දිහා බලන් ඉඳල මොකටද

      Delete
    4. හි හි.. ඔයාට විකාරද කියල අහන්න හිතුන නේද ?
      මේ ලෝකේ මනුස්සයන්ට වටිනම දේ; කාට හරි
      දීල දාන්න කියද්දී එහෙම හිතෙනවා බින්දී අක්කේ ..
      මන් විහිළුවක් කලේ ඔය උත්තරේ ඔයාගෙන්ම ගන්න...

      Delete
    5. මන් නොදන්නවය සහන්.

      Delete
  2. Replies
    1. දැන් කම්මැලි වෙන කාලේ . හැබැයි ඉතින් මේ පින්තුර ගනිද්දී නළු නිලියෝ අයින් කරලා බ්ලොග් එකටමයි ගත්තේ .

      Delete
  3. වියට්නාම් චාරිකාවක් සදහා සැරසෙන අයුරු පිළිබඳ විස්තරක් දෙන්න හැකි නම් බොහෝ ස්තුතිවන්ත වෙමි. මට බොහොම ආශාවක් ඇති වුනා ඔබේ ලිපි තුලින්ම. මේකත් ඒ වගේ වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබට මොනවගේ තොරතුරුද දැනගන්න ඕන .විසා ගන්න නම් දැන් කොළඹ තානාපති කාර්යාලයක් තියෙනව . දෙසැම්බර් සිට මාර්තු වගේ එනව නම් සහ මේ පැත්තේ එනව නම් විතරක් ටිකක් ශිත කබා අවශ්‍යයි . අනෙක් කාලවලදී එනව නම් එහම නැත්නම් අවුරුද්ද පුරාම දකුණු පළාත් ලංකාව වගේ තමයි දේශගුණය . මුළු රටම ආවරණය කරන්න නම් සති තුනක් වත් හොඳයි . අඩුවෙනුත් යම් තරමකට බලාගන්න පුළුවන් . හැනොයි එනවා නම් අපිට උදව් කරන්නත් පුළුවන් .

      ඇත්තටම එනවා නම් හැනොයි එන්න හොඳම මාර්තු අප්‍රේල් වසන්තය හෝ සැප්තැම්බර් ඔක්තෝබර් සරත්සමය තමයි ලස්සන . මෙහෙ ආවොත් ඔය පරණ ටවුම පැත්තේ කරක් ගහල කටුගෙවල් ටිකක් සහ පැරණි ස්ථාන කීපයක් බලල අනිවාර්යයෙන් හලොන්ග් බේ යන්න ඕන . සපා කියන කඳුකරය වැදගත් ආකර්ෂණයක් .තව ඉතින් ප්‍රාදේශීය ලස්සන ස්ථාන තියෙනව .නමුත් කෙටි සංචාරයකදී ඔය කියූ දේවල් තමයි වැඩිපුර යැවෙන්නේ .

      මධ්‍යම වියට්නාමය ගත්තොත් පැරණි රාජධානි සහ විශේෂයෙන් චම්පා නටඹුන් සහ හොයිආන් කියන වෙරළාශ්‍රිත පැරණි නගරය බලන්න පුළුවන් . දකුණේ මිකොන්ග් ඩෙල්ටා , කුචි ටනල් සහ නගර සංචාරයක් හොඳයි . ඔයිට අමතරව මනරම් වෙරළවල් තියෙනව .

      අපි නොගිය තැන බොහොම තියෙනව තව .

      ලැහැස්ති වෙන්න කියල ලොකුවට දෙයක් නැහැ . විසා ඇතුළු මුලික දේවල් තමයි. අනික සංචාරක ආයතනයකින් ගමන් ලැස්ති කරගන්නවා නම් වඩා පහසුයි . නැතත් මට පුළුවන් අවශ්‍ය උපදෙස් දෙන්න .

      Delete
  4. ලස්සන තැනක්නේ... වට පිටාවේ සුන්දරත්වය බලලා, ටිකක් නටලම ආව හැකි ගෙදර.... :)

    ReplyDelete
    Replies
    1. ඔව් සමනලී ..මෙතැන නගර මැද වුවත් හරිම අමුතු ගතියක් තියෙනව

      Delete
  5. මමත් මේ හැමතැනම ඇවිද්ද..(දැන් ටිකකට කළින්)

    ReplyDelete
    Replies
    1. මොකක් ..විමුක්ති කියන්නේ මෙහෙ ඉන්න කෙනෙක් නම් අපි දන්නා කෙනෙක් . මොකද ඉතාම සුළු පිරිසයි මෙහෙ ඉන්නේ . ඇවිත් යන්න ආව වුනත් අපේ රේඩාර් වලට අහු නොවී යන්නේ කලාතුරකින් ..

      Delete
    2. නෑ..නෑ..මම කිව්වෙ පින්තූර ටික බලල හිතෙන් ගියා කියල..

      Delete
    3. බලන්න මගේ රේඩාර් එක කොහොමද කියල..
      ප්‍රධාන පාර දිගේ දකුණට කෙලීන්ම ආවොත්
      වැව හම්බෙනවා, වැව වටේ ඇවිදින්න පුළුවන්..
      ඒත් මැද තියෙන දූපතට යන්න නම් අනික්
      පැත්තෙන් එන්න ඕන..

      Delete
  6. මටනම් මතක් උනේ නුවර වැව...මටනම් නුවර වැව වටේ හවසක යන්න තියෙනව නම් තවත් මොනවද..?
    ඇත්තටම බින්දි ලඟදි නුවර වැව ගාවට ගියානම් ඔය පොටෝ වගේමයි..!

    ReplyDelete
    Replies
    1. ඔව් වී ..නුවර වැව වගේ තමයි. හැබැයි නුවරදී අපට ටිකක් භක්තිමත් ගතියකුත් දැනෙනවා නේ . මමත් ආසම තැනක් ..වලාකුළු බැම්ම ..වැව ..මාලිගය

      Delete
  7. හරීම ලස්සනයි බින්දි. ඉතාම සුන්දර පරිසරයක් නෙ. ඉතින්, ආදරේ කලැයි!
    එන්න ලැහැස්ති වෙනව නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ .තවම එහමට ලැහැස්තියක් නැහැ . අක්කට තෑග්ගක් ගන්න ඕන කාට නැතත් . කල්පනා කරන්නේ මොනවද කියල .

      Delete
  8. කවදා දකින්ටද ඔයතැං හැබැහිං....?? අපිව එක්කං ගියාට තැංකියූ ආ....

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා . යාත්‍රිකයා කියන්නේ යාත්‍රා කරන්නාට ..දවසක ඔබත් කොහේ යාත්‍රා කරයිදෝ කවුද දන්නේ

      Delete
    2. අන්න වැරදුණු තැන.... මං යාත්‍රිකයා නෙමෙයි යාන්ත්‍රිකයා....... ඒ කියන්නෙ රොබෝ වගේ එකා කියන එක....

      Delete
    3. ආ අය්යෝ ටු බෑඩ් . එහෙනම් යන්න වෙන්නේ නැහැ

      Delete
  9. අර දිය පිරැන තැන ඉස්සරහා වාඩි වෙලා ඔහේ ඉන්න ඇත්නම් හිත හිතා....


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. කොච්චර හොඳද එහෙම ඉන්න ඇත්නම් නේ ..හැබැයි ටිකක් ඉන්නකොට අර මනාල යුවලවල් දකිද්දී හිතෙයි දීගෙක යන්න . ඊට පස්සේ ළමයෙක් දෙන්නෙක් එක්ක ඇවිදින්න යාවි අපි වගේ ..නේද රති

      Delete
  10. හරිම ලස්සනයි dr .. ආසාවෙන් බැලුව ..පොස්ට් එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයිලන්ට්සහන්

      Delete
  11. හරිම ලස්සන තැනක් වගේ බින්දි අක්කා...ලංකාවෙත් දැන් ඔය වගේ ලස්සන තැන් තියෙනවා....
    වෙලාවක් තිබුනොත් මගේ පැත්තට ඇවිත් මේක බලන්නකෝ...
    හිතේ නිදහස කොළඹ සිරිය එක්ක..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලිහිණි ..අන්තිමට කියන්න තියෙන්නේ ''විලක් වුනත් නිල දිය පිරි විලක් නොවේ ...''

      මෙහෙ අයට මන් ලංකාවේ අසිරිය කියාදෙනවා .

      මන් එන්නම්කෝ ඒ පැත්තේ

      Delete
  12. ලංකාව වගේමයි.. හරියටම නුවර වැව වටේ එහෙමත් නැත්නම් තිසාවැව වටේ රවුමක් ගියා වගේ හැඟීමක් ආවා

    ReplyDelete
    Replies
    1. නුවර වැව වගේ දයා .. මට ලොකු ආසාවක් තියෙනවා අනුරාධපුර පොළොන්නරු බලන්න පොඩි අයව එක්ක යන්න .

      Delete
  13. ලස්සනයි හෆ්ෆා..ජොබ් එකක් හොයාගත්තම ඇවිදින්න ඕනි ලෝකේ වටේම..:D

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස ..පුළුවන් කාලේ ඇවිදින්න

      Delete
  14. ඇත්තම කිව්වොත් බින්දි මම වියට්නාමය ගැන් දැකලා තියෙන්නෙ යුධ චිත්‍රපටි වලින් විතරයි, ඒවත් ඇත්තරම රූපගත කරලා තියෙන්නෙ තායිලන්තය වගෙ ආසන්න රටවල.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මෑතක හදපු එව්වයේ වුනත් වියට්නාම යුද්ධේ ගැන කියවෙනවා මන් දැකල තියෙනව . හෙන්රි ඉතින් ඇවිත් යන්න එන්න පුළුවන් වුනොත්

      Delete
    2. තව එකක් සමහර වියට්නාම් යාලුවෝ කියනව මේ රට ගැන මන් දන්නා තරම් ඒගොල්ලෝ දන්නෙත් නැහැලු. සමාජ අධ්‍යනයට සහ කියවීමට තිබ්බ ආසාව තමා අදටත්

      Delete
  15. ලංකාවෙත් ඔය වගේ තැන් හැදීගෙන එනවා. ඒත් ඒවගේ ගිහින් ගතකරන විවේකයනම් මිල අධික වෙන එක අනිවාර්යයි.

    ReplyDelete
    Replies
    1. මෙතන නම් ඉතින් නිකන් .හැබැයි පන්සලට යනවා නම් ටිකට් ගන්න ඕන . දැන් කොහෙත් එහෙමයි සුමිත් . නොමිලේ හුලන් පොදක් වත් නැති වෙයි කලකදී . Lorax කියන කාටුන් එක බැලුවද . හුලන් සල්ලි දීල ගන්න ඕන කතාව

      Delete
  16. ඊයේ අහම්බෙන් මේ ෆොටෝ දැක්කම මටත් මතක් වුනා මේ පැත්තේ අපි ඇවිද්දා.
    අර රෑටත් ඇරලා තියෙන ලොකු මාකට් එක තියෙන්නෙත් මේ හරියෙම නේද?

    දැන් ඔය කවුරු මොනා කීවත් මට කොහොමද හිතෙන්නේ නැත්තේ නුවර වැවයි තිසා වැවයි ත් අනිත් වැව් ගාවට ගියා වගේම කියලා. නුවර වැව නම් රෑ දොලහට එකට රවුමක් යන්න කියාපු තැන. අනිත් එවුන් අම්මා අප්පච්චි මතක් කරලා බැන්නත් අපිට මොකද නේද? කොහෙද රෑ දොලහට ඉතින් පන්සල ඇරලා නෑ නේ. ඊටත් වඩා කොට කලිසම් ඇඳන් පන්සල් යන්න දෙන්නෙත් නෑ කීවනේ.
    අනුරාධපුරේ නම් ඊළඟ පාර මගෙත් ලිස්ට් එකේ ඉහලින්ම ඉන්නවා. නුවර වැව වගේ නෙමෙයිනේ ඒ වැවේ හුළඟත් වෙනස් බවයි මට නම් මතක. අනික නුවර වැවේ නාන්නත් බෑනේ. තිසා වැවේ මම ආස වැඩියම නාන්නත් පුළුවන් නිසාමයි.

    ReplyDelete
    Replies
    1. මෙතන නම් ටිකක් නුවර වගේ . අර දළදා මාලිගාවත් එක්ක එන දැහැමි ගතිය විතරයි අඩු . එච්චර ට්‍රැෆික් එකකුත් නැහැ මෙතන .

      මේකේ නම් නාන්න බැරියෝ. රන්ගි සුජීව ප්‍රසන්නරච්චිගේ පොතක තියෙනවා නේ අනුරාධපුරේ වැවක් ගාව හෝටලයක් ගැන . [හරි ඉතින් මන් ඔය ඕන එකක් කියවනවනේ .]..නම මතක නැහැ පොතේ . සේරම එක වගේ කතා නිසා නම් මතක හිටින්නේ නැහැ .

      ගිය පාරත් අනුරාධපුරේ යන්න හිතල වැස්ස නිසා අල වුනා . මට ඔය කොයි පළාතෙත් යාලුවෙක් දෙන්නෙක් ඉන්නවා . ඉඳුම් හිටුම් ලැස්ති කරන්නත් ලැස්ති වෙලා හිටියේ .

      අපි දෙන්නා ඒ කාලේ ගිය තැන්වලට ළමයි එක්කගෙන යන්න ආසයි . දිග ලිස්ට් එකක් තියෙනවා මන් ගාව .

      Delete
  17. //ඔය සේරම කරන්න කම්මැලි නම් ගස් අතු දියට වැටි මවන මනරම් දසුන් දෙස බලා ඔහේ ඉඳගෙන ඉන්නත් පුළුවන්//

    මෙන්න මේක කරන්න තමා මමනම් වැඩිපුරම කැමති. අර කොටියාටනම් බළල් පාටක් නේද තියෙන්නේ? ජෝඩු ටිකත් ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. සයුරිට තවම පුළුවන් නේ .

      පුස් කොටියෙක් වෙන්න ඇති . ජෝඩු නම් ලස්සනයි තමයි. ඔය මනමාලියෝ ඇඳුම් කීපයක් මාරු කරලා ලස්සන පින්තුර ගන්නවා ,. අසරණ මනාලයා පස්සෙන් යනවා . මෙහෙදී අප්පා බඳින්න තිබ්බේ .

      හැබැයි අපේ පින්තුර ගත්තු කැමරා අන්කල් වුනත් ඔයිට දෙවෙනි නැහැ . තව පොඩ්ඩෙන් මාමණ්ඩි ගෙන් බැනුම් අහනවා . හිනාව සෙට් කරන් බලන් ඉන්නවා ..මෙයා කැමරාව අටවද්දී කටත් රිදෙනවා .

      Delete
  18. වියට්නාමය කලාතුරකින් දැකගත හැකි තැනක් චායරුප එකතුවත් ලිපියත් රස වින්දා. මීට වඩා හොඳ කැමරාවක් භාවිතා කරන්න පලුවන් නම් ඔබගේ පින්තුර වල අගය තවත් වැඩි වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදිත ..කැමරා නේද . ඔන්න කැමරාව අරන් යනවා . එක්කෝ කාඩ් පිරිලා . එක්කෝ බැටරි බැහැල . මේ ඉතින් ෆෝන් පින්තුර

      Delete
  19. Replies
    1. ස්තුතියි සිතුවිලි

      Delete
  20. සුන්දර මිනිස්කුගේ සුන්දර සටහනක්, වියට්නාමේ මාර දුයුණුයි නේද දැන්...?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් . දියුණුව කියා අප මනින නිර්නායක වලින් වියට්නාමය දියුණු වෙනවා . සංචාරක කර්මාන්තය හෙම බොහොම ඉහලයි . පරිපාලනය බැලුවම හොඳ තීරණ ගන්න බව පෙනෙනවා .

      අපේ යාලුවෙක් මෙහෙ එද්දී කවුද කිව්වලු තාම යුද්ධේ නේද කියල ..හැබැයි එතකොට අපේ රටේ තමා යුද්ධේ

      Delete
  21. කිව්වත් වගේ කම්මැලි පෝස්ට් එකක්.. ඒත් මෙහෙම පින්තූර ටිකක් දාන එක හොඳයි.. අපි නැත්නම් කවදා දකින්නද වියට්නාමෙ..

    ඔය වැව් කියන ඒවා ලංකාවෙ වගේ හදපු ඒවද නැත්නම් ස්වාභාවික ජලාශද ?
    ඒවයින් කෘශිකර්මාන්තෙට එහෙම ප්‍රයෝජන ගන්නවද ?
    නැත්නම් බේරෙ වැව වගේ වැව්ද ?
    ඕවයෙ ධීවර කර්මාන්තෙ එහෙමත් කෙරෙනවද ?
    බෝට්ටු සවාරි යන්ඩ බැරිද ?
    ප්‍රශ්ණ වැඩිද ?

    ReplyDelete
    Replies
    1. බොහොමයක් ස්වාභාවික . මේකත් ඇතුළුව . මෙය රතු ගඟ කලෙකදී හදපු වැවක් . මේකේ නම් මාළු අල්ලනවා දැකල නැහැ . අනෙක් ඒවායේ නම් කොච්චරවත් බිලි කොක්කක් මානාගෙන ඉන්න උන් හරියට . මෙය නගර අලංකාරයටම වෙන් වෙලා . යෝධ ඉබ්බන් ඉන්නවා .

      මේකේ බෝට්ටු යන්නේ නැහැ . හැබැයි අපේ ගේ කිට්ටුව නියම වැවක් තියෙනව . බෝට්ටු පදින .

      ප්‍රශ්න වැඩියක් නැහැ සෙන්නා .

      Delete
  22. ලස්සන පින්තුර ටිකක් !ස්තුතියි වෙනත් රටක සිරිය අපටත් දකින්න සැලස්සුවට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි

      Delete
  23. ෆොටෝ ටිකනම් ලස්සනයි.මට ආපු ප්‍රශ්නේ අර ඔරලෝසුවේ වෙලාව බලන්න අමාරුයි වගේ නේ..

    ReplyDelete
    Replies
    1. යෙෂ් ..මටත් ඔය ප්‍රශ්නේ ඔහොමම ආවා . ගහකට නගින්න වෙනවා නේ . ස්විස් කාරයට පිස්සුද කොහෙද .

      Delete
  24. බින්දි, පින්තූරවලින් පෙනෙන හැටියට නම් මෙහෙ මංමාවත් පුදුමාකාර තරම් පිරිසිදුයි වගේ. ඇත්තටමත් ඒක එහෙමමද ?අපේ පාරවල් ගැන හිතනකොට මට කැපිලා පෙනුනේ ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. අපිරිසිඳු කුඩා පාරවල් තියෙනව . මොකද ස්ට්‍රීට් ෆුඩ් හරියට . ඒ වුනාට ලොකු පාරවල් ලස්සනට හදල . එහෙමකට කුණුත් නැහැ . අනික මහා රෑට තමා පිරිසිඳු කරන්නේ . ශිත කාලයේ පවා . සිංගප්පුරුව තරම් නැහැ . නමුත් අලුතින් හදන පළාත් හොඳට සැලසුම් කරනවා . හැනොයි නගරය අධික ජනගහනයක් සහිතයි . ඉතින් කුඩා ගෙවල් හරියට . මට කියන්න තේරෙන්නේ නැහැ . අපේ රටයි මේකයි මොකක්ද වෙනස කියල .
      නමුත් වෙනසක් තියෙනව . මේ දාල තියෙන හරිය නම් විශේෂයෙන් පිරිසිඳු හරියක් . පරණ ටවුමේ කඩ සාප්පු විදි නම් ඇහිරිලා . වෙලාවක් ලැබුනම ඒ ගැන ලියන්න ඉන්නේ

      Delete
  25. මම මේකට ද්හපු කමෙන් එක නෑනේ :O

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වෙලත් නැහැ සමි ..ඒ වුනාට කමක් නැහැ . කියෙව්වා නම් මදැයි

      Delete
  26. දැන් එන්න පුලුවන් නම් මේ දැන් එනවා... එච්චරට ආසා හිතුනා මේ පින්තූර ටික දැක්කම... මේ ජලාශ වල ධීවර කර්මාන්තය එහෙම සිදුවෙන්නෙ නැද්ද...

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට බැරිවය සිරා . හැබැයි ඉතින් ඇවිත් මට බනිනවා හෙම නෙමේ . මන් කියූ තරම් ලස්සන නැහැ කියල . මේකේ නම් මාළු බාන්නේ නැහැ . තහනම් වෙන්න ඕන . මේකේ ඉන්න ඉබ්බන් පරිස්සන් කරනවා වෙන්න ඕන . සිරා ලින්ක් එකෙන් ගිහින් කතාව බලන්න . ඉබි රජතුමා ගැන . මේකේ නැතුවට අනික් ජලාශවල නම් බිලි පිති කාරයෝ හරියට . පන්සල් ගාව මාළු බාන කුසල් හාමිලා හරියට

      Delete
  27. ශා..... කියල වැඩක් නැහැ මොකක්ද මේ රට? ජපානයද? අර පන්සලේ කොටියා කොටියෙක් නෙවෙයි පූසෙක් වගේනේ. :) සෑහෙන්න ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මේ වියට්නාමයනේ කෝරලේ මහත්තයා . හරි හරි මෙහාට ආවම කොටි පුස් පැටව වගේ ඉන්නවා ඇති . හරියට මෙහෙ දැරිවියෝ බැඳගත් සුදු මහත්තුරු වගේ ....අපේ ලොකු දු තමා කිවේ මේ කොටියෙක් කියල . ඒ ගොල්ල ඉස්කෝලෙන් මෙතනට විත් සෑහෙන්න දේවල් ඉගෙන ගෙන ගිහින් තිබුන .

      Delete
  28. බින්දිට පින්සිද්ධ වෙන්න හොවැං කියම් වැව අපිත් බලා ගත්තා..නුවර වැව රවුම මතක් වුනා සමහර පින්තූර දකිද්දී..

    ReplyDelete
  29. නුවර වැව තමා මතක් උනේ නම්...එත් ඉතින් එච්චර ලස්සන පරිසරයක් විඳගන්න ඉඩ නැහැ. බැරිවෙලාවත් කොල්ලෙක් එක්ක ගියොත් අපි ටියුෂන් යන ළමයි නොවුනත් යන්න කියනවා.. මගේ යාළුවාට එහෙම වෙලා තිබුනා. හැබැයි පොලිස් කාරයා හිතුවද දන්නේ නැහැ ටියුෂන් යනවා කියලා

    ReplyDelete