Saturday 19 January 2013

තුන් කොන් ආදරේ ලිප් ගල් තුන සේමා ......



එලියට බහින්නට නොහිතෙන තරම් පරිසරය සීතලයි . ශිතාධික රටවලින් ආ මිනිසුන්ට සහ මේ පළාතේ වැසියන්ට නම් එතරම් ගණනක් නැතුවා වගෙයි . කට්ට සීතලේ පාපන්දු සෙල්ලම් කරන තරුණයින් රාත්‍රී 10 11 වෙනකම් සෙල්ලම් කරනවා .

මේ මිනිස්සු කාලගුණ වෙනස්කම් ගැන බොහොම සැලකිලිමත් . ජනේලෙන් බලල මට කියන්න පුළුවන් කොච්චර සීතලද කියල කාලගුණ අනාවැකි නොබලාම . ඒ ඔවුන් අඳින ඇඳුම් දිහා බලල . යන්ට්ගම් සිතල වෙද්දීම හොඳට ඔතාගෙන එලියට බහින්නේ . එකක් ගමන බිමන මෝටර් සයිකලයෙන් නිසා සිතල සුළඟින් ආරක්ෂා වෙන්න ඕන විශේෂයෙන්ම . අනික් අතට නිදහස් බෙහෙත් හේත් නැති නිසා ලෙඩ නොවී ඉන්න එකත් සැහෙන්න වැදගත් සාක්කුවට .


ඒවායින් වැඩක් නැහැ ඉතින්. අත්‍යාවශ්‍යම දෙයකට මරන්න යනවා වගේ යන්තමට එලියට බහින උග්‍ර නිවර්තන වාසි සත්ව ඝනයට අයත් මම සතුව සැහෙන වෙලාව තියෙද්දිත් බ්ලොග් එක නොලියන්නේ මොකද කියල මන්ම කල්පනා කළා . ඔන්න ලියන්න ගන්නවා . වෙන බ්ලොග් දෙක තුනක් කියවනවා . ලියන එක අමතකයි . ආයේ අට නවය වෙද්දී ගෙදර වැඩ ඉවර නම් කෙල්ලොත් එක්ක බ්ලැන්කට් එක අස්සට රිංගා ගැනීම තමයි පරම පැතුම .


ළමයි නිදි කරන්න කියල ගියාට ආයේ මන් නම් උදේ වෙනකම් ඇඳෙන් බහිනවා බොරු . ඉතින් කවුද බ්ලොග් එක ලියන්නේ .

නිදහසට කාරණා මදැයි . අද නම් ස්ථිර චේතනාවෙන් ඉඳගත්තේ මොනව හරි කොටලා මිසක් නැගිටින්නේ නැහැ මෙතනින් කියල .

ගිය අවුරුද්දේ ලියපු ''කාප් මසෙකු පිට නැගී දෙවියන් දෙව් ලොව යති '' ලිපිය මතකද මන්දා . මට නම් මතකයි ..මම නේ ලිවේ .

එතන කියපු ලිප ළඟ දෙවියා ගැන කතන්දරේ අද උදේ සඟරාවක තිබිලා කියවන්න ලැබුණ . මෙන්න ඉතින් ඒ කතාව .

කියන විදිහට එක දෙවි කෙනෙක් නෙමේ තුන් දෙනෙක්ම ඉන්නවලු .

මේ දෙවි වරු අවුරුද්ද පුරාම ගෙදර උන්දලාගේ ගති පැවතුම් ගැන බලා ඉඳල හෙට අනිද්දා උදාවෙන මේගොල්ලන්ගේ අවුරුදු කාලෙට කාප් මාලුවෙක්ගේ පිටේ නැගල දෙව්ලොව ගිහින් දෙව් රජතුමාට සම්පුර්ණ වාර්තාව දෙනවලු .

ඔන්න එකමත්  එක කාලෙක ..[ඔව් මෙහෙත් තියෙන අටෝ රාශියක් ජනකතා පටන් ගන්නේ එහෙමයි .]

හිටියාලු ඉතාම දුප්පත් තරුණ යුවලක් . අනුන්ගේ ගෙවල්වල මෙහෙවර කරලා දුක සේ කන්න වේලක් සොයා ගත්ත මේ දෙන්නා හරිම සමගියෙන් සතුටින් ජිවත් වුනාලු . කොටින්ම රත් කරගත්තු දේ කන්නවත් කල්පනාව නැහැලු ආදර ගී කියමින් ඉන්නකොට .

මෙතරම් ආදරෙන් ඉඳිද්දී එක කාලයක මහා නියගයක් ඇවිත් වතු පිටි පාලු වෙලා ප්‍රදේශයම අහේනියට පත් වුනාලු . මේ දෙන්නට වැඩක් පොලක් සොයා ගැනීම අසීරු වුනා .

සැමියා කල්පනා කළා වෙන පළාතකට ගොසින් රැකියාවක් සොයා ගන්න . බිරිඳ තමා සමග ආවොත් දුක් විඳින්න වේය කියල තමන් තනියම යන්න තීරණය කළා . බිරිඳ මේ ගැන අකමැති වුනත් සැමියා තදින්ම කියා සිටි නිසා නතර වෙන්න සිදු වුනා .

සැමියා බිරිඳට කිවේ වසර තුනකින් තමා ආපසු නාවොත් මියගොස් ඇති බව සිතා වෙන විවාහයක් කරගන්න ලෙස

ටික දිනකින් කාන්තාවට  පොහොසත් නිවසක රැකියාවක් ලැබෙනවා . කෙමෙන් කෙමෙන් දුර්භික්ෂ තත්වය ප්‍රදේශ වාසීන්ට අමතක වෙනවා . දැන් සියල්ල සාමාන්‍යයි .

අසරණ කාන්තාව මග බලා ඉඳ වසර තුනක් ගෙවෙනවා . මේ අතර නිවෙස් හිමියාගේ බිරිඳ මිය යනවා . ඔහු අර කාන්තාව සරණ පාවා ගන්න කැමති වෙනවා .
නමුත් ඇය තව වසර තුනක කාලයක් බලා ඉන්නට අවශ්‍ය බව කියනව .

තව වසර තුනක් ගත වෙනවා . සැමියා පැමිණෙන්නේ නැහැ . දැන් නම් ඔහු මියගොස් දැයි ඈට සිතෙනවා .

නමුත් වසරක් වැළපීමට ඕනා බව කියා නිවෙස් හිමියාගෙන් කල් ඉලා ගන්නවා . තව වසරක් ..[දැන් වසර හතක්ම ගෙවී ගොස් ] බලා සිට අපමණ වේදනාවෙන් ඈ නව හිමි සරණ යනවා .

අවාසනාවක මහත. ..විවාහයෙන් ටික දිනකට පසු ඔහු ගමට එනවා .

කාන්තාව බොහෝ පසු තැවෙන්නේ තව ටික දිනක් ඉවසුවේ නැති බවට තමන්ටම චෝදනා කරමින්..

නමුත් පැරණි සැමියා නව යුවලට ආශිර්වාද කරනවා . නමුත් යන එන මන් නැති ඔහු පසු දින එල්ලී මිය යනවා .
මේ අසන කාන්තාව දියේ ගිලි මිය යනවා . දෙවෙනි සැමියාද ශෝකය නිසා දිවි තොර කරගන්නවා .

තිදෙනා ම දෙව් රජු හමුවට යැවෙනවා .

දිවි නසා ගැනීමට හේතු විමසීමේදී මොවුන්ගේ එකිනෙකාට තිබු ආදරය ගැන පැහැදිලා දෙව් රජතුමා ඔවුන්ට විශේෂ වරයක්  දෙනවා .

ඒ තමයි ලිප් ගල් තුනක් බවට පත් කිරීම . දර දැවෙන විට ඒ රස්නයෙන් ඔවුන්ගේ ආදරය උණුසුම් වෙන බවත් සැමදාම තිදෙනාට  එකට සිටීමට හැකි වෙන බවත් ඔහු සිතනවා .

මෙයට අමතරව මුළුතැන් ගෙයි දේව තනතුරද ඔවුනට පිරිනැමෙනවා .

මොවුන් තමයි කාප් මාළුවන් පිට නැගී අවුරුද්දට දෙව්ලොව යන්නේ . නැවත එන්නේ දෙවියන්ගේ ආශිර්වාදයත් සමග .



ලිප නිවාඩු යන අපේ අවුරුදු සිරිත් සමග මේ සිරිත් කොපමණ ගැලපේද .

 යලිත් කියන්නට වෙන්නේ ලෝකයේ මිනිසුන් සිතන පතන දේවල් සමපාත වෙන අපුරුව නිතරම මසිත චමත්කාරයට පත් කරන බවයි .

77 comments:

  1. සමහර කාරනා තියෙනව ජීවිතේ අපි නොහිතන විදියට සමපාත වෙන..හැබැයි ඒක සතුටට හෙතුවන කාරනාවක් ලෙස උනොත් හොඳයි,එහෙත් දුක්ක දෝමනස්සයන්ගෙන් පිරුනු දේත් සමපාත උනාම..අනේ අපොයි තමයි.

    හැබැයි ආදරය සමපාත වීම මේ ලෙසනම් මටනම් හිතෙන්නෙ දුක්ක දෝමනස්සයක් කියල. ඇයි අර දුප්පත් සැමියට හැමදාම මතක් වෙනවනෙ , දකින දකින වාරයක් පාසා.

    ලිප්ගල් නොවුනත්...සමාජයේ මෙවැනි දේවල් කොයි තරම් තියේද..?

    ReplyDelete
    Replies
    1. තුන් දෙනාම එක සමානම නිවැරදි කරුවන් නිසා සමානව ලිප් ගල් තුනක් කළා වෙන්න ඇති. මේ ඉතින් අර රත්මලාන වගේ නෙමේ නිසා තුන් දෙනාටම අඩුත් නැති වැඩිත් නැති සාධාරණ තීන්දුවක් ලැබුන .

      අද වගේ නම් අර පලවෙනි සැමියාගේ තට්ටේ තමයි ඉස්සෙල්ලම පලන්න ඕන . මොකද ඊ මේල් එකක් ..ෆේස් බුක් මෙසේජ් එකක් ..අඩු ගානේ ලියුන් කෑල්ලක් එව්වා නම් ඉවරනේ ..

      ඒ කාලේ හින්දා ඉතින් කොරන්න දෙයක් නැහැ

      Delete
  2. දේව රජතුමා බොහොම සාධාරණ මනුස්සයෙක් වගේනේ. සැබෑ ආදරයට කොතැනත් ප්ලේස් :D

    ReplyDelete
  3. තුන්කොන් ආදරයක්........ හ්ම්ම්ම්ම්ම්.. මංදා..

    ReplyDelete
    Replies
    1. යසිත් ..ඉතින් මේ තුන් කොන් කියලා මාතෘකාව දැම්මේ අර වෙළඳ ක්‍රමෝපායන්ට අනුව ලිපිය අලෙවි කරන්න ..කතාවේ නම් අපි දන්නා ජාතියේ තුන් කොන් අන්දරයක් නෙමේ නේ...

      අපේ සුදෝ සුදු කතාව මතක් වුනා මට

      Delete
  4. බින්දි මේ වගේ දේවල් වලින් තමා අපිට හිතෙන්නේ මිනිස් මනස, පාට, වර්ගය, ජාතිය අනුව තීරණය වන්නේ නෑ කියන එක. හැම දේම සමපාත වෙනවා තමා ඒත් හුගක් දේවල් බලෙන් වෙනස් කරනවා.. ඇත්තටම මම කැමතියි මේ වගේ දේවල් ගැන දැනගන්න. තැන්කුයි. අර ඔයාට මතක ලිපිය මතක තියෙන එක හොදා.. ආ ඔව් බින්දි නේ ලිව්වේ හැක්.... ජය. මේ මම කලින් බින්දි සහ චන්දි දෙන්නගෙන්ම පුරස්නයක් ඇහුවා ඒකට උත්තරයක් ලැබුනේ නෑ නෙව..

    ReplyDelete
    Replies
    1. කෝ අනේ සමහර දේවල් විතරනේ මතක ..මට මතක නැහැනේ ප්‍රශ්නය ..ආයෙම අහන්න බලන්න

      Delete
    2. මොකක්ද අප්පේ ඒ කථාව?

      Delete
    3. අර නලිනයට මාරු උනේ දෙන්නව කවියක් ලියාලා.. අම්මප මටත් දැනගන්න ඕන උනේ මොකෑ මේ දෙන්න එක අත්තේ වහල ඉන්නේ කියලා... (නොදන්න කම නෙව)

      Delete
    4. මාරු වුනා ..පුදුමනේ ...එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ...මට නම් ආඩම්බරයි ඉතින් එයත් එක්ක එක අත්තේ ඉන්න

      Delete
  5. අවසන් උපමාව නම් සිත් ගත්තා. මේ කතාවම නේද (උපමා කොටස හැර) පාතර් පංචාලි චිත්‍රපටයේ තියෙන්නෙත්..මට මතක ඒ විදියටයි.
    ආදරය සමපාත වීම ... ඇත්තටම ආදරය සමපාත නෑ මොකද ආදරය කියන්නෙත් එක්තරා ගනුදෙනුවක් ම නිසා. ඒත් ඒ ගනුදෙනුව ලොව දකින්නේ මානුෂීය ලෙසින්...තිමිර පට ඉරා දමා පසෙක සිට බැලුවොත් මා කියනා කාරණය දැනේවි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට පාතර් පංචාලි බලන්න ලැබිලා නැහැ නලින් . හින්දි සිනමාවේ නම් ඔයාකාර කතා ඕන තරම් ..



      Delete
    2. බින්දි හොයාගෙන හෝ බලන්න අග්‍රගන්‍ය සිනමා කරු සත්‍යජිත් රායි ගේ සිනමා ත්‍රිත්වයම අපුර් සංසාර් පාතර් පංචාලි හා අපරාජිතෝ. ලොව බිහි වු අපුරුම සිනමා නිමැවුම් 3ක්

      Delete
    3. ඇත්තටම මට වැරදීමක් වුනේ නලින් . චිත්‍රපට තුන වගේම පොත් තුනත් හොඳහැටි කියවා තියෙනව . එක පාරට පාතර් පංචාලි වල තුන් කොන් ප්‍රේමය කිව්වම මට අමතක වුනා . ඇත්තටම අපු ත්‍රිත්වය මගේ සිත වඩා බැඳ ගත්තේ එහි කුඩා ළමයා සහ ලෝකයේ අපුර්වත්වය සොයා යන තරුණ අපු ගේ කොටස් . ප්‍රේමය ගැන එතරම් ප්‍රබල අත්දැකීමක් එහි නැති මට සිතෙන්නේ .

      Delete
  6. 'ආදරය කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්.....
    ඉතින් මොටද ආදරයට බේද?
    ආර්ථික කරුණු තමා සියල්ලටම මුල......
    ප්‍රාග්ධනය සාධාරණ ලෙස බෙදීගිය සමාජයක්...................'

    ඔය මදෑ!

    ReplyDelete
    Replies
    1. හිස ගල්වන තෙල් බෝතලය අමතක වූ ...

      එහම කිව්වම හරිද

      Delete
  7. ඒ කියන්නේ ඔහෙත් අවුරුද්ද සැමරීමට මුල් තැනක් ලිපට ලැබෙනවා නේ.. අපේ වගේම...

    ReplyDelete
    Replies
    1. අන්න එය තමයි කතාවේ ලොකුම තැන හිරු .

      Delete
  8. අපේ රටෙත් කාලගුණය වෙනස් වෙලා..මේ දවස්වල කාලගුණේ පිස්සු නටනවා..හිටපු ගමන් සීතයි. තව දවසක් ඉන්න බෑ රස්නෙයි..ඒ අස්සෙන් දූවිල්ල.. මට හෙම්බ හැදිලා..හචීන් කෝටියයි...හි හි හී

    අර කතාව නම් හරිම ලස්සනයි. ඔය ත්‍රිකෝන ප්‍රේමයෙන් මරණයක් ෂුවර් කියන කතාව ඇත්තම තමා..මෙතනත් මරණ තුනයි...

    ReplyDelete
    Replies
    1. කාලගුණයට නම් පිස්සුම තමා . එක දවසක් යන්තම් ඉර පායනවා . ඊ ළඟ දවසේ මිදුම ඇවිත් පලාතම වැහෙනවා .

      ''ත්‍රිකෝන ප්‍රේමයෙන් මරණයක් ෂුවර් කියන කතාව ඇත්තම තමා.''අන්න ඒ කෑල්ල මාතෘකාවට ගන්න තිබ්බ

      Delete
  9. මේ වගේ ආදරේ කරන මිනිස්සු දැන් ඉන්නවද කියලත් සැකයි. දැන් කලෙක වගේ ඕක උනා නම් පරණ සැමියා අලුත් ජෝඩුව මරලා තමනුත් මැරිලා යාවි අපායේ යාම රජ්ජුරුවෝ ගාවට :).
    එත් අපේ සංස්කෘතික සමාන කම් ගැන ඔයා ලියල තියන විදියට මාමා කැමතියි

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල //ඒ වුනාට මේ වගේ හොඳ මිනිස්සුත් ඇති තවම .

      යාම රජතුමා මොනවගේ දඬුවමක් දෙයිද දන්නේ නැහැ නේ

      Delete
  10. ජාතිය, පාට, භාෂාව වෙනස් උනත් සිතුම් පැතුම් කොහෙත් එකයි වගේ නේද බින්දි අක්කෙ. ආදරයත් එහෙමයි. අවුරුදු චාරිත්‍රත් එහෙමයි හ්ම්ම් හ්ම්ම් :) ලෝකය තනි යායක් කියල හිතෙන්නෙ මේ විස්තර අහපුවම.

    ReplyDelete
    Replies
    1. මිනිසා උපන්නේ එකම මුලයකින්නේ . පස්සේ වෙනස් වුනාට හුඟක් දේවල් එක වගෙයි

      Delete
  11. මම නම් සම්පූර්නම වරද පළමු ස්වාමිපුරුෂයාට දානවා. එයා කිව්වේ අවුරුදු 3 බලන්න කියලා. බිරිද අවු 7ක්ම බැලුවා. ආපහු එනකොට බිරිද විවාහ වෙලා නම් ඔහුට තිබුනා සද්ද නැතුව ආපහු යන්න.

    ලෝකේ කොහේ උනත් සංස්කෘතීන් වල පුංචි පුංචි සමාන කම් තියෙනවා නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් තීන්දුවක් දෙන්න වුනා නම් එයා තමා වරදකරු කරන්නේ .

      සුදෝ සුදු වල ඇදිරි වගේ සද්ද නැතුව් යන්න තිබුණ .

      Delete
    2. ඇදිරි නෙවෙයි බොල...අදිරි...අදිරි..:) :)

      Delete
    3. මේක කැකිල්ලෙ රජ්ජුරුවන්ට විතරක්ම විසඳන්න පුලුවක් නඩුවක්..වෙන කිසිම විසඳුමක් ප්‍රායෝගික නෑ..

      Delete
    4. ඔව් බොලේ වැරදීමක්..අදිරි

      Delete
    5. කැකිල්ලේ රජ්ජුරුවෝ නම් මොනවා කරයිද සෙන්නා . මන් හිතන්නේ අල්ලපු ගෙදර මිනිහව එල්ලයි

      Delete
  12. සංවේදි කථාවක් මෙන්ම ඔබ කියු අදහස කෙතරම් නම් උචිතද..!
    ලිප නිවාඩු යන අපේ අවුරුදු සිරිත් සමග මේ සිරිත් කොපමණ ගැලපේද .
    තුන් කොන් ආදරේ ලිප් ගල් තුන සේමා ,

    ReplyDelete
    Replies
    1. ලිපේ සිරිත් වගේම තව ගොඩක් සමානකම් තියෙනව ගයනි . ළඟ එන අවුරුද්ද ඉවර වුනහම පින්තුරත් එක්ක තව අඑකක් ලියන්නම්කො

      Delete
  13. සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන.

    ReplyDelete
    Replies
    1. ත්‍රිකෝණයේ පාද සමයි

      Delete
  14. සිව් කෝණික ප්‍රේමයක් තිබුනා නම් ගල් හතරක් තියන ලිප් එයිනේ.:)

    මේ කතාව වගේ ෆිල්ම් එකක් බැලුවා මතකයි. බණ්ඩා කීව වගේ පරක්කුවෙලා ගෙදර එන සැමියා වැරදිකාරයෙක්දෝ කියලා හිතෙනවා. ඒ එක්කම සැමියට කොච්චර ආදරේ උනත්, ඔහු මලා යැයි සිතලා, දිවි ගැට ගහගන්ට මහලු මිනිසා එක්ක යන භාර්යාවගේ වැරැද්දක් නෑ කියලා හිතෙනවා. කොහොම උනත්, මහලු මිනිසා බැන්දට පස්සේ, තමාගේ සැමියා නේද කියලා හිතේ තිබුනු භක්තියට ඔහු මිය ගිය පසු, ඈ දිවිනහගන්ට ඇති කියලත් හිතෙනවා. බලාගෙන යනකොට තුන්දෙනාගේ එකිනෙකාට ලොකු ආදරයක් තිබිලා නේද?

    ඔය මම ලියලා තියන විග්‍රහය මටම තේරෙන්නේ නෑ අප්පා.:D

    මම නම් කැමති දෙකොන් ආදර කතාවලට...:)

    ReplyDelete
    Replies
    1. දෙය්යොත් ඔයා වගේම හිතලා .

      මාත් මේ කල්පනා කරන්නේ දැන් තියෙන අලුත් පන්නයේ ලිප් ඇති කුස්සි වල ලිප් ගල් දෙය්යෝ වැඩ වාසය කරන්නේ කොහොමද කියලයි ...

      Delete
  15. අන්න කතා. කවදාවත් අහලා තිබුනෙ නැති කතාවක්. කාගෙ වැ‍රැද්දද කියලා කියන්න හදලත් ඕන්න කට පියා ගත්තා.

    ReplyDelete
    Replies
    1. වැරැද්ද ...ඉතින් අර ඊ මේල් එකක් තියා ලියුන් කැල්ලක් වත් එව්වේ නැති පළමු හස්බන්ඩ් ගේ තමයි....

      Delete
    2. එයා ලියුමක් එව්වා... ගෙනාපු එකා බීලා බීලා වැඩි වෙලා කානු පල්ලක වැටිලා වැස්සකට අහුවෙලා ඒ ලියුම නැතිකරගන.. දැන් කවුද වැරදි කාරයා බින්දි ? :-)

      Delete
    3. අපොයි සෙන්නා දෙය්යෝ තමයි දන්නේ

      Delete
  16. ලිප් ගල් තුන ලෝකෙටම පොදු වගේ. අප්‍රිකාවෙත් මෙහෙමම නොවැ ලිප් බඳින්නෙ. කොච්චර සමාන කම් තියෙනවද සංස්කෘතීන් අතරෙ. ඒ ආදරේ නොසැලී තියාගත්ත එකම මදෑ කාලයක්. මේ කාලෙවගේ නම් හත්දවසක් වත් ඉන්නෙ නෑ සමහරු. සමහරු මූනිච්චාවට ඉන්නවා අවුරුද්දෙ දානෙ දෙනකල් කියාල.
    ගැලපීම් නොගැලපීම් කොහෙත් එකයි. ලස්සන දේව කතාව නංගි.

    නලින් මල්ලී කියන ලෙස පාතර් පංචාලි කතාවට මුල් වුනේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය කතා ත්‍රිත්වය තමයි. ලීලා හා අපූගේ බිරිඳ අතර දෝලනය වන කතාවයි ඒ. අපූර් සංසාර් බිහි වුනෙත් එහෙම නේ.

    ReplyDelete
    Replies
    1. අය්යෝ මට පැටලුනා ..අපු ත්‍රිත්වය . බැලුවා බැලුවා . ස්තුතියි අක්කේ .

      අනේ මන්ද නැවත විවාහය නම් ලොකු මාතෘකාවක්නේ අක්කේ ..එක එක අයගේ කැමැත්ත

      Delete
  17. සිංහල කියන්නේ අච්චාරු ජාතියක්.. දවටගහ මුස්ලිම් පල්ලියටත් යන සිංහල බෞද්ධයෝ ඉන්න රටක් නේ. අපි නම් අරගෙන තියෙන්නේ තනිකර දෙමළ මිනිස්සුන්ගෙන්....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මේ කමෙන්ට් එක කතාවට ගලපන්නේ කොහොමද කියල මන් මේ කල්පනා කරන්නේ . ඉතින් හොඳයිනේ ආගමික සහජීවනය . කතරගම යාම , මඩු පල්ලි යාම , කොච්චි කඩේ යාම ...මෝදර කෝවිල් යාම වගේම ඇති

      Delete
  18. මේන් මේ කතාව මං අදමයි ඇහුවේ....
    අනේ මන්දා.... පේමතෝ ජායති සෝකෝම තමයි ඉතිං.....

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය නැති තැන බියද නැත ශෝකයද නැත

      Delete

    2. මිනිසෙකුද නැත!

      Delete
  19. මෙන්නෝ....කතන්දර කියන්න ඇවිල්ලෝ....
    වැරද්ද කාගෙද කියලා කමෙන්ට් එක දාන්න හදලා දාන්නේ නෑ..තත්වෙට හොද නෑ නේ මගේc :)

    ReplyDelete
    Replies
    1. මොකෝ රත්ගමයෝ .....රත්ගමයත් ආයෙම ලියන එක ගැන නම් සතුටුයි

      Delete
  20. මේ කමෙන්ට්ස් ටික දකිද්දී මට ආපු ප්‍රශ්නයක්.. කේයස් සුදෝ සුදු ලිව්වේ මේ වගේ ජන කතාවක් ආශ්‍රයෙන්ද?...
    කතාව නම් බොහොම ලස්සනයි. ඔහොම දේවල්වලදී හරි වැරැද්ද හොයන්න හරිම අමාරුයි. වෙන්න තියෙන දේ තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. http://nelumwila.blogspot.com/2011/07/blog-post_08.html


      ඔන්න ඔය ලිපිය කියවන්න චාමර ..සුදෝ සුදු ලිව්වේ කොහොමද විතරක් නෙමේ ඔඅනම විස්තරයක් හිනව එතන . මන් කිවේ කමෙන්ට් වල

      Delete
  21. මාර කතාවක්නෙ ඒක.. අන්තිමට දඬුවමක් හම්බුනා කියලයි මට හිතුනෙ..

    ඕගොල්ලො කියන්නෙ "එකතක් එක කාලෙක" කියලද බින්දි නැත්නම් අකුරු ටිකක් වැරදිලාද ? අපිනම් කියන්නෙ " එකමත් එක කාලෙක " කියලා..

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා සෙන්න . හදිසියට ලියවිලා . දඬුවමක් නේන්නම් ..පිච්චි පිච්චි ඉන්නවා මදිවට ගෙදර උන්ගේ කෝලම් බලන එක

      Delete
  22. මටත් හිතෙන්නෙ දෙයියො දඬුවමක් දුන්නය කියල...ගින්දරේ ඉඳපල්ල තුන් දෙනාම පිච්චි පිච්චි මූණිං මූණ බලාගෙන කියල.....ඇයි...තුන් දෙනාම කරල තියෙන්නෙ හරිම මෝඩ වැඩක් නෙව..කෙහෙල්මලටය දිවිනහ ගන්නෙ?

    ඔය ලිග්ගල් වගෙ ඉන්න එකට මයෙත් ඒ හැටි අකමැත්තක් නං නෑ..ඒත් සුට්ටි සංසෝදනයක් සහිතව...පුරුස පක්සෙං මං විතරයි...හෙහ්, හෙහ්,

    ( ප.ලි - මේ ටිකේම අපෙ ගෙවල් අහ ඉන්ටනෙට් ඩවුන්...ආය හැදුවයි කියල ආරංචි උන ගමං මේ කමෙන්ට් එක ඩිලීට් කරල දානව..දෙයියම්ප…..හෙහ්, හෙහ්, )

    ReplyDelete
    Replies
    1. ඉස්සර ලංකාවේ තිබ්බයි කියන්නේ ඔහොම ලිප් ගල් කසාද ...හැබැයි රවිට ඕන විදිහට නෙමේ අනික් විදිහට .

      ඒ ක්‍රමේ එහෙ තිබ්බ නම් ආයේ මොකට දිවි නහගන්නවද



      අපොයි ඔව් ආයේ අපට හෙම දොස් කියන්න එපා පස්සේ .

      Delete
  23. අලුත්ම කතාවක්.මේ ජනකතාව අහලනම් නැහැ.වෙන රටක එකක් නිසා වෙන්නත් ඇති..

    ReplyDelete
    Replies
    1. ඔව් අසරණයා .මටත් විටින් විට කියවන්න ලැබෙන එව්වා තමයි

      Delete
  24. සමකෝණී ත්‍රිකෝණයක ආල කතාවක් නේ හිහි.නියම ලිපිය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් යසිරු එහෙම වගේ එකක් තමා .

      Delete
  25. මෙහෙත් මේ දවස් වල හරි සීතලයි. හිමත් වැටිල. අර කතාව නං මරු. හොලිවුඩ් ෆිල්ම් එකක් ගහන්න හොඳයි. Still a better love story than Twilight! :D :D

    ReplyDelete
    Replies
    1. Buhahahahahaaaaaaaaaaaa!!!!!!

      Delete
    2. මොකෝ මේ දෙන්න අවුලක්ද ..

      Delete
  26. සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත් තිදෙන....සින්දුව කාලෙකට පස්සෙ මතක් වුනා...කාලගුණේ හොද නිසා මේ වසරෙදි දිගටම නෙළුම් විලේ නෙළුම් පිපෙයි කියා හිතනවා...

    ReplyDelete
    Replies
    1. කාලගුණය අන්තිමයි සිරෝ ...අද නම් යන්තමට හොඳයි

      Delete
  27. අපේ සංස්කෘතියට ටිකක් විතර සමීපයි වගේ නේද කියලා හිතුනා ඔහේ සංස්කෘතියත්.. ලිප ගැන කියවෙන නිසා එහෙම හිතුනේ..

    ReplyDelete
    Replies
    1. දැන් ඩබල් ප්‍රොෆයිල් ...හා .. හොඳයි හොඳයි ..ජය සිරි මංගලම්

      Delete
  28. පරිත්‍යාගය තියන තැන සැබෑ ආදරය තියනවලු නේ. ඒත් කීයෙන් කී දෙනෙක් ලඟද එහෙම තියෙන්නේ. ගොඩක් ඒවා ආත්මාර්ථකාමියි නේ.

    ReplyDelete
    Replies
    1. කොයිකත් සාපෙක්ෂයිලුනේ සයුරියෝ .

      Delete
  29. අපි පොදුවේ බටහිර ජාතීන් කියලා අමුතු සත්තු ජාතියක් ගැන කතා කරනව වගේ කතා කලාට, මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ඇත්තමට ගොඩක් එක වගේ.. අර මතුපිටින් තියන සංස්කෘතික රෙදිපිලි අහක් කලාම මේ සමානත්වය ලේසියෙන්ම දකින්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. කවුරුත් මිනිස්සු නේ තිසර ..මන් නම් ඉන්නේ බටහිර නොවේ ආ.. අමු ආසියාවේ

      Delete
  30. සුදෝ සුදු කතාව වගේමයි ඒ කතාවත්..

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එහමයි සරත් ..සුදෝ සුදු එකේ පොඩ්ඩක් මොලේ තිබුන දිවි නැහැ ගත්තේ නැහැ

      Delete