Tuesday 17 May 2011

සය්ගොන් ගඟත් බොරවී

                                                
මදනලට පෙම්කල ..
දඟකාර නුඹ කෙහෙරැලි..
කේතුක තොප්පිය යටින්..
නැටුවා සේම ගඟ රැලි...
 
සයිගොන් ගඟ බඩ..
හිනැහුණු  සොඳුරු යුවතිය ..
දකින්නට ආවෙමි..
කොහි සැගවුනිද ඇය.
 
රතු වී දෙතොල්..
නේක පැහැවිය කෙහෙවැල්..

සොවින්   වැලපී ..
බොරවිය ගඟේ දියරැල්..

සියල්ල නවීකරණය වෙලා ..ගඟ දෙපැත්තේ අහස උසට ගොඩනැගිලි..සුළඟ එක්ක සෙල්ලම් කල උණ පත් සේරම ගහගෙන ගිහින් .. එත්  මිනිස්සු ගඟ කොච්චර බොර කලත් තවමත්  යෝධ  වැලි පාරු  වලට ..එහා මෙහා යන්න ඒ ගඟ ඉඩ දෙනවා. ගඟක් ළඟ ජිවත් වෙන්න පිනක් හැමදාම තිබුන මට වසර ගානක් සයිගොන් ගඟ අද්දර ජිවත් වෙන්න වාසනාව ලැබුන. [දැනුත් ඉන්නේ වැවක් ළඟ]
සයිගොන් නදිය අහසින්
 
 
  පුංචි කාලේ දියබුන් ගැසූ කැළණි ගඟ වගේම සයිගොන් නදියත් පහුගිය වසර කීපය පුරාම මසිතේ චමත්කාර හැඟුම් ඇතිකලා..ඒ තරම් පළල ගඟකට උදාහරණයක් ලංකාවෙන් දෙන්න බැහැ. ලංකාවේ ගංගාවල් තරම් වේගවත් නම් නැහැ. වෙලාවකට ගලනවද නැද්ද කියල කියන්නත් බැරි තරම් .
මුලදී කවියක් විතරක් ලියන්න හිතුවට මේකත් ගඟක් වගේ ඇදෙනව. සයිගොන් ගඟ ගැන අගමුල පොඩ්ඩක් කිව්වොත් හොඳයිනේ.
 කම්බෝජියාවේ ගිනිකොන දිග Phum Daung පළාතෙන් ඇරඹිලා දකුණු වියට්නාමය හරහා ගලන මේ ගඟ කි .මි. 225 ක් පමණ දිගයි. නුතන හෝ චි මින් [ ඉස්සර සයිගොන්] ප්‍රදේශය හරහා යන නිසා තමයි මේ නම ලැබුනේ. [Song  Sai Gon ] song කියන්නේ ගඟට.
     සය්ගොන් ගඟ එක පාරටම මුහුදට වැටෙන ගඟක් නෙමෙයි .Nha Be කියන සහෝදරියත්  එක්ක එකතු වෙලා මිකොන්ග් ඩෙල්ටාවට කි.මි.20 නිරිත දිගින් දකුණු චීන මුහුදට එක් වෙනවා  [මේ ඉලක්කම් හෙම හොයාගත්තේ වයිකී ගෙන්. නැතුව මට කතා බැහැ කරන්න ලැබෙන වියට්නාම ජාතිකයන්ට තමන් ඉන්න පළාත ගැන ඇර අනික් කිසිම දෙයක් ගැන දැනුමක් වත් හොයන්න ඕනෑකමක් වත් නැහැ .     මට ඉතින් මුණ ගැහෙන්නේ ගෙවල් වල උදවුවට එන , වෙළඳ පොලේ බඩු විකුණන ගැණු අය තමයි වැඩිපුර. ඉංග්‍රීසිත් දන්නා ,රට තොට ගැන නිසි අවබෝදයක් ද තියෙන කෙනෙක් මුණ ගැහෙන එක හරි දුලබයි ]
ඉතින් මේ සයිගොන් ගඟ විශාල වරායකින්ද සමන්විතයි. වසරකට Metric ටොන් මිලියන 35 පමණ බඩු බඩු  හුවමාරු වෙන වරායක්.
 
 
 මේක මාගලක් සේ දික් වන නිසාද මට පාසල් යාමට ඇති නිසාද පින්තුර ටිකකින් ඉවර කරන්නම් .
ගඟේ දිවෙන විසල් නැව්

ලඟදි ඉදිවුන ලස්සන පාලමක්

රැට ගඟේ පාවෙන අවන්හල් ..මේව මෙච්චර ලස්සන වුනාට මම දවසක් දැක්ක ලොකු බෝතල් මල්ලක් වතුරට විසිකරනවා එයින් පස්සේ මමනම් ඕවයේ කන්නේ නැහැ. තමන් ජිවත් වෙන්නේ ගඟ නිසා ..පොඩ්ඩක් එයට ආදරේ කලයුතුයි නේද

මේක ගඟේ විශාල බව පෙන්වන රුපයක්

ඔන්න පේනවද යුද්ද කාලේ ගඟේ ඔරු පැද්ද හැටි
 
 මේ මගේ සයිගොන් සොඳුරු නිවහන ලඟදි මම ගත් චායාරුපයක්
 
 
 
.
ස්තුතිය ..
නෙලුම් මල් පිපි නැත්තේ ඇයිදැයි අසා ලියන්න දිරි දුන් TG ට
පින්තුර දීපු Google Images ට
ලෙඩ වෙලා ගෙදර හිටියත් තනියම සෙල්ලම් ගෙයක් දා මට කරදර නොකර  සිටි ලොක්කිට.
 
 
 
 

10 comments:

  1. හයියෝ හරි රහ කෑමක් කෑදර කමට කනව වගේ කියෙව්වේ .ඔයා හරි ඉක්මනට ගඟේ කතාව ඉවරකරලනේ . මට නම් මැවි මැවී පේනවා හවස් යාමේ බෝට්ටු අවන්හලකට වෙලා ගඟ මැද ඉඳන් ඈත බලන් ඔහේ කල්පනා කරන හැටි (මොකෝ කාගෙන් තහනමක්ද?).ගඟ දියේ සෙවණැලි අඳිමින් ඉර බැහැගෙන යන විදිය .

    ReplyDelete
  2. මට මාර ඉරිසියාවයි (අද වෙසක් පෝය වුණත් ) අර ඔයාගේ ගං ඉවුරේ ගෙදර ඉඳන් ගත්තු පින්තූරේ දැකලා .මාත් හීන බල බල ඉන්නෙ දවසක් ඔහොම ගඟක් ගාව හරි කන්දක් ගාව හරි ගෙදරකට වෙලා අලස සුව විඳින්න.

    ප/ලි
    ලොක්කිට ඉක්මන් සුව .මටත් අපේ ගෙදර කියන්නෙ ලොක්කා කියලා

    ReplyDelete
  3. ස්තුතියි කිව සැනින් ආවට,.ලොක්කෝ, [TG ට වඩා ලොක්ක ලස්සනයි] .දිගට ලියන්න ආසයි. කොහෙද අප්පා තව ටිකකින් පුංචි බනි ගෙදර එනවා . මේක කොටන්නත් හරි වෙලා යනවනේ. වෙලාවක ආයේ සයිගොන් ගැන ලියන්නම්කො. ඔයාට තවත් ඉරිසියා හිතෙයි වැව ළඟ ෆොටෝ දැම්මම . ඉන්නකෝ ටිකක් . මේක හරි ලස්සන රටක්

    ReplyDelete
  4. මොකද අසනීපෙ ...... කොහොම උනත් නිරෝගී සුව පතනවා ..... මට දවස් දෙක තුනයි එන්න බැරි වුනේ මාර පෝස්ට් ටිකක් දාලනෙ ...... ලස්සනට ලියල තියනවා ........ හොඳ දැනුවත් කිරීමක් .......

    ReplyDelete
  5. ස්තුතියි කල්හාර...ආ එක පොඩි බඩේ අමාරුවක් .දන්නැද්ද පොඩ්ඩෝනේ., කොච්චරවත් පොඩි පොඩි ලෙඩ. දැන් හොඳයි.

    ReplyDelete
  6. අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ
    කිව්වේ මේ ඔයාට විඳින සුන්දර අත්දැකීම අපි කවදා ගන්නද . .මෙනෝට (TG) වගේ මටත් ඉරිසියා හිතුනා පින්තූර දැක්කාම . .

    ReplyDelete
  7. ස්තුතියි දුකා
    පීනන්න නම් හිතන්නවත් එපා. වතුර ඒ තරමට දුෂණය වෙලා ඇති. එත් දර්ශනය නම් මාර ලස්සනයි තමයි. මටත් කවද හරි සුන්දරව මතක් කරගන්න පුළුවන් ලස්සන දසුනක් සයිගොන් ගඟ.

    ReplyDelete
  8. මගේ පොස්ට් එකට දාපු ලින්ක් එක දිගේ ආවේ. ලස්සන පොස්ට් එකක්. මම කොහොමත් විවිධ රටවල තියෙන දේවල් ගැන දන ගන්න පිපාසයකින් ඉන්නේ.

    ReplyDelete
  9. අඩුම කමෙන්ට් තියන එක බලල යන්න මාත් ආවා ඔන්න

    ReplyDelete
  10. සුදීකයට පිං සිද්ද වෙන්ඩ ඔන්න මේකත් බැලුවා

    ReplyDelete