Wednesday 3 August 2011

''මයිකල් ජැක්සන්ව'' බොන මැලේසියානුවෝ

පසෙකින් රෙදි ගොඩකි - පොත් පත් හැම තැනය
ඔක්කොම දමා ''බින්දී'' මම විල                 ළඟය
වැඩ ගොඩ වෙලා අය්යෝ මන්          අසරණය
එහෙමයි කියා නොලියා ඉන්නත්            බැරිය

නෑවිත් මේ පළාතේ මන් හිටි              ටිකට
ලියවුනු කතා ඇති වෙන හොඳ බ්ලොග් වලට
නොගොහින් ආවොතින් හරි නැහැ මගෙ හිතට
ඒකයි පමාවී බැස්සේ මගෙ                  විලට

අතහැර දමා ගිය බව මන් නෙලුම් විල
තැන තැන දුටිමි ලියවී කට කතාවල
පිපුනේ නැතත් කලෙකින් මෙහි නෙලුම් මල
කන්නට හැකිය මෝරපු හොඳ නෙලුම් අල

රඹුටන් උපන් රට පැත්තේ ගොස් ඇවිද
දුටු දුටු නෙලුම් මල් මන් ගත්තා ඇහිඳ
එකවර හිටවන්න කෝ ඉඩ කඩ කොහිද
විසිකළ යුතු යි සැල්වීනිය හා   මඩද

සති දෙකක්ම නෙලුම් විලට බහින්නත් බැරි වුනා . මන් නැතත් විල දිහා ඇවිත් ගිය සගයින්ට මගේ ස්තුතිය . ඔය අස්සේ මේකට ඉස්ගෙඩි බෝකරන්න කුමන්ත්‍රණ කරපු අයත් හිටිය . වතුර පල් වේගෙන යනවා කියල අපේ ලී බෝනික්ක අනතුරු අඟවලත් තිබුන . අපේ චතුරංග මලය මුර වැඩේ බාර ගත්ත නිසා බය නැතුව මන් මගේ පාඩුවේ නිවාඩුව ගත කරලා ආවා.

වැඩි ඈතක නෙමේ ..මේ ළඟ පාත මැලේසියාවට තමයි ගියේ. මගේ ඉන්දියන් මිතුරියගේ ගෙදර සති දෙකක්ම සැප සනීපෙට ගත කළා . ආයි මොනවද ඉවිලි නැහැ තේ එක අතට එනවා ..කෑම ටික මේසෙට එනවා . උදව්වට ඉන්න ළමය රෙදි ටිකත් හෝදලා මැද දුන්නා . ළමයිනුත් එයාලගේ හොඳම මිතුරියෝ දෙන්න එක්ක ඇති තරම් සෙල්ලම් කළා . මගේ මිතුරියට දුවල දෙන්නයි . අපේ දෙන්නගේ වයසේම . මේ සංසාරයේ කොහේ හරි අපි කට්ටිය හමු වෙලා තියෙන බවයි අපේ අදහස . මහත්තුරු දෙන්නත් හොඳටම යාලුයි . අපි දෙන්න සහෝදරියන් දෙන්නෙක්ටත් වඩා සමීපයි. කෙල්ලො හතරදෙනා පුදුම යාලු කමක් .  ඔන්න බලන්න ගිය ආත්මේ කරපු පින්කම් වෙන්න ඇති මෙහෙම යාළුවො ලැබෙන්න .

ඒ ලොකු කෙල්ල තමයි  කවදාහරි ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියන්නේ . ඔන්න   කවද හරි ඉන්දියන් කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති වෙන්නත් බැරි නැහැ. ඒ ළමය ඒ තරමට ශක්තිමත් චරිතයක් . අපේ ලොක්කිට එයාගේ පුද්ගලික උපදේශක තනතුර දෙනවලු. අපිටත් ඉතින් ධවල මන්දිරේ පැත්තේ රවුමක් ගහන්න බැරුවය .
 
තව ඉතින් මොනවද . තෝසා..චපාති ..මුරුක්කු ..ගිල ගිල මමත් මගේ මිතුරියත් හින්දි චිත්‍රපටි බැලුවා . කඩ ගානේ ඇවිද්දා . මන් එලියට යන හැම දවසෙම බනිලගේ තාත්තා මෙහෙ ඉඳන් බය වෙනවා . ඇයි මේ ගෑනි අතේ තියෙන ඩොලර් ටිකත් ඉවර කරලා ණය කාඩ් එකෙන් ගිණුමේ සල්ලි ඔක්කොමත් ඉවර කරයිද කියල . වැඩියම බය වෙන්න ඇත්තේ පොත් සාප්පුවට යන බව අහල .

දැක්ක දුටුව දේ නම් අප්‍රමානයි . වෙන වෙනම පෝස්ට් වලින් ලියන්න ඕන .
රට ගැන කියනවා නම් මන් දැක්ක Kuala  Lampur නගරය නම් සෑහෙන දුරට  සැලසුම් කල නගරයක් . ලෝකයේ උසම ද්විත්ව ගොඩනැගිල්ල [ Twin Towers ] ඇතුළු විවිධාකාර හැඩති ගොඩනැගිලි හැමතැනම . හැමදේටම වඩා මා සිත් ගත්තේ දෙපස වනවගාවෙන් අලංකෘත මහා මාර්ග පද්ධතිය . මට හැඟුණ පරිදි ඒවා පාරවල් සෑදු පසු ගස් හිටවීමක් නොවේ. දෙපස වනය ඉතුරු කර පාරවල් තනා ඇති බවක් තමයි මට දැනුනේ .
පැරණි නගරයක් මුළුමනින්ම සංවර්ධනය කරන්න බැරිව ඇති . මෙහි ඉඩකඩ සලකා බලා රජයේ පරිපාලන නගරය ලෙස කි.මි. 25 ක් පමණ ඈතින්  ඉතා සැලසුම් කොට  නගරයක් ඉදි කොට තියෙනවා . එහි නම ''පුත්‍රජයා''  . පුත්‍ර = කුමරා ..ජයා = ජය .
මට යන්න නම් බැරි වුනා ඒ පලාතට .
නගරෙන් පිට කියල යන්න වුනේ ''ජෙන්.ටින්ග් '' කඳු පලාතටත් සත්තු වත්තටත් විතරයි . සත්තු වත්ත නම් ඒ හැටි ලොකු නැහැ . ඒත් ළමයින්ට විනෝද වෙන්න හැකි තැනක්.


''ජෙන්ටින්ග් හයිලන්ඩ් '' වල කේබල් කාර් ගමන මගේ සිත ගත්තා . අපේ නුවර එළිය වගේ ..නැත්නම් හපුතලේ වගේ ..ටිකක් සීතලයි .
At Petrosains Science centre

නගරයේ නම් ප්‍රධාන ආකර්ෂණය ''Petronas twin Towers '' තමයි . උදේ පාන්දර ගිහින් ටිකට් අරගන්න ඕනේ උඩට නගින්න . අපි වගේ කම්මැලියන්ට ඔය වැඩ බැහැනේ .

එයට යාබද ''Petrosains  Discovery Science Centre '' ළමයින්ට හරිම අපුරු අත්දැකීමක් වුනා . ඒ අසලම ඇති මින් මැදුරත් නරඹන්න හැකි වුනා .

කෑම බීම.....දෙය්යන්ගේ පිහිටයි  මැලේසියන් ජාතිකයින් හොඳට කන බොන බව ශරීර කූඩු වලින් පේනවා . නිවර්තන දේශගුණය නිසා සරුසාර රටක් බවයි පෙන්නේ. දන්නවනේ ඉතින් රඹුටන් ඉපදිලා තියෙන්නෙත් මැලේසියාවේ .පොඩි කාලේ රඹුටන් ගෝනි ගණන් කා ඇති හෙයින් විශේෂයෙන් කෑමට හිතුනේ නැත .
. දුරියන් ..මැන්ගුස් හෙමත් ජනප්‍රියයි . නගරයේ පාරවල් අයින් වල නම් ඔව්ව විකුනනවා දැක්කේ නැහැ . එහෙම පළාත් මන් දැක්කේ නැතිව වෙන්නත් හැකි.

මට එකම පරහකට තිබුනේ බේකරි වල මාළු පාන් ..චිකන් පේස්ට්‍රි හෙම බැබලි බැබලි තියෙද්දී අහක බලන් යන්න වෙච්ච එක . මගදී කාල ගියොත් මිසක් ගෙනිහින් කන්න බැහැනේ . පුර්ණ වෙජිටේරියන් කෙනෙක් එක්ක නේ ජිවත් වුනේ . කිසිම විරෝදයක් නැහැ අපි කෑවාට. ඒත් යුතුකමක් තියෙනවනේ එහෙම නොකරන්න .
මගේ අනෙක් මැලේසියන් මිතුරියක් එක්ක ගිහින් ''නාසි ලමක් '' කියන බත් එක කෑවා. පොල් කිරි මුහු කරලා උයන බතක් . ලංකාවට හුරු කෑම ගොඩක් තියෙනවා . කොකිස් හා දොදොල් විකුනනවා දැක්කා .
මේ බීම එකේ නම ''මයිකල් ජැක්සන්''  හිතන්නකෝ ඇයි කියල

අපේ මැලේ අච්චාරුව තියනවද කියල නම් දැක්කේ නැහැ .
බීම ජාති හෙම ලෝබ නැතුව විශාල විදුරු වල දෙනවා . ගොඩක් කඩවල බීම දෙන්නේ කට පළල බෝතල් වල . හොන්කොන්, තායිවාන් වලත් එහෙම දෙන බවයි දැනගන්න ලැබුනේ .

මට මැලේසියාවේදී මතක් වෙච්ච එක පුද්ගලයෙක් ඉන්නවා . උපාලි විජේවර්ධන මැතිතුමා . කාලෙට වඩා ඉදිරියෙන් ව්‍යාපාරික දැනුමක් තිබ්බ විශේෂ ශ්‍රී ලාංකිකයෙක් . දහම් පාසලේ තෑගී උත්සවයේදී අත හිත පිරෙන්න තෑගී ලැබුන ළමා මතක ඔස්සේ ඔහු මට සිහි වුනේ ඇයි. මැලේසියාව සමග ව්‍යාපාරික ගනු දෙනු තිබු මෙතුමා රැගත් පුද්ගලික ගුවන් යානය අතුරුදන් වුනේ එහෙම ගිය ගමනකදී. අපේ දහම් පාසලේ සෑම කටයුත්තකදීම සම්බන්ධ වූ නිසා මට ඔහු හොඳ හැටි මතකයි.
 අද වැඩිය ලියන්න බැහැ. හරිම නිදිමතයි . ඉදිරියේදී තව මැලේසියන් විස්තරත් තව රස කතාත් කියන්නම් . වාද විවාදෙකට නිමිත්තක් දෙන්නත් බැරි වුනා . ඉඳල ඉඳල ඇවිත් ගිනි දෙන්න හොඳ  නැහැනේ . ඊ ළඟ පාර බලමු.

ස්තුතිය ...මම රස  ඉන්දියන් කෑම කන අතරේ හැමදාම කඩයෙන් කා උදේට තනියම තේ හදා ගත් බනිලගේ තාත්තට

63 comments:

  1. මගේ ස්තූතියත් මෙහෙම ලියන්ට ඉඩදෙන, ඔහොම ඇවිදින්ට යන්ට ඉඩදෙන, බනීලගේ තාත්තට...:0

    ReplyDelete
  2. ඔය ලියලා තියෙන්නෙ චෝයි පෝස්ට් එකක්.. :)

    ReplyDelete
  3. මේ පිපිලා තියන්නේ නෙලුම් මල. ඔයා නැති උනත් අපි ඇවිත් ගියා හොදේ...

    ReplyDelete
  4. කලකට පස්සේ ඔබ නැවතත් නෙළුම් විලේ බැස සිටීම සතුටක්. මට සිතුනා ඔබ දුරගමනක යෙදෙනවා ඇති කියා. ඉතින් අපිට බලාපොරොත්තුවෙන්න හැකියි නේද හොද චාරිකා සටහනක් ඉදිරියේදී?

    ReplyDelete
  5. තිබුනා පාලුවී බින්දිගේ නෙලුම් විල
    ඇවිදින ගියා හැමදාමත් වෙලා මල
    දැක්කම පිදිලා නැවතත් නෙලුම් විල
    උතුරා ගලනවා හද පිරි සතුටු මල

    ReplyDelete
  6. ලෝබ හිතෙන සවාරියක් ගිහින් ඔයා,, අර බීම එක බිව්වම බඩ දඟලනවාද දන්නෙ නෑ, නම මයිකල් ජැක්සන් නේ. :D පෙනිමට නම් මම කැමති නෑ ( බීම වීදුරුවෙ )

    ReplyDelete
  7. වැල් කම් බැක් . . . .

    ReplyDelete
  8. @පොඩි ..

    එයා බොහොම සතුටු වෙයි මේක දැකල . ඔන්න බලන්නහොඳ රියදුරෙක් ලැබිල නියම පාරට වැටුනොත් විවාහ රථය ලෙඩ නැතුව දුවන්න හැකි. තැන්ක්ස් මෙයා

    @ බුරා

    මට නම් මේ ලියන්න ඕන නිසා ලිව්වට වලියක් ඇවිලෙන්නේ නැති ලිපි නිකන් ප්ලාස්ටික් නෙලුම් මල් වගේ. අර පල් වතුර කතාව තමයි මේක ලියන්න හදිසි කලේ

    @ කවිකාරි

    ස්තුතියි කවිකාරි ..ඔයාගේ ලිපිත් හරි අපුරුයි . සුනේත්‍රාගේ පොතක් කියවනවා වගේ

    @ ගිම්හානි ..

    ස්තුතියි නගෝ ..විල ඇත නොහැර සිටියට

    @ දිනේෂ්

    ස්තුතියි දිනේෂ් . ඉස්සරහට ලියවේවි

    @ හරී

    අපොයි ඔව් . ඕක නම් දැක්කම බොන්න හිතෙන්නේ නැහැ තමයි. බොන්නත් කලින් බඩ දඟලනවා . සෝයා කිරියි මොනවද ජෙලි ජාතියකුයි. ස්තුතියි මේ පැත්තේ ආවට . අපි ඉතින් එක බෝට්ටුවේ අයනේ
    @ sodaa gune
    විසිකර දමා සිත වට කර තිබුන මල

    මුණ ගස්සවා මට ඔබ වැනි සොයුරු පෙළ

    කලකට පසුව යලි මට මා මතක් කල

    තුන්වැනි දුවයි මට මගෙ මේ නෙලුම් විල

    ReplyDelete
  9. ශා.... මරු ගමනක් නේ... සති දෙකක්ම.... තව විස්තර අහන්න ආස හිතෙනවා...

    ReplyDelete
  10. @ ඕනයා ...

    තෑන්ක් යු ...තෑන්ක් යු.....

    ReplyDelete
  11. හැබෑටම බින්දි නැතුව බ්ලොග් අවකාසේ නිකන් මැලවිලා වගේ තිබුනෙ. දැන් ඉතින් ආයිත් පන ගහල එයි.
    ඔය මයිකල් ජැක්සන් එකේ සංයුතිය අපිටත් කියන්ඩකො.
    මැලේසියාව ගැන කිව්වහම මට මතක් වෙන්නෙ "තාන් කොක් සෙන්" ලියපු සිය ජීවිත කතාව. "සිංගප්පූරු දරුවා", "මැලේසියා තරුණයා" සහ "ලොව වටා" යන නම් වලින් මහාචාර්ය සුචරිත ගම්ලත් පොත් තුනකට ඔය කතාව පරිවර්තනය කළා. මම බෙහෙවින් රස විඳි කෘතියක්.

    ReplyDelete
  12. අගෙයි.අගෙයි.මම කොහොමත් චාරිකා සටහන්වලට කැමැතියි.
    අද තමයි මුලින්ම මේ බ්ලොග් එක පැත්තේ ආවේ.
    www.thinkland.net

    ReplyDelete
  13. හප්පෝයි... යාන්තම් ඇවිත්... පහුගිය ටිකේ මුර කොරලා ඕං තාම නිදිමත බේරෙනවා... කොහෙද විලට කබරයෝ බහින්නමයි හදන්නේ... හික්ස්...

    බින්දි අක්කා හොඳ සවාරියක් ගිහින් කියලා දන්නවා වුනාට එනකල් හිටියේ විස්තර අහගන්න. අනිවා මාසයකට හොඳ පෝස්ට් වැටෙනවා කියලා අපි දන්නවනේ. අනේ මන්දා සති දෙකට විල පාළුවෙලා. ඉහින්න වෙයිද මන්දා... විජාතික කුමන්ත්‍රනත් ආවා ඉස්ගෙඩි ව්‍යාපෘතියකට...!!!

    බින්දි අක්කගේ නෙළුම් සුවඳ විඳින්න විලට බහින්න ලැබීම සතුටකී. මුලින් පළ කර ඇති කවි පෙළ ඊට වඩා අගනේය. කවිමුතුමල් ද මැලවී ගොසිනි.

    තායිලන්ත සීරීස් එක දෙස බලා සිටිමි... ජය !!!

    ReplyDelete
  14. ඔන්න "අර කවිය" බැලන්ස් කොලා.

    නොලියා ඉන්න බැරි මේ බින්දී නෝනට
    ගමනුත් අදහසුත් අඩු නැතිය ලියුමට
    චිත්‍රත් කවිත් දෙයි සරසවිය නියමෙට
    ඇය නිතරම බහින්නේ නෙලුම් විලකට

    ["ඇය වැඩිපුරම බය විල අයිති කිඹුලට" කියා නොලිව්වේ තවම නොහඳුනන බින්දිගේ ස්වාවී පුරුෂයා මේ කතාවට තරහ වේ දෝ යන බයෙන්]

    ReplyDelete
  15. @ තාරා
    ස්තුතියි නගේ..තව දවස් 13 කින් බනිලා ආයි ඉස්කෝලේ යනවා . එතකොට වැඩිපුර ලියන්න හැකි . දැනට ඉඩ කඩ ඇති විදියට ලියන්නම් කෝ.

    @ පොත් ගුල්ලා ..
    අහන්නත් ආසයි මන් නැතුව ඔයාලට පාලුයි කියල . ''මයිකල් ජැක්සන් '' බිම හදන්නේ සෝයා කිරි සහ ග්‍රාස් ජෙලි මිශ්‍ර කරලා . ජෙලි කළු පාටයි ..කිරි සුදු පාටයි . මයිකල් ජැක්සනුත් කළු වුනාට පස්සේ සුදු වුන නිසා මේ බිමට ඒ නම වැටුනේ .මෙන්න රෙසිපිය සහ තව විස්තර .http://almostbourdain.blogspot.com/2009/05/penang-michael-jackson-drinks.html

    @ කාංචනා ..
    මන් ඔයාව දන්නවා . ඔයා නේද අර කටුසු පෙම ගැන ලිව්වේ . ආයේ එන්න හොඳේ
    @චතුරංග
    මන් නොදන්නවය . රාවණ පරම්පරාවේ කෙනෙක් මුරට ඉදිද්දී මොකට බය වෙනවද . බොහොමත් ස්තුතියි. කොහෙද ඉතින් ''පුංචි ඉන්දියා'' පැත්තෙන් ගෙනා ''සෝන් පපදී'' එකක් වත් දෙන්න තිබ්බ ළඟක හිටිය නම්
    @ සුජීව
    ස්තුතියි ස්තුතියි නිතරම විල පැත්තේ ආවට .

    අපොයි කිඹුලා එච්චර වස නැහැ . ''ඇය වැඩිපුරම බය නම් පුංචි හාවට ''

    ReplyDelete
  16. @ පොත් ගුල්ලා ..
    සිංගප්පුරු දරුවා සහ මැලේසියානු තරුණයා කියෙව්වට තුන්වෙනි පොත මග ඇරිලා මට . කොහේ හරි දැක්කොත් ඔය පොත් තුන අරන් තියනවද . මටත් සිංගප්පුරුව පැත්තෙන් යන හැමදාම ඔය පොත සිහිවෙනවා . ධිවර ගම්මානයක් ඇවිත් තියෙන දුර කොච්චරද කියල පුදුමයි .

    ReplyDelete
  17. මහන්සියත් නොබලාම දේශාටනයේ තොරතුරු රසකරලා අපිටත් බෙදා දුන්නාට ගොඩාක් ස්තුතියි. ඒ අත්දැකීම් අවස්ථාව උදාකරලා, ඒවා බෙදාගන්නත් දායක වූ බනිලාගේ තාත්තාටත් බොහෝමත්ම ස්තුතියි.

    ක්වාලාලම්පූර් හි ටුවින් ටවර්ස් ලෝකයේ උසම ගොඩනැගිල්ල වූවා, ඉන් පසුව ඩුබායි නුවර බුර්ජ් කලීෆා ගොඩනැගිල්ල ඒ තැන ගත්තා. අලුත්ම පුවත සවුදි අරාබියේ රියාද් නුවර වඩාත් උසතම ගොඩනැගිල්ල හදන්න සැලසුම් කරන බවය.

    මැලේසියානු රජයේ පරිපලාන නුවර ගැන කතාවක් තියෙනවා බෙදාගන්න නම්:
    මහ්තීරි මොහමඩ් මහතා අගැමැතිව පත්වෙද්දී (1981) පැවැතුනේ පැරැණි නගරයලු. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් අනුව පළමුව කර ඇත්තේ නව පරිපාලන නගරය ගොඩනැගීමයි. ඒ සඳහා තෝරාගෙන ඇත්තේ පැවැති නගරයෙන් දුරස්ව පිහිටි ජනශුණ්‍ය ප්‍රදේශයක්. එහි ගොඩනගා ඇති පලමු ගොඩනැගිල්ල අගමැති කාර්‍යාලය, නිලනිවසින් සමන්විත පර්ෂදය හා පරණ නගරය යාකරන මාවත පමණි.

    රටේ ආර්ථික දිහුණුවට අවැසි කල පලමු මග දැක්වීම හා ආදර්ශය ඔහු විසින් කර ඇත්තේ එසේය. එතැන් සිට ක්‍රමයෙන් අනෙකුත් අමාත්‍යාංශයන් හා පරිපාලන ගොඩනැගිලි නව පරිපාලන නුවර මතු වෙන්න පටන් ගෙන ඇත. ඒ හරහා දිවෙන මාවත් දෙපස පිහිටි වැඩුණ ගස් සුරැකි බවත්, මග සරසන පහන් කණු පවා මාවතෙන් මාවතට වෙනසක් පෙන්නුම් කලේ රටේ කලාවන් වලින් ඔප් නැංවිලාලු. ඒ හැම එදා ප්‍රමිතීන් හා තත්වයන් අනුව වඩාත් දියුණු බටහිර රටවල් සමඟ කරට කර සිටින සේ සැකසුන බවයි කියවෙන්නේ. ඒ අනුව පැරැණි හා නව නගර අතර ඉබේම දියුණුව සැලසුනාලු.

    මැලේසියානු මහාචාර්යවරෙකු මේ විස්තර පවසා තිබුනේ රට රටවල ඇවිදින මගේ මිතුරෙකුට. එතුමන් අනුව එදා අගමැති මැදුරට මහ්තීර් මහතා යද්දී ප්‍රදේශයේ ජල, විදුලි පහසුකම් ද නොවූ බවත් එදා ඔහු වෙනුවට අනෙක් අයවලුන් යවන්න උත්සාහ කරා නම් තිඹිරිගෙයිම නූතන මැලේසියානු සිහිනය මියැදෙන්න තිබූ බවත් පවසා තිබුණා.

    එදා කඩොලාන, වඟුරුබිම් පිරි රට දියුණුවේ මාවත පිවිසිලා ඇත්තේ එහෙමයි.

    ReplyDelete
  18. අනේ වාසනාවන්! අපිටනම් මේවයේ කවදාවත් යන්ට බැරි වෙයි සමහර විට. ඒත් මෙවා කියෙව්වාම ගියා වගේ තමයි. මම හරිම ආසයි රට රට වල විස්තර දැනගන්න. මේවා ලියනවාට අක්කට බෝම පිං :)

    ReplyDelete
  19. සංචාරයේ විස්තර ලියන්නකො හෙමින්.

    ඩීන් අය්යගෙ රසවත් තොරතුරුවලට බෙහෙවින් ස්තුතියි. ඔන්න ආදර්ශය දෙන හැටි නියම නායකයින්.

    ReplyDelete
  20. අප්පේ..ගොඩ දවසකට පස්සෙ විල පැත්තෙ ආවෙ...ලස්සන ලස්සන මල් ගොඩයි....

    ඒත් පොඩි ප්‍රශ්ණයක්...

    බීම එකට ජැක්සන් කිව්වෙ මොකද
    දැක්කම දඟලනව බඩ නැහැ කිසි වාද
    දැකුමට කැතවුනත් බොනකොට රස නැතිද
    M J ගෙ සින්දු ඒ තරමට කැතද

    පොස්ට් එක ලස්සනයි දැමු රූපත් එක්ක
    ගමනත් එළකිරිය නොගියට හිමියව එක්ක
    හේතුව මොකද කියනෙමි වරදක් දැක්ක
    ගතියක් නැහැලු බින්දි ට නැතුවම කොක්ක

    ඇත්තටම මයිකල් ජැක්සන්ගෙ සින්දු අහන කොට බඩ දඟලනවද ?

    මට නම් අමරදේවගෙ සන්නාලියනේ ගීතය වගේම M J ගෙ Liberian Girl ගීතයත් ඇස් දෙක පියාගන රස විඳින්න පුළුවන්........

    ReplyDelete
  21. මට වැරදිලා වත් ද කියලා බලන්න මම ආයෙත් M J ගෙ මම කැමතිම සින්දුව ඇහුවා...අර සඳ රු කියන්නා වගෙ ඔකඳ වෙලා යනවා දෙයියනේ....

    කෝ මේ බින්දි..මම අද දෙකෙන් එකක් බේරගන තමයි විලෙන් යන්නෙ.....
    ( පසු බිමින් මයිකල් ජැක්සන්ගෙ අවතාරය තර්ජනාත්මකව මේ ගීතය/කවිය ගයනු ඇසේ )

    මට නම් දැන් මල
    අපහාසෙට කල
    ගලවල මල් පැල
    බොර කරනව විල

    ReplyDelete
  22. @ පුසා ...

    ඔයාලට තව වයස තියෙන්නේ .සමහර විට හඳටත් යයි. මටත් පොඩි කාලේ ඉඳන් තිබුන රට රටවල් ගැන දැන ගන්න ආසාව.

    @ ගල් මල්

    ඩීන් අය්යාට ස්තුතියි ඔය කතා අපිට බෙදා දෙනවට . මම ටිකක් ජාලයේත් බැලුව ඔය අලුත් නගරය ගැන . ආදර්ශමත් නායකයෝ තමයි .

    @ නලිනි

    ඔය ඇවිත් ඉන්නේ . ස්තුතියි අප්පා ඔච්චර වැඩ අස්සෙත් මෙහෙ එනවට

    @ ලකී

    මටනම් ඔය බීම බොන්නට හිතුනේ නැත

    මිතුරිය තමයි කිව්වේ බෝතලේ වත

    කළු සුදු පෙනේ යොමු කල විට අපගෙ නෙත

    ජැක්සන් සුදු කළා නේදෝ අඳුරු ගත



    නම නොමැරුනා රූපය පමණක් දිරුවා

    කළු සුදු තේරුමින් ජැක්සන් සම කෙරුවා

    පෙනුමට බීම එක දැක බොන්නට බැරුවා

    මිස ඔහු ගීත ගැන නම් අහිතක් නැතුවා



    වැඩ වැඩි තනතුරක් ඇති මගේ හිමියන්ට

    බැරි විය වැඩි දිනක් එහි සිරි දැක ගන්ට

    මට හැකි නිසා මිතුරිය සෙවනේ ඉන්ට

    තබලා අපිව ඔහු හැරුනා මෙහි එන්ට



    වැදගත් දෙයක් ගැන ඇතිවෙන විට වාද

    බොහොමත් කරුණු එළිවෙන හැටි දුටුවාද

    කොක්කට වඩා සුදුසුම නම ''සංවාද ''

    කොකු නැහැ දමන්නේ මිතුරන් වෙන බේද

    ReplyDelete
  23. සංවාදය හොඳයි එකඟයි මම ඔබ එක්ක
    එළිසම නිසයි එතනට වැටුනේ කොක්ක
    මිතුරන් වටියි ඉල්ලුවොතින් දෙයි බොක්ක
    තව තව ලියමු විසිතුරු ඔබ එහි දැක්ක

    M J ගේ අවතාරය මොනවාදෝ මුමුණමින් විලෙන් ගොඩට පැන මැලේසියාව දෙසට යනු පෙනේ..

    ReplyDelete
  24. පොස්ට් එක ලස්සනයි :D ඊටත් වඩා කවි ටික ලස්සනයි :D :D

    ReplyDelete
  25. මේක බලලා මටත් හිතුනා සවාරියක් යන්න .. හිතෙන් නෙවේ ඇත්තටම

    ReplyDelete
  26. සුපුරුදු පරිදිම ලස්සනට ලියලා තියනවා. ප්‍රශ්ණයක්, අර බීම එක වීදුරුවක නොදා, බෝතලේක දාලා තියෙන්නෙ ඇයි? ඒක ෆලුඩා වගේ බීමක්ද? කවුරු හරි ෆලුඩා හදන හැටි දන්න කෙනෙක් ඉන්නවද?

    ReplyDelete
  27. ගල්මල්/නලිනි/බින්දී;

    [[ඔන්න ආදර්ශය දෙන හැටි නියම නායකයින්]]

    මැලේසියාවේ මහතීර් ඔහුගේ මුල් යුගය ගත කලේ එතරම් ආදර්ශමත් කියා අප නොහිතන අනෙකුත් නායකයින් වගේම තමා. අනික මේ යකාට අස්ප කුලිප්පුවක් තිබ්බේ "ආසියාවේ ලොකුම", "නැගෙනහිර ආසියාවේ ලොකුම" දේවල් ෂෝ එක දාගෙන සිය රටේ හදා ගන්න. රටේ මිනිස්සුන්ගේ බඩගින්නට වඩා 2018 කොමන් වෙලත් එක ගැන හිතන අපේ ලොක්කගේ තියරියේ තමයි ඔය පොරත් උන්නේ ඒ කාලේ.

    කොටින්ම ඔය අගනුවර හදන කතාවයි ලංකාවේ හම්බන්තොට නව නගරේ කතාවයි වැඩි වෙනසක් නැහැ.

    අනික මහතීරයා සහමුලින් පිරිසින්දුත් නැහැ [දූෂණ]. ප්‍රතිවාදී මත දරන්නන්ට සිර දඬුවම්. ඔහු සංවර්ධනය කියා අරුත් ගන්වන දෙයට එරෙහිව ඉන්න මිනිසුන්ට [පාරක් කපන කොට මග පදිංචි උන්ට] නොයෙක් කෙනෙහිලි. ධනවාදී කියන රටවලට සිය රටේ ව්‍යාපාර කරන්න නිදහස දුන්න. හිට්මෑන් ලට ඕන දේවල් කරන්න දුන්න. දේශපාලනය කලේ ජාතිකවාදී පක්ෂෙක. අදටත් මේ රටේ ජනවාර්ගික ධ්‍රැවිකරණයක් තියෙනවා.

    කෙටියෙන් කිව්වොත් 1981 මැලේසියාව උන්නේ අද මේ රට තියෙන තැනට බොහොම ලඟින්. හැබැයි තිස් වසරකින් අපි ඔවුන් ඉන්න තැනට යයිද?

    මේක තියෙන්නේ මහින්ද/මහතීර් සංසන්දනයේ නොවේ. මේ දේශපාලකයින් දෙන්න ම යමක් කරන්න හිතන යමක් කල හැකි එවුන්. වෙනස තියෙන්නේ රට මෙහෙයවන නිලධාරි පිරිස අතේ. මේ "යමක් කල හැකි" නායකයින්ට සැලසුම් හදන නිලධාරින් අතේ. මැලේසියාවේ අස්ප කුලප්පුවෙන් වැඩ ගන්න ඒ රටේ නිලධාරින ඇතුළු වැඩ කරන ජනතාවට හැකි වුණා. අනේ අපේ ලංකාවේ එකේ අනික පැත්ත. එකෙක් දෙන්නෙක් හැර ඉතිරි ඔක්කොම ඉහඳ පණුවන්.

    ඔන්න ඔතනයි වෙනස.

    ReplyDelete
  28. @D.G.M බස්සා:
    ලංකාවේ ක්‍රමයට ෆාලූඩා හදන විදිය පහත ලින්ක් එක බලන්න:

    http://infolanka.com/recipes/mess5/2.html

    කස-කසා කලුපැහැති හීන්දුරු වලටත් වඩා කුඩා ඇට ජාතියකි. පැයක් පමණ වතුරේ පෙඟෙන්න දැමූ විට ඇටය වටා වලාකුලක් වගේ බැඳෙනවා. ඔබ මැදපෙරදිග රටක නම් ඉන්නේ කස-කස සොයන්න එපා. ඉන්දියන් කෑමට ගන්නා ඇට වර්ගයක් ද එනමින් කියැවේ, එය මත්ද්‍රව්‍යයක් හැටියට ගැනෙන නිසා මේ කලාපයේ තහනම් කර ඇත.

    කස-කසා වෙනුවට ඉසාබ්ගුල් යොදා ගන්න පුලුවන්. මැදපෙරදිග මෙන්ම ඕනෑම ඉන්දීය ග්‍රොසරියක (Stag brand) Sat Isabgol ලබාගත හැකිය. ඉසාබ්ගුල් ධාන්‍යයකින් ලබාගන්නා නිවුඩු වර්ගයකි, කස-කසා මෙන්ම ශරීරය සීත කරන්න උපකාරීවේ. වතුරේ පෙඟවූ විට සුදු පැහැ කැබැලි ලෙස දිස්වේ.

    පළතුරු තට්ටු හැටියට දාලා ද ෆාලූඩා හදනවා. පමණක් රෙසෙපි වලින් කියවෙන කෝන් ෆ්ලවර් වගේ දේවල් වලට වඩා පළතුරු ඒවා රසයි, ගුණයි.

    ReplyDelete
  29. සුජීව:
    ඔබේ විමසුම ද කාසියේ පැත්තක්. ඔබ දැක්වූ අති ධාවන තරඟයට ඉන්ධන සැපයූවේ මැලේසියාවෙන් කැඩීගිය සිංගප්පූරුව අභිබවා යෑම වෙන්න පුලුවන්. මහ්තීර් බොහෝ බටහිර රටවලට ඔරොත්තු නොදුන් පුද්ගලයෙක් වුනේ ඔහු ඒ රටවල වගේම ජගත් සංවිධානවල උපදේශ වලට නම්‍ය නොවූ නිසා.

    ඔහු ගැන විකිපීඩියා විස්තර කරයි. දේශපාලකයා ගේ චරිතය, පෞරුෂය වගේම ඔහු කවුද යන්න නොසලකන මා පොස්ට් එකේ කියැවුන දෙයට සාධක සැපයූවා පමණි.

    නූතන වීනයේ අත්තිවාරමට මාඕ, ඉන්දියාවේ ආර්ථිකය නිදහස් කර එවකට මුදල් ඇමැති වත්මන් අග්‍රාමාත්‍ය සිං, සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍ය ලී ක්වාන් වගේම මැලේසියාවේ මහ්තීර් ද ඉතිහාස ගතවෙනු ඇත.

    ඒත් කෙන්දෙන් කෙන්ද ගත් විට වියමනයේ තත්වය හාත්පසින් ම වෙනස්ය.

    (කොක්කක් නොව මුක්කුවක් විතරයි)

    ReplyDelete
  30. දැං කාලෙවගේ නෙමෙයි, ඉස්සර සිංහලයො පිටරට පදිංචියට ගියේ නෑ, මයෙ හිතේ. ඒත් මැලෙසියාවෙ, පදිංචිවෙච්ච සුළු සිංහල කොට්ටාශයක් ඉන්නවා කියලා., වරක් මම මැලේසියානු සඟරාවක කියෙව්වා.ඒක ලියපු මැලේසියන් ලේඛිකාව කියලා තිබුනෙ, සිංහලයො, පැහැපත් චවිවර්ණ ඇති, sharp features තියෙන, ලස්සන ඇස් ඇති අය කියලයි. පුහ්! කාටද ආඩම්බර? මං දහ අතේ හෙව්වා, ඒත් ඒ ලිපිය හොයාගන්න බැරි උනා.

    Off-topic

    @ගල්මල්-Coral
    ෆලුඩා ලින්ක් එකට ස්තූතියි. අඩුම කුඩුම ටික, ඉන්දියන් කඩෙකින් ගන්න පුළුවනි. අර පලතුරු දාන එකත් අත්හදා බලන්ට ඕනෙ. මං හිතන්නෙ හොඳට සීනි දාන්ට ඕනෙ. කූඹිකාල මලත්, දැං දෙඤ්ඤං ජම්බු.

    මං බීලා තියෙන රසම ෆලුඩා හදන්නෙ. පිටකො‍ටුවෙ මුස්ලිම් පල්ලිය ගාව ඉන්න කස්ටියයි. එතනම තියෙන පොල් වෙරළු අච්චාරු එහෙම මතක් වෙනකොටත් කෙල උනනවා.

    ReplyDelete
  31. බින්දි...

    තෝසෙ .. මුරුක්කු හෙම කාල මයිකල් ජැක්සනුත් බීල ඇවිත් වැඩ අල්ලල වගේ...

    ඔන්න සුජීවය ඩීන් අයියත් එක්ක පැටලෙන්න වගේ හදන්නෙ.. :D



    @ සුජීව., ඩීන් අයියා

    මම නම් හිතන විදිහට මහතීර් හොඳ කොන්දක් තිබිච්ච දේශපාලනඥයෙක්...

    මම හිතන්නෙ මහතීර් පටලවගත්තෙ,බුරුමයෙ හමුදා පාලකයන්ට උඩගෙඩි දෙන ප්‍රතිපත්තියකට ගිය තැනදි කියල..

    ජෝර්ජ් සෝරෝස් මැලේසියන් රින්ගිට් එක රිම් එකෙන් යන ත්ත්වෙට පත් කලෙත් ඕකට විරුද්ධව කියල මම අහල තියෙනව...

    ඒ වගේ දරුණු ආර්ථික ප්‍රහාරයක් වැදිලත් ආපහු ගොඩ ආවෙ මහතීර්ගෙ ලීඩර්ෂිප් එක නිසා නෙමෙයි කියල කියන්න බෑ... හැබැයි ඩෙෆා... අනිවා.. දක්ෂ දේශමාමක නිලධාරී පැලැන්තිය නොවෙන්න අද මැලේසියාවෙ ආර්ථිකය සිම්බාබ්වෙට වුණා වගේ වෙන්න තිබුන..

    ඒකට අපේ... ඩොලර් මිලියන දාස් ගනන්වල හෙජින් ගිවිසුම් අත්සන් කරල තියෙන්නෙ උසස් පෙළ වත් පාස් නැති නිලධාරි.. ඉතින් අත්සන් කරපු එකද වැරදි... උන්ව ඒ තැන් වල තියපු එකද වැරදි...

    ReplyDelete
  32. ඔය ලැබිල තියෙන්නේ කතා කරන්න දෙයක් .අවන්කවම මන් ඔය මනුස්සය ගැන ඔච්චර දැනන් හිටියේ නැහැ . ඉසරහට ලියන්න හිතන් හිටි දේවල් ටිකකුත් ඇදිල ආපු නිසා ඔන්න ඔහේ කතා කරමු . මටත් පොඩි පොඩි ඔත්තු ලැබුන ඔය දේශපාලන හුට පට ගැන . මන් ඉතින් ඔය දේශපාලන topic ලියන්න අකමැති නිසා ලිස්සල ගියාට අර පරණ සත්වය සම්පුර්ණයෙන්ම මරල දාන්න බැහැ. අනික කොහේ ගියත් ලංකාවත් එක්ක සසඳන පුරුද්ද නැති කරන්නත් බැහැ.
    ලංකාවෙන් ගිය අය කීපදෙනෙක් වගේම අතීතයේදී සංක්‍රමණය වෙච්ච ලාංකිකයින්ගෙන් පවත එන කීපදෙනෙකුත් හමු වුනා . වැඩි හරිය යාපනය පැත්තේ ද්‍රවිඩ ජාතිකයින් . ඇත්තටම මැලේ අයටයි චීන මැලේසියානුවන්ටයි වඩා අපේ අය ලස්සනයි තමයි.
    පාරවල් හදද්දී දේශපාලනය කෙසේ වෙතත් ගස් ටික රැකගෙන ලස්සනට හදල තියෙනවා . මහතීර් මහත්තය හිතුවක්කාර ඇති . එහෙම නැතුව රටක් ඒ තත්වෙට ගෙන්න බැහැ . මගේ පුද්ගලික මතය . එහෙත් තියෙනවා විපක්ෂයක් . විශේෂයෙන්ම ආණ්ඩුව බයයි මැලේ ජාතිකයින්ට . බහුතරය . ඉතින් චන්ද හුටස්පරේ නිසා එයාලට වැඩි වරප්‍රසාද දෙනවලු. චීන පාසල් වලින් ඉගෙන ගත්තොත් ජාතික විශ්ව විද්යාල වලට ඇතුල් වෙන්න බැහැ . ඒවාට යන්න නම්'' බහසා '' වලින් උගන්වන ජාතික පාසල් වලින් ඉගෙන ගන්නම ඕන .
    නිදහස් අධ්‍යාපනයක් නැහැ . බහසා පාසල් මිල අඩුයි . එච්චරයි .
    තවත් දෙයක් අපි නතර වෙලා හිටි ''මොන්ට් කියාරා'' කියන ගොඩක් විදේශිකයෝ සහ ඉතා පොහොසත් ස්වදේශිකයින් ඉන්න අලුතින් සංවර්ධනය කල ලස්සන හරියක . මගේ මැලේසියන් මිතුරිය [ඉන්දියන් නෙමේ ..චීන ]
    එක්ක යද්දී ඒ ළඟ පාත තියෙනවා ගරා වැටුන මහල් නිවාස පද්ධතියක් ඒ වගේම පුංචි පරණ මැලේසියන් ආරේ ගෙවල් මන්ඩියක්. දැන් මෙයාට ටිකක් ලැජ්ජයි .ඇයි අප්පේ සුරංගනා ලෝකයක් මැදින් ඇවිත් බොම්බායට පාත් වුනා වගේ නේ . ඉතින් එයා කියූ විස්තරය තමයි මේ ''
    '' මේ පළාත සංවර්ධනය කරන්න නම් මෙයාලට වන්දි ගෙවන්න ඕන . මේ කට්ටිය කතා වෙලා වගේ බලා ඉන්නවලු තව ගණන් වැඩි වෙනකම් . බහුතර මැලේ ජාතිකයින් නිසා ආණ්ඩුව බයලු චන්ද නැතිව යයි කියල . තව සමහරු තමන්ගේ පරම්පරාගත මුල් ඉඩම් අතාරින්න අකමැති අය . තව පළාතක තියෙනවලු ඉඩම් අත අරින්න අකමැති අය නිසා ඉදිරියට යන්න බැරි වුන අධි වේගී පාරක් . ඔන්න අපියි මෙයාලයි සමවෙන තැන .

    ලකී .... අපොයි මන් නෙමේ ඔය නම දැම්මේ . මන් එහෙම වැඩ කරනවද . උඩ පොත් ගුල්ලට දාපු කමෙන්ටුවේ තියෙනවා ඒ ගැන ලින්ක් එකක් .

    ReplyDelete
  33. @ ශේන්යා

    ස්තුතියි අනේ

    @ සඳරු

    අන්න හරි පොසිටිව් තින්කින්

    @බස්සා

    ඔය බෝතල් වල බීම දෙන එක තායිවාන හොන්කොන් පැත්තෙත් තියෙනවලු. සමහර බීම ජාති මුදිය වහල මිශ්‍ර කරන නිසා ලු. අර කොක්ටේල් වගේ . හැබැයි බද පිරෙනවා එකක් බිව්වම. මමත් මි පැණි දාපු ලෙමන් එකක් බිව්වා බෝතලේක .

    @ සපතේරු ..

    ඔව් ඔව් ..මුරුක්කු නම් ඔතාගෙනත් ආවා .

    @ ගල් මල් ..

    මටත් ප්‍රයෝජනවත් ඔය රෙසිපිය . ස්තුතියි . අර අනික් ඇට ජාතිය ''පොපි '' ඇටද. ඉන්දියන් කෑම වලට ගන්නවා

    සුජීව ස්තුතියි දිගට දිගේ කමෙන්ට් කරනවට . නොදන්නා දේවල් දැන ගන්නවා . අමතක මතක එලියට එනවා .

    ReplyDelete
  34. මමත් කැමැති නෑ දේශපාලන වාද විවාද වලට පටලැවෙන්ට.. ඒත් මෙන්න මේ පුංචි නිවැරැදි කිරීම අවශ්‍යයි කියලා හිතුනා..

    // නූතන වීනයේ අත්තිවාරමට මාඕ, ඉන්දියාවේ ආර්ථිකය..... //

    නූතන චීනයේ අත්තිවාරම දැම්මෙ මාඕ නෙවෙයි, ඩෙන්ග් ෂියාඕ.. එයා තමයි විවෘත ආර්තික ප්‍රතිපත්ති අදුන්වලා දීලා චීනයේ අද තියෙන ආර්ථික දියුණුවට අඩිතාලම දැම්මෙ..

    ReplyDelete
  35. @ බුරා
    මාත් දන්නා තරමට චීනයේ ආර්ථික දියුණුවට මුල් උනේ ඩෙන් ෂියා ඔ පින්. එහෙන් මෙහෙන් ටිකක චිනේ ගැන කියවල තිබුනට මට ඒ ගැන ලොකු දැනුමක් නැතත් පහු ගිය කාලේ මුණ ගැහුන චීන මිතුරු මිතුරියනුත් (විවිධ අදහස් දරන) " මාඕ ස් ලාස්ට් ඩාන්ස" (Mao's Last Dancer) පොතත් චීනය ගැන හුගක් විස්තර නොදැනිම එකතු කලා.

    @බින්දි
    ඉතුරු සංචාරක සටහන් ටිකත් ලියනකන් අපි බලා ඉන්නවා හොඳේ

    ReplyDelete
  36. අපිත් මේ සවාරියක් ගිහින් ආව විතරයි.ඒ ගැන මමත් මේ ලියමින් උන්නෙ.මමත් හිටියෙ නැති නිසා බින්දි අක්ක නෙළුම් වීලේ නැති විත්තිය දන්නෙත් නෑ.පින්තූරත් එක්ක ගිය හැම තැන විස්තර නෙළුම් විලට අරගන එන්න.ඒ ව බලල හිතින් අපිටත් මලයසියාව පුරා රවුමක් යන්න පුළුවනිනෙ.

    ReplyDelete
  37. @සපතේරු උන්නැහේ:
    අනේ නැහැ, මොනවට පැටලෙන්න ද?

    @බින්දි:
    ඔව් ඔබ හරි ඒ පොපි ඇට.

    දේශපාලන විෂයට කැමැත්තක් නැහැ. කිහිප වරක්ම හිතලා පොස්ට් එකේ දී මතු වූ නගරය මැද වන ගස් සිද්ධිය ගැන දන්න දෙයින් දැණුවත් කරන්න උත්සාහ කලා විතරයි.

    @බුරා:
    දේශපාලන කසල ගොඩ ගැන මගේ මතයත් එයමයි.
    ඔබ හරි, ඩෙන්ග් ෂියාඕ නූතන චීනයේ ආර්ථික ප්‍රගතියට පාර කැපුවා. ඒ සඳහා අවැසි අත්තිවාරම මාඕ විසින් නේද?
    (ඒක නෙවේ මලේ දැන් අධ්‍යාපන කටයුතු කොහොමද?)

    ReplyDelete
  38. මදෑ කොළා.. මං උන්නෙ බින්දි අක්ක හැබෑවටම ඔබාමගෙ තරහකාරයා බලන්න යනව කියල නොවැ.. හික් !

    ReplyDelete
  39. @බින්දි & D.G.M බස්සා
    කස-කසා ඇට Subja Seeds නමින් ඉන්දියන් ග්‍රොසරිවල විකිණීමට ඇත.

    ReplyDelete
  40. @ඩීන් අයියා,

    අධ්‍යාපන කටයුතු අහවරය.. ඩිග්‍රිය කම්ප්ලීට්ය.. මේ දවස්වල පොඩ්ඩක් අලස සුවයෙන් සිටිමි.. කම්මැලිකම වැඩිවෙන්නට පෙර තව මොනවා හෝ පට්ටාං ගතයුතුය.. අධ්‍යාපනය කියන්නෙ එහෙම නවතා දැමිය යුතු දෙයක් නොවේමය.. :)

    මාඕ විසින් සංවෘතව තබාගත් ආර්ථිකය විවෘත කරේ ඩෙන්ග් නෙවෙයිද..?? මාඕ (සහ සම්ප්‍රදායික මතවාදී පොලිට්බියුරෝව) තව දුරටත් සිටියානං චීනය අද තියෙන තත්ත්වයට එන්නෙ නැති බවයි මගෙ අදහසනං.. මා දන්නා විදියට ඩෙන්ග් ගේ ප්‍රතිගාමී අදහස් හා වැඩපිළිවෙල ගැන පොලිට්බියුරෝව ඇතුළෙන් බොහොම දරුණු විවේචන ආවා.. ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතුව දිගටම තමන්ගේ මතයෙ එයා හිටිය නිසා තමා මේ වෙනස සිදුවුනේ..

    ReplyDelete
  41. මේ දේම තමා 90 ගනන්වල මුල මන් මෝහන් සිං මුදල් ඇමැති වෙලා ඉන්න කාලෙ කරේ.. සංවෘත වෙලා තිබුන ඉන්දීය ආර්ථිකය විවෘත කරලා, පුද්ගලික සමාගම් අතර තරගකාරිත්වය වැඩි වෙන විදියෙ අවස්ථාවන් හදලා දීලා, දේශීය සමාගම්වලට විදේශීය සමාගම් එක්ක තරග කරන්න පුළුවන් මට්ටමට ගෙනාවෙ.. ටාටා, මහේන්ද්‍රා වගේ සමාගම් අළු ගසා දාලා ආවෙ ඒ නිසයි.. සිං ටත් බොහොම ලොකු විවේචන හා විරෝධතා ආවත් එයා ඒවා පයිසෙකට ගනන් ගත්තෙ නෑ..

    ReplyDelete
  42. This comment has been removed by the author.

    ReplyDelete
  43. මැලේ වාදය ඇවිලෙනවා දකිනකොට මටත් ඉතින් කට පියාගෙන ඉන්ඩ බැරි තත්වයක් උදාවුනා.
    මමත් බොහෝ දුරට මහතීර් මොහොමඩ් උන්නැහැ ගැන කියද්දී සුජීවත් එක්ක එකඟ වෙනව. ජාතිවාදී අදහස් දරපු චරිතයක් තමයි. ඔහු අගමැති හැටියට බලයට එන්නේ 1981 වසරේ. ධනවාදී පිලේ නායකයෙක් තමා. 80 දශකයේදී ඉන්දියාව සහ තවත් රටවල් දෙක තුනක් හැර අනෙක් සැම ආසියාතික රටකම වගේ ධනවාදී පිලට බර නායකයෝ බලයට ආව. නාස්තිය සහ දූෂණය කියන වචන ආසියාතික දේශපාලනයේ බහුලව භාවිතාවන සාමාන්‍ය වචන දෙකක් බවට පත්වෙන්නෙ ඔය නායකයන්ගේ කාලවලදී. මට මතක හැටියට ඕන් ලැයිස්තුවක් හැදුව.

    මලයාසියාව - මහතීර් මොහමඩ්
    ඉන්දුනීසියාව - සුහර්තෝ (ඉන්දුනීසියානු කොමුනිස්ට් නායකයන් හමුදාව යොදවා සමූල ඝාතනය කරවයි.)
    පිලිපීනය - ෆර්ඩිනන්ඩ් මාකෝස් (සිය ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා වන බෙනිග්නෝ අක්විනෝ මරා දමයි.)
    පකිස්තානය - සියා උල් හක් (හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වී හිටපු අගමැති සුල්ෆිකාර් අලි භූතෝ ඝාතනය කරයි)
    බංගලාදේශය - මුහමඩ් එර්ශාඩ් (හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වෙයි. හිටපු ජනාධිපති සියාඋර් රහමන් ඝාතනයේ ප්‍රධාන කුමන්ත්‍රණ කරු බවට සැක කෙරේ.)
    ශ්‍රී ලංකාව - ජේ ආර් ජයවර්ධන (...........................)

    ඔය ඔක්කොමල්ල ඒ කාලේ ඇමරිකාවේ රොනල්ඩ් රේගන්ටයි, එංගලන්තෙ මාගරට් තැචර්ටයි පණ. රුසියාව, කියුබාව, චීනේ එහෙම දිරෙව්වෙම නෑ.

    ඔන්න මං තව ටිකක් ඇවිස්සුව, කට්ටිය ඉතුරු ටික ඇදන් යයි කියන බලාපොරොත්තුවෙන්.

    ReplyDelete
  44. මම හැමදාම ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි මේ. මම හිතුවා කලින් පෝස්ට් එකේ හැටියට මෙයා පැරිස් පැත්තේ ගිහින් කියලා.
    හරිම පුදුමයි ඔයා කෑම ගැන කියලා තියෙන විස්තරේ ඇහුවම. මට නම් එහෙ කන්න කියලා තිබ්බෙම නෑ වගේ තමයි මතක. ඔක්කොම ඔයිලි හා ස්පයිසි ෆූඩ් නේ අපිට දුන්නේ.

    ReplyDelete
  45. @නවම්

    නැහැ නැහැ මෙයාගෙන් ඔබාමට අවුලක් නැහැ . තවම අවුරුදු 10 යි

    @ පොත් ගුල්ලා

    ඔය තියෙන්නේ නියම කරුණු . අර ලංකාවට තිත් පේලියක් දැම්මේ ඇයි. තාම බයයි නේ ජේ ආර් ලොක්කට . නැත්නම් අපරාදේ අකුරු නාස්ති කරන්නේ කියල හිතුවද .

    @. බුරා

    ෂා...සුබ පැතුම් නිදහස් ජීවිතේට

    @ Il mondo di una povera pazza

    ස්තුතියි අනේ . පුදුමයි නේ . ඔයාල ගියේ කවුරු හරි සංවිධානය කල ගමනක්ද . අපි ඉතින් මයි කාර් මයි පෙට්රෝල් හින්ද හොඳට කෑවා. අනික මට ඉන්දියන් සහ මැලේසියන් චීන යාලුවෙකුත් හිටියනේ . ඉතින් විවිධ පරාසයක කෑම කන්න ලැබුන .පැරිස් ගියේ පෙබරවාරියේ . ඒ ගැන ත් ලියන්න ඕන . මට ඔයාගේ නම මතක හිටින්නේම නැහැ , හැමදාම හොඳට බලනවා . ඉතාලි නමක්ද ?

    ReplyDelete
  46. Il mondo di una povera pazza = The world of a poor madwoman

    I think that's the meaning, am I right Rangi..??

    ReplyDelete
  47. @බුරා
    සුබ පැතුම්!

    /අධ්‍යාපනය කියන්නෙ එහෙම නවතා දැමිය යුතු දෙයක් නොවේමය/ සහතික ඇත්ත. කොහොම නමුත් පමණක් ෆීල්ඩ්වල හැටියට කොහෙත්ම නවත්වන්න බැහැ.

    ReplyDelete
  48. අපේ පරණ ලොක්කට ලඟින් තිත් ටිකක් දැම්මේ අපේ කට්ටිය ඔය ගැන හොඳට දන්න හින්ද. ගහ දන්න අයට කොළ කඩා පාන්නෙ මොකටද කියල හිතුන.

    ReplyDelete
  49. This comment has been removed by the author.

    ReplyDelete
  50. තවත් නෙලුම් විලක්

    http://nelumvila.blogspot.com/

    ReplyDelete
  51. @Buratheno, yes thats it, The world of poor crazy girl

    බින්දි, නම අමාරුවෙන් කියවන්න ඕනේ නෑ මම රංගි හෝ බුරු කීව නම් හරි. නෑ අපි ගියේ ගොඩාක් කාලෙකට කලින් individual . හොටෙල් එකේ නම් අපිට වෙස්ටර්න් ෆූඩ් තිබ්බා ඒත් එලියට ගියාම බඩගින්නේම තමයි ඉන්න උනේ. කොහොමත් මේ වෙද්දි ලංකාවට ආවමත් වැඩි හරියක්ම මම ඉන්නේ බඩගින්නේ ඔය සකලමුත්තන් කෑම මට හරියන්නේ නෑ.

    ReplyDelete
  52. @ සුජීව

    ඇත්තමයි . අකුරක වෙනස . ගිහින් බලන්න ඕන .

    @ රංගි ..

    රංගි හොඳයි . බුරු කියන්න බැහැ තරහ නම් මිසක

    ReplyDelete
  53. ඔය ඇවිත් තියෙන්නේ අපි ඉන්න රටට
    රොටී චනයි කැවේ නැද්ද ? කන්න නම් මේක හොඳ රට. ළඟදී කල අද්යනයකට ඇහුව ආසියාවේ වැඩි ප්‍රතිශතයක් මහතම මිනිස්සු ඉන්න රට මේක !!

    ReplyDelete
  54. බින්දි,
    මේ ටිකේ මට එන්න බැරි උනා. ගෙවල් මාරුකලා. වැඩ තාම ඉවර නෑ. ඒත් ඉතින් පුලුවන් වෙලාවට ඇවිත් යනවා. මැලේශියාවට මම හරිම කැමතියි. මගේ බාලම නංගි බැන්දේ මැලේශියන් ජාතිකයෙක්. ඒ මල්ලි හරිම හොඳ ගතිගුන තියෙන කෙනෙක්. අපි පවුලම එහෙට ගෙන්නා ගත්තා දෙපාරකට. KL හිටියේ ඒ දවස්වල වල. දැන් ඉන්නේ සාබා කියන කොටසෙ. බෝර්නියෝ කිට්ටුව. මේ මැලේශියන් ජාතිකයින් හරිම විනය ගරුකයි. රට ගැන හරියට හිතනවා. පිරිසිදුවට රට තියාගන්නට කුඩා ලමයින් පවා උනන්දුවෙනවා. මහතීර් මොහොමඩ්ට හරියට ගරුකරනවා. රට ගොඩ නැගූ නිසාවෙන්. ඔහු නොහිටින්නට මේ වගේ රට හදන්නට බැරි බව ඒ අයගේ හැගීම. ලංකාවට බොහෝ සමානයි . කෑම හරිම රසයි. නාසි ලමක් එහෙම . පළතුරු හරියට. අපි හිටිය හරියේ මාලු පිරිලා. මූද අයිනෙ නිසා. මයිකල් ජැකසන් නම් බීවේ නෑ.

    ReplyDelete
  55. ලස්සන කවි සෙට් එක ........
    ඇවිදින එකමයි වැඩේ නේ .........

    ReplyDelete
  56. @සරත්
    වෙන වැඩරාජකාරී හින්ද ඔයාගෙයි කල්හාරගෙයි චන්දි අක්කගෙයි කමෙන්ට් මට මග ඇරිලා . ඒකට සමාවෙන්න . අය්යෝ දැනන් හිටිය නම් හමු වෙන්නත් තිබුන . වැඩක් නැතුව නිකන්ම හිටි දවසුත් තිබුන හින්ද . ආයේ එනවා නම් කියන්නම් .අපි හිටියේ මොන්ට් කියාරා පැත්තේ . රොටි චන යි තියනවා දැක්ක . ඉන්දියන් පරාට වගේ නේද . මම වැඩියම කැමති වුනේ පලතුරු එළවලු දෙකම අමුවෙන් සලාදයක් තිබුන උඩින් පැණි වගේ මිශ්‍රණයක් දාල . අපේ අච්චාරු වල විශේෂයෙන් මැලේ අච්චාරුවේ රස එනවා .
    @ චන්දි අක්කා
    සාබා ලස්සන බව අහල තියනවා . පස්සේ කාලෙක යන්න ඕන
    @ කල්හාර ..
    අර ග්‍රහයෙක් ඉන්නවලුනේ එක තැන ඉන්න බැහැලු ඒ ග්‍රහය ලැබුවම .

    ReplyDelete
  57. බින්දිගෙ බ්ලොග් එක මේකයි කියලා දන්නෙ අද!

    අපිත් මැලේසියා ගියවෙලේ ඔය තැන් වලට ගියා.
    පුත්‍රජයා බෝට්ටු සවාරිය, ජෙන්ටින් තීම්පාක් එක, පීනෑන්ග් පරන නගරය, ටුවින් ටවර්, කවදාවත් අමතක වෙන්නැ....

    මගේ මුණුපොතේ ඇල්බම් එකේ තියෙනවා ඒ පොටෝ වලින් ගොඩක් ඒවා...

    ReplyDelete
  58. @ බුද්ධි
    ආ මේ චුටි මහත්තයනේ . අපි නම් ඉතින් කෙහෙල් කොටුව පැත්තේ නිතරම එනවා . අර බිත්තරේ කඩේක තියෙනවා දැක්ක අදත් . ඔයාගේ ලිවිම නම් හරිම රසවත් .
    ඔයාට මැලේසියාවේ ගොඩක් තැන් බලන්න ලැබිලානේ. මම ගොඩක් දවස් හිටියට KL වලම තමයි කැරකුණේ . මුණු පොතේ බලන්නම් පින්තුර ටික .

    ReplyDelete
  59. මයිකල් ජැක්සන් විතරක් නොවේ ඔබාමා සහ බුෂ්ද තිබේ. ඔබාමා සහ බුෂ් දෙක කන කෑම වර්ග දෙකකි

    ReplyDelete
  60. බුෂ්ව යි ඔබාමවයි කාල මයිකල් ජැක්සන්ව බොන්න පුළුවන්නේ එහෙනම්

    ReplyDelete
  61. මම ඉන්නේ මැලේසියාවේ අනුරාධපුර හරියේ. ඔයා ගිහින් තියෙන්නේ කොළඹ. මැලේ මිනිස්සු කෑම ට උපන් ජාතියක්. ගෙදර උයනවා අඩුයි. තේක බොන්නෙත් පාරේ කඩෙන්. මොනදේට බිස්නස් නැතත් කෑමට බිස්නස් තියෙන රටක්. බෝර්නියෝ දුපතේ තියන මැලේසියාවේ අනික් "වත්ත" ඔක්කොටම හපන්. එහෙ මිනිස්සු වෙනස්, ආදිවාසීන්. නමුත් කාලෙට ගැලපෙන්න ටොපට හැඩගැහිලා තියෙනවා. ඒකයි "ඔක්කොටම හපන්" කිව්වේ.
    මැලේ දේශපාලනේ නම් අවුල්. පවුල් පාලනයක් තියෙනවා. හොරකම් කරනවා -කොමිස් වංචා හෙමත් වෙනවා. දේශපාලන පවුලකින් නො ආපු මහතීර් මැලේසියාව 2020 දී සංවර්ධිත රටක් කොරන්න ප්ලෑනක් හැදුවා. එක පාරට නෙවේ, ටිකින් ටික. 2020 දී. ඔය ප්ලෑනට තමයි මොන දේශපාලකයා බලේට ආවත් වැඩ කරන්නේ.ඒකයි ඔවුන්ගෙයි අපෙයි වෙනස.

    ReplyDelete
    Replies
    1. ඒක මරු. අපේ ගෙදර ඉන්නවා මැලේසියාවේ මඩකලපු හිටන් යන එක්කෙනෙක්. හැමදාම එන්නේ අපෝ කාල කාල බඩ වැඩි වුණා කියාගෙන .

      Delete