ගම සහ අවුරුදු මතක
අවුරුදු දවස්වලට මහගෙදර කට්ටිය පිරිලා . කාමර හතරක් විතර තිබුනා . ඒත් මදි . සාලයේ පැදුරු එලනවා . මදිපාඩුවට පුටු වල කුෂන් පවා එලනවා . පොරවන්න දෙන්නේ ආච්චිගේ සාරි . ආච්චිගේ අය්යලා හිටියේ කොළඹ . ඒ අයගේ කට්ටිය ආච්චිට ලස්සන ලස්සන සාරි ගෙනත් දෙනවා . ආච්චි එව්වා කාට හරි දෙනවා . අපිට පොරවන්න දුන්නෙත් කිසිම ලෝබකමක් නැතුව . අද ගෙදරකට එක්කෙනෙක් දෙන්නෙක් නවාතැන්
ගන්න එද්දී අපි කොයිතරම් නම් හිතනවාද . නිදා ගන්නේ කොහෙද . නාන කාමර බෙදා ගන්නේ කොහොමද . අනේ ඇත්තටම ඒ කාලයේ සියක් ආවත් ඒ අය නෙමේ ගණනකට ගත්තේ . කොහොම හරි ඉඩකඩ තිබුනා .
ඒ කාලයේ මදුරුවෝ කියලා ජාතියක් හිටියේ නැහැ ගමේ . ඒකටත් එක්ක ලේ උරා බොන්න කුඩල්ලෝ නම් බුරුතු පිටින් . එලියට බැස්සොත් ගෙට එන්නේ කකුල් සෝදිසි කරන්. සමහර විට දන්නෙම නැහැ කකුල් වල ලේ පෙරෙනවා . ලේ බිල බෝල වගේ වෙච්ච කුඩල්ලෝ .. තුවාලෙට කඩදාසියක් පුච්චලා අළු ගානවා . ඇවිදින්න යද්දී සබන් ගාගෙන යන්නේ උන් එල්ලෙන එක වලක්වන්න .
ගෙදර මිදුල ටිකයි . කඳු පළාත්වල මිදුල අඩුයි . මොකද කන්ද කපලා සමතලා කරන්න ඕනනේ . එතනින් එහාට වදුල . පුවක් කොස් අඹ ජම්බු ගස් තිබුනේ කැලේට. ජම්බු ගස් යට රතු රෙදි එලලා වගේ .කොස් ගස් යට වැල වැටිලා කුණු වෙනවා . ටිකක් ඈතට වෙන්න ජම්බෝල ගස් තිබුනා . අපි ආසයි ජම්බෝල කන්න . ලොකු අය කිව්වේ බඩේ පනුවෝ හැදෙනවා කියල . ඒත් අපි ඒවා කෑවා කැලේටම වෙලා . ඒ කාලේ වැඩිය මිනිස්සු ජම්බෝල කෑවේ නැහැ .
වියට්නාමයේ ජම්බෝල හරියට කනවා . විශාල ගෙඩි . ගැහැණු අය උදේට ගෙඩි දෙකක් යුෂ හදලා බොනවා . කෙට්ටු වෙන්න කියලා . සමහරවිට කෑමට කලිනුත් කනවා .
ඒ දවස්වල කොයික කන්නද කියලා හිතා ගන්න බැරි තරම් පලතුරු ජාති . කොයිකත් ටික ටික කටේ දාගන්නයි අපි පුරුදු වෙලා හිටියේ . කුස්සියට උඩහින් රසම රස නාරන් ගහක් තිබුනා . එතනම
ලොකු උක් පඳුරක් . බාප්පා තමයි උක් කපලා සුද්ද කරලා දුන්නේ . අපේ බාප්පා හරිම තරුණයි ඒ කාලේ . විහිලු තහළු ඉවරයක් නැහැ . අපිව ගොනාට අන්දන්න රුසියා . තෙලිජ්ජ , රා හෙම ගෙනත් කාමරේක හංගනවා .අපි එක එක්කෙනාට එන්න කියලා ටික ටික බොන්න දෙනවා . ආච්චි දැක්කොත් උන්ද ඉවරයි . ඒ හන්දා හොරාට තමයි දෙන්නේ . තෙලිජ්ජ හරිම රසයි . රා නම් මට එච්චර ඇල්ලුවේ නැහැ .
දවසක් කොහෙන්දෝ කැමරාවක් ගෙනත් තිබුනා . අපිව පේලියට හිටවලා , ඉන්දලා, නානාප්‍රකාර පින්තුර ගත්තා . අපිත් ඉතින් විරිත්තාගෙන පෙනී හිටියා . අන්තිමට මෙයා කැමරාව ඇරලා බක බක ගාල හිනාවුනා . රීල් නොදා තමයි අපිව රවට්ටලා තියෙන්නේ . ඔය මොනවා කලත් අපි තරහ වුනේ නම් නැහැ . කැලේ ඇවිදින්න යන්න වගේ මගෝඩි වැඩ වලට බාප්පා හරියට උදව් කළා .
එක දවසක් ගෙයින් උඩහ තියෙන ගුලන කන්දේ උඩටම නැග්ග අපි කට්ටිය . හරි හමන් පාරක් නැහැ .කඳු නැගීමේ නුතන ආම්පන්න හෙම ඇතුව නෙමේ . හරිම ලස්සන කැලේ . අමුතු ඕකිඩ් වර්ග ගොඩක් තිබුනා . ගුලන කන්ද සිංහරාජ කැලේට මායිම් වෙනවා කියලයි කට්ටිය කිව්වේ . ජීවිතේටම සරිලන අත්දැකීමක් . ඒ කාලේ මන් හරි පොඩියි . පස්සේ උසස්පෙළට උද්භිද විද්‍යාව හදාරන සමයේ ඒ කන්ද නගින්න තිබුන නම් තව ගොඩක් දේ ඉගෙන ගන්න තිබුනා .
දැන් නම් අර ටෙල් මේ ටෙල් ඔක්කොම කුළුණු ටික හදලා මන් හිතේ ඒ කන්ද උඩ.
ඉඳහිට පිල්ලෙන් වතුර එන ඒක නැවතුනා . හේතුව සොයන්න කන්ද උඩහට යන්න ඕන . එහෙම වෙන්නේ පුවක් පිල්ල අතරමගින් කැඩුනම හරි රොඩු හිර වුනහම හරි . මේ පීල්ලට වතුර ආවේ කන්දේ උල්පතකින්. පසු කලෙක පහල උදාගම් හෙම හැදිලා ඒවාට වතුර පොම්ප කලෙත් මේ උල්පතින් .
ගමේ පීලි මහා ගොඩක් තිබුනා . ඒවාට නමුත් තිබුනා . ලොකු හල් ගහක් ළඟ තිබුන පිල්ලේ ගමේ අය හල් ගෙඩි බඳිනවා තිත්ත යන්න . හල් ගෙඩි ගෝනියක දාල වතුරේ තැනක ගැට ගහන්න ඕන . එතකොට තිත්ත යනවා . ඊට පස්සේ පිටි හදලා පිට්ටු තම්බන්න පුළුවන් ..ම්ම්ම්ම් හරිම රසයි . කිතුල් පිටි වලිනුත් කෑම හැදුවා . මේවා හදපු හැටි මන් එච්චර දැක්කේ නැහැ . කුස්සියට වෙලා උයන පිහන එව්වා බලනවට වඩා කොච්චර වැඩ තිබුනාද අපිට .
හදල දෙන දේ කටට දා ගන්නත් වෙලාවක් නැති තරම් .
අවුරුදු කාලෙට විතරක් නෙමේ අපි මේ විනෝදය ලැබුවේ . මගුල් ගෙවල් දාන ගෙවල් ඔය කොයිකෙදිත් කට්ටිය එකතු වෙන දවස් මේ වගේ . කොටින්ම ආතාගේ මරණ ගෙදර නැන්දලා පොලවේ හැපී හැපී විලාප දුන්නා . අපි ළමයි නට වගක් නැහැ . ඔහේ සෙල්ලම් කළා .
නැන්දලාගේ මගුල් ගෙවල් වලදී නම් පුදුම සතුටක් ලැබුවා .මගුල් ගේ ඉවර වෙලා පෝරුව ගලවන්න කලින් අපි ළමයි පෝරුව උඩ සෙල්ලම් කළා . පෝරුව හැදුවෙත් අපේ තාත්ත හෙම . එයාලට හොඳට ඒ වැඩ පුළුවන් . ලොකු තාත්තලා නැන්දලගේ මාමලා 71 අත්දැකීම් තිබුන අය. ඒ අයගේ දේශපාලන කතා වලට හොට දාන්නත් මන් ආස කළා . 80 දශකයේ මන් පොඩි වුනත් මේ කයි කතන්දර අහල සැහෙන ඔලුව මෝරලා උන්නේ .
එක මාමා කෙනෙක් ඇර හැමෝම ජේ ආර් ට කැමැත්තෙන් කතා කළා . 90 විතර වෙද්දී අපිටත් දේශපාලන උණ බෝවෙලා . මහප්පලා හෙම පෙනුනේ හරිම මෝඩයින් විදිහට . නිස්කාරනේ තර්ක විතර්ක
කළා . දවසක් කට්ටිය කෙහෙල් කැනක් කකා ඉවර වෙනකම්ම් වාද කළා .
දැන් නම් හිනහත් යනවා .
මේ ලොකු එක් රැස්වීම් ඇරුනම අනිකුත් නිවාඩු කාලවලත් ඇතැම් විට ගමේ යන්න අවස්ථාව ලැබුනා . .අක්කයි මමයි හෝ මන් තනියම . එතකොට කතන්දරේ සම්පුර්ණයෙන්ම වෙනස් . එතකොට තව ළමයෙක් දෙන්නෙක් ඉන්න ඇති . නැත්නම් තනියමම හිටි වෙලාවලුත් තිබුනා . එතකොට දැක්කේ ගමේ සාමාන්‍ය දින චරියාව . කරන්න එච්චර දේකුත් නැහැ .
ආතාගේ කාමරේ පොත් රාක්කෙ තිබුන පොත් සේරම කියවන්නත් . අටුවේ තිබුන පරණ ශ්‍රී සඟරා , රසවාහිනී එලියට ගන්නෙත් මේ වගේ වෙලාවල . උඩහ වත්තේ ගෙදර චිත්‍රකතා එකතුවට වහ වැටුනෙත් මේ කාලවලදී . උඩහ වත්තේ ආච්චි අටුකොසුයි යකා ගහපු පොලුයි දෙනවා . ඒවා කකා තමයි පත්තර කියවන්නේ . එහෙ නැන්ද කෙනෙක් හිටියා හරියට විහිලු කරන . මගේ කැවුම් පෙරේතකම දන්නා නිසා දවසක් '' චුටි දුවේ මෙන්න අලුත් කැවුම් ජාතියක්'' කියල රවුම් බෝල ජාතියක් ගෙනත් දුන්න . කාල බැලින්නම් ලුණු දෙහි ...තාමත් කට ඇඹුල වගේ මතක් කරද්දීත් .
චුටි නැන්දා A /L කරනවත් මට මතකයි එයා පාඩම් කලේ ඈත ගලක් උඩ වාඩි වෙලා . එයා විවාහ වෙලා යන්න කලින් ගෙදරට යන ගල් වැටිය දෙපැත්තේ ලස්සනට මල් හිටවල තිබුනා . හැමදාම හවසට වතුර දානවා . බුත්සරණ , බුනිල වගේ මල් තමයි ගල් වැටිය දෙපැත්තේ තිබුනේ . මිදුල නම් ඇන්තුරියම් ,රෝස , පිච්ච මල් පිරුන මල් උයනක් . ඔව්ව දැක්කම අපිත් තන්හාවට අතු කපන් එනවා . සමහර ඒවා බාල්දි වල පරිවාස සමයක් ගත කරද්දීම මැරිලා යනවා . හිටෙව්වත් අර වගේ මල් එන්නේ නැහැ .
දේශගුණ වෙනස නිසා . ඒ කාලේ අපේ ගම නුවර එළියේ පිපෙන මල් පවා හිටවන්න පුළුවන් සිසිල් පළාතක් .
ඉඳහිට එහෙ යන අම්ම කිව්වේ දැන් නම් ඒ පැත්තත් වේලිලා කියලයි . අර ඔලුව ඇල්ලුවම බෙල්ල කඩන යන තරම් ලොකු වතුරක් ආපු පිලි වලත් දැන් පුංචි කෙස් ගහක් විතරලු වතුර . ගොඩක් හින්දිලම ගිහින් . දෙවෙනි පරම්පරාව ගෙවල් හැදුවා . ඕනෑවටත් වැඩිය ගස් කැපුවා. එක අල්මාරියක් ඕන තැනට තුනක් හදා ගත්තා .
හැමෝම ගේ ඉඩමේ තේ වවන්න ගත්ත . ආච්චිලා ඉන්න කාලේ ගමම නෑයෝ. ගෙවල් වලට එක එක නම් තිබුන . නාවල ගෙදර , හල් ලිඳ , පතින්ගස්වත්ත ..හැබැයි හැමෝම නෑයෝ. ඉඩම් වලට මායිම් තිබුනේ නැහැ . කටවචනෙන් තිබුන සම්මතයන් මිස . පසු කලෙක ජනගහනය වැඩි වෙද්දී ඉඩකඩම් බෙදා ගැනීමේදීත් පොඩි පොඩි ප්‍රශ්න වෙන්න ඇති . සමහර විට තැනිතලා තැන් වල ගෙවල් හදන්න කාටත් ඕන වෙන්න ඇති .
ආච්චිගේ අය්යල කොළඹ හිටියත් එයාල මියගියහම අළු තැන්පත් කලේ ගමේ ලොකු ගල් දෙකක් උඩ . ඒ අපි උපදින්නත් කලින් . එයිනුත් එකක් උඩ නගින්න හැකි . එතනට නැග්ගම රක්වාන කඳු වැටිය ලස්සනට පේනවා . රක්වාන ඇල්ලත් එක්කම . ඔය කඳු වැටියේ තියන විශේෂම දේ තමයි රාවණා කපොල්ල . අහල තියේද . රාවණාගේ දඬු මොනරය හැපිලලු එතන කඩතොල්ලක් ඇති වුනේ .
පින්තුරය නම් ගත්තේ ගුගල් වලින්
පුංචි කාලේ ඒ ගල උඩට නැගලා මන් දුටුවේ ඈත සිහින දේශයක් . මැරුණ කෙනෙක්ගේ අළු තැන්පත් කරලා කියල කිසිම බයක් හෙම තිබුනේ නැහැ . ඒ ආතා කවියෙක් නිසා අපි එතන ඉඳන් දකින සිහින කවදා හරි කවි වෙලා ලියවෙයි කියල එයා හිතන්න ඇති .
ඒ ගල කිට්ටුව තමයි අපේ ආතලගේ මය්යෝක්ක කොරටුව තිබුනේ . ආතා වැඩ කරද්දී ආච්චි මය්යෝක්ක තම්බලා [කොච්චි සම්බෝල එක්ක ] ප්ලේන්ටි ත් එක්ක අරන් එනවා . කෙල ගිල්ලට වැඩක් නැහැ දැන් .
ආච්චි පුවක් ඇහිඳින කොට අපිත් වෙනම මල්ලකට එකතු කරනවා . ඒ ටික විකුණන සල්ලි අපිට ලැබෙනවා . කුඩල්ලෝ හින්දා මේක හරිම අමාරු වැඩක් . ගස් වල පුවක් කන්න ආපු රිලව් අපිට බයක් හෙම නැහැ .
කහවත්ත නගරයෙන් ගලන වේ ගඟ මඩ පාටයි . රත්නපුරේ හරියේදී කළු ගඟයි වේ ගඟයි එකතු වෙනවා . ටිකක් දුරට යනකම් පාට වෙනස පැහැදිලිව පේනවා .වේ ගඟ ඒ පාට වුනේ මැණික් ගරලා හින්දද මන්දා .
අපේ නෑදැයෝ වැඩියම හිටියේ රත්නපුරය , කහවත්ත , පැල්මඩුල්ල පැත්තේ . ඒ හින්දා ඒ පළාත් ගැන හොඳටම දැන ගෙන හිටියා . එකක් ඒවායේ ඇවිදලා . අනික මහගෙදරට එක්කහු වෙන නෑයින්ගේ කතා වලට ඇහුන්කන් දීලා . ගමේ සමහර තරුණ අය මැණික් ගරන්න ඈත පැති වලට ගිහින් අවුරුද්දට ගමේ එනවා . ඒ අයගෙන් විස්තර අහන ඉන්න එකත් ලොකු විනෝදයක් වුනා . අපේ ගෙදර කෝප්පයක් පුරවලා එච්චර වටිනාකමක් නැති ''දලන් '' කියන ගල් වර්ගය තිබුනා . ඒ අර මැණික් ගරන අයගෙන් ඉල්ලා ගත්තු ඒවා . ඒවා අපි සෙල්ලමට අරගෙන නැති කළා . මට මතකයි මැණික් ලැබිලා හදිසියේ පෝසත් වෙච්ච අය . ඒ අය ටක් ගාල අඳුනන්න හැකි . අලුත් ඇඳුම් ඇඳලා.. රත්තරන් මුදු මාල දාල තරුණයෙක් හිටියොත් හිතා ගන්න පුළුවන් මැණිකක් ලැබිල කියල .
. නිවාඩු ඉවර වෙලා ගෙදර එද්දී ලොකු දුකක් දැනුනේ නම් නැහැ . අපි ඉස්කෝලේ යන්නත් ආස නිසා .
ගම ගැන ලියන්න මතක කප්පරයි . විටින් විට ඉඩ ඇති විටක ඒවා ලියවෙයි .
මන් ආච්චි නැති වුනාට පස්සේ ගමේ ගියේ විවාහ වෙලා දුලා ඉපදුනටත් පස්සේ . එත් එක වතාවයි . එකක් ආච්චි කියන්නේ පවුලේ මුදුන් මුල . මුදුන් මුල මැරුණමගහකින් වැඩක් නැහැ . අනික ඒ ලස්සන දැන් නැහැ . ලොකුම දේ අපි ගොඩක් දිහා වල ඇවිදලා ගොඩක් දුර ගිහින් . ළමාවියේ සතුට ලබපු දේවල් දැන් පුංචි දේවල් .
ඉතින් ඒ ලමයටම ඒ ලස්සන ලෝකේ ඉන්න ඉඩ දෙනවා මිසක් වයසින් මෝරපු මන් ඔය ගමන් ආයේ ගිහින් මගේ හිතේ ඉන්න ළමයාගේ සතුට නැති කරන්නේ මොකටද .
"ඉතින් ඒ ලමයටම ඒ ලස්සන ලෝකේ ඉන්න ඉඩ දෙනවා මිසක් වයසින් මෝරපු මන් ඔය ගමන් ආයේ ගිහින් මගේ හිතේ ඉන්න ළමයාගේ සතුට නැති කරන්නේ මොකටද ."
ReplyDeleteThis is what Sibil Aunty also said in her "Nomiyena Kalu doo".
I too agree!
සිබිල් ආච්චී ගමෙන් ඇවිත් තියෙන්නේ අවුරුදු හයේදී!
Deleteදහයක් දොලහක් හිටියා නං අපි විනාසයි!
කළු '' පොත කියෙව්වා . ''නොමියෙන කළු දු '' ගන්න බැරි වුනා . සිබිල් නැන්දගේ පොත් දැක්කොත් මාත් අත අරින්නේ නැහැ . අපි එයාගේ පොත් වලට ආස අපිත් ඒ ගම අඩු වැඩි වශයෙන් දැක ඇති නිසා වෙන්න ඇති . අපිට නම් සිබිල් නැන්දා. කතන්දරට ආච්චි . එතකොට අපිට කකාට පුතා කියන්න වෙනවනේ
Deleteආසාවෙ බෑ අප්පා මේ ගම දකින්න.. :)
ReplyDeleteමේ කියන ඒවා මැවිලා පේනවා..
තවම මෙහෙම ගම් ඇති . අපේ ගම නම් දැන් ඒ වගේ නැහැ .ඒත් කවුද දැන් ඒවායේ ගිහින් ඉන්න කැමති . ෆෝන් එකට සර්විස් මදි . ඉන්ටර්නෙට් නැතුව ඉඳල මොකටද .
Deleteදැං කවුරු හරි ආවාම නවාතැන් දෙන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඇයි කියලා මාත් නිතරම හිතනවා.. දිග වුණත් මතක අවුස්සපු අගනා ලිපියක්..
ReplyDeleteඅපි හිතනවා වැඩියිනේ ඒකයි. අනික අවශ්‍යතා වැඩියි . මස් මාළු නැතුව බැහැ. ගෙවල් වල හැමෝම වැඩට යනවා . මදුරුවෝ හින්ද පැදුරක නිදා ගන්න බැහැ . දාහක් ප්‍රශ්න
Deleteමේකම නෙමෙයි වෙන්න ඕනේ බින්දි මට නම් . ඉස්සර අනවශ්‍ය සද්ද අරවා මේවා වලින් අපේ කන් පිරිලා තිබ්බේ නෑ. අඩුම ගානේ වාහනයක සද්දයක් ඇහෙනවැයි? ඒ කාලේ කවුරු හරි වැඩිපුර ගෙදර ආවා කියලා අවුලක් තිබ්බේ නෑ සද්ද බද්ද වැඩි වුනා කියලා. අනික අපි ඒ කාලේ අපේ අවශ්‍යතා සීමා කරන් හිටිය අයනේ. අද වගේ නෙමෙයි අපි ඕනේ වෙලාවක අනෙකා වෙනුවෙන් අපේ ඇඳ කෑම එක දෙන්න වුනත් ලෑස්ති අය වෙලා හිටියේ. ඒත් අද වෙනකොට අපි අස්සේ අපි විතරක් වෙලා. එහෙම නැත්නම් ඔය නෑයෙක් අපිට දිරවාගන්නේ නෑ එයාලාගේ සද්දේ කියන දේවල් වගේ දේවල් හරහා.
Deleteමගේ ගැන පෞද්ගලිකව හිතුවොත් මට තියෙන ප්‍රශ්නේ මම සෙනග ගැවසෙන ගමට ආස නෑ. කොටින්ම ගම විඳින්න ඕනේ මට තනියම. නිශ්ශබ්දව. (ගෙදරට කවුරු හරි ආවොත් මගේ බෙඩ් ශීට් එහෙම එයාලට දෙනවද කියලා තාමත් මම හොරෙන් බලනවා.)අපි නිකම් මොඩ් ගොවියෝ වගේ. ගමේ කමට ආසා වුනාට අපි ඒක ගමේ විදියට විඳින්න දන්නේ නෑ නැත්නම් කැමති නෑ.
දැන් ඒ සමහර ගතිගුණ අර ගොඩක් ඒවා ගමෙත් නැහැනේ . කොටින්ම ගම කියල එකක් නැහැ . අනික ගම කියන එකේ සීමාව මොකක්ද කියන්න අපිත් දන්නේ නැහැ . නගරයයි ගමයි කියල ඉස්සර වගේ දැන් වෙන් කරන්න බැහැනේ . විදුලිය ටෙලිෆෝන් වගේ ඒවායින් ඉස්සර ගමයි නගරයයි වෙන් වුනා . දැන් ගන්න මිම්ම මොකක්ද . පරණ පුරුද්දට තාත්තගේ හරි අම්මගේ හරි උපන් පළාතට ගම කියනවා ඇර . එතනින් අදහස් වෙන්නේ අපේ මුල් තිබුන තැන .
Deleteබෙඩ් ෂිට් එක බෙදා ගැනීම වගේ සමහර දේවල් වලදී මන් ටිකක් තවම හොඳයි . රටින් පිට ඉන්නකොට මෙහෙ ඉන්න යාළුවන් තමයි පවුල වගේ ආස්සරය කරන්න වෙන්නේ . ඉතින් එයාලගේ ළමයි හෙම ඇවිත් ඇඳවල් උඩ නටද්දී ඉස්සරට වඩා දැන් ඉවසන්න පුළුවන් . අපේ උනුත් ඒවායේ ගියහම එහෙමයි . හැබැයි ඉතින් අර ඉස්සර වගේ මඩ කකුල් වලින් ගෙට ආවොත් හෙම අපි ඉවසයිද . අපි අපි ඇතුලේ හැංගිලා
ඔයාගේ ලිපියත් එක්ක මමත් අතීතයට ගියා ටික වෙලාවකට.රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල,එපිටවල කියන්නේ මගේ ගම.ස්කෝලේ යන කාලේ, කූඩැල්ලෝ ගැන,මැණික් පතල්ගැන මැණික් ගැන කැළේ ගැන අත්දැකීම් බොහොමයි.ඒත් ඒ පරිසරයෙන් ඈත්වෙලා දැන් අවුරුදු දාසයක් විතර වෙනවා.ගම කොහෙද අපි කොහෙද දැන්.ස්තුතියි ඔයාට මතක් කරලා දුන්නට ඒ අතීතය ආයෙත්.
ReplyDeleteමන් මේ අවුරුද්දට සැරයක් විතර ගිහින් අහුලපු මතක . ඒ පැත්තේම හිටියා නම් ඔයාට කොයිතරම් අත්දැකීම් ඇත්ද . මන් මේක ලියද්දීම හිතුනා මේ පළාතේ අය මුණගැහෙයි කියල . සතුටුයි අඳුන ගත්තට බොහොම
Deleteඉරිසියා කරන්න හිතෙන තරමටම සුන්දර ගමකුත්, ළමා කාලෙකුත් තිබිලා තියෙනවා.. කාලය වෙනස් වෙලා.. හැමදෙයක්ම වෙනස් වෙලා..
ReplyDeleteඉරිසියාවේත් විවිධ ආකාර තියෙනවා . මේ වගේ ඉරිසියාවල් වලට අපි කැමතියි
Deleteදැන්ම මොකුත් කියන්න බෑ. ඒ තරමටම මාව emotional වෙලා
ReplyDeleteඔයාට ඇත්තම කියන්න රන්ගි මට ගම ගැන ලියන්න ඕන කියල මුලින්ම හිතුනේ ඔයාගේ ලිපි කියවලා . ඔයාට ස්තුතියක් හිමිවෙනවා මයි
Deleteදිග............................. මතක සටහනක්! :)
ReplyDeleteඅපි දන්නවා ඔය තිත් පේලිය දිගේ අතීතෙට ගියා නේද
Deleteඅතීතෙට ගියා නේන්නං.. හැබැයි ඉතිං ඔයා අර කිවුවා වගේ මතකෙන් තමා දැන්නං ගමේ යන්න ඕන, හැබැහින් ගියොත් පහුවදාම ආපහු එන්න හිතෙනවා.. අනිත් එක හරිහමන් speedy ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැතුව, මොබයිල් ෆෝන් එකට සිග්නල් නැතුව අපි කොහොමෙයි ගමේ ඉන්නෙ..!!?? කාලය මැවු වෙනසක අරුමේ.!!
Deleteපලි: ගමේ නෙවෙයි මම නිවාඩුවට ලංකාවට ආවම ඉන්නෙත් අමාරුවෙන්.. මෙහෙ high-speed broadband වලට හුරුවෙලා ලංකාවෙ slow connections වලින් නෙට් එන්න වුනාම විදින දුක.. :)
ලස්සන වුනත් ඉස්සර තිබු ගම් මැද්ද
Deleteඑහි ජිවත් වෙන්න කවුරුන් පෙලබෙත්ද
විදුලිය ඉන්ටනෙට් සොයමින් මර යුද්ද
කරනා අපිම ගම ගැන කරමුද සද්ද
හොඳ සැප විඳින අතරේ නගරයට වෙලා
ගන්නට සිත සුවය ඉඳහිට ගමක් බලා
සර්විස් නැතිලු දුරකතනෙට වගෙයි මලා
දවසින් දෙකින් එයි ඒ ගම එපාවෙලා
ඉඳහිට කොළඹ මහතුන් හට ඇවිදින්න
ඉස්සර ගමම ඒ විදියට රැකගන්න
එව්වා කොහෙද මහතුනි කිව්වා ඔන්න
ගැමියන් නැහැලු දැන් ඒදන් ඩේ යන්න
....කටුරොද ගැන ලිපියේ කමෙන්ට් එකකට ඕක ලිව්වේ .
Agree 200%...
Deletehmmmm......ow issara asa then walata den giyoth duka hithenawa ewa wenas wela thiyana hati dekkama
ReplyDeleteසයුරිගේ සිංහලවට මොකද උනේ? :)))
Deleteහැකි තරම් නොයා ඉන්නයි ඕනේ .හැබැයි නැන්දලා හෙම දකින්න නම් ආසයි ඉඳහිට හරි . ඉඳහිට කෝල් එකක් දුන්නම ඒ අයට දැනෙන සතුට කොච්චරක්ද .
Delete'ලුනු දෙහි කැවුම්' කියනකොට මම හිතුවේ අර පොල්පැණි මැදට දාලා හදන 'නාරං කැවුම්' වගේ ජාතියක් කියලා. දුවගෙන ගියේ ඒක හොයන්ට. මදෑ මාත් ලුනු දෙහි කැවුම් හෙව්වා...:D:D:D
ReplyDeleteලස්සන මතකයක් බින්දි. ඒ මතකයට හානියක් නොකර හිතේ තියාගන්න එක තමා වැදගත්මදේ.
අය්යෝ මන් අහුවුනේ අවුරුදු හයේදී විතර . පොඩි අදත් රැවටිලා . නාරන් කැවුම් ම්ම්ම් ..ඇත්ත තමයි මට හරිම සතුටුයි ගොඩක් දේවල් මතක එක ගැන සමහර විට මෑත අතීතය අමතක වෙලා ඈත අතීතය මතක හිටිනවා නේද
Deleteමැණික් ගැන කතාවයි, හල් ගෙඩි ගැන කතාවයි ඇරුනම අනිත් අත්දැකීම් මගේ අත්දැකීම්වලට ළඟින් යන ඒවා..... ඔය ජම්බෝල කතාව අපටත් එහෙමයි.... ගෙදරට නම් කවදාවත් ගෙනාවෙ නෑ... මං ඉස්සර වෙලාම ජම්බෝල කෑවෙ ඉස්කෝලෙ වත්තෙ ගහෙන්...... ලුණු දෙහි ගැන නම් ආයෙ කියල වැඩක් නෑ.... ලුණු දෙහි දාන්න ගස් වෙනකරලත් තිබ්බ මට මතකයි..... පොල්සම්බෝලෙකට එහෙම කලවම් කළාම කොච්චර රසද.... අපි නම් නිකන්ම කෑවත් එක්ක.... මාත් තෙලිජ්ජයි රායි දෙකම බීල තියෙනවා..... රා දුන්නෙ බාල මාමා අම්මලට හොරෙන්..... මං නම් දෙකටම ආසයි.....හික්ස්....
ReplyDeleteඔයාගේ බාල මාම ගැන කියවල තමයි මට අපේ බාප්පා මතක් වුනේ . එක ජාතියේම දෙන්නෙක් . මන් නම් ලුණු දෙහි වලට වැඩිය ආස නැහැ . අපේ දිහා ඔය ඇඹුල් දොළ දුක තියෙන්නේ වෙන එක්කෙනෙක්ට . මොනවා අමතක වුනත් ලුණු දෙහි චට්නි බෝතල් ටික නම් අරන් එනවා හැමදාම ගෙදර ගියහම
Deleteමියුරි අක්කා එක්ක තරඟෙට ලියනවා කියපු එක නේද මේ....
ReplyDeleteඅක්කගේ ගම නම් ගොඩක් ලස්සනයි වගේ අක්කේ....!
-gold fish-
ඔව් ගෝල්ඩ් ෆිෂ් ඒ ගම ඒ කාලේ හරිම ලස්සනයි ..ස්තුතියි මේ පැත්තේ ආවට
Deleteඅම්මෝ එක හුස්මට කියෙව්වා. කියවලා ඉවර උණාම ඔෆිස් එකේ තිබ්බ ටෙන්ෂන් එක කොහෙ ගියාද නැහැ. අපේ ඒ අතීතය විඳින්න තියෙනවනම් ආයෙත් කියලා වැඩක් නැහැ.
ReplyDeleteඉඳල හිටලා කම්මැලි වුනහම මේ වගේ පොඩි අත්බේත් වටිනවා නේද .
Deleteඅතීතය ආයේ විඳින්න බැහැ . මොකද ළමයි ලෝකේ දකින විදිහට අද අපිට ලෝකේ දකින්න බැහැනේ ,දන්නවා වැඩියි . අපි දැන් ලොකු ළමයි නේ .
මඩලගම..... මං ආසම සුන්දරම ගමකට එක්කං ගියා... මේත් ඒ කිට්ටුවම වෙන්නැති මං හිතන්නේ.. ඔය පැති වලත් නෑයො ඉද්දි බලන්න යන්නැති එක ගැන නන් මටත් දුක හිතුනා.......
ReplyDeleteඔව් ඔව් මඩලගම බස් එකත් මට මතකයි . ලස්සන නම් තිබුන ලස්සන ගම්
Deleteමට මතකයි ඉස්සර අපේ අයියා මඩලගම ස්කෝලේ සෞඛ්‍යය වැඩ සටහන් වලට යනකොට අපිවත් එක්ක යනවා. හිරමඬගම කියලා තව එකක් තිබුනා මතකයි.
Deleteඑතකොට ඔයත් ඒ කිට්ටුවද . කහවත්තෙන් ඔය ගම වලට බස් තිබුනා . හැබැයි හරිම දුෂ්කර පාරවල් නේද . තේ වතු අයිනෙන් කඳු පාරවල් . ඔය පැති වල ගමනාගමනය තමයි අමාරු .
DeleteThis comment has been removed by the author.
Deleteනොයන එක හොඳයි!
ReplyDeleteමං පොඩි කාලේ ආච්චිලා ගේ ගෙදර (කලවානේ) ගිහිං වත්ත මැද්දෙන් යන ඇලේ මාළු එක්ක, කූඩැල්ලෝ කකා කොච්චර සෙල්ලං කළාද?
දැන් කන්ද උඩ ගෙවල් හදලා, ඒ වතුර පාරවල් තිබුණු තැනක්වත් නෑ.
කූඩැල්ලොත් නැතුවා හා සමානයි!
එහෙනම් ඔයාටත් ඒ පළාතේ සම්බන්ධයක් තියෙනවා . කලවානේ අපෙත් නෑයො හිටියා . කුඩල්ලෝ දැන් අඩු ඇති . උන්ට තෙතමනය ඕනනේ . වැඩි ඈත නෙමේ වග කලුඅග්ගල පැත්තෙත් ඉස්සර හරියට කුඩල්ලෝ හිටියලු .
Deleteහුස්මට කියෙවුවා....
ReplyDeleteමීට අවුරුදු දොල්හකට විතර කලින් ඔය පැත්තෙ ගතකල සුන්දර මතකයන් ටිකක් අළුත් වුනා...............
ඒ කාලේ වගේ නෙවෙයි
දැන් ගමේ යනවා කියලා ගියාට වැඩක් නෑ.....
දැනෙන වෙනසක් නෑ.....:(
ඇත්තටම ඔයාටත් ඒ පළාතේ මතක තියෙනවද . හරිම සතුටුයි
Deleteමට ගමට යන්න ගමට යන්න කුරුළු පිහාටුවක් එවන්න...
ReplyDeleteපොඩි මල්ලි අතේ ..
Deleteමට ගමට එන්න ගමට එන්න ත්‍රී වීලර් එකක් එවන්න..
Deleteපොඩි සිංඤො අතේ අනේ අම්මෙ ත්‍රී වීලර් එකක් එවන්න..
ඔය විදිහට ටිකක් සමාන ළමාවියක් ගෙව්වා මමත්. දුකේ බෑ මතක් වෙනකොටත්. අනේ ඒකට අපේ ළමයි. " කුඹුරක් ඇස නොගටුන දරුවෝ ... " වගේ
ReplyDeleteඑහෙමම හිතන්න එපා හරි . ඒ අයත් සතුට වෙන විදි වලට ලබනවා . අපි මේවා දන්නා නිසයි අපිට මිස් වෙන්නේ . එයාල දන්නේ නැති හින්දා දුක හිතිමකුත් නැහැ . ආසියාවේ ඉන්න නිසා මෙහෙ නම් කුඹුරු හෙම තවම තියෙනවා . අපේ ලොක්කි ඉස්කෝලෙන් ගිහින් ගොයම් හිටවලත් ආවා . ඔයාගේ දුටත් සතුටු වෙන්න දේවල් තියෙනවා .එයා ලොකු වෙලා කියයි අම්මයි තාත්තයි මමයි පිටරට හිටි කාලේ හරිම ලස්සනයි කියලා . ස්වභාවික පරිසරයත් එක්ක එයාලට මුහු වෙන්න තිබුන නම් හොඳයි තමයි . ඒත් ඉතින් මොනා කරන්නද
DeleteNostalgia.........!
ReplyDeleteගම මතක් වෙනෝ. මටත් ගමට යන්න පාර කියන්නෝ කවුරු හරි....
හැබැහින් යන්න එපා ..හිතින් විතරක් ගිහින් එන්න
Deleteඅපේ වත්තක් තියෙනවා එතන උඩට ගියාම රක්වාන කඳු විතරක් නෙමෙයි උඩවලව සාමනලවැව හා තව කඳු වැව් ගොඩක් පෙනෙන. ඉස්සර කාලේ මම ගමේ දවසකට දෙකට වැඩියේ හිටියොත් නිතර එතනට යනවා. ඒ කාලේ අර හැම තැනම අර ටෙල් මේ ටෙල් කණු නැති කාලේ. ඒ කාලේ අපේ ගෙදරට හෑන්ඩ් පෝන් වැඩ කලේ නෑ. ගෙදර ටෙලිෆෝන් තිබ්බෙත් නෑ. අනික අර ගෙදරට හොරෙන් තියා ගන්න ඕනේ ඉන්ටර්නැසනල් රිලෙසන්ශිප් තිබ්බ කාලේ. ඉතින් ඒ කාලේ මම නිතර ඒ වත්තට යනවා.
ReplyDeleteඅනේ අපේ ගෙදරට ටෙලිෆෝන් ආවත් හරි හෑන්ඩ් ෆෝන් වැඩ කලත් හරි මම වත්තේ ගියේ එකම දවසයි නැත්නම් දෙකයි වෙන්න ඕනේ අවුරුදු පහලොවකට විතර.
http://burubabe.blogspot.it/2010/02/blog-post.html
Deleteඑකනේ තවමත් පාලු වෙරළවල් හෙම හොයාගෙන යන්න . සංසාරගත පුරුද්ද
Deleteඅනේ මේකට නම් මොනවත් නොලිය ඉන්න හිතෙන්නෙ නෑ.
ReplyDeleteමට මතක් උනේ අපි දහම් පාසල් ගියපු හැටි. දහම් පාසලට අපි ගියේ අල්ලපු ගමට කිලොමීටර් 3ක් විතර පයින්ම අවිද ගෙන මගදිගට තියෙන ගහක් කොලක් ගානෙම බල බල, කන්න පුලුවන් ගෙඩි ද, අැටද, කොලද, මොනාත්ම අත් අරින්නෙ නතුව ඒ ගමන ගියේ.
සිල් ගන්න දවස් තමයි හොදම දවස්. ඒ පන්සලට කරන්ට් එක තිබුනෙ නෑ. ඉතින් පොය දවසට අපි කරන්නෙ තෙල් සම්මාදමේ යන එක. ඉතින් ඔය වඩේට ගෙවල් වලට යත්දි තමය් නියම. දහම් පාසල ඉස්සරහම ටිකක් උස කන්දක් තියෙනව....එක දවසක් සිල් අරගෙන ඔය කියන විදියට යනගමන් ඔය කන්දෙන් කඩා වටුන දිය අල්ලක් දකපු අපි කලේ මොකද දන්නවද? සිල් රෙදි ගලවලා පැත්තකින් තියල නාපු එක... එ දවස් නම් ආයෙ එන්නෙ නෑනෙ.. එ විතරක් නෙවි අද එ් දිය අලි පොකුනු එහෙමත් නෑ. එ්කන්ද කපාගෙන southern highway ගිහින්. එ දෙවල් දිහ බලත්දි එ සුන්දර කාලෙ මතක් වෙලා දුක හිතෙනව.....එ අතරෙම වෙනද මාසෙකට සැරයක් වගෙ ගෙදර යත්දි පැය තුන හතරකින් යන ගමන පැයකින් යන්න පුලුවන් වීම ගැන සතුටු වෙනව..ජීවිතෙ හැටි නේද??
අත්ත්ටම අතීත මතක තමයි ලස්සන එ ලස්සන අද හොයන්න ගියොත් ඔය කියනව වගෙ දුකක් සාන්කාවක් මිසක් වෙන දෙයක් ලැබෙන්නෙ නෑ,,,,
හමදාම නෙලුම් විලට එනව උනත් comment කරල නම් නැහැ. සින්හලෙන් කොටන්න කම්මැලි නිසා..එත් අද ලියන්න හිතුන.. දිග වැඩිද මන්දා??
Dimuthu
ගොඩක් ස්තුතියි දිමුතු ..මන් දිග පෝස්ට් වලට වගේම දිග කමෙන්ට් වලටත් ආසයි . ඔයාගේ අත්දැකීම් හරි ලස්සනයි . එදා පැය තුනක් ගිය ගමන අද පැයෙන් යන එක ගැන සතුටු වෙන එක හොඳයි . එහෙම තමයි ජිවිතේ . වේගයෙන් දුවන ගමන් හිමින් ගිය ගමනේ ලස්සන මතක් කරනවා . විශේෂයෙන් ස්තුතියි අද දොඩමලු වුනාට .
Deleteඉතාම රසවත්....ලස්සන..ගැමි සුවදකි...!
ReplyDeleteබ්ලොග් අවකාසෙට අලුතින් ආපු අපට ,හරියට ලිපියක් (බ්ලොග්) දාන හැටි වත් නොදන්න.ලිපි නැති බ්ලොග් එකක් හරි හැදුවෙ....අවකාසෙට එකතුවෙන්න ඕන නිසා.(දැන් අවකාසෙන්ම ඉගෙන ගන්නව..)
කුඩා කාලයට.. අපිව අරගෙන ගියාට ස්තුතියි..!
70 දශකයේ ඉපදුනු අපටත් ඔය වගේ ඔබ ලියපු දේවල් ඒ විදියමයි..!
ඒ දේවල් අතීතයේ මතක පමනි...
ඇත්ත... ආච්චිලාගේ ගෙවල් වල ගිහින් අපි ඒ දවස් වල නිදාගත්තේ බිම තමයි..
මහ රැ වෙනකං හු තිය තිය.. හිනා වෙවී.
විදුලිබලය ගමට නැති ඒ කාලෙ පැට්‍රොල් ලාම්පු එලියෙන් වින්ද සතුට අපමනයි.
තවත් ලීවොත් දිග් ගැහෙනව...
නැවතත් ස්තුතියි...!ජය වේවා...!
වී පොකුරට බොහොම ස්තුතියි . ලස්සන නමක් . අපිට තාක්ෂනය ආවේ හෙමින්නේ . මමත් කිසිම හසරක් නැතුව මේක පටන් ගත්තේ . බලන්න මේ සයිට් එක . පොඩ්ඩක් පටන් ගත්තම අනික් ය උදව් කරනවා . මට උදව් කළා වගේ .
Deletehttp://www.sinhalabloggers.com/start-sinhala-blog
බොහෝ දුරට සමාන අත්දැකීම්.. අපිටත් අද ගමේ ගියොත් අනිත්‍යය සිහි වෙන එකට වැඩි දෙයක් ලබන්ඩ බෑ.. ඒ තරම් දකින්ඩ දුකයි.
ReplyDeleteඔය ශ්‍රි සඟරාවෙ කතාව අපිටත් අදාලයි. නැන්දා එකතු කරලා තියන ඒවා ඇද ඇද කියෙව්වෙ ගමේ ගියාම. චිත්‍රකතාත් එහෙමයි.
දැන්නම් ඇති වගේ බින්දි මේ කතා ලියුවා.. කියවන්ඩ කියවන්ඩ කණගාටුව විතරයි ඉතුරු වෙන්නෙ.
අපොයි ඔව් සෙන්නා මෙතනින් ඉවර කරන්න තමයි එක දිගටම ලියල දැම්මේ . කණගාටු වෙන්න එපා . ලෝකේ එහෙම තමයි
Deleteඅවුරුදු 5/6 කට පස්සෙ අපිත් ගමේ ගියා දෙසැම්බර් වල. අපේ ගමත් වෙනස් වෙලා. හැබැයි පරණ සමහර දේවල් අවුරුදු 20 ගාණකට පසුවත් ඒ විදිහටම ඒ තැන්වල තියෙනවා. කාර්යබහුල ලෝකෙන් මිදිලා එවත් එක්ක ගත කරපු කාලයෙන් ආපහු පුංචි කාලෙට ගියත් අවසානෙට දැනෙන්නෙ සෙන්නා කියනවා වගේ අනිත්‍යයම තමා.
ReplyDeleteඕකනේ කියන්නේ නොයා ඉන්න තරමට හොඳයි . හැබැයි පුංචි කාලේ ආදරෙන් සලකපු අය බලන්න යන එක ඒ අයට සතුටක් .
Delete//ඊට පස්සේ පිටි හදලා පිට්ටු තම්බන්න පුළුවන් ..ම්ම්ම්ම් හරිම රසයි //
ReplyDeleteඅපි කියන්නේ ඔව්වට හල් ගුටි කියලා... දැන් නම් කාලෙකින් කාලා නෑ... මේ කාලේ හල් ගුටි තියා හල් ගහක් වත් දකින්න නෑ අපේ පලාත් වල !!!!
//ආච්චි මය්යෝක්ක තම්බලා [කොච්චි සම්බෝල එක්ක ] ප්ලේන්ටි ත් එක්ක අරන් එනවා . කෙල ගිල්ලට වැඩක් නැහැ දැන් . //
කියනකොට කෙළ ගිලලා ඉවරයි හලෝ... !!!
//මුදුන් මුල මැරුණමගහකින් වැඩක් නැහැ . අනික ඒ ලස්සන දැන් නැහැ . ලොකුම දේ අපි ගොඩක් දිහා වල ඇවිදලා ගොඩක් දුර ගිහින් . ළමාවියේ සතුට ලබපු දේවල් දැන් පුංචි දේවල් .
ඉතින් ඒ ලමයටම ඒ ලස්සන ලෝකේ ඉන්න ඉඩ දෙනවා මිසක් වයසින් මෝරපු මන් ඔය ගමන් ආයේ ගිහින් මගේ හිතේ ඉන්න ළමයාගේ සතුට නැති කරන්නේ මොකටද .//
ඔය ටික කියෙව්වහම අපේ පුංචි කාලේ ගැන පුංචි නෙවෙයි ලොකු දුකක් හිතට ආවා. අම්මපා ඇයි අපි ලොකු වුනේ ???
ලස්සන පෝස්ට් එක අක්කේ... කවදා හරි මැරෙන්න කලින් දවසක මේවා කියවලා බලලා ආයෙත් පුංචි කාලේ ලෝකේට යන්න ඇහැක් වේවි... ඉතුරු වෙන සතුට එච්චරයිනේ...
ලොකු වෙන්නේ නැතුව ''පීටර් පෑන්'' වගේ ඉන්න ආසද . කියවල තියෙනවද . නැත්නම් පොඩි අය ලැබිලා ඒ අය කතන්දර අහන කාලේදී කියවන්න වෙයි ඔන්න
Delete''පීටර් පෑන්'' ව සෙට් වුනේ නෑ අක්කේ... උන්දෑ ඉන්න තැනක ඇඩ්‍රස් එකක් තියේ නම් එවන්ඩෝ !!!
Deleteපීටර් පෑන් කියන්නේ කතන්දරයක ඉන්න ලමෙක්. එයා ලොකුවෙන්නේ නැහැ . මේ ඇසුරින් චිත්‍රපට කීපයක් බිහි වුනා
Deletehttp://en.wikipedia.org/wiki/Peter_Pan
බින්දි කරපු වැඩෙන් ඇස් තෙත්වෙන උගුර හිරවෙන නෝස්ටැල්ජියාවක් ඇතිවෙනවා. මම ඔය පලාතෙ නෙවෙයි. බස්නාහිර පලාතෙ මුල් පදිංචිකරුවෙක්. නමුත් පොඩිකාලෙ ගෙවුනෙ ඔයවගෙ ඈත පලාත්වල...
ReplyDeletehenryblogwalker the Dude
ලොකු අයටත් අඬන්න පුළුවන් නේද ඇතිතේ මතක් වුනහම . අපිත් හිටියේ බස්නාහිර . නිවාඩුවට විතරයි ගමේ ගියේ .
Deleteමටත් ඔය අත්දැකීම් පොඩිකාලේ එඅ විදියටම තියෙනවා..සැහෙන දුරක තිබ්බ තාත්තගේ මහගෙදර 40ක් විතර එකතුවෙනවා.. පුදුම සතුටක්.. එත් දැන් මතකයක් විතරඊ..සීයල නැතිවෙලා. පළාත් වෙනස් වෙලා, මිනිස්සු වෙනස් වෙලා..ඇත්තටම අක්ක කිවව "ඉතින් ඒ ලමයටම ඒ ලස්සන ලෝකේ ඉන්න ඉඩ දෙනවා මිසක් වයසින් මෝරපු මන් ඔය ගමන් ආයේ ගිහින් මගේ හිතේ ඉන්න ළමයාගේ සතුට නැති කරන්නේ මොකටද ." කතාව සහතික ඇත්ත. ආ.. මට දවසක් අක්ක කෙනෙක් කිවව එය ආස්මි හැදුව කියල දවුල් කුරුටු නැති නිසා වද මල් නානු දාල, හොඳට ආවලු, හැබය් ලා දම් පාටය් ලු.. අක්කත් ට්‍රය් කරලා බලන්න
ReplyDeleteවද මල් හොඳ විකල්පයක් තමයි . හැමදේම කලෙත් එක්ක වෙනස් වෙන එක වලක්වන්න බැහැනේ මෙකුවී .. අපි නිකන් මේ ඇතිතේ මතක් කරලා සතුටු වෙමු .එක යුගේ කට්ටිය හමු වීම සතුටක්
Deleteකොන්ක්‍රීට් වනාන්තරයේ අතරමන් වෙලා ගම ගැන හිතල හුල්ලන එක තමයි මමත් කරන්නේ. එත් ඒ ගමට ආපහු යන්න පුළුවන් හිතෙන් විතරයි..
ReplyDeleteදැන් ඉතින් නගර මැද්දේ ආටිෆිෂල් ගම හදන්නේ ගම මතක් වෙන අයට සතුටු වෙන්න වෙන්න ඇති . ඔයා ඉන්නේ KL නේද . ටිකක් ඈතට වෙන්න KL හොඳයි
DeleteNicely written Bindi.
ReplyDeleteThank You kawi
Deletebeautifully written Bindi.
ReplyDeleteස්තුතියි u4j10
Deleteබින්දි ඔයාගේ ඒ අතීත මම මතක....මටත් එහෙමම මැවිල පේනවා.........සුන්දරයි..ඔයාට නවකතාවක් ලියන්න හිතෙන්නේ නැද්ද ඒ අතීතය ගැන???
ReplyDeleteඉවසීමක් නැහැනේ මුතු ..බලාගෙන ගියහම අපේ අත්දැකීම් නවකතාවක් වගේම තමයි
Deleteස්තුතියි..! බින්දිට,
ReplyDeleteමම බලන්නම්..
u r welcome
Deleteලෝකෙ ලස්සන බලන්න ගම නගරේ කියලා වෙනසක් නෑ. අපි දකින විදිහය් වැදගත්. මතකද අපේ ලෝකේ සමහර ලස්සනම දේවල් ඇත්ත දේවල් නෙවෙය් නේද? රේඩියෝ නාට්ටිය එහෙම.... මුවන්පැලැස්ස....වගේ... අපි දරුවන්ට දකින්න උගැන්නුවොත් හරි. අපේ කෙල්ල බොහොම පොඩි දෙවල් දැකලා සතුටු වෙනවා. තව අවුරුදු 20 කින් එයත් අපි වගේම ලියය්. -අසිත-
ReplyDeleteමට හැමදාම මතක තියෙනවා ඔබතුමාගේ වචන ''හිටහල්ල බලාගෙන ගම්වල මිනිස්සු වැල් පාලම් වල එල්ලී එල්ලී යන්න ඕන ගම තියාගන්න ..කොළඹ නෝනලට ඉඳල හිටලා ගිහින් බලල එන්න '' උඩ කමෙන්ට් එකේ බුරාට ලිව්ව කවියට තනිකරම හේතු වුනේ ඒ වචන ටික . අපමණ සතුටුයි මේ පැත්තේ ආවට . අද දවස තමයි හෙට අපේ ළමයින්ගේ අතීතය . ඔයාගේ දු කියයි'' අපේ දිහා ලොකු රඹුටන් ගහක් තිබුනා . ඒකෙ ගෙඩි පිරුන අත්තක් හුළඟට කඩන් වැටුනා . අපේ තාත්ත ඒ ගැන හරි දුක් වුනා . මට ඒ කාලේ ඒ ගැන එච්චර තේරුමක් තිබුනේ නැහැ .'' කියල
Deleteඇත්තටම අක්කා ලියලා තියෙන විදිහට හිතේ ඒ දේවල් මැවුණා. එදා ඔයාලා සතුටින් හිටිය ගම අපි පොඩි කාලේ යම්තමට හරි තිබුණත් දැන් කාලේ ළමයින්ට ඒවා කතන්දරම විතරයි..........
ReplyDeleteෂා නියම ලිපි ටිකක් නෙ ... බලාගෙන ගියාම බ්ලොග් ලියන ගොඩ දෙනෙක්ට සබරගමුවත් එක්ක මොකක් හරි සම්භන්දයක් තියෙනවා..
ReplyDelete