Wednesday 4 May 2011

නැවත හමු වූ පන්හිඳ

''''මම   ආයිත්   ඇවිද ගියා
 පරණ මතක මාවත් වල ..
   හයියෙන් ඇවිදින්න බැරිව ..
  අතර මන්ව මගේ පෑන..
අවුරුදු ගානකට කලින් .
මගේ අතින් බිම වැටිලා
 අහුලාගෙන කුණු දුවිලි...
    පිසදැමුවෙමි.
  රන් පාටින් දිලිහි දිලිහි ..
.ඔය තියෙන්නේ අපුරුවට ..
මාත් එක්ක හරි හරියට
ලෝකය පෙරලමුයි  කියල
සිය ගානක් කවි ලිව්වා ..
යව්වනයේ දොරකඩ ළඟ
ආදර පදවැල් මැවුවා..
..එහෙව් අපිව මග දැම්මයි ..
පෑන එක්ක එකතු වෙලා ..
මගේ හිතත් මට බැන්නා...

9 comments:

  1. ලස්සන පද පේලියක් ............

    ReplyDelete
  2. සුභ පැතුම් අක්කේ සිංහල බ්ලොග්කරණයට එකතු වුණාට. ලොකු ගමනක් යන්න හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාලගේ බ්ලොග් කියවල තමයි මටත් පන්නරය ලැබුනේ. ලංකාවේ අලුත් යාලුවෝ අඳුන ගන්නත් මේක හොඳ ක්‍රමයක් ...හැමදාම විදේශිකයන් එක්කම කතා කරලා එපා වෙනවා. සිංහලෙන් කතා කරන්න අපේ අදහස් බෙදා ගන්න ලැබුණු ත්‍යාගයක් ලෙසයි මා මේ බ්ලොග් අවකාශයට කැමති.

    ReplyDelete
  4. කොල්ලත් ඉන්නේ වියට්නාමයේ තමයි. හැබැයිහෝ චි මින් වල ඉන්නෙ...

    ReplyDelete
  5. කොහෙද අප්පේ කොල්ල ඉන්නේ.. හරිම සන්තෝෂයිනේ. මම මහා ලොකුවට හිතන් හිටියේ මම විතරයි මෙහෙන් ලියන්නේ කියල. මේ පැත්තේ එනවා නම් කියන්න. මුණ ගැහෙන්න පුළුවන් . ගොඩක් කල්ද ඇවිත්.

    ReplyDelete
  6. කොල්ල මෙහෙ ඇවිත් දැන් අවුරුදු 2ක් වගේ වෙනවා..හැනෝයි එන අදහසක් තිබ්බත් මේ නිවාඩු ප්‍රශ්ණෙ තමා ගැටළුව...

    ReplyDelete
  7. ආපු ඒකේ කොහොම හරි ඇවිදලා යන්න .

    ReplyDelete
  8. ඔන්න ඔහොම
    ඉඳල තමයි
    මලකඩ කෑ
    මගෙ ලිවිල්ල
    ගසල බසල
    ඇදල අරන්
    බ්ලොග ලියන්න
    පටන් ගත්තේ
    දැන් බැලුවම
    නෙලුම් විලත්
    ඒ වගේනේ !

    ReplyDelete