නිදන මිනිසෙකි මෙහි නිසලව ..
තවමත් බැතින් සැමරෙන ..
නිසැකවම කිව හැක ..
ඔහු මිනිසුන්ට ආදරය කල වග..
අද හෝ චි මින් එහෙම නැත්නම් වියට්නාම සමාජවාදයේ පියා.. වියට්නාම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පළමු ජනපති..ගේ 121 වෙනි ජන්ම දිනය . 1890 වසරේ උපන් ඔහුගේ මුල් නම Nguyen Sinh Cung.
මියගියේ 1969 දී.
දේශපාලනය ගැන ලිවිම මා තරයේ මටම නීති පනවාගෙන ඇති හෙයින් ඒ ගැන නොකියමි. එහෙත් බොහෝ සමාජවාදී රටවල පුරෝගාමීන්ගේ පිළිම ගැලවෙද්දී ..වියට්නාමයත් ආර්ථික වශයෙන් වෙනස් මගක යද්දිත් ..හෝ මාමා හැමතැනකම සිටින බව නම් නොකියා බැරිය . රජයේ ගොඩනැගිලි ..පාසල් පන්ති කාමර වල ඔහුගේ උඩුකය පිළිම දැකිය හැක.
බොහෝ දෙනෙක් අතර ඔහුට අවංක ආදරයක් ඇති බවද කිවයුතුමය.භාෂා කීපයක් මෙන්ම කොන්ෆුසියස් ධර්මය ගැනත් හදාරලා මාක්ස් -ලෙනින් වාදය ගෙන එන්න මුල් වුණා වගේම ප්‍රංශයට එරෙහිවත් පසුව ඇමෙරිකාවට එරෙහිවත් කල නිදහස් සටනෙත් උතුර හා දකුණ එක කල අරගලයේත් නියමුවා ලෙසත් මොහු සැලකෙනවා.
දේහය තබා ඇති මුසොලියම ..සතියට පැය කීපයක් විවුර්ත කෙරෙන මෙයට ඇතුළු වීම පහසු නැත. වසරේ මාස කීපයක් ජනතාවට විවුර්ත කෙරෙන්නේද නැත.සියලු අවශ්‍යතා සපිරුනද දෙස් විදෙස් ජනයාගෙන් සැදී මහා දිග පෝලිමක පැය ගණනක් හිටගෙන සිටීමට ඉවසීම ප්‍රගුණ කර තිබිය යුතුය. කැමරා තහනම්ය. අපගේ නිදහස් චතුරශ්‍රය මෙන් විවිධ උත්සව මෙහි නිතර පැවැත්වේ. ඉතා අලංකාර වටපිටාවකි.
බැලු බැල්මට ගල් ගොඩක් ලෙස පෙනුනත් ඊට වැඩ ගැඹුරු අරුතක් මෙහි ඇත . රටෙහි විවිධ ප්‍රදේශ වලින් ගෙනා පාෂාණ යොදා මෙය නිමවා ඇති බවයි කියවෙන්නේ.
ඉදිරිපස විශාල පිට්ටනියේ තණකොළ පෑගීමට අවසර නැතත් අතරමැද ඇති පුංචි පාරවල ඇවිදීමට තහනමක් නැහැ.
මුර බටයින් ..මොවුන් සේවය හුවමාරු කරගන්නා ආකාරයද ඉතා ලස්සන දසුනෙකි
මා වඩා කැමති මේ රාත්‍රී දසුනටයි . පලිඟු මාලිගාවක් වගෙයි.
මෙම මුසොලියමට පිටුපස හෝ චි මින් කෞතුකාගාරය පිහිට තිබේ. රටෙහි ඉතිහාසය මැනවින් එහිදී දැක බලා ගත හැක.
ඔහු ජීවත්වූ නිවසත් මේ ආසන්නයෙමයි. සංරක්ෂිත එම නිවසත් සංචාරකයින්ට හොඳ ආකර්ශනයක් .
ලෝකයේ බොහෝ රටවල් අතර ජිවත් වෙන්න ඉතාම ආරක්ෂාව අතින් හොඳ රටක් මේ. අපිට වුනත් බයක් නැතිව ඇවිත් ඉන්න හැකි ලෙස මේ රට ගොඩ නගන්න මුල් වූ නිසා මා නම් හෝ මාමා ට ගෞරවයෙන් හිස නමමි.
හැබැහින් හමු නොවුවත් බ්ලොග් අවකාශයේ නිතර දුටු හිතාදර දිලුම් සොයුරාගේ නික්ම යාම මගේ සිතත් සසල කලා.
''ඔබ ඉක්මනින් ගියේ ඉක්මනින් එන්නද ..
මේ ලෙසම යහපත්ව සසර සැරිසරා..
නිවනින්ම සැනසේවා ප්‍රිය මිතුර....
මමත් මේ විසිවන සියවසේ මමි ලියන කාලේ දැන ගන්නට ලැබුන කරුණු අනුව මෙම ස්ථානයේ හෝ චී මින්ගේ නියම සිරුර නොවන බවටත් සැක පලවී තිබෙනවා. කෙසේ වෙතත් ඔහු වියට්නාමයට කරන ලද සේවය අතිවිශිෂ්ඨ බව නොවලහා කිවයුතුයි. තව කරුණක් කියන්නම්, හැකියාවක් තිබේ නම් මේ ලස්සන ඡායාරූප තව ටිකක් විශාල කරන්න පුළුවන් නම් වඩාත් හොදයි.
ReplyDeleteතව අමතක වූ දෙයක් කිව යුතුයි. ඔබගේ ලිපි වලට ඔබ යොදන මාතෘකා ඉතා සිත් ගන්නා සුළුයි...
ReplyDeleteගොඩක් ස්තුතියි දිනේෂ් .. ඒ ගැන නම් කියන්න දන්නේ නැහැ. කොහොම වුනත් ඇතුලට යන්න ඕන දළදා මාලිගාවට වගේ තමයි. සංවරව ඇඳලා..අතේ කිසිවක් නැතිව . ඊ ලඟට දාන කොට පින්තුර ලොකු කරන්න බලන්නම් .ස්තුතියි මාතෘකා ලස්සනයි කිවටත්. කවි පරපුරකට ජානමය හිමි කමක් ඇති නිසා වෙන්න ඇති
ReplyDeleteමම අදමයි මේ පුද්ගලයා ගැන ඇහුවෙ ....... හොඳ ලිපියක් ......
ReplyDeleteස්තුතියි කල්හාර...පුදුමයි නොදැන හිටි එක . ඉතිහාසයේ සැලකිය යුතු ලකුණක් තැබූ අයෙක්.
ReplyDeleteම්ම්ම්ම්...... ගොඩක් වැදගත් ලිපි ලියනවා. දිගටම ලියන්න. ආසාවෙන් කියවනේ....
ReplyDelete@StArry aNgel
ReplyDeleteස්තුතියි වගේම ආදරෙන් පිලිගන්නවා ..ආයිත් එන්න
සමාජවාදී රටවල නායකයන්ට ගරු කිරීමක් තියෙන නිසා වෙන්න ඇති මෙහෙම හෝ චිං මින්ගේ සිරුර ආරක්ෂා කරලා තියාගෙන ඉන්නේ. හරියට රුසියාවේ ලෙනින්, කොරියාවේ කිම් ජොං ඉල්, චීනේ මාවෝ සේතුංගේ සිරුරු ආරක්ෂා කරලා තියෙනවා වගේ.
ReplyDeleteහෝ චිං මින්ගේ දේහය වීදුරු පෙට්ටියකද තැන්පත් කරල්ද තියෙන්නේ ??? දේහය බලන්න පුලුවන්ද අක්කේ ??
හෙට අනිද්දා යන්න හිතන් ඉන්නේ. ආවම හරියටම කියන්නම් . ස්තුතියි වැඩ රාජකාරි අස්සෙත් මේවා ඉයවන්න වෙලාව හොයා ගත්තට
ReplyDeleteඑහෙමම වැඩක් නැහැ අක්කේ. කැම්පස් එකේ විභාගේ ඉවරවෙලා සති දෙකක නිවාඩුවකින් පස්සේ ආයි කැම්පස් පටන් ගත්තත් මේ ස්ට්‍රයික් එකක් හින්දා මේ සතියෙත් වැඩ නැහැ. ලබන සතියේ වෙනකම් නිකම් තමා ආයි...........
ReplyDeleteඅය්යෝ ස්ට්‍රයික්ද . ඕක තමයි ලංකාවේ වැඩේ. අනේ මන්ද . ඔන්න ඔහේ බ්ලොග් එකවත් ලියල දාන්න
ReplyDeleteලෝක ඉතිහාසය ගැන තියෙන මගේ අඩු දැනීම නිසාම මමත් මේ චි මින් ගැන අහුවේ අද . . වටින ලිපියක්. මේ වගේ අපේ දැනුම දියුනු කරන ලිපි තව තවත් ලියවේවා
ReplyDeleteස්තුතියි දුකා.
ReplyDeleteඇත්තටම ලියන්න ගොඩක් දේ තිබුන මිට වඩා හෝ චි මින් ගැන .මම හිතුවේ කට්ටියට කියවන්න එපා වෙයි කියල. යම් දෙයක් දැන ගත්ත නම් මට හරිම සතුටුයි.
අද ලිපියේ ලින්කුවෙනුයි මේ පැත්තට ආවෙ...
ReplyDeleteහෝ මාමා ගැන තවත් විස්තර ලියන්න පුළුවන් නම්..
හරි පුදුමයි... මම මේකේ සටහනක් දාලා නැත්තෙ කියවන්න බැරි වෙලාද? නෑ නෑ මම මේක කියෙව්වනෙ.. ඒ දවස් වලමzx
ReplyDeleteමම බ්ලොග් නොලියන ලකී
මේ හුඟ කලකට පෙර ලකී . අනික මේක මන් අද ලිව්වා නම් මිට වඩා ගොඩක් කරුණු ලියනවා . ආයේ එකක් ලියන්න ඕන . කොහෙද ඉතින් ඇමරිකන් යුද්ධේ පිලිබඳ ලියන එකත් අතපසු වුනා දවසින් දවස . මේ ලිපිය ලියද්දි මන් මුසොලියම් එක බලල තිබුනේ නැහැ .
Delete