Friday 10 June 2011

බැන් කී මුන්ට එරෙහි මගේ පෙත්සම

බෑන් කී  මුන් ට මාත් සමග අරියාදුවක් තිබෙන බව පෙනේ . මම ආසාවෙන් හිටවූ නෙලුම් විල බොර කිරීමට රහස් ඒජන්ත වරුන් දෙදෙනෙක් එවීමට කටයුතු කරනා බව දැන් ඉතා පැහැදිලිය . පුරා මාස දෙකක ගිවිසුමක් යටතේ ඔවුන් සේවයට බඳවා ගෙන ඇති අතර එම කාලය තුල නෙලුම් විලට නොව වෙනත් වතුර වලවල් වල මා පැය ගණන් ගිල්වා තැබීමටත් ...සිතු සිතු පරිදි මා ලවා රස කැවිලි සාදවා ගැනීමටත් පමණක් නොව යසට තිබුණු මගේ මුළුතැන් ගෙය ආක්‍රමණය කිරීමටත් ඔවුන් පුරුදු පුහුණු කර ඇති බව සැලයි. එපමනක් නම් ඉවසිය හැක. හැනොයි නගරය පුරා ඇති ප්‍රසිද්ධ ස්ථාන මෙන්ම තදාසන්න ප්‍රදේශ වලද සැරිසරන්නටත් සිදුවෙනු ඇත. ඔවුන්ගේ සහායක ඔත්තුකරුවන්ද විටින් විට පැමිණීමට බොහෝ ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග වලින් දැන ගතිමි. මේ ඔත්තුකරුවන් අතර එකිනෙකා අතර ඇති වෙන දරුණු සටන් සමනයද මගෙන් බලාපොරොත්තු වනු ඇති .
 
දැන් දැන් මෙය කියවා උඩක් බිමක් නොතේරුණු නිසා මෙන්න තේරෙන සිංහලෙන් . ''එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පාසල '' මාස දෙකකට ඉබි යතුරු දමා වසා එහි සිටින ඔත්තුකරුවන් හෙවත් අපේ ළමයින් පුර්ණ කාලින ව ගෙවල් වලට යැවීමට බෑන් කින් මුන් මහතා තීරණය කර ඇත .
    එයින් නෙලුම් විලටත් මටත් වෙන අකරතැබ්බය තමයි උඩ විස්තර කර ඇත්තේ. සුද්දන් නම් මෙයට ඉතා කැමතිය . උන්ගේ රටවලට අව්ව පොදක් වැටෙන්නේ දැන් නිසාත් දැන් වසන්තය ගෙවී හැනොයි රත් වීගෙන රත් වීගෙන යන නිසාත් ඉබ්බා දියට දැම්මා සේය. අපිට නම් දෙය්යන්ගේ පිහිටෙන් අව්ව ට රත් වෙන්න පුරුදු නිසා අකුලාගෙන දුවන්නට ඕනෑකමක් නැත .
කොහොමත් මේ අමුතු අධ්‍යාපනය ගැන    ආසියාතික   අම්මලා නහයෙන් අඬන මුත් සුද්දෝ ඒගැන ප්‍රීතියෙන් පිනා යයි. හවසට පොත් පිරෙන්නට සටහන් නැත. ගෙදර වැඩ කියා පොඩි පොඩි සෙල්ලම් වැඩ දෙති . ඉගෙන ගන්නවා මදියි අම්මලා හිතුවත් ළමයි නම් මේ පාසලට පුදුම කැමතිය. ටෝට්ටෝ  චන් ගේ ''හරි පුදුම ඉස්කෝලය '' හා මෙහි ඇති වෙනස පිනන විට ඇඳුම් ඇඳීම පමනක්දොයි මට සිතේ.
තවම එක වසරටවත් නොගිය අපේ පුංචි බනියා හා මා අතර දිනක් ඇතිවූ කතා බහක් .
බනි ; අපි තව කොච්චර කල් මෙහෙ ඉන්නවද
මම ; තාත්ති මෙහෙ වැඩ කරනකල් සමහර විට අවුරුද්දක් දෙකක් ..
බනි ;මම හතරට යනකම් ඉන්න බැරිද
මම ; කියන්න බැහැ .
බනි ; ඒ මොකද . තාත්ති වැඩ නොකලට ට්‍රෙලර් මැෂිමෙන් සල්ලි ගන්න පුළුවන්නේ.
මම ; මොකටද ඔයාට මේ ඉස්කෝලෙම ඉන්න ඕන ?
බනි ; හතරේදී දෙන ලැප් ටොප් එක ගන්න .
 
        ලොකු ළමයි අත තියාගෙන එහා මෙහා ගෙනියන පරිඝනකයට ඇයට ඇත්තේ පුදුම ආසාවකි . ''දුන්නොත් හොඳයි නැතත් මොකෝ ''යයි සිතන  අක්කගේ චරිතයේ අනික් පැත්ත ඇයට ඇත්තේ .
විහිලුවට වත් පිට්ටනියට බැස්සේ නැති මගෙත් ක්‍රීඩාවට හිත ඇතත් අධ්‍යාපනයට මුල් තැන දුන් තාත්තගෙත් ළමයින් වන මොවුන් ක්‍රීඩාවට කැමති මේ පාසල නිසාය,. අපට ක්‍රීඩාවකට ආසා වුනත් එකල එය කොතරම් දුෂ්කරද . පාසලින් පසු පුහුණු වී බස් වල හිරවී රෑ බෝ වී හෙම්බත් වී ගෙදර යනවාට වඩා පාසල් බස් රථයේ වේලාසන ගෙදර ගොස් පොතක් පතක් බලා ගැනීම වඩා හිතකර බව මම ඇදහු අතර ක්‍රීඩාවට ලොකු ඇම්මක් තිබු කෙල්ලන් නම් ඒ දුක වුවත් විඳ ගත බව දනිමි . නොගියොත් ඉහල උසාවියේ නඩු දමන නිසා වාර්ෂික ක්‍රීඩා උත්සවයට පමණක් ගිය අතර  එය නම් හරිම විනෝද බව කිව යුතුය . අපිට ලොකු පිට්ටනියක් නැති නිසා ''සයිබර් සිහින උළෙල ''තිබු පිට්ටනියේ හෝ ළඟ පාත පිරිමි පාසලක එය පැවැත්විණි. ''අය්යලා එක්ක එම තහනම් '' කල මෝඩ විදුහල් පතිනියන්ද එකල සිටි බව කිව මනාය . එහෙත් හවස් වන විට සියලු අය්යලා තාප්ප වලින් පැන විත් හෝ නංගිලාගේ දස්කම් නැරඹු බව මතකය .
  ඒවා අතුරු කතාය ..
          කියමින් උන්නේ UNIS නම් ඇති ළමයින්ගේ පාසල ගැන නිසා ත් අද වේලාසනින්ම එය වසා රහස් ඒජන්ත වරු කැඳවා යාමට නියෝග දී  ඇති නිසාත් වැඩිදුර ලිවිය නොහැක . පින්තුර ටිකක් දමා දැනට නවතිමි .
 
පහුගිය කාලයේ මුන් මහතා ඇවිත් ගියේය
 






සුවිසල් ක්‍රීඩා පිටිය

 


35 comments:

  1. දැන් ඉතින් බනියයි ලොක්කියි ගෙදර නිසා බින්දිට වැඩ ගොඩ වේවි .සුබ නිවාඩු කාලයක් .බනියයි ලොක්කියි මතක්කලා කියන්න .මට හිනා බනියගෙ කතාව අහල .මටත් හිතුන ඔය ඉස්කෝලේ හතරෙ පන්තියට එන්න අලුත් ලැප්ටොප් එකක් ලැබෙනවනෙ .ඔෆිස් එකේ අලුත් එකක් ගන්න මාස පහක් විතර පෝලිමේ ඉන්න ඕනේ . දැනට දීල තියෙන එක අවුරුදු 5 ක් පාවිච්චි කරලා.
    දැන් බනියගෙයි ලොක්කිගෙයි කතා ටිකක් ලියමු

    ReplyDelete
  2. බෑන්කී මූනයාට සිංහල පුලුවන් වේවා!!!

    ReplyDelete
  3. @රත්ගම
    දැනටමත් පුළුවන් නැතැයි. පහු ගිය කාලේ තිබ්බ දෙස් දෙවොල් අහලම
    @TG ,
    ඔයාගේ තාත්තිට මෙහෙ ජොබ් එකක් නිකන්ම නෙමේ ළමයින්ගේ ඉස්කෝල ගාස්තු කරගහන කොම්පැනියක හොයා ගන්න වෙයි . නැත්නම් ගමේ ඇති ගේ දොර යි තව අනුන්ගේ ඉඩ කඩමුයි විකුනලා යන්තම් අවුරුද්දක විතර ගාස්තු ගෙවත හැකි. නැත්නම් බනි කියන්නහේ ට්‍රෙලර් මැෂිමෙන් ගන්නත් බැරිය.

    ReplyDelete
  4. ෂහ් නියමෙට තියෙයි දැන් පොඩි උන් ගෙදරනෙ ...........
    ඒ වුනාට දරු පැටව් එක්ක ඉන්නකොට තියන සතුට ගැන වචනෙන් කියලා ඉවර කරන්න බැහැ ......
    බැලුවාම මූන් ලොක්කා ලංකාවට විතරක් නෙමේ කේස් දාන්නෙ ....

    ReplyDelete
  5. මොනවා කරන්නද ? උපවාස කරලා විසඳන්න පුලුවන් ප්‍රශ්ණත් නෙවෙයිනෙ....මේ අසීරු අවස්තාවෙ අහල පහල රටවල් හැටියට අපට කරන්න දේකුත් නැහැනෙ...උඩින් බොරුවට දොස් කිව්වට ඔය ඒජන්ත වරුන්ට හැමෝම හරි ආදරෙයි.

    ReplyDelete
  6. හෙඩිම දැක්කාම බය හිතුනා, නෙළුම් විලේ උපවාසයක්වත් ද හිතිලා.

    වසර අවසානය ගැන කලින් කොමන්ටුවක කියවූ විට තේරුම් ගියා අධ්‍යාපනික කැලන්ඩරය ගැන.

    මේ වන විට පොත් වලට පමණක් හිර කරන්නේ නැති, ගෙදර වැඩ කරගහගෙන එන්නේ නැති අධ්‍යාපන ක්‍රමයක් සාර්ථකත්වය ඔප්පුවී තියෙනවා. ඒකේ යහපත් පැත්ත ගැන හොඳ අත්දැකීමක් ලැබුවෙමි, ලබන්නෙමි.

    ලංකාවේ ද මෑතක දී එවැනි වැඩ පිළිවෙලකට පලමු පියවර ගෙන ඇත. Thanoja’s Dreams ලියන තනෝජා සොයුරිය විසින් ඒ ගැන කල බ්ලොග් පොස්ට් එක පහත දී ඇති සැබැඳියෙන් කියවන්න පුලුවනි.

    http://thanojar.blogspot.com/2011/01/blog-post_767.html

    ඒ ආදර්ශ ක්‍රමය (model) දීප ව්‍යාප්ත කරන්න ඇති පිඹුරුපත් සැකසීමක් දුටුවා, ඊට ලංකාවේ ගුරු වෘත්තීය සමිතියක ලොක්කා විරෝධය පා තිබූ අයුරුත් පුවත් පත්වලින් කියෙව්වේ බොහෝම කණගාටුවෙන්.

    "...ට්‍රෙලර් මැෂිමෙන් සල්ලි ගන්න පුළුවන්නේ..." අහලා පුරුදු කියමනක්.

    හැම දරුවෙකුටම ලැප්තුමෙක් ලබා දෙන්න පටන් ගත් ලෝක ව්‍යාප්ත වැඩපිලිවෙලක් One Laptop per Child (OLPC) ඊට සම්මාදම් වූ බලවත් කොම්පියුටර් නිෂ්පාදකවරුන් ගේ කඹ ඇදීම හේතුවෙන් 'ස්වාභාවික මරණය කරා යමින්', ඒත් ඒ ක්‍රමයේ නිර්මාතෘ වරයා ඒ අදහසට පණදෙන්න වැඩකරා. OLPC ගැන වැඩි විස්තර:

    http://en.wikipedia.org/wiki/One_Laptop_per_Child

    අපේ දූලා දෙන්නාටත් නිවාඩුව පටන් ගන්න ලඟයි.

    කොමන්ට් කරන්න බැරි ප්‍රශ්ණයක්/ගූගලයා අනෝ කරලා හංඟන නිසා මේ විදියට සටහන් කරා.

    ගල්මල්-Coral

    ReplyDelete
  7. මටත් එන්ඩ බැරි වෙයිද ඔය ඉස්කෝලෙට?

    ReplyDelete
  8. මතත් එන්න ඕන ඒ ඉත්කෝලෙත.. තෙල්ලං කලන්න පුලුවන්නෙ.. :)

    ReplyDelete
  9. මටත් ආසයි හතරේ පන්තියට එන්න.... :D

    ReplyDelete
  10. බැහැ බැහැ කාටවත් මැදිහත් වෙන්න අමාරුයි. ගේ ඇතුලෙනුත් සහය ලැබෙනවනේ

    ගල් මල්
    බොහොම ස්තුතියි ,නොදන්නා දේවල් දෙකක්ම දැනගත්තා . ''කොළඹට කිරි ගමට කැකිරි '' ප්‍රශ්න නිසා අසාර්ථක වුනත් ඒ කාලයේ ආපු ඇගයීම් ක්‍රමය තුල පොඩ්ඩක් ඔය ලක්ෂණ තිබ්බ. තවම අඩු පහසුකම් යටතේ තියෙන ලංකාවේ අධ්‍යාපනයට මෙච්චරම දියුණු ක්‍රමයක් අනුගත කරන්න ලේසි වෙන එකක් නැහැ. ලංකාවේ විතරක් නෙමේ .මුළු ආසියාවටම ඔය තත්වය . සිංගප්පුරුව කොපමණ දියුණුද . ඒත් අධ්‍යාපනය හරිම තරගකාරියි.
    ලින්ක් දෙකම ඉඩක් ඇති විට කියවන්න ඕන.
    නලිනි , බුරා , StArryaNgel
    එන්න අනේ මටත් ආසයි .මටමයි කියලත් ලැප් ටොප් එකක් නැහැ. හවුල් ව්‍යාපාරයක් තමයි.

    ReplyDelete
  11. ලැප් එකක් දෙනවානම් ඒක අරගෙනම එන්න . ආයේ ඔය වාගේ චාන්ස් එකක් ලැබෙන්නේ නෑ ..

    ReplyDelete
  12. සෝක් පෙත්සම කොහොම හරි යවන්න.

    ReplyDelete
  13. පස් තාච්චියකට [කොපි රයිට් කතන්දර] යට වී ගොහොරු මඩේ සති අන්තය ගෙවීම නිසා ගිය අවුරුද්දේ එක දවසක්වත් ගෙදර ඉන්න නොහැකි වී සිටි මගේ තත්වයද යහපත් වී ඇත. එම්එස්සී හා ඔෆිස් යන වචන දෙකට වෛර කල මගේ පොඩිත්තියට හෙට සිට තාත්තා යලි ලැබේ.

    කොමෙන්ටු කරණයෙන් හා මුහුණු පොතෙන් ඈත්වී හැකි විටක පොල් සම්බෝලයි බතුයි එක්ක හරි බ්ලොග් සටහනක් ලියාගෙන ඉන්න කියා සිත කියයි.

    ලැබුවා වූ ආශ්චර්යමත් නව යුගයේ පෙර සිට ලියු බ්ලොග් දෙක වැඩි කරන අතර අලුත් බ්ලොග් දෙක ද පටන් ගන්නට ද සිතමි. එකක් දැනටත් පටන් ගත්තෙමි. පස් වෙනි එකට අවශ්‍ය තාක්ෂණික සහය හෙට යුනිටියෙන් ගන්නට අදහසක් තිබේ.

    පාලුවට ගිය නෙලුම් විල් ඉවුරක පාටක රැල දුක්බර ව බලා සිටියත් බින්දියගේ දවස වර්ණවත් කිරීමට ලොක්කිටයි බනියටයි හැකි වේවා කියා පතමි. ප්‍රශ්නය දුරදිග ගියොත් ලෙමන් පෆ් ඇති තරම් එවිය හැක.

    ReplyDelete
  14. බැන් කී මූන් ගැන කතන්දරකාරයා 2010 ජුනි මස කියපු කතන්දරේ ආපහු කියවන්න.

    http://kathandara.blogspot.com/2010/06/blog-post_29.html

    ReplyDelete
  15. අහිංසක බාන් කී මූන් :)

    ReplyDelete
  16. ඉතින් කොහොමද? ටික දවසකට පසුසේ තමයි නෙළුම් විලට බහින්න පුළුවන් වුනේ. එකක් තමයි මේ දිනවල මාන නිදිවර්ජිතවත් තබා ගෙන සිටින කොන්දේ වේදනාව. දෙවැන්න මේ ලිපියේ මුලින් ඔබ කියන ආකාරයේම රාජකාරියත් තියෙනවා. ඒ තමයි කුඩා දියණියව, ඇගේ අම්මා වැඩ ඉවරවෙන තුරු බලාගෙන ඉන්න සිදුවී තිබීම. ඉතින් සමහර දවසට පරිගණකය අසලට යනකොට හොදටම නිදි මතයි. ඒවගේම මම ‍සේවය කරන ආයතන පද්දතියේ මේ දිනවල ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය නිසා එහිදීත් ‍පරිගණකයක් අසල වැඩි වෙලාවක් රැදී සිටින්නෙත් නැහැ. ඔබගේ ලිපි ලිවීම හරිම චමත්කාරජනකයි. එයත් වෙන අතකින් බැළුවහම කවියක් වගේ කියලත් හිතෙනවා. ඒ එක්කම ඔබගේ සාර්ථකත්වය දිනෙන් දින වර්ධනය වෙන බව පේනවා. එයටත් මගේ සුභ පැතුම්. ඒ වගේම මෙම ලිපිය බැළුවහම මට මතක් වුනා ලංකාවේ වුනත් අපි පාසල් ගිය කාලෙට වැඩිය දැන් ළමයින්ට පහසුකම් අතින් කොච්චර දේවල් තියෙනවාද කියලා. නමුත් පාසලකට ළමයෙක් දාගන්න එක නම් එදාට වඩා අද හරිම අමාරු වැඩක් කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ. පඩුරු, දොලපිදේනි ආදිය යහමින් දෙන්න පුළුවන් නම් ඒක පහසුයි...

    ReplyDelete
  17. මට මතක් වුනේ අපි ඉස්කොලෙ යනකොට තිබ්බ computer lab එක කියන දේවාලෙ.( සපත්තු හෙම ගලවලනෙ ඇතුලට යන්න ඕනෙ )

    ReplyDelete
  18. බින්දි ලමයින්ට පොත් පුරවන අධ්‍යාපනය ගැන ඔයාත් මමත් ඉන්නේ එකම මතයක් වගේ කියලා හිතෙනවා.

    අර පොත් ගැන ලියපු ලිපිය වගේ අපේ අධ්‍යාපන ක්‍රමය ගැන ලොකු සංවාදයක් ඇතිවෙන ලිපියක් ලියන්නයි කියලා මම ඔයාට ආදරයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

    සමාජයේ වෙනස් වෙනස් තල වලින් සාර්ථකත්වය ලංවූ අය ගොඩක් නෙලුම් විලේ මල් නෙලන්න එන නිසා ඒ අයගේ අදහස් සමඟින් ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් ලිපියක් වෙයි.

    ReplyDelete
  19. @සඳරු

    අපි එපා කියයි දුන්නොත් . අවුලක් ආවොත් ඔය අහ ඇවිත් හදා ගන්නත් බැරිය.

    @සජිවනි

    කොහොමද ''බ්ලොග් හාමිනේ ''. කවුරුත් විසඳුවේ නැහැනේද තාම . යට කොමෙන්ට් කරලා තියෙන සුජිවද දන්නේ නැහැ ? මට ඉතින් ඕවගේ දෙයක් දැනගන්නකම් ඉවසිල්ලක් නැහැ.

    @සුජීව ..

    බ්ලොග් ගොඩක් නඩත්තු කරන එක අමාරු නැද්ද ? ගෙදර පොඩි බොසියෙකුත් නඩත්තු කරනගමන් . ලෙමන් පෆ් අපිත් කනවා .

    @ කතන්දර

    ඔන්න බැලුවා . මම සේරම කතන්දර බලලා තියෙනවා මුල සිටම

    @ හසිත

    අහිංසකයි තමයි අප්පා ..කිදෙනෙක්ගෙන් කතා අහන්නද .

    @දිනේෂ්

    මුලින්ම අසනීපය ඉක්මනින් සුව වෙන්න පතනවා. පොඩ්ඩෝ පොඩි කාලේ ඉතින් කරදර තමයි. මට නම් මගේ හිතේ හැටියට මොකක් හරි ලියන්න හැකියි. ඔබගේ සත්සමුදුර එහෙම නෙමෙයිනේ . යමක් ඉගෙනගන්න හැකි වටිනා තැනක් . එහෙම බ්ලොග් එකක් ලියන්න සැහෙන්න කරුණු හොයන්නත් අවශ්‍යයිනේ . කොහොමවුනත් කරදර අඩුවී පුරුදු පරිදි සත්සමුදුර ලියවේවි කියලා ප්‍රාර්ථනා කරනවා . නිතර පරිගණකය ළඟ ඉඳන් ඉඳීමත් කොන්දේ අමාරුවලට හේතු වෙන බව ඔබේම ලිපියක තිබුනානේද . ඒ ගැනත් කල්පනාකාරී වෙන්න. පාසල් ගැන නම් ඉතින් කතා කරලා ඉවර කරන්න බැහැ. හැම දෙමාපියෙක්ම කැමති ළමයට හොඳ අධ්‍යාපනයක් දෙන්න. මේ පොරය ඒ නිසයි. ඒත් මේ වෙන විදිහ හරි නම් නැහැ . සමහර ගම්බද පාසල් වැසි යන තත්වයක් තියෙද්දී නගරබද පාසල් වලට පොරකනවා. ඉතාම සංවර්ධිත රටවල හැර අන් සැම තැනම මෙය අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්.

    @ මටමතකහැටියට

    දැන් නම් ඔය දේවාල වල තිර එහෙම අහක් වෙලා ඇති

    @ දුකා

    අපිට තිබුණු එකම අධ්‍යාපන මාධ්‍යය පොත් පත තමයි. හරි හෝ වැරදි ගුරුවරු දෙන සටහන් සහ අච්චු පොත් පාඩම් කරනවා හැර වෙන විකල්පයක් තිබ්බේ නැහැ. බුදු දහමේ වුනත් කියවුනේ ඇසු පමණින් යමක් විශ්වාස නොකරන්න කියල වුනාට ඊට අවුරුදු දාස් ගානකට පස්සෙත් බහුතර බෞද්ධයින් ඉන්න රටක් වෙලත් අපි ඉගෙන ගත්තේ ඇසු දේ පමණයි . වී ගැන ඉගෙන ගන්නේ පන්තියේ ඉඳන් . [කොළඹ නගරයේ ඉඳන් සැතපුම් හත අටක් යද්දී කුඹුරු හමුවෙන රටේ ].අපේ ළමයින්ගේ මේ පාසලේඅපුරු අධ්‍යාපන ක්‍රමය ගැන ලියන්න මට ඕන වුනත් කයිවාරු ගැහීමක් වේදෝයි හිතුනු නිසා නිකම් හිටියා . දැන් දුකත් කියන නිසා ඉදිරියේදී ඒ ගැන කියන්නම් . ලොක්කි දැන් යන්නේ ඇයගේ පස් වෙනි පාසලට . ලංකාවේ ප්‍රමුඛ කාන්තා පාසලක වසරක් ,මෙහි කුඩා පාසලක හා බ්‍රිතාන්‍ය පාසලේ ත් ,සිංගප්පුරු පාසලකත් දැන් මේ අපුරු පාසලෙත් ඔවුන් සිටි නිසා මටත් මේ ක්‍රම ගැන යම් දැනුමක් ලැබුනා .

    බයකට ඇත්තේ ඔය සංවාද දේශපාලනය පැත්තට යාදොයි කියලයි.

    ReplyDelete
  20. කවුරුහරි දේශපාලනයට ඈඳාගන්න ට්‍රයි කලොත් අපි ඒක ආපහු නියම ට්‍රැක් එකට දාගමු . . ඔයා බය නැතුව ලියන්න.

    ReplyDelete
  21. කවි ලියවිලා ඇත පැණි රසයෙන් බේරී
    යසට කැපෙන කවි ලීවා විල හිමිකාරී
    රසට ගෙතෙන කවි පද එනතුරු බේරී
    තව ඉඟි ඕනෑද කාගෙද මම භාරි

    කවුරුන් මගේ නෝනා යයි කියාවිද
    නොහිතපු කෙනෙක් මගේ නෝනා කියාවිද
    කවුරුත් මගේ නෙමෙයි කියලා කියාවිද
    බින්දිය ඉවසමුද තාමත් මුල් දිනය අද
    By සජිවනි

    සජිවනි කියපු තේරවිල්ල යටපත් වෙලා නිසා ඔන්න ආයේ මෙතනත් දැම්මා . කවුරුත් දන්නවද හැබෑට කාගේද මේ නෝනා

    ReplyDelete
  22. මොකට ඕක හොයන්ට මහන්සිවෙනවද..?? සතියකින් පස්සෙ එයාම කියන්නෙ නැතැයි.. :)

    ReplyDelete
  23. සජීවනී කියන නමේ පුරුෂ ලිංගික පදෙ සජීව නේද? එහෙම නැත්නම් ජීවන්ද?

    බින්දි, කෝ? ලියන්න මොනවා හරි: ඉස්කෝල ගැන, පොත් ගැන, සම්බල් ගැන හරි කමක් නෑ. නැත්නම් අර ගරිල්ලො හිටිය පොළොව යට ගුහා ගැන ලියන්න.

    ReplyDelete
  24. ඉස්කෝල ගැන..!!?? චැහ්, බින්දි ලියන්න බලන්න කට්ලට් & සමෝසා ගැන.. :)

    ReplyDelete
  25. [[කොහොමද ''බ්ලොග් හාමිනේ ''. කවුරුත් විසඳුවේ නැහැනේද තාම . යට කොමෙන්ට් කරලා තියෙන සුජිවද දන්නේ නැහැ ?]]

    මට කියල නම් කළේ නැහැ. මට නොකියා කරන්න තරම් කොම්පියුටර් ගැන උනන්දුවක් නැහැ [අපි දෙන්නා සහමුලින් ම වෙනස් ක්ෂේත්‍ර දෙකක ඉන්නේ]. බ්ලොග්ස් සාමාන්‍යයෙන් වල් පල් නිසා කියවන්නේ කලාත්මක, සංචාරක හා 20/20 කතන්දර එව්වා විතරයි [නෙලුම් විලට නම් එනවා]. ඒකත් බොහෝ විට ඩිනර් ගන්න වෙලාවට [පෝරිසාදිය ගෙන් බේරිලා හම්බුවෙන එකම වෙලාව] කියවන්නේ මං. දවල්ට නම් එයාට බ්ලොග්/කොමෙන්ට් කරන්න තියා ස්ටඩි කරන්න වත් වෙලාවක් පොඩිත්තිය දෙන්නේ නැහැ. අනික සිංහලෙන් කවි ලියන්න පුළුවන් නම් මේ වෙනකොට මට අහුවෙලා තියෙන්න එපාය.

    ඔන්න නොකවුට් ස්ටේජ් එකෙන් එක පොසිබිලිටියක් ඉවත් කර දුන්නා.

    ReplyDelete
  26. @ බුරා
    ගෑනු ගතියනේ . ගොසිප් වලට තියෙන ජන්ම ගතිය .
    කිව්වට මොකෝ ඕව ඔරිජිනල් රෙසිපි නෙමේ .මෙහේ එව්වෝ ඔරිජිනල් සිංහල කාම කාලා නැති නිසා මමත් හොඳ කුක් කෙනෙක්. අපේ ගෙදර අය කියන්නේ එයා ''ගිනි පිග් '' ලු. දන්නවනේ ඔය අලුත් බෙහෙත් හෙම අත්හදා බලන්න ගන්න මියෝ ජාතිය. මගේ කෑම හරි රසයි කිව්වට ලංකාවේදී නම් අම්මයි අක්කයි අහලක ඉන්නවා නම් මට දෙන්නේ ඔය පොල් ගාන වගේ සුළු රාජකාරි . එයාලා ඒ තරම් ආසයි මගේ කාම නොකා ඉන්න. හැබැයි මගේ ඊසි වට්ටෝරු ටිකක් දෙන්න පුළුවන් ඕනෑම නම්. කරපිංචා ..අමු මිරිස් ..නැතුව උයන හැටි කියලා දෙන්නත් පුළුවන් .
    @ නලිනි
    ලියන්න ඕන අද රෑටවත්. අර ගුල් ගැන නම් ලියන්නයි ඉන්නේ . කොහෙද තව පොඩ්ඩකින් ''මොසාඩ් ''එකෙන් පොඩි නියෝජිතයෙක් එවනවා මේ පැත්තේ . ..අපේ ඒජන්ට්ලට එකතු වෙන්න. දවල්ට නම් ලියල හමාරයි
    @ සුජීව
    එහෙනම් Mrs .කොකාවල නෙමේ .

    ReplyDelete
  27. මේක නම් අපූරු පෙත්සම

    ReplyDelete
  28. අර අලුත් කවි සංහිඳ ගැන මෙහෙම එකක් ලිව්වා, එ අදහස තවමත් තියෙනවද කට්ටියට?

    --------

    කලකට කලින් හෙළ හෙළි නම් ඊ ලිපිනේ
    සුන්දර කවි කතන්දර නීති පද බැඳුණේ
    සැඩරළ කාලයේ විත් එය වල් වැදුණේ
    කවියට මෙහෙම පිටුවක් යළි නැහැ ඇරුනේ

    බින්දිය මෝදු කල කවියේ නෙලුම් පෙතී
    කාගෙත් හිතට සතුටක් ගෙනෙනවා නිතී
    නව කවි පෙතේ මුතු පද වැල් අකුරු ගෙතී
    කවි කිවිඳියන් උඩ අහසේ දිලෙනු ඇතී

    රස සුවඳින් මල් පුබුදන තෝතැන්න
    සුබ නැකතින් හැඩ නමකින් අමතන්න
    මෙහි නැතිනම් වෙන කිසිවෙක් නම දෙන්න
    "කවි මුතු මල්" ලෙස කැමතිද සලකන්න?

    ReplyDelete
  29. @ sujeewa
    පරිඝනකයට හපනෙක් කවුරුන් වේවා
    අලුතෙන් කවි පොතට මුල් ඇරඹුම දේවා
    @ Ayesha
    ස්තුතියි අනේ . කාටවත් විභාග කරන්න බැරි පෙත්සමක් ඕක

    ReplyDelete
  30. ඇත්තටම බින්දි, නලිනිගෙ කමෙන්ට් එකෙන් ඔන්න මතක් උනේ,වසර දහසයක් පැවති වියට්නාම් යුද්ධය පැවති කාලයේ වියට්කොං ගරිල්ලන් විසින් කිලෝ මීටර දහස් ගනනක උමං මාර්ග ඇමරිකානු බෝම්බ ප්‍රහාර වලින් බේරීමට භාවිතා කල බව මට මතකයි. දැනටත් ඒ උමං මාර්ග එසේම තියනවද? වියට්නාම් යුද්ධයේ ප්‍රතිපල තවමත් වියට්නාමයේ දක්නට ලැබෙනවාද? ඒ පිළිබඳ හැකිනම් යමක් ලියන්න, ඔබ වාසය කරන හැනෝයි නගරය එකල කොමියුනිස්ට් උතුරු වියට්නාමයේ අගනුවර බව මට මතකයි.

    ReplyDelete
  31. @ රවී
    ඊයේ ඔය ගැන ලියන්න හිටියේ . අදවත් බලන්න ඕන . අලුත් ෆොටෝ ටිකකුත් ලැබුනා

    ReplyDelete
  32. By Asanka.

    මම ‍මේ කවි ටික දැමු‍වේ ජූනි 10 ‍වෙනිදා ඒත් ‍මොකක් හරි අවුලක් හින්දා ඒක ඇවිත් නැහැ ඒක හින්දා මම ආපහු ඒ ටික දැම්මා
    ‍@ බුරා

    හු හු බුරා නුඹ පැරදෙයි කවි තරගෙන්
    මල්දම් තියා කට්ලට්වත් නැහැ ඇයගෙන්
    විහිලුයි කළේ මා දන්නා කවි ගොතමින්
    ඇරයුම් කරමි නව බ්ලොගයට මල් පුදමින්

    @ බින්දි

    නුඹ දුන් උපදෙස නිසා හෙට දින පටන් ගමු
    කවි හටනමත් නොව එහි වෙනසක් කරමු
    දමනා post යට සිට උඩ වෙන්නෙ යොමු
    එනිසා එක post එකකට comment දෙමු

    එහි නම වෙනස් කරනට ඔබ හට ඇහැකි
    කවි හටනට වඩා වෙනසක් වෙයි යෙහෙකි
    උදාහරණයක් දෙමි ඔබ හට මා දැන් කී
    ඒ බස් අසා ඔබ හට නම දෙන්ට හැකි

    උදා:
    අයෙක් ලිවොතින් ලස්සන ගමක් ගැන
    ගම මුල ගගයි ගම මැද පන්සලකි එන
    ඇරඹුම ගනී එක් කවියෙකු කවි ගොතන
    ඉන්පසු අනෙක් කවියෝ තම කවිත් දෙන

    ඔන්න ඔහොමලු නව බ්ලොග් තතු විත්ති
    බින්දිය ඉක්මණින් බ්ලොගයට නමක් දෙති
    ඒ නම අනුව ඇරඹෙන බ්ලොගයේම නිති
    දින පතාම කවි පබැදෙයි මට සිත් වී

    @ All

    නීතා දුකා TG සහ බුරතීනුයි
    ගල්මල් කොරල් හා පැටියයි සෝඩා ගුනෙයි
    නලිනියි සිත්තමයි සිතුවිලි කතන්දරයි
    හිස් අහසයි රත්ගමයයි පොඩි හූනයි
    සජීවනියි මනුසත් හා කොකාවලයි
    නෙළුම් විලේ තොටියා වන කවි බින්දියි
    හෙට දින සිටම නව බ්ලොගයේ කවි පබදියි
    එහි web ඇඩ්රසය හෙට දින මෙතන දමයි

    ප.ලි
    මෙහි දමනා නම සමග තේමා පඨ එවනු මැන
    බින්දිට පමණ නොව සියලට හැක ගන්න දැන

    13 June 2011 15:24

    ReplyDelete
  33. අග ඉඳල මුලට යන්න බැලුවේ.. එක හරියන්නේ නැහැ වගේ. ඒ මොකද සමහරක් චරිත (බනිය වගේ) අඳුන ගන්න නම් මුලට යන්න වෙනවා.. ගිහින් එතන ඉඳන් එන්නම්කෝ..

    ReplyDelete