Thursday, 6 December 2012

වටරවුමේදී මග ඇරුන ..කවි මිතුර


සන්තකට ,
අකුරු විතරක්ම තිබු
අකල් සමයෙක
හමු වූ කවි මිතුර
අප මග ඇරුන හන්දිය
ඔබට මතකද ...

වටරවුම හැරවුම
පහසු මාවත මටයි
ඔබ ගියේ රළු කටුක
වෙනස් පාරක හැඩයි

...අත ඇරුණු කවි අහුලන්න
හන්දියට ගොසින් බැලුවාම
ඔබ ගොසිනි බොහෝ දුර
මට වචනයක් වත් නොතියාම

...ඔබ ලියු පරණ කවී පමණක්
ඇලවෙනු දුටිම් තැන තැන
අලුත් පරපුර අලුතින්ම
කියවයි අකුරු ගැන ගැන ..

බැරි වුණත් බිතු සිතුවමක් වන්නට
ඉස්සර වගේ කියවා කියවා ඉන්නට
ඉඳහිටක දුක සැපක් අහන්නට
බැරිකමයි මට නම් තියෙන දුක

......කුඩා වූ පෘථිවියේ කොහේ හෝ
හමු වුණොත් අහම්බෙන් අතරමග
අහන්නට තිබෙන කප්පරක් දේවල් නොඅසා
එකම පැනයක් අසමි ..

''එල්පින්ස්ටන් හන්දියේ පෙට්ටි කඩයෙන්
බෙදා ගත් කහට තේ කෝප්පෙට
මම ණයද ?''

ප.ලි.

මේක විරහ
කවියක් නොවේ ළමයි..

58 comments:

  1. නොස්ටලොජියා කියන්නෙ මේවටද මන්දා?

    කොහොම වුනත් හරිම අපූරු අදහසක්..

    ReplyDelete
  2. from Greek nostos a return home (with reference to ageing or second childhood) + -logy]
    nostologic [ˌnɒstəˈlɒdʒɪk] adj

    අලුත් වචනයක් හින්දා තේරුම බැලුව . එයත් නරක නැහැ වගේ ..ලකී

    ReplyDelete
    Replies
    1. මන් මේ ඒත් බැලුව ..මේ දවස්වල සාමාන්‍ය දැනීම ගැන පිස්සු වැටිලා හින්ද ..

      Delete
    2. ඕක අපට කියා දීමේ ගෞරවය. මම හිතන්නේ උදිතයට යන්න ඕන, ඌ මගේ කොමෙන්ට් එකක දැම්මම තමයි මමත් දැනගත්තේ.

      Delete
  3. මේ මොන විනාසයක්ද කරගන්න හදන්නෙ... මම කිව්වෙ Nostalgia ගැන

    ReplyDelete
    Replies
    1. ලකී, කෝ බං උඹේ නැට්ට කෑල්ල..!?

      Delete
    2. හුටා... ඒක හැලිලා... වෙන එකක්වත් දාමු


      සාමා එන්න. අමර එන්න. අපෙනුත් මල් ගන්න

      Delete
  4. ඔබ ලියූ කවි කියවා - මං අසරණව උන්නා
    කවි පොතම පොඩි කරලා - නිදියන්න මට හිතුනා..

    :D & :P

    ReplyDelete
    Replies
    1. හා නිදාගන්න එහෙනං බුරෝ ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. එයත් දව්සක මට මෙහෙම කවියක් ලියයි කියල හිතෙනව :(

    "ඉඳහිටක දුක සැපක් අහන්නට
    බැරිකමයි මට නම් තියෙන දුක" :(

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වොත් කොපමණ හොඳද

      Delete
  6. ඉඳහිටක දුක සැපක් අහන්නට
    බැරිකමයි මට නම් තියෙන දුක

    කාට කියන්නද මේවා???

    පෙරේ වලේ නැරඹු නාට්‍යයේ රුපියල් පනහට මම ණයද?

    ReplyDelete
    Replies
    1. රුපියල් 50නම් ඉතින් අද කාලෙ හැටියට ණයක් තමයි :P
      ඔව් ඔයා ණයයි :D

      Delete
    2. ඔව් ඔයා ණයයි..

      ඉල්ලන්න නොයේ නම් බොල් ණය වී ඇති

      Delete
    3. හෑ? දැන් ඒක පනහ කරලද? අපි බැලුවේ විස්සටනේ (මම කියන්නේ අවු 3-4 කලින්)..ලඟදී සඳකඩපහණ ප්‍රසංගය බලන්න දාහේ ටිකට් අරන් ගියා. කැම්පස් ඉන්න කාලේ නම් ඕවා බැලුවේ රු20ටනේ.

      Delete
    4. හාපෝ... මම ණයද එතකොට...මම අස්සයා වෙලා එයා කුමාරයා වෙයිද දන්නේ නැහැ ඊළඟ ආත්මේ.. මේ ආත්මේ නං ණය තිබ්බේ නැනේ..

      @ තොටිය... හේ... අවුරුදු තුන හතරකට කලින්නේ?? හ්ම්ම්.... මට අවුරුද්ද මතක නැනේ බොල.. 2011 වෙන්න ඕනේ...

      Delete
  7. අප මග ඇරුන හන්දිය
    ඔබට මතකද ...

    හ්ම්ම්...හ්ම්ම්.... :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්

      Delete
  8. //ඉඳහිටක දුක සැපක් අහන්නට
    බැරිකමයි මට නම් තියෙන දුක //

    සත්තකින්ම...මට මඟ හැරිලා ගිය දයාබර හදවත් ඔක්කොම මතක් උනා...අනේ ඒ අය මොනවා කරනවා ඇතිද දැන්...

    ReplyDelete
    Replies
    1. මටත් එලෙසමයි
      මග ඇරුනු අය බොහොමයි

      Delete
  9. වෙනස් විදියක කවි ටිකක් ..ලස්සනයි , මම කැමති අන්තිම ටිකට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමි 4යු

      Delete
  10. අන්තිම ටික කියෙවුවාම මොකද වුනා වගේ. දුකක් හෝ පොඩි මොනව හරි දෙයක්..අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම හැඟීම් ඇති වෙනවා . දුකක් වගේ දෙයක් . ජිවන ගමනේදී සමහර මිනිස්සු හිතා මතාම මග දාල එන්න වෙනව. සමහරු දන්නෙම නැතුව මග දාල ඇවිත් .

      Delete
  11. හිත බර කල කවියක්.

    අතීත සැමරුමක් නිසා ඇඬුණා!

    මං මිතුරෙකුට රුපියක් විසිපහක් ණයයි. ඔහු මට ඒ උදව්ව කල දිනයේ මා ලඟ තිබුනේ බස් එකට සල්ලි විතරයි. ඉන් පසුව හමුවූ දින දෙකේදීම එලෙසමයි. දැන් ඉතිං ඒ ණය කවදාවත් ගෙවන්න වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කකා ඇත්තටම කිවා නෙමේ නේද රුපියල් විසිපහේ කතාව . ඇත්ත වුනත් ගණන් ගන්න එපා . කොහේදී හරි ගෙවන්න වෙයි.

      Delete
    2. බොරු නොකියමි.

      දැන් ණය ගෙවන්නට ක්‍රමයක් නැත. පුණ්‍යකර්මයක් කල යුතුයි!

      Delete
  12. කවි ටික නම් ගොඩක් හොඳයි , ඒත් ස්වයං වාරණයක්
    ගෙන ඉන්නේ ඕව ගැන කතා කරන්නේ නැහැ කියල...
    දිගටම ලියන්න බින්දී අක්කේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන්..වාරණයක් නම් අපි බල කරන්නේ නැහැ .

      Delete
  13. විරහවක් නොවේ ....කිව්වාට
    මටනම් විරහවක් උනා කවි ටික දැකලා....
    ඉස්සර මටත් කවි ලීවා කෙනෙක්....!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විරහව කියන්නේ ප්‍රේමවන්තයන්ගේ වෙන්වීම පමනද . තමන්ට දැනෙන විදිහට විඳීමට බාධාවක් නැතිය . කමක් නැහැ වී ..

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. විරහවක් නම් නොවේ කීවට මට නම් මේක විරහ ගීයක්ම වගේ බින්දි. කොහේ හෝ හමුවෙයි කියන බලාපොරොත්තු වක් තියාගෙන ඉන්නෙ ඒ හින්දාම නොවෙද? මෙහෙම ණය ඉල්ලාවිද? කවිටික නම් අපූරුයි!

    ReplyDelete
    Replies
    1. ඒක තමා නැති වුන මිතුරන් නැවත හමු වෙනවා නම් අපි කැමතිනේ . ණය ..මෙතන මන් කියන්න හැදුවේ මිත්‍ර සමාගම නැති වෙන්න මගේ අතේ වගකීමක් ඇත්ද කියන අදහසින් අක්කේ

      Delete
  16. //වටරවුම හැරවුම
    පහසු මාවත මටයි
    ඔබ ගියේ රළු කටුක
    වෙනස් පාරක හැඩයි //

    අපි ගිය පාරමද දන්නෑ....

    ReplyDelete
    Replies
    1. ඔව් නැහැ කියල උත්තර දෙන්න අමාරුයි ..ඊටත් වඩා සංකීර්ණයි .

      Delete
  17. විරහ කවිත් නෙවි නම් මේක මොන කැටගරි එකටද වැටෙන්නේ එතකොට? හැබැයි කියන්න බෑ ඔය කවි මිතුරා කොහේදි හරි එකපාරටම හම්බ වෙන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ..කැටගරි එකක් නැතුව ඇති තොටියෝ .

      ඔව් සමහර විට ..ලෝකය කුඩාය කියනවනේ

      Delete
  18. කියන්න වදන් නෑ.... හිත අගිස්සටම ගිහින් කොනිති ගැහුව කවියක්... මේ කවිය ඒ කවි මිතුරගෙත් ඇහැ ගැටිල පිළිතුරු කවියකුත් ලියවෙන්න කියල මම ප්රාමර්ථනා කරනවා... ප්රේ.මය වුණත් මිත්ර්කම වුණත් මොන විදියෙ සෙනෙහෙ බන්ධනයක් උණත් ඈත් උණාම හිතේ කැක්කුමක් තියෙනවා සුව වෙන්නෙ නැති... අමතක කරල හිටියත් අමතක නොවෙන... ඉදහිට ඒව උඩ එනවා කවියක් වෙලා... එහෙමත් නැත්නම් සුසුමක් වෙලා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු රසි ..ඔව් එහෙම වෙනවා .

      Delete
  19. තේරුන්නැති නිසා ගානක් නෑ... :-)

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ සෙන්නා ..

      Delete
  20. මේ කවියනම් මාරම රහයි. බින්දිගේ හැරවුම් ලක්ෂයක්ද මන්දා....

    ReplyDelete
    Replies
    1. හැරවුම් ලක්ෂයක් ..අනේ මන්දා ..සමහර විට බ්ලොග් වලින් මනුස්ස ස්වභාවය මුළුමනින්ම නිරුපනය වෙන්නේ නැහැ . ඔබ දකින මා කියන්නේ මගෙන් අරික්කාලක් විතර වෙන්න හැකි .

      ස්තුතියි මාතලන් . ඔබ වගේ කෙනෙක්ගෙන් එහෙම අහන්න ලැබුන එකත් ලොකු සතුටක්

      Delete
  21. කලින් ඇවිත් තියනව වගේ මතකයක් තිබුනත්, මේ කවිය නම් නොමැකෙන විදිහට 'නෙළුම්විල' හිතේ සටහන් කලා. ජීවිතේ විවිධ වටරවුම් වලදි අතෑරුණ සහෘදයන් නම් කොච්චරක්ද? මේ කාලය අතීතාවර්ජන කාලයක් මං හිතන්නෙ. ගොඩක් තැන් වල දැක්කේ අතීත මතක.

    මේ අසාපං කවි මිතුර
    ඉඳහිට වරෙන් ආයෙත්
    අපිට අපි මග හැරුනු
    වටරවුම් හන්දිය වෙත

    අපි අතර ඇති මහ දුර
    වෙන කිසිවක්ම නොව
    කාලයම පමණක් බව
    වැටහේවි එතකොට නුඹට

    මටත් හිතිච්ච දෙයක් ලිව්ව නිකං වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර කලින් ඇවිත් ඇති මන් හිතන්නේ . මගේත් ගොඩක් ලිවීම් අතිතනුස්මරණ .

      ඔබේ පද ටික හරිම ලස්සනයි .

      කටුක මාවත් වල ගොසින්
      යලි හැරෙනු බැරි කොට
      කාලයටත් වඩා උස
      කටු අකුල්

      Delete
  22. මේකට "කවි" කෑල්ලක් ආවේ කොහොමද කියලා මම මේ කල්පනා කරේ. හ්ම්ම්..මෙහෙම මග ඇරුන අය කොයි තරම් ඉන්නවද

    ReplyDelete
    Replies
    1. කවි නෙමේ නිසදැස් ..

      හ්ම් ඔව් සයුරි ..බොහොමයි එහෙම අය .

      Delete
    2. හෑ..මම හිතාගෙන හිටියේ කවි කිව්වම සඳස් නිසඳැස් දෙකම අයිතියි කියලා..හයියෝ :0

      Delete
    3. මාත් හිතන් හිටියේ එහෙමයිනේ .

      Delete
  23. අර උඩින් බුරා කියලා තියෙනවා වගේ දීපිකාගේ සින්දුව තමයි මටත් කියන්න තියෙන්නේ.

    ණය ගැන නම් මාත් තියෙන්නේ පුදුම බයක්. මැරෙන්න කලින් ගෙවන්න බැරි වෙයි කියලා හරිම බයෙන් ඉන්න කෙනෙක් මම. මගෙ යාළුවෝ මට එහෙම කියලා හිනාවෙනවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. අපොයි භෞතික ණය නම් ගෙවන්නම ඕන . බුරාට පිස්සු ..නිදිමතයිලු

      Delete
  24. බින්දිය ඔබ තවත් කවි ලිවිය යුතුය!

    ReplyDelete
    Replies
    1. හා හොඳයි කතන්දර

      Delete
  25. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
  26. සිත පෙලන කවියක්. කී පාරක් නම් කියෙව්වාද?

    ReplyDelete