Thursday 23 June 2011

උමන් වලින් එලියට විත් 3D කුන්ග් ෆු පැන්ඩා බැලුවෙමි.

පසු ගිය සතියේ කුචි උමන් අතර හිරවී සිටි මා එලියට එන්නට තීරණය කළා . ඒ උමන් ප්‍රදර්ශනයට   ..කොටින්ම මුදල් සොයන ආකර්ෂණයක් විදියට තියා වියට් කොන් වරුන් ලෑන්ඩ් මාර්ක් ගොඩනැගිලි හදද්දී මන් විතරක් ඕව අස්සේ හිර වෙලා ඉන්නේ මොකටද. බුරාලගේ උපදෙස් අනුව දැන්  යමක් ලිව්වම ටික දවසක් තියන්න තීරණය කල නිසාත් මටත් ඉතින් මේ දවස් වල නොයෙකුත් වැඩ තියෙන නිසාත් තමයි ඉවසන් හිටියේ යමක් නොලියා.
 
නොයෙකුත් ත්‍රිමාන චිත්‍රපට ආවත් පවුලේ සැමට බලන්න වුනේ නම් මෙතෙක් ආපු කාටුන් තමයි. සැම කිව්වට බනිලගේ තාත්ත නම් ඔය දඬුවම වින්දේ දෙතුන් පාරයි . දැන් ඉල්ලන ඕන ගානක් දෙනවා අපි තුන් දෙනා විතරක් යවන්න. මම නම් ඉතින් ආසයි සුන්දර ත්‍රිමාන ලෝකයේ ටික වෙලාවක් සැරිසරන්න. Alice in  wonderland හැර අනික් ඒවා සේරමටම මම කැමතියි.
ඊයේ අපි කුන්ග් ෆු පැන්ඩා 2 බැලුවා. අර වෙසක් දවසේ බණ අහපු ටයිකොන්ඩෝ පැංචා ත් ආවා අපිත් එක්ක.
 
මට පුදුමයි.සති අන්තෙක නම් කමක් නැහැ. ත්‍රිමාන ශාලා කීපයකින් සහ සාමාන්‍ය  සිනමා හල් කිපෙකින්ද යුතු දැවැන්ත සිනමා සංකීර්ණයක් . සති අන්ත දර්ශනයකට ප්‍රවේශ පත් මිලදී ගැනීමත් අසීරුයි. එක අයෙකුට 3 D ටිකට් පතක් ඩොන් 90 ,000 ක් [ඩොලර් 4 1/2 ක් ] ඒ සතියේ දිනවල . සති අන්තයේ ඊටත් වැඩියි. පවුලක හතර දෙනෙක් බැලුවොත් පොප් කොන් ..බිම ජාති [ හැමෝම අතේ පොප් කොන් එකක් වරදින්නේ නැහැ .] ඩොලර් 40 ක් 50 ක් වත් යනවා. මේ සිනමා සංකීර්ණය තියෙන්නේ දැවැන්ත සුපිරි වෙළඳ සංකීර්ණයක . ලෝක ප්‍රකට වෙළඳ නාමික භාණ්ඩ තමයි  වැඩිපුර විකිණෙන්නේ . ඒවා ගන්නත් සෙනග ඕන තරම් . මන් මුලදී හිතුවේ මේවා මිලදී ගන්නේ යුරෝපිකයින් වැනි විදේශිකයින් කියලයි . නැහැ වැඩිපුරම වියට්නාම ජාතිකයින්. මොකද යුරෝපියන් කියන දෙයක් තමයි ඒ රටවලට වඩා මෙහෙ එවැනි දේ මිල වැඩි බව.
 

ද්විත්ව කුලුනැති සිනමා සංකීර්ණය . මේක ගත්තේ ගුගල් වලින්. කොහෙද කොච්චර හැදුවත් මුළු ගොඩනැගිල්ල වදින එකක් ගන්න මට බැරි වුනානේ.
 
මන් මෙච්චර මේවා කියන්නේ ඇයි. 1975 දී කුචි උමන් වලින් එලියට ඇවිත් ඒ කිව්වේ යුද්ධෙත් ඉවර වෙලා උතුර දකුණත් එක්‌ වුනාට පස්සේ මෙයාල අද ඇවිත් ඉන්න ගමන ගැන පොඩ්ඩක් හඳුන්වල දෙන්න.
මෙහෙ ආර්ථික ප්‍රතිපත්ති ඇති හැකි පරතරය වගේ හර බර පැත්ත ගැන නම් මන් දන්නෙත් නැත ,දැන ගත්තත් ලියන්නෙත් නැත . පොල් ගන්න විත් ඉඩමේ දිග පළල මනින්න ගොහින් අයිතිකාරයින් නෙලුම් විලත් ගොඩ කර අපි පවුලම නැව් නග්ගන්නටත් බැරි නැත. මා දකින භෞතික දියුණුව ගැන [ එය දියුණුවක් ලෙස අප සිතනවා නම්] පමණි   මා ලියනුයේ. දැන් බකට් ලිස්ට් එකට මේ රට දමාගෙන සිටින නලිනි ...දුකා ..ටි ජි ...ලකී ..සපතේරු උන්නැහේ වගේ අයට මේ විස්තර උදව් වෙයි කියල හිතෙනවා.

නෙලුම් පොහොට්ටුවක් හැඩති Bitexco  ගොඩනැගිල්ල .


ඉතින් සුපිරි වෙළඳ හල ගැනනේ කියා කියා උන්නේ. හැනොයි නගරයේ විතරක් මෙවැනි වෙළඳ සල් බර ගානක් සහ මෙවැනි සිනමා සංකීර්ණ ත් කීපයක්ම තියෙනවා . වාණිජ අගනගරය ලෙස ගණන් ගන්න හැකි හෝ චි මින් වල තත්වය මීටත් වැඩියි. අලුතින්ම ඉදිවුන Bitexco ගොඩනැගිල්ල ඉතාම අලංකාරයි.ඒක තමයි මෙයාල ලෑන්ඩ් මාර්ක් එක ලෙස සලකන්නේ                                                                                    








 
වෙන වෙනම විස්තර නොදා ගොඩනැගිලි කිපෙක පින්තුර ටිකක් ඔන්න
 
අපි යන්නේ කොයි පාරේ ...ලොකු අය්යා ගිය පාරේ ..මන් නෙමේ එහෙම කියන්නේ වියට් නාමය . ලොකු අය්ය තමයි චීනය . තව ටික කලකින් මෙය චිනේ වගේම වෙන බව නම් විශ්වාසයි.
ලිපිය හුඟක් දිග වෙනකොට මටත් කම්මැලි එකේ කියවන අයට හොඳටම එපාවෙයි. අනික මන් වැඩිය කැමති ආගිය තැන වල හිත ගත්තු  දේ ගැන ලියන්න . මේ වගේ පුළුල් පරාසෙක ලිපි වලට මන් ටිකක් හොරයි. පොඩි කාලේ හිතුව පත්තර කාරියෙක් වෙන්න . එහෙම වුනා නම්  දිග ලිපි ලියල මට එපා වෙයි. [  විභාග පරීක්ෂක වරු මගේ ෂෝර්ට් උත්තර වලට ආස වෙලා මට වැඩිපුර ලකුණු දෙන්න ඇති කියල මගේ ක්ෂුද්‍ර ජීවි ගුරුතුමා කිව්වා. එකත් හරි රස කතාවක් දවසක ලියන්න ඕන]
කතාව වෙන පාරවල යන්න නොදී අල්ලගන්න හරි අමාරුයි මට. වියට්නාමයේ සංචාරය කරන අයෙක්ට දැන ගන්න ඕන දේවල් ටිකක් මන් කියන්නම් . හැබැයි සේරම දේවල් බ්ලොග් පොස්ට් එකකින් කියන්න අමාරුයි. පුද්ගලිකව කවුරුහරි ඇත්තටම එනවා නම් ඒ වෙලාවට අවශ්‍ය දෙයක් සොයල දෙන්න නම් පැකිලෙන්නේ නැහැ. ඒ වගේම මෙහෙදී උදව්වක් ඕන වුනොත් කරලා දෙන්නත් මගේ ශක්ති පමණින් ඉදිරිපත් වෙන්නම්.
 
අපි ගමනක් යන්න කලින් ඉස්සර වෙලාම ගන්න පොතක් තියෙනවා. Lonely Planet සිරිස් එකේ හැම රටක් ගැනම වගේ පොත් තියනවා. බොහෝ දුරට විශ්වාස දායකයි. යන තැනක අත් පොතක් ලෙස ගෙනියන්න හැකි.http://www.lonelyplanet.com/
එයාලගේ සයිට් එක
 
ලංකාවේ ඉඳන් එන ක්‍රම කීපයක්  තියෙනවා . සිංගප්පුරුව හරහා ,තායිලන්තය හරහා හෝ මැලේසියාව හරහා.
සිංගප්පුරු ගුවන් සේවය තමයි මිල අධිකම . දෙක තායිලන්තය . ලාබම මැලේසියාව හරහා එන එකලු .ඕව ඉතින් දැන් අන්තර්ජාලයෙන් සහ ටිකට් ඒජන්ත වරුන්ගෙන් පහසුවෙන් දැන ගන්න හැකිනේ.
විසා ගන්න එක ඉස්සර ටිකක් අමාරුයි. එත් දැන් ලංකාවේ වියට්නාම එම්බසියක් තියෙන බවයි ආරංචි. ලිපිනය හොයා ගන්න මට බැරි වුනා . අන්තර්ජාලයෙත් නැහැ. ලැබුණු විට කියන්නම් . නැත්නම් සංචාරක නියෝජිතයින් හරහා තමයි. ඒවායේ  නම් මම මේකේ දාන එක හරි නැහැනේ . අවශ්‍ය කෙනෙක්ට පුද්ගලිකව කියන්නම්.
රට ඇතුලේ සංචාරය කරන කොට විස්තර තියෙන සයිට් නම් ඕන තරම් . මේ එකක්
ප්‍රවාහනය ..
ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටවල් 3 ක් තියෙනවා
හෝ චි මින් -Tan Son Nhat International Airport, Ho Chi Minh City, Vietnam හැනොයි - Noi Bai International Airport, Hanoi, Vietnam
Da Nang - Da Nang International Airport, Da Nang, Vietnam (DAD)
 
 
 
නම් ගම් හරියටම කිව්වේ හුඟ දෙනෙක්ට ඕක පැටලෙන නිසා.
රට ඇතුලේ සමහර තැන වලට යන්න ඕන ගුවනින්. හෝ චි මින් සිට හැනොයි වලට පැය දෙකක විතර ගුවන් ගමනක්. රජයට අයිති ඒ වගේම ප්‍රධානම ගුවන් සමාගම Vietnam airlines . ජාත්‍යන්තරව වගේම අභ්‍යන්තරවත් මෙය බලවත් . මිලත් වැඩියි. ඊට අමතරව බජට් වර්ගයේ සමාගම් කීපයක්ම තියෙනවා. පොඩි පොඩි ගමන් නිසා අවුලකුත් නැහැ. කෙටි ගමන් වලට ඒ කියන්නේ පැය 3 ,4 , 5 වගේ බස් වුනත් හොඳයි . සංචාරක නියෝජිතයින් එක්‌ එක්‌ වර්ගයේ ගමන් ලෑස්ති කරලා දෙනවා . ටිකක් සැප පහසුවට ..වගේම ලොකු පිරිසක් එක්ක ලොකු බස් වල වුනත් යන්න හැකි. දුම්රිය ඒ තරම්ම ජනප්‍රිය නැතත් සමහර විට පාවිච්චි කරන්න හැකි. සුද්දා තරම් ප්‍රන්ශුවා දුම්රිය ගැන උනන්දුවක් දක්වල නැහැ වගේ.
පුංචි ගමන් වලට ටැක්සි සේවය ගොඩක් හොඳයි. හොඳටම බජට් නම් Xe Om පාරක් දාන්නත් පුළුවන් නිර්භීත කෙනෙක්ට . [ අපේ ත්‍රි විල් වගේ මෙහෙ මෝටර් බයික් වල පිටිපස්සේ යාම තමා ලාබම ප්‍රවාහන ක්‍රමය .අමතර හෙල්මට්  එකක් තියෙනවා. ] අපි බය වුනාට සුද්දියොත් යනවා කිසි බයක් නැතුව. ඊටත් වඩා නිර්භීත අයට කුලියට බයික් එකක් අරන් රට වටේ යන්නත් හැකි. පවුල් බරින් තොර අය මේක ට්‍රයි කලාට වරදක් නැහැ.
 
පොස්ට් එක දිග වෙනවද මන්ද . මෙගා එකක් කරන්න මට හිතක් නැහැ. එතකොට මට වෙන දෙයක් ලියන්න බැරි වෙන නිසා . උනන්දුවක් ඇති අය කියවයි නේ දිග වුනාට.
රට ප්‍රධාන කොටස් තුනයි . ඒ තුන සංස්කෘතිය  ..ඉතිහාසය ...කෑම බිම ..සිරිත් විරිත්...දේශගුණය ..භූගෝලය වගේ දේවල් වලින් ටික ටික විචල්‍ය වෙන බව කියන්න ඕන. උදාහරනෙකට රටටම පොදු නුඩ්ල්ස් සුප් එක වුනත් මේ පළාත් වලදී පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා.
     දකුණ - හෝ චි මින් නගරය ප්‍රධානයි . මෙහි සිට මිකොන් ඩෙල්ටාව, Dalat [ නුවර එලිය වගේ ],කුචි සහ   
                     ලස්සන මුහුදු වෙරල ටිකක් බලාගන්න හැකි.   
 
 
 
 
 
     මධ්‍යම - කඳුත් සමග අලංකාර මුහුදු වෙරළවල් හිමි ලස්සන පලාතක්. චාම් [Cham ] ශිෂ්ටාචාරයේ
              නෂ්ටාවශේෂ [ වෙනම ලිපියක් ලියන්නට ඉන්න මාතෘකාවක්] සහ පැරණි රාජධානියක නටඹුන් . මටත්
                     තවම යන්නට බැරිවන බව කිව යුතුයි. ලඟදි යන්නට සිතා ඉන්න නිසා ඊට පසු ඒ ගැන ලියන්නම්.
    උතුර - මන් තුමී දැන් ඉන්නේ මෙහෙ . හැනොයි වන අගනගරය තුල ඉඳන් අවට බලා ගත  හැකියි.
            Ha Long bay [ මගේ ඊළඟ පොස්ට් එක]..කඳුකර සපා ප්‍රදේශය සහ තවම සම්ප්‍රධායික සුන්දර ලක්ෂණ ගොඩක් ඉතිරි වෙලා තියෙන හැනොයි නගරයම තුලත් බලන්න දේ ගොඩයි .
  රට තොට සේරම බලන්න නම් මාසයක් වත් ඕන . සති දෙකක් තුල අත්‍යවශ්‍ය දේවල් ටිකක්  බලන්න යන්තම් හැකියි .
 දුකාල අහල තිබුනනේ කියක් යයිද කියල .ඇත්තටම මට ඒ ගැන නම් හරියට තියා තක්සේරුවක් වත් කරන්න අමාරුයි. ඔය මුදල් වැඩ වලට මම එච්චර දක්ෂ නැහැ .එනවමනම් විතරක් සංචාරක ආයතනයකින් අහල දල ගානක් කියන්නම් .
පොදුවේ කියන්න තියෙන්නේ යුරෝපිය රටකට යනවට වඩා ලාබයි. කෑම ..විශේෂයෙන් බත් නුඩ්ල්ස් සුප් ..පලතුරු මාළු වගේ අපේ රටේ තියෙන දේවල් ඊටත් වඩා හොඳට තියෙනවා. සිංහල රෙස්ටුරන්ට් නම් නැහැ.ඉන්දියන් ඒවා ඕන තරම්.
 
Medical Insurance එකක් අනිවාර්යයි. වැදගත්ම දේ මේක අපි හිතන් හිටි සහ තවම බොහෝ අය හිතන් ඉන්න දුෂ්කර රටක් නෙමේ . ක්‍රීඩාවට ලැදි. මිත්‍රශීලි මිනිසුන් ඉන්න ලස්සන වගේම නුතන දියුණුවත් දැකිය හැකි රටක්. ආරක්ෂාවත් සාපේක්ෂව හොඳයි. ප්‍රධානම දේ බෝම්බ.පිපිරීම් නැහැ, දේශපාලන අස්ථාවර බවක් නැහැ. කල්පනා කරද්දී ගොඩක් රටවලට වඩා බය නැතිව ඇවිත් යාහැකි රටක්.
ඔන්න පර්ස් එක හෙම නැති වුනොත් මට බනින්න එපා . කොයි රටේත්  වගේ ජනාකීර්ණ තැන්වල ඒවා සිද්ධ වෙන්න හැකි. හැබැයි බැංකොක් වලට ..ඉන්දියාවට සාපේක්ෂව ඒවා ටිකක් අඩුයි.
දැන් ඇති කියල හිතෙනවා . මගේ ගෙදර මේ අවස්ථාවේ නානාප්‍රකාර නාට්‍ය රංග දක්වෙමින් පවතිනවා. සාලයේ මැද විටින් විට දර්ශන තල මාරු වෙන බව පේනවා. ඒ ගැන සොයන්නත් ඇති නිසා අදට ඇති.
 
ස්තුතිය ...මේ ගැන ලියන්න කියල හැමදාම මතක් කල ..අම්මට කරදර නොකර ලියන්න දෙන්න කියල පොඩ්ඩන් ගෙන්  ඉල්ලීමක් [ නැතිව තර්ජනය කරන්න නම් බැහැ.. ලෝකේ කාටවත් බය නැති වුනත් මේ දෙන්නට හරි බයයි...] කරපු බනිලගේ තාත්තට ...සහ විශේෂ ස්තුතිය එක්සත් ජාතීන්ට මැදිහත් වෙන තරමේ රණ්ඩුවක් නැතිව ගේ අනික් පැත්ත පෙරලපු ලොක්කිටයි  ..බනීටයි .

38 comments:

  1. අර චාම් ශිෂ්ටාචාරය ගැන ලිපිය එනකං බලාගෙන ඉන්නවා.. ඔන්න ඔයා මට අලුත් මාතෘකාවක් හොයලා දුන්නා කියවන්න.. තෑන්ක්ස්.. :)

    ReplyDelete
  2. හුම් වියට්නාම් ගැනත් ටිකක් ඉගනගත්තා.. ඔයපැත්තෙ නැද්ද අපේ වගේ ආතල් දෙන ඇමති තුමන්ලා එහෙම....

    ReplyDelete
  3. හරිම රසවත් ...අපිත් විදේශ චාරිකාවක් ගියා වගේ දැනෙනවා ...ස්තුතියි අපව දැනුවත් කළාටත් සොඳුරු සුව අසපුව දිරි දෙනවාටත්

    ReplyDelete
  4. කිඩෝ හරි ඇති ඒ අතින් නම්.. රට නම් හුඟක් දියුණු වෙලා තමයි මම 2005 එනකොට දැක්ක රට නෙවෙයි.. බොහොම දියුණුයි.. HCMC වල නම් හන්දියක අඩු ගණනේ මෝටර් සයිකල් දාහක් වත් තියෙනවා. ඉස්සර එහෙම තිබුනේ පාගන සයිකල්.. පොලිසියත් හරි දියුණුයි. අලුත් කොල්ල දන්නවා ඇති ,, හිටු කියල පගාව ගහනවා.. අපේ රට වගේ තමයි ඒ අතින් නම්.. නගරේ ඉඳල Cae mep වලට කන්ටේනර් එකක් ගඟෙන් ගියොත් යන්නේ ඩොලර් 30 යි පාරෙන් ගියොත් පොලිස් පගාව විතරක් ඩොලර් 45 ක් ! ඔබ කියන එක හරි.. ලස්සන රට.. මිනිස්සුත් හොඳයි අපේ අය වගේ.. අනිත්වත් කිඩෝ කියන්න වගේ මට පෙනෙන්න්නේ ..ඔයා අපිට වැඩිය දන්නවා ඇතිනේ.. කිවුවමයි මතක් උනේ. මේ සති අන්තයේ කුන්ෆු පන්ද බලන්න ඕන පොඩි උන් දෙන්න එක්ක

    ReplyDelete
  5. මරු ලිපිය .. වියට්නාමේ සැහෙන දියුණුවක් ලබල තියන බව පේනව


    "මෙහෙ ආර්ථික ප්‍රතිපත්ති ඇති හැකි පරතරය වගේ හර බර පැත්ත ගැන නම් මන් දන්නෙත් නැත ,දැන ගත්තත් ලියන්නෙත් නැත . පොල් ගන්න විත් ඉඩමේ දිග පළල මනින්න ගොහින් අයිතිකාරයින් නෙලුම් විලත් ගොඩ කර අපි පවුලම නැව් නග්ගන්නටත් බැරි නැත"

    ඒ කියන්නෙ ගිණිකොන දිග ආසියාවට පොදු අදහස් වාරණය වගේ දේවල් ඔහෙත් තියනවද ? මම දකින දියුණුව නම් එහෙම වාරනයන්ගෙනුත් තොර වෙන්න ඕනි . එතකොට තමයි හොඳ කලා නිර්මාන , නව සංකල්ප වගේම හොඳ ආකල්ප සහිත ජනතාවක් ඉන්න රටක් බිහිවෙන්නෙ . දැනට ලොකෙයේ දියුණු රටවල තත්වය එහෙම තමයි ගොඩක් දුරට ( මම දන්න තරමින් ). අනාගත ලෝක බලවතා ගෙ නම් ඔය අංශය සැහෙන්න පහලයි . ඊලඟ බලවතාය කියන කෙනාගේ යම්තාක් දුරකට ඒ ලක්ෂන තිබුනත් අධික ජනගහනය , දරිද්‍රතාවය වගෙ දේවල් නිසා ඒ දේවල් ඉස්මතු වෙලා නැ

    ReplyDelete
  6. @ බුරා ..
    ඒ පැත්තේ ගිහින් ඇවිල්ලම ලියන්නම් . එතකම් ඒ ගැන කියවන්නකෝ වෙබ් එකේ තියෙනවා විස්තර .
    @ කීඩෝ
    . ස්තුතියි මට ඇත්තටම කියන්න ඕන වුනේ මෙහෙ සංචාරය කරන කෙනෙකුට රට දුෂ්කර නැති බව කියන්න . එක පක්ෂේ දේශපාලනයක් තියෙන්නේ . හැබැයි අපිට එකෙන් අවුලක් නැහැ . කරදරයක් නැතුව අවුරුදු පහක් අපි මෙහෙ ඉන්නවා.
    @සරත් ..
    ස්තුතියි ..ම්....අනේ මන්දා . මම ඉතින් ගෙදර ඉන්න මනුස්සයනේ . ව්‍යාපාරයක් හෙම කරන අයට කොහොමද මන්දා. ලංකාවේ ව්‍යාපාර කීපයක්ම තියෙන බව නම් දන්නවා.
    @ බුවා ..
    ස්තුතියි ..මේ පැත්තේ ආවට. මන් ඉතින් කිව්වේ මට දකින්න තියෙන දේ . කොයි දේත් සාපෙක්ෂයිනේ. මගේ ''' මහා පුදුමෙකි 'මැතිවරනෙකි'' ලිපිය බලන්නකෝ . රටක සංචාරය කරන හරි ටික කාලෙකට රස්සාවක් කරන්න ආපු හරි කෙනෙක්ට ඒ රටේ වැදගත් වෙන්නේ දැක බලා ගන්න තියෙන දේවල්...බෝම්බ පිපිරෙන්නේ නැතුව පාරේ යන්න හැකි කම ...අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ඇත්ද යන වග .[..මට නම් පාසලුත් වැදගත් . ] ..මම මේ ලියන්නේ අන්න ඒ තැන ඉඳගෙන .කොයි දේත් හොඳ නරක දෙකම තියෙනවනේ .අපිටත් පක්ෂ ගොඩාක් තිබ්බ කියල විශේෂ හොඳක් වෙලාද කියල මට හිතෙනවා. අනික සමහර දියුණුයි කියන බටහිර රටවල හමේ පාටට තියෙන අව සැලකීම මෙහි නැති බව කියන්න ඕන.
    තවත් එකක් මෙහෙ විතරක් නෙමේ කොහේ හිටියත් දේශපාලනය ලියන්න කැමති නැහැ. කොටින්ම බයයි. ගොඩක්ම බය කරුණු හරි හැටි නොදැන ලියන එක නරකයි. ඔය අංශ වල වාද වලට මම ශක්තිමත් නැහැ අනේ. ඔන්න පොත් ගැන එහෙම නම් ඕනෑතරම් කතා කළහැකි. ඔයාගේ බ්ලොග් එකත් මන් බලනවා.කමෙන්ට් නොකලට
    තව දෙයක් දියුණුව මනින ක්‍රමයත් සාපෙක්ෂයිනේ . ලියන්න නිදහස තිබ්බට පාර දිගේ මැරෙනවනම් ..කන්න නැත්නම් ඒ නිදහස මොකටද . මන් අහල තියෙන්නේ ''වනටු'' රටේ වැසියෝ තමයි සතුටින්ම ඉන්න ජාතිය. ඒ අවශ්‍යතා අඩු නිසා.

    ReplyDelete
  7. @ මහේෂ්
    තව පොඩ්ඩෙන් ස්තුති කරන්නත් බැරි වෙනවා. ඔබේ බ්ලොග් එක මන් අනිවාර්යයෙන් බලනවා.

    ReplyDelete
  8. වියට්නාම් ගැන මම හිතාන හිටිය හැටි සම්පූණයෙන්ම වැරදි බව ඔයාගේ ලිපි කියවද්දී මට හැමදාම හිතෙනවා .

    කොයිතරම් ලස්සන රටක්ද අප්පා . අපිට ඉතින් හීනෙකින්වත් ඔය රට රාජ්ජ වලට එන්න බෑ නේ . ඔයාට තමයි අපිට ඔය රටේ ලස්සන තැන් පෙන්වන්න වෙන්නේ .


    කුංග්ෆු පැන්ඩා 2 හොඳයිද ?

    ReplyDelete
  9. එහෙම කියන්න එපා සඳරු මල්ලි . ඔයා වගේ අය තමයි රස්සා කරන්න රට රට වල යන්නේ . අපිත් එහෙම තමයි. විශ්වය ගම්මානයක් වෙලානේ . අනික තවම අවුරුදු 22 නේ . සංචාරකයෙක් වෙන්නත් සල්ලි තිබ්බම කියලත් බැහැ. සල්ලි එකතු කරලා කරලා නිකන්ම සමහරු මැරිලා යන්නේ . ඒ වගේ තමයි සතෙන් සතේ එකතු කරලා දඹදිව යන ආච්චිලා සියල ගැන මොකද හිතෙන්නේ .

    කුන්ග් ෆු panda හොඳයි. මන් නම් අර කන්නාඩි දෙක දාගත්තම ෆිල්ම් එක ඉවර වෙලා තමයි වටපිට බලන්නේ . ත්‍රිමාන රුප වලට මන් හරි ආසයි. මගේ ප්‍රියතම නළුවෙක් වන ජැකී චෑන් නේ කුන්ග් ෆු panda ට හඬ දීල තියෙන්නේ .

    ReplyDelete
  10. රසවත් පොස්ට් එක. අපිත් සංචාරය යෙදුනා වගේ දැණුනා.

    /...මෙහෙ ආර්ථික ප්‍රතිපත්ති ඇති හැකි පරතරය වගේ හර බර පැත්ත ගැන නම් මන් දන්නෙත් නැත ,දැන ගත්තත් ලියන්නෙත් නැත . පොල් ගන්න විත් ඉඩමේ දිග පළල මනින්න ගොහින්.../

    මසුරන් කියමන

    ReplyDelete
  11. ස්තුතියි ගල් මල් ..
    අර ඔයාගේ පවර් පොයින්ට් පොස්ට් ටික තවම බලන්න බැරි වුනා . ඉක්මනට බලන්න ඕන . අන්න හරි ඔයාට තේරුනානේ.

    ReplyDelete
  12. ඔහොම ඉන්නකෝ ඔන්න මගේ අනාගත සංචාරක ලයිස්තුවට මම වියට්නාමයත් ඇතුලත් කලා...
    හ්ම්ම්..දැන් මගේ ලැයිස්තුව සෑහෙන දිග වෙනවා..
    කෝ බලමු..
    ප්‍රංශය...
    දඹදිව වන්දනාව...
    ලෙසතෝ..(ඒ ජැකාගේ වැඩක්)
    බ්‍රසීලය...


    හුටා තාම යාපනේ ගියෙ නැහැ..:D

    ස්තූතියි..මම මේ වගේ ලිපි බොහෝම අසාවෙන් කියවනවා..හැබැයි තව ටිකක් නවාතැන් ගනත්..ආහාර පාන ගැනත් දන්න විදියට ලිව්වනං හොඳයි...

    ReplyDelete
  13. මාරයා ලෙසතෝ යන්න හදන්නෙ අර ජැකා කරපු ප්‍රෝග්‍රෑම් එක බලල වෙන්ටැ.. ඒක පට්ට නේද.. :)

    මේ පැත්තේ එන්ට අදහසක් නෑ..??

    ReplyDelete
  14. @මාරයා
    ඔයාට නම් මොකෝ ''අපු''ට වගේවත් පවුල් බරක් නැති එකේ ලෝකේ වටේම ගියහැකි. අප්‍රිකන් රටවල කිපෙකටම ගිය බනිලගේ තාත්තා ඒ ගැන කිව්වා විස්තර වලින් මටත් අප්‍රිකාවේ යන්න ආස හිතෙනවා. ජර්මනිය ත් ලස්සනලු. ඇයි රුසියාව . මාත් ආසයි ඔය කොයි රටෙත් ගිහින් බලන්න . ඇත්තටම යනකම් අර විසා නැති ක්‍රමයට වත් යමු.
    ප.ලි.
    මාරයා මෙහෙ එනකොට අපි හිටියොත්''මාරයාගේ '' මාර රසවෙතෙක් මෙහෙ ඉන්න නිසා හොඳට බලා ගනියි.
    නවාතැන් ..කෑම බිම ගැන අවශ්‍ය විටක විස්තර කියන්නම් . තව ලස්සන තැන ගැන ලියන්න ඉන්නේ ඉදිරි පොස්ට් වලින්.
    @ බුරා ..
    දැන් ඔය කොයි රටේද බුරා ඉන්නේ.

    ReplyDelete
  15. හරිම ලස්සන විස්තරයක් නංගියේ. මමත් හරිම ආසයි, සංචාරයට. තායිලන්තය , මැලේශියාව, සිගප්පූරුව, බොර්නියෝ ,Hong Kong , වගේ රටවල් වලට ආසියාවේ ඔය පැත්තෙන් ගිහින් තිබුනත් වියට්නාමයට නම් එන්න බැරි උනා තවම. ගොඩක් විස්තර දැනගත්තා. ඉතින් ඔයාගේ අනික් ලිපිත් වෙලාතියෙන විටක කියවන්නම්. ඔයාගෙ ලියන ශෙයිලිය නිදහස් නිසා මම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
  16. ඔයාට පොඩි වැරදීමක් වෙලා . . . .
    කුංෆු පැන්ඩා චිත්‍රපටියෙ පැන්ඩට (පෝ) හඬ කවන්නෙ Jack Black
    ජැකී චෑං හඬ කවන්නෙ පෝ ගෙ සගයෙක් වන Monkeyට
    තවත් විස්තර ඕනෙ නම් . . .
    Tigress - Angelina Jolie
    Sifu - Dustin Hoffman
    Mantis - Seth Rogen
    Viper - Lucy Liu
    Crane - David Cross
    අනිත් කට්ටියත් ඕනෙද ???

    ReplyDelete
  17. මමත් ගියේ නැති රටක් වියට්නාමය. ලඟදීම සංචාරය කරන්ටත් බලාපොරොත්තු වෙනවා.

    මාත් චීනෙට යනකල් හිටියේ ඔය පැත්තේ රටවල් නොදියුනු බවකුයි. ගිහින්, පාර පුරා යන සයිකල් කාරයොයි, අර සම්ප්‍රදයානුකූල චීන ඇඳුමුයි හොයන කොට තමා දැනුනේ මම හිතාගන ඉඳලා තියෙන්නේ පරන චීනයක් ගැන බව. ඒ රටත්, (මම ගියේ බීජිංවලට විතරයි) ඉතාම පිරිසිදු, බලන්ට ලස්සන තැන් තියන (චීන මහා ප්‍රාකාරය වගේ ) හොඳ මිනිස්සු කට්ටියක් ඉන්න රටක්. හොර, බොරු නෑ. වන්චා නෑ.හැබැයි ඉංග්‍රීසි බෑ.

    බින්දි ලස්සන විස්තරයක් කරලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔය පැත්ත බලන්ට එනවා.

    ReplyDelete
  18. @ඕනයා .
    ඒක තමා මන් බැලුවේ කටහඬ වෙනස් මොකෝ කියල . ඕනය ඕන දෙයක් දන්නවා වගේ . ෆිල්ම් ගොඩක් බලනවා වගෙයි.
    ස්තුතියි හොඳේ. පොඩ්ඩා ලොකු වෙද්දී තව වැඩිපුර කාටුන් බලන්න වෙයි
    @ පොඩ්ඩි..
    මටත් චීනෙට යන්න හරි ආසයි . විසා ගන්න අමාරුනේ. බනිලගේ පපා නම් ගියා . ඇත්ත තමයි. අපි දැකල තිබුනේ දිගට කොන්ඩෙත් වවල එහාට මෙහාට පියාඹන ගමන් ගුටි ඇන ගන්න චීනුන් ඉන්න චිත්රපටිනේ. වෙඩින් එකෙන් පස්සේ වත් එන්න බලන්න .
    @චන්දි අක්කා ..
    මට හොඳටම ඕන වුනා ඔයාගේ බ්ලොග් එක හොයාගන්න. ස්තුතියි මේ පැත්තේ ආවට . දිගටම හමු වෙමු නේද. අත්දැකීම් ගොඩක් තියෙන ඔයාව අඳුන ගන්න ලැබුනට ගොඩක් සතුටුයි.

    ReplyDelete
  19. ඇත්තටම හරිම ආසාවකින් කියෙව්වා..වියට්නාමෙ දේශගුනය කොහොමද ? මම අහන්නේ ශීත කාලෙ උෂ්ණත්වය එහෙම...අපේ ආණ්ඩුවෙන් පොඩි පොඩි බලපෑම් තියනවා තව කොහේ හරි යන්න ඕන කියලා..ඒ නිසා මේ දවස් වල පොඩි survey එකක් කරනවා ..ඒත් පොඩි කාරණයක් නිසා ඊළඟ winter එකට තමයි ඒක කරන්න හිතා ගන ඉන්නෙ...ඒ වෙනකොට අපිට බින්දිගෙ පිහිටෙන් වියට්නාමෙ ගැන ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයිනෙ..
    මේවා ලියන්න උදව් කරන එතුමාටත් බොහොම ස්තුතියි කියන්න

    ReplyDelete
  20. @ ලකී..

    දකුණ තනිකර නිවර්තන ...කොළඹ වගේ ..හම්බන්තොට වගේ ...ප්‍රදේශ තමයි. මැද විශාල කඳුකරයක්. දන්නවනේ කඳුකර දේශගුණය . අපි ඉන්න උතුර නම් දේශගුණය වෙනස් . හිම නැතත් දෙසැම්බර් ..ජනවාරි අංශක 6, 7 වගෙත් අඩු වෙනවා. උතුරු පැත්තට නම් එන්න ලස්සන වසන්ත සහ සරත් සමයේ තමයි. අනික් පළාත් කොයි කාලෙත් එකයි.

    ආ එතුමා මට වඩා ගොඩක් ඇවිදලා අත්දැකීම් තියෙන කෙනෙක්. ලියන්න වෙලාවක් නැහැ. ඉතින් මන් ලියනවට ආසයි. ඇත්තටම එහෙම අය ඉන්න නිසයි මන් කියන්නේ විවාහ ජිවිතේ හැම විටම කළු නැහැ කියල .

    ReplyDelete
  21. niyayi binid akka.danne nathi dewal godayine oya paththe.:D

    ReplyDelete
  22. බින්දි, බොහොම ස්තුතියි විස්තරයට. ඒ වගේම ඡායාරූපවලට.
    මිනිස්සු ටිකක් අපේ රටේ වගේ කියන්නෙ, අපිට තනියෙන් රෑ වෙලා ගමන් බිමන් යන්න අමාරුද? සෙනග අඩු පාරවල, කැලෑවල එහෙම තනියෙන් යන්න අමාරුද?
    කැලෑ සහ ලස්සන වටාපිටාවන් සහිත පාළු පාරවල්, පරණ ශිෂ්ඨාචාරවල නටබුන් ඇති තැන් ගැන එහෙමත් පෝස්ට් එකක් දාන්නකො. ආසාවෙන් බලා ඉන්නවා.

    ReplyDelete
  23. අපොයි නලිනි මිනිස්සු අපි වගේ කියල මන් කිව්වද . රුපෙන් විතරක් නෙමේ බොහෝ දේවලින් වෙනස්. ගැණු හුරුබුහුටියි . අහන්නකො අපේ අලුත් කොල්ලගෙන් . පිරිමි නම් එච්චර කඩවසම් නැහැ. දැන් අපේ අය කොලර් උස්ස ගනියි. ඔව් ඔව් ලංකාවේ පිරිමි ඊට වඩා කඩවසම් අර ටිකක් වයසට යද්දී එන බඩ ගෙඩිය ඇරුනම .අනේ නැහැ . 100% ක් කොහෙත් ආරක්ෂා නැහැනේ. ඒත් ඕන ඇඳුමක් ...ඇඳගෙන ඕන වෙලාවක පාරේ යන්න හැකි. පිටිපස්සෙන් බලල විසිල් පාරක් ගහන්නේ හෙම නැහැ. ළමා අපචාර බොහොම අඩුයි. ඒ අතින් නම් බුදු දහමට නිගරු කරන අපේ බෞද්ධ රට ලජ්ජා විය යුතුයි. මගේ දුල දෙන්නව රියැදුර එක්ක හදිසියට යවන්න පුළුවන් . ඒත් ලාංකික අම්මෙක් හැටියට අපේ ජන්මයෙන් එන බය නිසා එක කරන්න බැහැ. එඅතින් ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවලට වඩා 90%ක් හොඳයි. ඔය ගැන නම් වෙනම පොස්ට් එකක් ලියන්න වටිනවා. අපි විතරක් නෙමේ ඉන්දියන් අම්මලත් එකඟයි මාඑක්ක .

    නටබුන් බලලම ඒ ගැන ලියන්නම් . විශේසයෙන් ඉන්දියන් ආරේ ප්‍රතිමා ගැන සොයන්න ආසයි. සොබා ලස්සන ගැන නම් ඊ ළඟ පොස්ට් එකෙන් ටිකක් කියන්නම්. ඒක නෙමේ බිසී වගේ මුකුත් ලියලත් නැහැ.

    ReplyDelete
  24. Bindi,
    පිරමිඩයක් අනිත් පැත්ත හැරෙව්ව වගේ තියෙන Hanoi Museum එකේ night shot එක නම් හරිම ලස්සනයි....
    දවල් එලියෙන් ගත්ත පින්තූර දැකල තිබුනට ඒකෙ රාත්‍රී ඡායාරූපයක් දැක්කමයි...

    මම නම් ඈත පෙරදිගින් ගිහින් තියෙන්නෙ තායිලන්තයට විතරයි.... ඉක්මනට ඔය පැත්තත් කවර් කරන්න ඕන...

    ReplyDelete
  25. @බින්දි,

    නාම් කෙල්ලො හරිම කියුට් තමා.. මගේ මෙහෙ යාළුවෙක් ඉන්නවා නිකං හා පැටියෙක් වගේ.. :)

    මං මේ දවස්වල අර චම්පා ශිෂ්ටාචාරය ගැන කියවනවා.. නොදැනම හිටිය ඉතිහාසයක් ඒක.. මං හිතුවෙ angkor wat රාජධානියෙ කොටසක් කියලා, නැහැනෙ වෙනමම රාජධානියක්.. ඔයාගෙ ෆොටෝස් දානකං බලාගෙන ඉන්නෙ..

    ReplyDelete
  26. ඔන්න එළ post එකක් මේක සංචාරක ආකර්ෂණය ඇති වෙන විදියට ලියලා තියෙනවා ආ.... බින්දි අක්කා කලින් කියපු කතාව ඇත්ත තමා සංචාරත අමත්‍යාංශයෙන් අක්කට වෙනම ගාණක් දෙන්න ඔනේ මේවට.
    මම පොඩි කාලේ ඉදලම දකින හීනයක් තමා ඔය රට රටවල්වල සංචාරය කරන එක පොඩි කාලේ කිව්වට ඉතිං තාම පොඩියි. ඒත් කොහොමහරි ඒ හීනේ ඉෂ්ඨ කරගන්න අදහසක් තියෙනවා. ඒ කාලෙට අනිවා ඔය පැත්තේ ඇවිත් යන්න එනවම තමයි.

    ඒක නෙමේ තාම බින්දි අක්කා කවිමුතුමල්වල post එකක් දැම්මේ නෑනේ පුළුවන්නම් kung fu panda 2 ගැන කවි පෙළක් ලියලා දාන්නකෝ මට හිතෙනවා ඒක ලස්සනට තියෙයි කියලා

    http://kavimuthumal.blogspot.com/

    ReplyDelete
  27. අදත් වියට්නාම් සංචාරයට සහභාගි වුනා. බොහොම ස්තුතියි මේවා පැහැදිලි කරනවාට. වියට්නාමය ගැන හොඳ අදහසක් ගන්න මේ ලිපි පෙල ප්‍රයෝජනවත්.

    සංස්කෘතිය, සිරිත් විරිත්, කෑම බීම වගේ දේවල් ගැනත් දැනගන්න කැමතියි. අපි ඉතින් නෙලුම්විලෙන් ඇරෙන්න වියට්නාමේ කවදා දකීද කියන්න බෑනේ.

    කරනවා නම් තවත් වැඩක් තියේ. මම ඒක පසුවට කියන්නම්. ජයවේවා !

    ReplyDelete
  28. @ දිලීප ..
    ස්තුතියි දිලීප ..මොනවා හරි දෙයක් අලුතින් දැන ගත්ත නම් ඒ තමයි මගේ සතුට
    @සපතේරු උන්නැහේ ..
    ඇත්ත තමයි . ඒක හරි ලස්සනයි. මම ඒ ගැන නොකීවට ඔයා නම හොයාගෙන . පෝස්ට් ඒක දිග වැඩි වෙන නිසයි වැඩිපුර නොකීවේ.
    @ බුරා ..
    කෙල්ලෝ කියුට් කියල කට්ටිය ගොඩක් මෙහෙ නතර වෙනවත් එක්ක . චාම් ගැන ලියන්න ඕන තමයි. ටිකක් තව සොයල බලල .
    @ අසංක ..
    ස්තුතියි මල්ලි .අපොයි ඔව් ඔයාලට ඕන තරම් කල් තියෙනවා ඇවිදින්න. කවි ටිකක් ලියන්න ඕන තමයි. කාටත් සහභාගී වෙන්න හැකි දෙයක් විය යුතු නිසයි ටිකක් හිතන්න ඕන.
    @ චතුරංග
    මටත් මේක අලුත් අත්දැකීමක් . බොහෝ දෙනෙක් ඒ කාලේ කිව්වා මොකට යනවද . ඔස්ට්‍රේලියාව වගේ රටකට යන්න බැරිද ඇහුවා. මට ඕන මේ රටත් නරක නැහැ . රස්සාවකට හරි සංචාරකයට හරි එන කෙනෙක්ට බිය විය යුතු නැහැ කියල පෙන්වන්න . කොහේ හරි යන්න ලැබුනොත් කොහොම හරි යන්න . අලුත් දේවල් දැන ගන්න හැකිනේ. අර වැඩේ එහෙනම් පස්සේ කියන්නකෝ.

    ReplyDelete
  29. වියට්නාමය ගැන මම කලින් හිතාගෙන් හිටියේ වැරදි පින්තුරයක් වගේ

    ReplyDelete
  30. බින්දි, මුකුත් ලියන්න හැටියක් නෑ, නිවාස අඩස්සියෙ ඉන්නෙ මේ ටිකේ. :-( කොහොම නිදහසේ හිටපු මංද? :'(

    ReplyDelete
  31. එදා මෙදා තුර නෙළුම් විලේ ලිපි මගින් කිව හැක්කේ, බින්දි යනු නිදහසේ හිතුන හිතුන තැන පියඹන කිරිල්ලියක බවයි ......

    ReplyDelete
  32. මට මෙහෙම පියාඹන්න හැකි වුනේ පියාඹන්න කැමති කුරුල්ලෙක් හමුවුන නිසා. හැබැයි ඉතින් කොහෙද හිතුන හිතුන තැන් වල පියාඹන්නේ ..පොඩි කිරිල්ලියන් ඉන්නවනේ . නැත්නම් මට ආසයි කෝච්චිවල ..බස් වල මේ රට පුරා යන්න . හැබැයි විසා නැතිව හිතින් නම් ඕන ලෝකෙක යන්න හැකි. දැනුත් කැළණි පන්සල් ගිහින් ආවේ.

    ReplyDelete
  33. බුදු අම්මේ .. . .

    මට නම් දැන් වියට්නාමෙට එන්න තියෙන ආසාව ඊජිප්තුවයි තුර්කියයි බලන්න යන්න තියෙන ආසාවට වඩා වැඩී . . .

    අනික දියුණුව . .

    අපි මහා ලොකුවට "ලෝකෙන් උතුම් රට ලංකාවයි. . . ලංකාවයි සිරි ලංකාවයි" කිය කිය පම්පෝරි ගහ ගහ තුන්වෙනි ලොකේ ම රටක් වෙලා ඉන්න කොට යුද්ධය නිසා නැත්තටම නැති උනු මේ රටවල් දියුණුවේ හිනිපෙත්තටම යයි වගේ.

    මේ වගේ රටවල් දියුණු වෙනවා දැක්කාම ඉරිසියා හිතෙන්නේ නම් නෑ . . අපේ රට ගැන පුදුම කලකිරීමක් එනවා.

    ම් ම් ම් ඇත්තෙන්ම මට හිතෙනවා තව මාස 6කට විතර පස්සේ ඔය පැත්තේ අපි තුන්දෙනාම ආවා නම් කියලා . .

    බින්දි හරි බනීලගේ තාත්තා හරි මූනු පොතේ ඉන්නවාද??

    හැබෑවටම අඳුන ගන්න කැමතියි කරදරයක් නෙමෙයි නම් . ..

    ReplyDelete
  34. අහ් මාරයාගේ කොමෙන්ටුවකට "අපූ" ගැන කියල තිබ්බ නිසා මේ ටික අහන්න හිතුනා.

    බින්දිලා සත්‍යජිත් රායිගේ අපූ ත්‍රිත්වයෙන් හදපු ෆිල්ම්ස් තුන බැලුවද??

    පාතර් පංචාලි, අපරාජිතෝ, අපූර් සංසාර්

    මගේ යාලුවෙක් මේ ෆිල්ම් තුන මට ඩවුන්ලෝඩ් කරලා දුන්නා තාම බලන්න නිදහස් වෙලාවක් ලැබුනේ නෑ . .

    ඕන නම් කියන්න ටොරන්ට් ෆයිල් තුනේ ලින්ක්ස් හොයලා දෙන්නම්.

    ReplyDelete
  35. @ දුකා

    මුණු පොතේ ඉන්නේ මන් විතරයි . එයාට ඕවට වෙලාව නැතිලු. හැබැයි රෑ පාන්දර වෙනකම් බ්ලොග් නම් කියවනවා. ඔන්න මන් මුණු පොතේ ඔයාව හොයා ගත්තා . ..මගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා .

    දියුණුව....

    මෙතැනදී පැති දෙකක් තියෙනව. මාත් ඉන්නේ වැට උඩ.

    1....රටේ සම්පත් යොදාගෙන සංචාරක කර්මාන්තය දියුණු කරගෙන අපිට දියුණු වෙන්න පුළුවන්. එතැනදී සිංගප්පුරුව වගේ උදාහරණයක් තමයි හොඳම . හැබැයි දේශපාලන පක්ෂ හැට හුටාමාරක් එක්ක ඒ ගමන යන්න හැකිද ?? මෙතැනදී වෙන අතුරු විපාක වලට මුණ දෙන්නත් අපි ලෑස්තිද කියන එකත් ප්‍රශ්නයක්. සිංගප්පුරුවේ ඇති විශාල කැසිනෝ හලක් ඇරිය ලඟදි. දේශීය අයට යම් සම්බාධක තියෙන බවත් මුලිකවම විදේශිකයින් අරමුණු කර ගෙන ඇති බවයි මන් අහල තියෙන්නේ . අපේ සංස්කෘතිය ..ආකල්ප එක්ක ඕවගේ දේවල් ගැන නිර්භීත තීරණ ගන්නේ කව්ද.

    2...ජපානේ වෙච්ච අලකලංචිය දකිද්දී හිතෙනවා නේද වැඩිය දියුණු නොවී ''වනටු'' දිවයින වගේ තිබ්බ නම් හොඳයි කියල . ලෝකයේ සතුටින්ම ඉන්නේ වනටු වාසීන් බවයි කියන්නේ.

    මටත් ඔය ගැන පැහැදිලි මතයක් නැහැ. වෙනම පොස්ට් එකක් දාමුද ඔය ගැන කතා කරන්න . කවි සංවාදයක් වුනත් නරක නැහැ.

    http://kavimuthumal.blogspot.com/ වලට සම්බන්ධ වෙන්න කැමතිද . අසංක මල්ලි පටන් ගත්තේ .

    ReplyDelete
  36. @ දුකා...
    ''අපු''ත්‍රිත්වය මන් බලල තියෙනවා . ගොඩක් කල්. ඒත් ආයේ බලන්න කැමතියි . ලින්ක් ටික දෙන්න. පොත් තුන කියවල හදා ගත්තු මගේ මනෝ චිත්‍ර වල අහලින්වත් තියන්න බැහැ චිත්‍රපට . චින්තා ලක්ෂ්මි පරිවර්තනය කරලා මවල දුන්න සුන්දර ලෝකයට තමයි වැඩි මනාපය. ඒත් චිත්‍රපටයක් හදද්දී සිමාවන් ඇතිනේ. අනික වැඩි ආරළු බුරළු ශිල්ප ක්‍රම නැති කාලෙක සත්‍යජිත් රායි ඒ පොතට කල හැකි සාධාරණය කල බව කිව යුතුයි.
    ඔය පොත් තුනම එකට බැඳලා ලස්සන තෑග්ගක් ලෙස මට ලැබුනා. ඔන්න බෑග් එකට කිලෝ 2 ක් විතර වැඩි වෙන්නයි යන්නේ.

    ReplyDelete
  37. බින්දි, ඔයා එක්ක නම් බෑ අප්පා, දැන් වියට්නාමෙට නෑවිල්ලම බැරි තත්වෙට ඔයා මාව පත් කරලයි තියෙන්නෙ......හෙහ්, හෙහ්,

    මම හරිම ගරු කරනව වියට්නාම ජාතිකයන්ට. නොහැක්කක් නොමැත කියන කියමන ලෝකෙට ඔප්පු කලේ වියට්නාම් ජාතිකයො ඇමරිකානුන්ට විරුද්ධව කරපු විජයග්‍රාහී සටනින්.

    ඒ හැටි වියදමකුත් නැහැ කියල ඔයා කියන නිසා එන්නම තමයි මගෙ කල්පනාව.

    ReplyDelete
  38. ලින්ක්ස් ටික යාලුවගෙන් ඉල්ලුවා.
    ලැබුනු ගමන් එවන්නම් බින්දි.

    ReplyDelete