Thursday 10 October 2013

කවුළුව අසල සිඟිති දැරිය ...තෙලිතුඩක අසිරිය

ජපන් පදනම් ශාලාවේ ළමයින්ට චිත්‍ර ප්‍රදර්ශනයක් තියෙන වග අහන්නට ලැබුණ.  එයාගේ.පොඩ්ඩාගේ ඉස්කෝලෙන් බලන්න ගිය බවත්  මගේ මිතුරිය කිවා ..

හෙමිහිට යන්න ඕන කියල අපි හිතා හිටිය . අද සවස එයාගේ දුරකතනයේ තිබුන චිත්‍රයක් දැක්කම හුරු පුරුදු ගතියක් දැනුනා .

''ටෝට්ටෝ චාං '' වගේ නේද ලොක්කියි මමයි  කතා වුණා .

''ඒ ඇඳපු කෙනාගෙම වෙන්න ඕන '' මගේ මිතුරිය කිවා ..

ඉතින් අපිට හෙට වෙනකම් ඉන්න බැරි වුනා .දඩි බිඩි ගාල ලැස්ති වෙලා අපි ඉතාම වේගෙන් යන්න පිටත් වුණා . වැඩ ඇරෙන වෙලාව . යන්තම් වහන්න පැයක් තියා ප්‍රදර්ශන ශාලාවට රිංග ගන්න හැකි වුණා .

එතන ඉඳන් දියසායමින් , පැන්සල් ඉරි වලින් මැවුණු අමුතුම සුන්දර ලෝකයක්.

ඈත එපිට ජපානයේ ළමයින් වෙනුවෙන් ඇඳපු සිතුවම් හතළිහක් තිබුණ . මන් නම් ගණන් කලේ නැහැ .අපේ පොඩි තමයි දෙපාරක්ම ගණන් කරලා හතළිහයි කිවේ.

ටෝට්ටෝ චාන් වගේ මුහුණු එක එක විදිහට අපි දිහා බලන් හිටියා ..

Iwasaki Chihiro [1918-1974]





තමයි මේ ලෝකප්‍රකට චිත්‍ර ශිල්පිනිය . ඇය තමයි ටෙට්සුකෝ කුරයානගි ගේ ''කවුළුව අසල සිඟිති දැරිය '' හෙවත් අපේ හරි පුදුම ඉස්කෝලේ [පරිවර්තනය ලීලානන්ද ගමාච්චි ] ටෝට්ටෝ චාන්ට පණ දුන්නේ තෙලිතුඩෙන් .

එක් දරු මවක් වූ ඇය වයස 55දී මිය යන විට ළමා සිතුවම් කතා පොත් හතළිහක් පළකර තිබෙනවා .

ප්‍රදර්ශනයෙන් ගෙන ආහැකි වුවේ කුඩා තැපැල් පත් කීපයක් පමණයි. පින්තුර ගැනීමට ඉඩක් ලැබුනේ නැහැ . නමුත් අන්තර්ජාලයේ ඇගේ සිතුවම් දැක ගන්නට හැකියි .

පසුබිම ගැන එතරම් වද නොවී ළමුන්ගේ ඉරියව් අපුරුවට සිතුවම් කර තිබීම මගේ සිත ගත්තා .

යුද්ධයට මදි වූ දැරියක් වූ ඇය පසු කලෙක වියට්නාමයේ ළමුන් වෙනුවෙන් සිතුවම් ඇඳ ඔවුන්ට නිදහසත් සාමයත් ඉතසිතින් පැතු බවත් සඳහන් .

වචන වලට වඩා වර්ණයන් ගෙන් කියවෙන මේ අසිරිය විඳින්න


 වැසි දිනක තෙතබරිත ගතිය කෙතරම් අපුරුද




















 මෙය වියට්නාම ළමුන් වෙනුවෙන් ඇඳි සිතුවමක් .









සිතුවම් සියල්ල ගත්තේ මෙතනින්. තව බොහෝ සිතුවම් එහි තිබේ 

38 comments:

  1. හරිම සරල වෙනස්ම ශෛලියක්. පහල තියන ලින්ක් එකනම් වැඩ කරන්නෙ නෑ.

    ReplyDelete
  2. චිත්‍ර ගැන මම ලොකු දෙයක් නම් දන්නේ නෑ.. ඒත් මේ චිත්‍ර හුගක් සරළයි කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න බැරි චිත්‍ර වලට නම් මාත් ආස නැහැ . මේවා ඇඳලා තියෙන්නේ ලමයින්ටනේ ..ඉතින් ලස්සනයි කොහොමත්

      Delete
  3. වෙනස්ම චිත්‍ර කියන එක තමයි දැකපුවාම ඔලුවට ආවේ. පසුබිම, දර්ශන ඔක්කොම වෙනස් ලෝකයක කතා විදහා පාන හන්දා වෙන්ට ඇති. මම ආසයි සූරියකානත මලේ චිත්‍රයට. මම ගොඩක් ආසා මල හන්දා වෙන්ට ඇති.

    අද නම් බින්දි උදෙන්ම නැගිටලා නේ...:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ට ඔය උදේ වගේ පෙනුනට අපිට මහා රෑ ..එදා රෑ කප් කේක් සැරසිමකට ඕන සොකර් බෝල 30ක් හදල ඉවර වෙද්දී හොඳටම රෑ වෙලා . මේක ලියල දාන්නම ඕන කියල හිතුවා .

      මට නම් කොයික වැඩිය හොඳද කියල හිතා ගන්න බැරුව ඉන්නේ. ..ඇඳුම් නැති පොඩ්ඩන්ගේ පින්තුර හරි හුරතල් නේ ...

      Delete
  4. මෙදා පාර බුක් ෆෙයාර් එකෙන් ජයග්‍රාහී දෙවනි වතාවටත් ටොට්ටෝ චං උස්සන් ආව මං... අර කවරේ චිත්‍රෙ දැක්ක ගමන් හැමෝගෙම ඔලුවවල් උඩින් අත දාලා අරන් සල්ලි දීලා අරන් ඇවිත්, ගෙදර ආපු ගමන් කියෝලා ඉවර කළා... චිත්‍රෙන් පොතට ලැබිලා තියෙන්නෙ පුදුම වටිනාකමක්... හරියට අපේ සිබිල් නැන්දගෙ චිත්‍ර වල ලාංකීය ළමයින්ගේ සරලකම පේනවා වගේ මේ චිත්‍ර වල ජපන් ළමයින්ගේ ආවේණික ලක්ෂණ තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. කොච්චර කියෙව්වත් එපා නොවෙන පොතක්.ඉස්කෝලෙන් ගෙනත්ගෙනත් ඉංග්‍රීසි පරිවර්ර්හානයත් අපේ දෙන්න කියෙව්වා. වැඩිය පොත් නොකියවන මගේ යාලුවන්ටත් මන් මේ පොත කියවන්න දුන්න ..ළමයි ඉන්න කාටත් හොඳ පොතක්

      Delete
  5. හරිම සුන්දර චිත්‍ර ටික . වර්ණ සංකලනයත් හරිම අගෙයි .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්හානි හරිම ලස්සනයි. දැක්කම බෙදා නොගෙන බැරි වුනා ..

      Delete
  6. අවුට්ලයින් නැති, දිය සායම් චිත්‍ර නේද? ඔව් ඒවයේ තියෙනවා තමයි ඔයා කියන ළමා ඉරියව්.

    ඔය වගේ ලස්සන චිත්‍ර මම කියවලා තියෙන රුසියානු ළමා පොත් වලත් තිබ්බා, බින්දි. මම හරි ආසයි ඒවා ඇඳලා තියෙන විදිය.

    ReplyDelete
    Replies
    1. ඔව් රුසියන් පොත් වලත් චිත්‍ර හරිම ලස්සනයි. එක එක ශිල්පියාට ආවේනික හැඩතල.

      Delete
  7. ලස්සණ යි. අමුතු රටාවක් තියනවා. චිත්‍ර ගැන ගැඹුරු අවබෝධයක් නැති නිසා තේරුම් ගන්න අමාරු යි.

    ReplyDelete
    Replies
    1. ගැඹුරු අවබෝධයක් නැති ලමයින්ටනේ මේවා ...ඒ නිසා අවුලක් නැහැ දිලිනී.

      Delete
  8. ශා... ටොට්ටෝ චං අගේ ඇති පොත !
    මාත් සෑහෙන ආසාවකින් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ඔව් මධුරංග අමතක නොවෙන පොතක්

      Delete
  9. ලස්සනයි චිත්‍ර ටික ... ළමා වියේ සරල අහිංසක ලස්සන කදිමට නිරූපණය වෙලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මාස දහයක ළමයෙක් සහ අවුරුද්දක ළමයෙක් වෙන් කර අඳින්න පුළුවන්කම ඇයට තිබ්බලු ....

      Delete
  10. ලස්සන සිතුවම්. ආයෙම චිත්‍ර අඳින්න පටන්ගන්න හිතෙන තරම්. ස්තුතියි බින්දි මේ ශිල්පිනිය ගැන තොරතුරු බෙදාගත්තට

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉතින් ඇයි හිත හිතා ඉන්නේ ..අඳින්න නලිනි. අපි නම් මේ දවස්වල අඳිනවා. දෙන්නම ආසයි චිත්‍ර වලට .ලැකර් පේන්ටින්ග් ඉගෙන ගන්නත් යනවා . සෙනසුරාදට .වැඩේ කියන්නේ ඩිස්නි එකේ ඒ වෙලාවටම ''සොෆියා ද ෆර්ස්ට් ප්‍රින්සස් ''යනවනේ ..ඉතින් දෙන්නට ටිකක් කම්මැලි හිතෙනවා .පැය දෙක තුනක් තනියම තියන්න බැරි නිසා හුඟක් දාට යන්න වෙන්නේ නැහැ . පලවෙනි චිත්‍රේ තාම ඉවර නැහැ . ලැකර් වලට මාර ඉවසීමක් ඕන .තට්ටු කීපයක් පාට කරල වැලි කඩදාසියෙන් මැදලා ආයේ පාට කරලා ..වාර්නිස් ගාල ..ඔය ඉවසිමනේ මට නැත්තේ . වැඩිය කැමති වෝටර් කලර්. ඇන්දා ඉවරයි. තෙල් සායම් වලට මට මාර ආසාවක් තිබුණ ඉස්සර. හැබැයි පාට ගන්න තැනක් වත් දැනන් හිටියේ නැහැ . යට ගිහින් තිබ්බ ආසාව මෙහෙ ආවම මතු වුනා .වියට්නාමේ කියන්නේ චිත්‍ර වලට කලාගාරයක්. සමහර විදි එක දිගටම ආර්ට් ගැලරි. තව එක එක ජාතියේ සම්ප්‍රදායික කලාවන්ට වෙනම ගම්මාන .

      නලිනිට එන්නම වෙනවා. අපි යන්න කලින් ඉක්මනින් එන්න සතියක් දෙකක් නිවාඩු දාල.

      Delete
    3. ඕඕ, මමත් දියසායම්වලින් සහ පැන්සල්වලින් නැවතිලා හිටියෙ. කිව්වත් වගෙ තෙල් සායම් යනු අපිට වඩා දුරින් තියන ජාතියක් ඒ කාලෙ.
      ඔන්න එන්න කිව්වනම් එනවා දවසක. :D යන්න එහෙම එපා දැන්මම වියට්නාමෙ දාලා. මාස කීපෙකට ඉවසන්න.

      Delete
  11. මේ චරිතය ගැන අදමයි ඇහුවෙ...ඇයටම ආවේණික ශෛලියක් මේ චිත්‍රවලින් පැහැදිලිවම පේනවා..අක්කට චිත්‍ර අදින්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. මාත් මේ ගමන තමයි මෙයා ගැන වැඩි විස්තර දැන ගත්තේ. මට චිත්‍ර අඳින්න ටිකක් පුළුවන්. ඉස්කෝලෙදී කලෙත් චිත්‍ර . අපේ තාත්තගෙන් ලැබුණ හැකියාවක්

      Delete
  12. මට ටොට්ටො චාං මතක් වීගෙන මතක් වීගෙන ගියා... හරිම සොදුරු සිත්තම්!!

    ReplyDelete
  13. අනේ හරීම ලස්සනයි. කොච්චර සුන්දර ද මේ ලමා චිත්‍ර ටික. ලමා ලෝකෙ හරිම සරල සුන්දර තැනක් තමා. මගෙ ජීවිතේ දැන් දරුවන් අතරේම ගෙවෙන නිසා ඒ අසිරිය මාත් විඳින්න පටන් අරන් බින්දි. මේ සැරේ පොත් ගන්නවත් මට යන්න ඉවරයක් තිබ්බෙ නෑ. දරුවන් වෙන කෙනෙක් ලඟ තියලා යන්න හිතෙන්නෙත් නෑ. දෙමාපියන්ට වගේම සෙනෙහසක් අපි දෙන්නාටත් එයාල දෙන්න දැන් පුරුදු වෙලා. හරිම ආදරනීයයි ඒ හැඟීම. ඇය මියයනතෙක්ම ඒ වාගේ ලමා ලොවේ අසිරිය විඳින්න ඇති කියල මට හිතෙනවා.

    ReplyDelete
  14. මට චිත්‍ර බලල එව්වයෙන් කියවෙන තේරුම්, තේරුම් ගන්න එක ටිකක් අමාරු වැඩක්. චිත්‍ර වල වැඩියෙන් මගේ හිත යන්නෙ භුමි දර්ශන සිතුවමට නගල තියෙන චිත්‍ර වලට. මේ චිත්‍ර වල පොඩ්ඩොන් ගෙ කෙළිලොල් බව මතු කරලා තියෙන හැටි නම් අපුරුයි

    ReplyDelete
  15. අපූරු චිත්‍ර ටික. මමත් කියවලා තියෙනවා හරි පුදුම ඉස්කෝලේ. A/L කාලෙ Physics පීරියඩ් එකේ ලයිබ්‍රරි එකට වෙලා පොත් කියවපු එක තමා කොලේ ... :D

    ReplyDelete
  16. ඉතාමත්ම සුන්දර චිත්‍ර ටිකක් බින්දි....ඒ ලෝකයට නිකම්ම ගියා වගේ.

    ReplyDelete
  17. ටොට්ටෝ චං මවපු ඒ අපූරු ඉස්කෝලේ අපි හැමෝම සතුටින් වැළඳගත්තා.ස්තුතියි බින්දි...

    පොත කියවලා අපි ලබපු සතුටේ ස්තුතිය මම හිතන්නේ ලීලානන්ද ගමාච්චි පරිවර්තක තුමාටත් හිමිවිය යුතුයි..

    ReplyDelete
  18. ගොඩක් ලස්සන චිත්‍ර. අර තනියෙන් ඉන්න බබාගේ චිත්‍රයට මම ගොඩක් ආසයි..

    ReplyDelete
  19. http://en.wikipedia.org/wiki/Totto-Chan:_The_Little_Girl_at_the_Window

    මේ පොතේ කතෘ නිවැරදි ද බලන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..කර්තෘ ටෙට්සුකෝ කුරයානගි ..මන් මේ ලියා තියෙන්නේ ඇය ගේ පොතේ ඇති චිත්‍ර ඇන්ද ශිල්පිනිය ගැන

      Delete
  20. http://en.wikipedia.org/wiki/Totto-Chan:_The_Little_Girl_at_the_Window

    ReplyDelete
  21. කමෙන්ටු සියල්ලට උත්තර දීමට නොහැකි වීම ගැන සමාවෙන්න ..වැඩ හුඟක් අස්සේ හිර වෙලා ඉන්නේ ..විවේකයක් ලැබුන විට නැවත එන්නම් ..එතෙක් අගේ ඇති කමෙන්ටු වලට පොදුවේ ස්තුතියි

    ReplyDelete
  22. හුඟ කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් බලන්න ලියන්න පටන් ගත්තා.. රසයයි දැනුමයි දෙකම ඉස්සර ඉදන් නෙළුම් විලෙන් ලැබෙනවනේ

    ReplyDelete