Thursday 12 May 2011

වෙසක් මහේ උපන් මගේ සුදු දෝනි

වසර නමයකට පෙර පිපුණු පුංචි නෙලුම් මලේ අද නුඹේ උපන් දිනය. කියන්නට දහසක් දේ ඇතත් සියල්ල වදනට ගැලපිය නොහැක. එහෙත් හදෙහි උතුරන ආදරයෙන් අංශුවක් මෙලෙස ගලපමි.
ඔබ උපන් දා අම්මත් තාත්තත් නැවත ඉපදුනි. ඔබ අපේ ආලෝකය විය. සියාගේ උපන් දිනය මෙන්ම ලග්නය ද හිමිවී , පවුලේ පළමු මිනිබිරිය වී ..නැන්දාටත් වෙද විදුහලේ  ඇගේ සගයින්ටත් ඔබ ''රෝස කුටා''  විය.[ ඔබ රෝස පාට නිසා ඒ නම දෙන්නට ඇත].
සැබවින්ම නුඹ ආදරණිය දැරියකි. සුරතල් නංගි උපන් පසු ඇය මලක් සේ රැකගත් ඔබ පසු කලෙක ඇගෙන් වූ  අපමණ ගැහැට මැදහත් සිතින් ඉවසුවේ මහා ගැහැනියක් ලෙසිනි.
ඔබේ ඉවසීම අප පුදුම කල අතර  මෙවන් සොයුරියක් ලබන්නට නංගි කොපමණ පින් කරන්නට ඇත්දැයි මට සිතේ. සැබවින්ම අප පින් කර ඇත .
මේ ඔබේ පස් වන පාසලයි . අලුත් යහළුවන් ඇතිද නැතිද කිසිදා කන් කෙඳිරි ගෑවේ නැත . මලක් වන අහිංසක නුඹට පන්තියේ දඟ කොල්ලන්ගෙන්වත් ගැහැටක් නොවුනි.
නංගිත් සමග බෝනික්කන් නැලවුවත් ..තවමත් ටොම් සහ ජෙරී රසවින්දත්  නුඹට ජීවිතය ගැන පරිණත අවබෝධයක් ද ඇති බව මම දනිමි. ඉතිහාසය , විද්‍යාව ..සාහිත්‍ය ..ගැන ලෝකය ගැන ඔබ සතු දැනුම අවබෝධය  ඇතැම් විට මා මවිත කරයි.
වෙසක් සඳ යට උපන් ..
පින්වත් නෙලුම් කුමරිය ...
අන් සිතක් සිහිනෙනුත් නොරිදන ..
මැද සිතින් දුකක් වුව ඉවසන ..
මගේ ලොකු දෝනි ..
සුබම සුබ උපන් දිනයක්...නුඹට.
 
..සුවෙන් සතුටින් නුඹ නුඹම වී දිවි ගෙවන්න. මේ වගේ වන්නැයි පෙන්වීමට කෙනෙක් නැත. වෙනස් වීමට අවැසි නැත . ඔබ පරිපුර්නයි! අවශ්‍ය වන්නේ දැනුමින් සන්නද්ධ  වීම පමණයි...ශක්තිමත් ගැහැනියක වීමයි. මගේ සිහිනය එයයි.
 
 
 
රන් මුතු මාල කුමටද මට..
මග යනෙන විට ..ඔබ සමග
කිසිවෙක් නොබලයි ඒ දෙස.
එකම දේ සැවොම පවසන ..
''YOU HAVE TWO BEAUTIFUL DAUGHTERS""
 
 
මෙයට ,
 ආදර අම්මා
 
 
 
 

25 comments:

  1. ඔන්න මගෙන් සුබම සුබ උපන් දිනයකට සුබ පැතුම් ‍පුංචි දෝණිට ........

    ReplyDelete
  2. සුභම සුභ උපන් දිනයක් වේවායි මමත් පතනවා....

    ReplyDelete
  3. බොහොම ස්වාධීනව නිදහස් විදියට හිතන්න පුලුවන් හොඳ බුධිමත් දුවක් වෙන්න සුබපැතුම්.

    අපේ සමාජේ තාමත් දූවරු ඉපදුනාම ගැන හිතන්නේ ඒක අම්මට තාත්තාට ලොකු වගකීමක් කියලා , පුත්තු ගැන හිත්න්නේ බොහොම නිදහස් විදියට .එයාල ගැන එහෙම හිතට බරක් වගකීමක් වගේ දෙයක් ගැන අම්මල තාත්තල කියන්නේ නෑ .එහෙම වටපිටාවක මේ විදියට හිතන එකට මම හරි කැමතියි .

    //ඔබ පරිපුර්නයි! අවශ්‍ය වන්නේ දැනුමින් සන්නද්ධ වීම පමණයි...ශක්තිමත් ගැහැනියක වීමයි. මගේ සිහිනය එයයි.//


    නිදහස්ව හිතන්න , බුද්ධිමත්ව කටයුතු කරන්න ඉගැන්නුවොත් අපේ දූවරු කාටවත් බරක් වගකීමක් , ආරෂාව සැපයියයුතු දෙයක් නෙවෙයි

    මාත් ඉපදුනේ වෙසක් මාසේ. අම්මගේ පවුලේ ලොකු මිණිබිරිය. මමයි තාත්තයි දෙන්නම ඉපදිලා තියෙන්නෙ එකම මාසේ අපි දෙන්නටම තියෙන්නෙ එකම ලග්නේ. මම උපදින්න සතියකට කලින් අම්මගේ තව නෑදෑ සහෝදරියො දෙන්නෙකුටත් දූවරු උපන්නා . අම්ම වැඩට ගියාම මම ඒ පුංචිලාගෙනුත් කිරි බීලා තියෙනවා.

    ReplyDelete
  4. @ කල්හාර ,සහ දිනේෂ්
    ස්තුතියි සුබ පැතුමට . මම දෝනිට කියන්නම් ඒ බව.

    ReplyDelete
  5. @ TG , ගොඩක් ස්තුතියි ඒ වගේම සතුටුයි..ඔබත් මා වගේ සිතීම ගැන. මගේ අම්මට දුල දෙන්නයි පුතාල දෙන්නයි. දුල දෙන්න තමයි අඩුවෙන්ම බරක් වුනේ. මගේ ආච්චිට [තාත්තගේ අම්ම ] කෙල්ලෝ හතරයි කොල්ලෝ පහයි . නමදෙනාටම සම අධ්‍යාපනයක් ලැබුන. ආච්චි පාසල් වත් ගිහින් තිබුනද මන්ද . ප්‍රකට කවීන් දෙන්නෙක්ගේ සහෝදරියක් නිසාද කොහෙද ඇයට පුදුම රසවත් හදවතක් තිබුන. මැරෙනකම්ම පොත් කියෙවුව. බණ පොත් නෙමේ නවකතා .
    අම්මගේ පැත්තෙත් එහෙමයි . කෙල්ලෝ කොල්ලෝ කියා වෙනසක් නැහැ. පුත්තු නරකයි නෙමේ. එත් දුවල විතරයි කියලා අඬන්න දේකුත් නැහැ.
    '' ගැහැණු ළමයෙක් නැති ගෙදර කල එළියක් නැති කියන සමාජයක ඉපදීමට අපි වාසනාවන්ත වීමු.''
    [පොතකින් ]

    ReplyDelete
  6. ඔය සමාන සිධියක් මටත් තියෙන්නෙ


    අපේ අම්මගේ අම්මට ( ආච්චිට ) දූවරු එක්කෙනයි පුත්තු දෙන්නයි .එකම දුව පුත්තුදෙන්නටම වඩා ඉස්සරහින්.ආච්චිට කිසි බරක් වුනේ නෑ එයාට හයියක් වුනා මිසක් .

    අපේ ගෙදර කොල්ලෝත් කෙල්ලොත් කියා ඕනෙ දේකට එවරෙඩි වගේ ඉන්නේ මමත් නංගීත්ය .

    ReplyDelete
  7. සුබ උපන් දිනයක් දුවේ... මේ පින්බර වෙසක් මහේම පිපුන මලක් තමයි මාත්. හැබැයි මම වතු සුද්ද මලක්.

    ReplyDelete
  8. මෙවැනි මවක් ලබන්න නුඹ පින් කරල ඇති. මට මගේ මව වගේ , නුඹට නුඹෙ මවු ....

    ReplyDelete
  9. @ දිනේෂ් , කල්හාර , TG , සොඳුරු සිත , ඔයාල ලිව අදහසුයි මගේ උත්තරයි ඔක්කොම මැකිලා ගිහින් අද බලද්දී. අනේ මන්ද මේ බ්ලොග් කෙරුවාව ලියන තරම්ම ලේසිත් නෑ වගේ.

    අයිමත් කියනවා ස්තුතියි ඔබ සැමට

    ReplyDelete
  10. මගේ දුව ඉපදිලා විනාඩි ගානකින් මං දැකින කොට බලාගෙන ඉඳිද්දී සුදුමැලි ඇඟිලි වලට ලේ ගලාගෙන ඇවිත් රෝස පාට වුනා.
    උප්පැන්නෙට නම දෙන්න කලින් මං දුවට කීවේ රෝසි කියලයි.
    ඒ අතීතය අද සිහිවුනා. ස්තුතියි.

    ReplyDelete
  11. කමෙන්ට් ඊ මේල් එකකින් ඔබට එන විදියට සෙට් කරන්න. එතකොට පස්සේ වුනත් පෝස්ට් කරන්න පුළුවන්!

    ReplyDelete
  12. බොහොම ස්තුතියි මගේ ආධුනික බ්ලොග් එක කියවුවට . අපි බ්ලොග් කියවන්න පටන් ගත්තේ ''කතන්දර ''වලින් තමයි. උපදේශයටත් ස්තුතියි. කලයුතු තාක්ෂණික කටයුතු නම් හරියට තියෙනවා

    ReplyDelete
  13. පුංචි දුවට සුභ උපන් දිනයක් වේවා. තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා පුංචි දුවටත් පවුලේ සැමටත් :)

    ReplyDelete
  14. @ හසිත

    සුබ පැතුමට ස්තුතියි මල්ලි .

    ReplyDelete
  15. පුංචි දුවගේ උපන් දිනයට මගෙනුත් සුබ පැතුම්! ! !

    ReplyDelete
  16. ස්තුතියි පොඩ්ඩි..,ඔයාගේ බ්ලොග් එක හරිම රසවත් මම නොවැරදීම බලනවා

    ReplyDelete
  17. කෝ නෙලුම් විලේ අලුත පිපුණ මල් ? කතා ලියන්න පමා ඇයිදෝ ?කීප වතාවක්ම අලුත් නෙලුම් බලන්න මේ පැතේ ආවා.ඉක්මනට ලියන්නෝ

    ReplyDelete
  18. ඔබේ දෝනි ගැන හිතේ තියෙන අභිමානය වචන වලින් අපූරුවට සිත්තම් කරලා තීය්නව බින්දි . .

    හරිම අපූරුයි . .

    පහුවුනත් කමක් නෑ මගේ සුභ පැතුම් දෝනිට . . .

    එවන් වූ දියණියක් ලද මේ අම්මා කෙතරම් වාසනාවන්තියක්ද . .

    මෙවන් වූ අම්මෙක් ලද ඒ දියණිය කෙතරම වාසනාවන්තද . .

    ReplyDelete
  19. පරක්කු වුනත් සුභ උපන් දිනයක් චූටි දෝණිට!!

    ReplyDelete
  20. ගොඩක් ස්තුතියි දුකා.
    මේ පාර දු හරිම වාසනා වන්තයි ..මාමල නැන්දලා ගොඩක් සුබ පැතුවා. මම ඈට කියන්නම්

    ReplyDelete
  21. කිසිම පමාවක් නැහැ දිල්ෂාන් ..ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  22. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  23. මේක මට මඟහැරුනෙ කොහොමද? සමහර විට මගෙ ශල්‍යකර්මෙ කාලෙ නිසා වෙන්නට ඇති. හරියට මගෙ දෝණිට පොඩිකාලෙ මම ලියුවා කියල හිතෙන්නෙ. ඇයත් මල්ලිට හරි කරුණාවයි. මටවඩා බුද්ධියෙන් පිරිපුණ්. ඊ ළඟ අවුරුද්දෙ පමානොවී සුබ පතන්නම්

    ReplyDelete
  24. අනේ ඉතින් පැටියගේ පින්තූරෙකුත් දාන්න ආසයි
    එයාව දකින්න...

    ReplyDelete
    Replies
    1. පවුලේ පින්තුර නොදා ඉන්නයි හිතුවේ සහන් . ලෝකය විවිධ නිසා .

      පරණ ලිපි කියවනවට ස්තුතියි . ඇත්තටම දැන් මේ ලොක්කිට අවුරුදු 10 ත් පහුවෙලා .

      Delete