Thursday 26 May 2011

 
 
 
මඩේ ඉපදී එහිම දුක් විඳ..
නෙලුම් ගස දුනි  මේ අලුත් මල ..
රැට අහසේ සුදු වලාකුළු ..
හොරෙන් ඇවිදින් ගියා පිනි ඉස..
 
හමන සුළඟින් පාර අහගෙන ..
සුදු දුවේ අද නෙලන මේ මල
කාට දෙන්නද මම නුඹට  මිස

11 comments:

  1. මොකද එක පාරට දූ සිඟිත්තට මල් දෙන්න හිතුනෙ ........
    ලස්සට පදවැල් ටික එකතු කරලා තියනවා ....
    මටත් මගේ චූටි පැටව් මතක් වුනා ........

    ReplyDelete
  2. මේ පින්තුරේ දැක්කම මුකුත් නොලියා බෑ. අනික මගේ දුලට හරි ප්‍රශ්නේ විඩින් විඩේ මොනවද මේ කොටන්නේ කියල. පස්සේ කාලෙක කියවන්නේ වත් නැතැයි. ඔයත් හරි සංවේදී තාත්තෙක් බව පේනවා කල්හාර . අපේ ජිවිතයේ අස්වැන්න අපේ පුංචි පැටව් තමයි.

    ReplyDelete
  3. සුදු දුවේ මේ නෙළුම් මල් ගෙන
    දිවිය සුවඳින් පුරෝ ගනු මැන. . . !!

    ReplyDelete
  4. කලල් දියෙන් ඉපිද
    කලල් දිය නොගෑවී
    නොකැලැල්ව නිමලව
    නැගී හිනැහෙන සියපතක් ලෙස
    සමාජ මඩ ගොහොරුවේ
    නො එරී නොවැටී
    නැගී සිටින්න නිබඳ
    වෙරදරන්න දුවේ නිකසලව

    මල් කතා දක්කම කාලෙකට පස්සේ කවියක් වගේ එකක් ලියන්න හිතුණා . ධම්ම පදයේ පුෂ්ප වර්ගයේ එන මිහිරි ගාථා වල අර්ථ රසයත් මතක් වුණා . අවුරුදු දෙකකට විතර පස්සේ මේ කවියක් ලිව්වේ

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි දුකා..ඔබ වැනි ප්‍රවීනයෙක් මෙහි ඇවිත් කවි පදයකුත් ලියා ගියාට . ලොකු සතුටක් එය මට.

    ReplyDelete
  6. @TG

    කවියක් වගේ නෙමේ ඒක කවියක්. බන ඇහුවේ නැතුවට ධම්ම පදේ දන්නවනේ ඔයා. මොකක්ද හැබැට ඔය පුෂ්ප වර්ගය .

    ReplyDelete
  7. අනේ අර දොස්තර නෝනට කියපු දේම තමා ඕන් ඔයාටත් කියනන් තියෙන්නේ

    අනේ සහෝදරී මම එහෙමට ප්‍රවීනයෙක් නෙමෙයි.

    ගස් නැති රටේ එඬරු ගසුත් ගස් වගේ වැඩිපුර බ්ලොග් නොතිබුනු කාලේ අනිත් අය ලිව්ව විදිහට වඩා පෝඩ්ඩක් වෙනස් විදිහට ලියපු නිසාත් බ්ලොග් සහෘදයන්ගේ නිර්මානශීලීත්වය දියුනු කරන්න ඕන නිසා කමෙන්ට් කරලා මට හැඟුනු දැනුනු විදිහ පෙන්නලා දුන්නු නිසා දුකා කියල ඒ අය මට හිතවත් වුනා මිසක්කා මම පොරක් නෙමෙයි අප්පා.

    හැබැයි හොඳ රසවින්ඳනයක් තියෙන කෙනෙක් කියලා නම් කියන්න ඕන

    ReplyDelete
  8. ඔබ සමහර විට මට වඩා වයසින් අඩු විය හැකියි. යම් ක්ෂේත්‍රයක ප්‍රවීනයෙක් වෙන්නේ අත්දැකීම් මත . අනික බ්ලොග් එකක් පවත්වාගෙන යනවා කියන්නේ ලේසි වැඩක් නොවෙන වග කියවපු කාලේ නොතේරුනාට දැන් දන්නවා. එයට ලිවීමේ හැකියාව විතරක් මදි. කාල වෙලාවත් හොයාගෙන නිර්මානශිලිව කාලයක් මේ වැඩේ කරගෙන යන ඔබ වැනි අයෙක් ප්‍රවීන යයි කීමට මම පැකිලෙන්නේ නැහැ. එහෙම කිව්වේ අවන්කවම . ජනප්‍රිය බ්ලොග් කරුවෙක් [ප්‍රවීන නොකිය ජනප්‍රිය කියන්නම්කො] කොමෙන්ට් එකක් දාන එක මට නම් ඉතින් පස්වනක් ප්‍රීතියට කාරණයක්.

    වෙලාව ලැබෙන විදියට හැකි නම් පරණ ලිපි ටිකත් බලන්න .

    ReplyDelete
  9. හරි ඕන් කියවන්න පටන් ගත්තා

    ReplyDelete
  10. සත්තයි ඒක ලස්සන කවියක් අක්කේ !

    ReplyDelete
  11. @ දුකා
    ස්තුතියි කිව්වා ඔන්න ආයෙමත්.
    @ සඳරු ..
    ඔයා රස වින්ද නම් ඒ සතුට මටයි

    ReplyDelete