Wednesday 25 May 2011

මල් නුවර මල් සුවඳ විඳ...


 
සීතලෙන් හිරිවැටි සිටි මගේ පළමු සිසිරය නිමා වී වැඩි දිනක් නැත. මෙවර සිත සමය වෙනදාට වඩා දිගුය. හිම නැතත් අධික ශිතලයෙන් ගෙවී ගිය මාස පහක පමණ දිගු සිසිරය නිමා කොට එක්වරම තද අව්වක් වැටිණි. සිදු විය යුත්තේ මාර්තු වේදී  ක්‍රමයෙන් සිතල අඩුවී අප්‍රේල් මැයි  සෞම්‍ය වසන්තයද මැයි අග සිට ග්‍රීෂ්ම සමය ඇරඹීම වුව සොබාදම් මව දැන් සම්මතයන් නොහදුනයි. ඇයට කල අකටයුතුකම් වලට තරහා වී වගෙයි .
එහෙත් දින කීපයක සිට විටෙක අනෝරා වැසිද විටෙක සිරි සිරි පොද වැසිද වැටෙමින් සුනිදු වලා පෙලින් සැඩ හිරු රැස්  පෙරා දෙමින් අමුතු සුන්දර පරිසරයක් මවා දෙයි..
සැබවින්ම මෙය චමත්කාර වසන්තයයි මම සිතමි...
වසර කීපයක් අප සිටි හෝ චි මින් නගරය නිවර්තන දේශගුණයකින් යුතු නිසා කොළඹට වඩා වෙනසක් නොවිණි.  පසුගිය සරත් සමයේ මෙහි ආ බැවිනි මෙය මගේ පළමු වසන්ත සමය වනුයේ.....

[  Hoan Kiem විල ..අර ඉබ්බන් ඉන්නේ මේකේ තමයි]



මල් දියට වැටී......


''නෙලමි අවසන් මලත්..
පිපෙනු ඇත හෙට..
මල් අලුත්..''

''නුඹත් නෙළුමකි..මඩේ පිපුනත් කිලිටි මඩ නැති''




''වියපත්ය ජීවිතය  ..
එහෙත් මේ මල් තවම සුවඳය...''





''හිරුට විතරක් නොවේ..
හිනාවෙන් මටත්...''

''මල් සුවඳ ද ..සුවඳ නුඹ  දහදියද ..''




''ඔය සුමුදු මල් උරට ..බර වැඩිද...''




                                                           නොරිදවා පෙති ..
                                                   මලක සුව දුක් විමසන...

දියණියන්ගේ පාසලට යනෙන මග දෙපස නෙලුම් පොකුණු   නැවුම් නෙලුම් පතින්ද අලුත් පොහොට්ටු වලින්ද සැරසී හැම උදයකම මා හා සිනා සේ. ගේ ලගින් දිවෙන පාරේ මල් කුඩ රැඳී බයිසිකල් ඒක පෙලට යාමට පටන් ගත්තේ නම් සිසිර සමයේ සිටමය. ''මල් ගම්මානයත් ''  ''මල් පොලත්'' පෙනෙන මානයේ නිසා බැලූ  බැලූ  අත මල්ම පෙනීම අරුමයක් නොවේ.  සියලු දේ ඉතා මිල අධික මෙහි මල් නම් එතරම් මිල නොවේ.
රුපියල් වලින් නම් 300 කටත් අඩුවෙන් සුපිපුණු රතු රෝස මල් හතළිහක් හෝ හෙට්ටු කිරීමේ සමතෙක් නම් පනහක් වුවත් ගත හැක. අපිත් අන්ඩෝ [ An Do = ඉන්දියානුවන් ] යයි සිතන නිසා සුද්දන්ව තරම් අපිව අන්දන්නට බැරි බව මොවුනුත් දනී. එහි වාසි මෙන්ම අවාසිත් නැතුවා නොවේ. උදෑසනම කඩයක් ඇරිය විගස ඉන්දියානුවෙක් ගොඩ වුනොත් මොවුන් නොදැක්කා සේ හිඳී.  කොහොමටත් ඉන්දියන් නොව ශ්‍රී ලන්කන් බව කි විට ඉතා ප්‍රීතියට පත් වන වියට්නාම ජාතිකයන් මට හමු වී ඇත. මෙහි සිටින ලාංකිකයින් අතලොස්ස තවම රටේ නම රැකගෙන ඇති බව නම් ආබම්බරයට කරුණකි.

ඉතින්..සිසිරයේ මලානිකව තිබු තුරු හිස් ටික ටික මල් ඔටුනු පළඳියි. රතු පැහැති මැයි මාර ගස්ද  ..තවත් නම නොදත් නෙක වර්ණ මල් ගස්ද සෙමින් ඇහැරෙමින් සිටි..රොබරෝසියා මලට සමවූ දම් පැහැ මල් ගස් නම් මුළුමනින්ම මලින් වැසි  ගොස්ය. පාසලේ ඇති ගස් වල මිමැස්සන් නිසා  මලක් කඩන්නට ඉඩ නැතැයි ලොකු දෝනි ගෙන් පැමිනිල්ලෙකි.
නෙලන්නට නොදී
මේ මල් ..රකියි
 මිමැසි  සෙබළුන්...


මොවුන් මල් සැකසුම් වලටත් උපන් හපන්නුය . එමෙන්ම වැලන්ටයින් ගේ සිට එකී නොකී සියලු දිනයන්ට මල් හුවමාරු වේ. විවුර්ත කිරීම්..උපන්දින ..සංවත්සර ඔය කෝකටත් මල් නැතුව බැරිය. ලංකාවේ මෙන් එය සුපිරි  පන්තියේ ගනුදෙනුවක් නොවේ. ගෙදර සේවිකාව නෝනාගේ විවාහ සංවත්සරයට මල් පොකුරක් පිලිගන්වා සුබ පැතුවොත් එතරම් පුදුම වන්නට දෙයක් නැත.. .[ ගෘහ සේවිකාවන් ගැන වෙනම ලියන්නට සිතා සිටිමි . එය ඉතා රසවත් සහ අපට උගැන්මට බොහෝ දේ ඇති මාතෘකාවකි .]
කෙතරම් මලින් පිරි නෙක පැහැ වුවද මගේ සවනට යමක් අඩුය..ඒ ළමා කලද ඊට පසු කලද සවනට ගීතයක් වූ මලිති බටිති නාදයයි
      ......එය නම් මෙහි විරලය...අපේ ආදරබර කපුටුහාමිත් ඇත්තෙම නැත.
වනබද ගම්මාන වල කුරුල්ලන් ඇති අසා ඇතිද මේ නගරයේ නම් මා කුරුල්ලෙක් දකිනුයේ ඉතාමත් අහම්බෙනි. හේතුව පරිසර දුෂණය යයි කියුවද තවත් හේතුවක් ඇත...[එය වෙන දිනක ලියන්නෙමි. අද ලියන්නේ සුන්දර වසන්තය ගැන නිසාවෙනි .]
.......දකුණේ වැඩිපුර වැවෙන්නේ අපේ මෙන් නිවර්තන මල්ය. බෝගන්විලා..බුත්සරණ ,ඉද්ද සහ අන්තුරියම් වැනි මල්ද බිගෝනියා වැනි ලස්සන පැලද දැකිය හැක. අපි ගඳයි  කියා ගණන් නොගන්නා ගඳ පානද..අපේ සොහොන් බිම් වල ඉබේ වැවෙන සහ පොඩි කාලයේ නෙක පාට දැක  ආසා වී   මා උදුරා ගෙන ආ පැලයද අම්මා විසින් විසි කර දමන ලද ''මිනි මල් '' ද  පාර දෙපස හා වටරවුම් වල ලස්සනට වවා ඇති අයුරු කදිමය.
''ගඳ පාන මලකි මම ..සුවඳක් නැතැයි..ඔබ අහක විස කල..''




 අපේ නුවර එළියේම අනුරුවක් වැනි ''Da Lat '' නම් සුන්දර ප්‍රදේශය හෝ චි මින් නගරයට තරමක් ...තරමක් කීවාට පැය අටක පමණ දුරකින් පිහිටි නිසා රෝස ඇතුළු අනෙකුත් මල්ද හිග නැතිව   ප්‍රවාහනය වන අතර මිලෙන් නම් Da Lat   රෝසි හැනොයි රෝසිට වඩා උඩින් සිටි.
..........හැනොයි නම් සිසිර සමයක් ඇති හෙයින් රෝස ..ඩේලිය..වැනි සෞම්‍ය මල් වර්ගයි වැඩිපුරම පිපෙන්නේ...ගිම්හානයේදී නම් අරලිය ..වතුසුදු මෙන්ම නෙලුම් කුමාරිලද අඩුවක් නැත.
.......මා පමා වී මල් ගැන ලීවද මෙහෙ වසන්තයේ ඇරඹුම සේ සැලකෙන්නේ  Tet  [චීන අවුරුද්ද මෙහෙදී Tet ය ]  වලින් පසුවයි. පෙබරවාරියේ මැදට යෙදුනු අලුත් අවුරුදු උළෙල සමගම මල් සැණකෙළි වලින් රටම ඇලලී යයි..දකුණේ  කහ පැහැ Hoa mai [ Apricot] මල සුබ ලකුණ වී ගේ දොරද පාර තොටද කහ පැහැ මල් උයන් වද්දී ..උතුරේ රෝස පැහැති Hoa Dao[රෝස Apricot] මල 
සහ පීච් මල   සුබවෙයි.  මොන බෙහෙත් ගසා හෝ බලෙන් හෝ මේ මල් දෙවර්ගය නම් අනිවාර්යයෙන් පිපි තිබිය යුතුමය. බොන්සයි කල මල්බර ගස් වල මිල ඉතා අධිකය. අතේ මිටේ ඇති තරමට පුංචි අත්තක් හෝ හැම ගෙදරකටම අවශ්‍යය .
මෙවර අධික සිතල නිසා පීච් මල්ද  අඩු වුනු බව මට අසන්නට ලැබිණි.

Hoa Dao[ Pink Apricot flower]


Peach Flower




ලියන්නට ගියේ වසන්තයේ ලස්සන ගැන වුවත් වැඩිපුර හඳුන්වා දීම් වලින් ලිපිය දිග විය .. කියවන්නට වෙහෙසක් දැනුනි නම් කියවුවෝ කමත්වා.!!

23 comments:

  1. ලිපි කෙතරම් දිගවුවත් කමක් නැත. ‍හොද මෙන්ම අලංකාර ලිපියක්...

    ReplyDelete
  2. @ Dinesh..
    හැමදාම පළමුවෙන් එන ..

    ඔබටයි මේ තුති මල් පොකුර..

    ReplyDelete
  3. දිග වැඩි ලිපි වලට මමනම් හරිම ආසයි

    අපොයි දෙයියනේ Bindi ඔයා වියට්නාම් වල ඉන්න වග මම කවදාකවත් දැනං හිටියේ නෑ ..මම හිතුවේ ඔයා ලංකාවේ කියලා ඔයා මට දීපු කමෙන්ට් එක කියවලා පොඩි අමුත්තක් දැකලා තමයි ඒක දිගේ මෙහේ ආවේ ..

    ෆොටෝ ටිකයි ලියපු ලිවිල්ලයි මාරම ලස්සනයි ..බොරුවට කියනවා නෙවේ ..මේ ලස්සන පින්තූර දැක්කාම මම මහ නුවර ගතකරපු කාලේ මාතකෙට ආවා ..

    දිගින් දිගටම ලියන්න..අක්කේ! මේ ලිපිය බැලුවයිං පස්සේ ඔයාගේ අංක එකේ රසිකයෙක් උනා කීවොත් නිවැරදියි

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි සඳරු ..ලඟදි ලියන්න ගත්තත් මමත් කලෙක සිට ඔබේ ලිපි කියවනවා. ඉස්සර ඇනෝ නමින් තමයි හිටියේ . මේක ලස්සන රටක් . එයින් මට හැකි පමණට යමක් ලියා තබන්නත් හිතෙන හිතෙන පිස්සු විකාර කුරුටු ගාන්නත් හිතන් ඉන්නේ. . ...ඉඩ ඇති විට ඇවිත් යන්න. එය මට ලොකු හය්යක් වගේම ලැබෙන සතුට මිල කරන්න බැහැ.ටිකක් නුවර වගෙයි තමයි. ඒත් අපේ මල් වැවිල්ල කර්මාන්තයක් ලෙස දියුණු මදිදෝ හිතෙනවා. හැබැයි කොච්චර මල් තිබ්බත් බුදුන්ට මලක් පිදෙන්නේ නැහැ. පලතුරු සහ හඳුන් කුරු තමයි.

    ReplyDelete
  5. @ රොබින් ..

    ස්තුතියි බොහොම ..මමත් හරිම ආසයි පරිසරය නැවුම් වෙන වසන්තයට. ලංකාවෙත් අප්‍රේල් මැයි වැඩිපුර මල් පිපිලා අමුතු ලස්සනක් ඇතිවෙනවනේ.

    ReplyDelete
  6. ඔන්න අක්කේ මාරයිය මාර පිනක් කරගත්තේ..
    නැත්නම් අපි කොයි ලෝකෙන් හොයාගන්නද ඔයාගේ මේ බ්ලොග් එක.
    කොච්චර දිග උනත් ඔක්කොම කියවල තමයි මේ Comment එක දාන්නේ..
    හැමදාමත් ලියන්න..
    අපි ඉන්නවා කියවන්න...
    ප.ලි. : මං ජනවාරි ඉදල ලියලත් තවම ඔයා තරම් ලියල නෑ.

    ReplyDelete
  7. ඔන්න බින්දි අක්කෙ මාත් ආවා බ්ලොග් එක කියවන්න.ඔබට ජය දිගු ගමනක් යන්න

    ReplyDelete
  8. ඒක නම් මොකට කියනවද මලේ. මමත් මේ මාරයාගේ පුණ්‍ය කර්මයෙන් අමන්දා නන්දයට පත්වෙලා අලුත් අලුත් ගෙවල් වලට ගොඩ වෙනගමන් . තත්පරයකට කලින් ඔයාගේ ගෙදරටත් ගියා. ඔයාල තාම ඉගෙන ගන්න ළමයිනේ . ඒ වැඩ පාඩු කර නොගෙන ලියන්න.

    මට නම් ආණ්ඩුවෙන් අවුරුදු පහක් නිවාඩු දුන්න ඕන දිපන්කරේක ගිහින් ඕන දෙයක් කර ගන්න . මම ඒ ප්‍රීතිමත් සමය ගෙවමින් ඉන්නේ. මගේ බොස් බ්ලොග් කියවන පිස්සෙක් නිසා මට කිසිම ප්‍රශ්නයකුත් නැහැ.

    ReplyDelete
  9. කඩේ හාමිනේ ..

    ඔයා අර කොපි කඩේ හාමිනේද..උදේ මම එහෙ ආවා. මෙහෙත් කෝපිකඩ හරියට . ඝන කම කළු තිත්ත කොපි ජාතියක් තියෙනවා. සීනිත් නැතුව කිරිත් නැතුව බොන. තව වැඩිදුර බොන්නේ අයිස් ගොඩාක් දාල කොපි චුට්ටක් . මට මතක් වෙන්නේ ගල් කැට දාල වතුර බීපු කපුටව.

    ReplyDelete
  10. ලියන විදිය වෙනස් කරලා වගේ ..........
    කොහොම ලිව්වත් ලස්සනට ලියලා තියනවා ........

    ReplyDelete
  11. ස්තුතියි කල්හාර ..
    වෙනසක් වෙතැයි හිතුනේ නැහැ. ලියාගෙන ගියා මිස .

    ReplyDelete
  12. මල් පිට මල් කිව්වාලු :)

    ReplyDelete
  13. මේ .....ප්‍රථම වසන්තයයි
    දිවි අරණේ මධුමල් පිපෙනා
    බිඟු රැව් නැගෙනා
    මේ ....ප්‍රථම වසන්තයයි

    ReplyDelete
  14. ඉස්කෝලෙ තිබුන මැයි මල් ගහයි , රීඩ් ඇවන්‍යු එකේ මැයි-ජුලි මාසවල මලින් බරවෙන මාර , ඇසල , මැයි , රොබරෝසියා ගසුයි ඒ අතරින් වහින හිරිපොදයි , මතක්වුණා

    ReplyDelete
  15. මල් පොකුරු පොකුරු ඇය එන මග ඈ දෙසටම නැවීයන්
    මල් අසිරි සිරිය මල් පොකුරෙන් ඇගෙ මුහුණට ලැබීයන්

    ReplyDelete
  16. @Hasitha

    ස්තුතියි මල්ලි ..

    ReplyDelete
  17. නියමයි අප්පා . . මම ඉන්නේ ඩුබායි . . කාන්තාර රටක් උනාට හතර අතේ මල් වවලා. ඒත් වියට්නාම් වල තීය්න තරම් නෑ නෑ . . හරිම ලස්සනයි අප්පා . . රස්සාවක් හොයාගෙන වියට්නාම් එන්න හිතුනා මේ ලිපිය කියවල පින්තූර ටික දැක්කාම

    ReplyDelete
  18. ස්තුතියි දුකා..ඩුබායි තරම් යටිතල පහසුකම් වත් සංවර්ධනය වෙලා වත් නැහැ. ස්වභාවික ලස්සන තමයි. හැබැයි මෙයාලත් ගස් කපාගෙන මුඩු බිම් ගොඩ කරගෙන සංවර්ධනය?? කරා හරි වේගෙන් යනවා. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ජිවන වියදමත් ටිකක් වැඩියි ලංකාවට වඩා. දැන් දැන් නැගෙනහිර ආසියාවට ඇදෙන පිරිස වැඩියි තමයි. ඉස්කෝල කාසි සේවාස්ථානය මගින් සපයනවා නම් අනික් දේවල් නම් එච්චර අවුලකුත් නැහැ.අධ්‍යාපනය නම් හරිම මිලයි. මගේ තනි මතය නම් ආවට වරදක් නැහැ. මගේ පුර්ණ සහයෝගය.

    ReplyDelete
  19. මල් මල් මල්. හරිම ලස්සනයි. ඒ වගේම මේ මල් සමග දිවි ගෙවන මිනිසුන්ගේ මුහුණුවල තියෙන අහිංසකකම කියලා වැඩක් නැහැ. එක දිගට කියවන් ගියා. වියට්නාමය සාමාන්‍යයෙන් යන්න අපහසු රටක් නේද? මේ විස්තර හා සුන්දර දසුන්වලට බොහොම පින්.

    ReplyDelete
  20. ඇත්තටම නලිනි ඔයා ආපු එකට සන්තෝෂයි. . සත්තකින්ම අවන්කවම මම දැකපු අහිංසකම මිනිස්සු කොටසක් . මම මහා ගොඩක් රටවලට නොගියට ගිය කිහිපෙන් මම කැමතිම මිනිස්සු තමයි වියට්නාම් ජාතිකයින්. සමහර දුර්වලතා තියනවා. ඒත් අහිංසකයි. අද බැන්නත් හෙට හිනා වෙයි. එන්න එච්චර අමාරු නැහැ.ලඟදි තානාපති කාර්යාලයක් ලංකාවේ පටන් ගනියි. ඒ නැතත් ඒජන්තවරුන් හරහා එන්න පුළුවන් එහෙම අදහසක් ඇත්නම් කියන්නකෝ . ක්‍රමයක් සොයා දෙන්නම්

    ReplyDelete
  21. http://invasiveplants-srilanka.blogspot.com/2011/09/blog-post_15.html
    මල නම් ලස්සනයි,
    ඒත් ඇත්ත තත්වෙ මේකයි :)

    ReplyDelete
  22. ගඳ පාන මලකි මම ..සුවඳක් නැතැයි..ඔබ අහක විස කල..''!

    :)

    ReplyDelete