ක්‍රි.පු. පලවන සියවස වන විට සේද මාර්ගය . Merv වලදී සියලුම මාර්ග එක් වන හැටි මේකෙන් හොඳට පෙන්නුම් කරනවා
සිතියම විකිපිඩියාවෙන්
.
විවිධාකාර අධිරාජ්‍යයන් ඇති වෙලා සේද මාවතේ බටහිර අන්තය ඒ කියන්නේ මුලිකවම මධ්‍යම ආසියාව දියුණු වෙච්ච හැටි කලින් ලිපියෙන් කිව්වනේ . මේ වන විට මහා පරිමාණයෙන් නැතත් චීනය සහ බටහිර ලෝකය අතර ගනුදෙනු වෙමින් තිබුනා . ඉතිහාසය ඉරක් ගහල කාලසීමාවන් පෙන්වන්න බැහැනේ . හැබැයි මේ ගනු දෙනු වෙන්න ඇත්තේ හුදකලා වෙළෙන්දන් මගින් වෙන්න පුළුවන් බවයි කියවෙන්නේ . අනික අතරමැදියන් ඉන්නත් නැතැයි.
බටහිර අන්තයට සාපේක්ෂව චීනය පැත්තෙන් මන් මාවත් දියුණු වුනේ ඉතාම හෙමින් . දේශපාලන තත්ත්ව වගේම ඒ පැත්තේ භූ විෂමතාවත් එච්චර මිත්‍රශීලි වුනේ නැහැ .
විවිධ සංග්‍රාමයන් මැද්දේ පළමු වරට චීන අධිරාජ්‍යයක් ප්‍රකාශ කලේ Qin යුගයේදී . [ක්‍රි . පුර්ව 221 ඉඳන් 207 දක්වා ] . ඔවුන් දකුණු දෙසට අධිරාජ්‍යය පුළුල් කල තරම් කොච්චරද කියනව නම් අපි මේ ඉන්න හැනොයිත් ඒ කාලේ Qin අධිරාජ්‍යයට අයිති වෙලා .
හැබැයි උතුරු දේශසීමාව පැත්තෙන් නිතර ආක්‍රමණ එල්ල වුණා. විශේෂයෙන් Xiongnu ගෝත්‍රිකයින්ගෙන්. නගරාරක්ෂාවට විටින් විට ඉදිකළ ප්‍රාකාර කොටස් එක්කහු කරලා එක දිග ප්‍රාකාරෙක මුලික අදහස ඇති වුනේ මේ කාලේදී .
ඉන් පස්සේ ආපු Hun යුගයේදී තමයි චීන ප්‍රාකාරය තව දුරටත් ව්‍යාප්ත වුනේ . හුන් යුගයේදී සේද මාවත බොහොම දියුණු වුණා . එයට මුලික හේතුව වුනේ Zhang Qian නැමැත්තා ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන .
චීනයට උතුරින් තර්ජනයක් වෙච්ච Xiangnu ගෝත්‍රිකයින්ට එරෙහිව සටන් කරන්න සමගි පෙරමුණක් තිබ්බ නම් හොඳයි කියල හිතපු Hun අධිරාජයා උතුරින් පලවා හැරපු Yuezhi වරුන් සොයන්න තීරණය කළා . මේ Yuezhi වරු තමයි කලින් ලිපියේ කතා කල ටක්ලමකාන් පැත්තෙන් පහලට ඇවිත් ඉන්දියාවෙන් ව්‍යාප්තවෙලා කුෂාන් රාජධානිය හදා ගත්තේ .
ඉතින් ඔවුන්ව සොයන්න පිටත් වුන Zhang Qian සහ පිරිස සතුරන්ට අසුවුනා . ඇත අඩංගුවේ කාලයක් ඉඳල පැනල ගිහින් yuezhi වරු හමුවුනත් ඔවුන් සමගි පෙරමුණකට කැමති වෙලා නැහැ .
ඒත් මේ ගමනින් චීන අධිරාජ්‍යයට මධ්‍යම ආසියාවේත් බටහිර ලෝකයේත් වැදගත් තොරතුරු ලැබෙනවා . විශේෂයෙන් ශක්තිමත් අශ්වයන් ගැන . ඉන් පස්සේ තමයි Hun රජවරුන් චීනය පැත්තෙන් බටහිරට යන්න පාරවල් දියුණු කරන්න පටන් ගන්නේ .
අතුරු මාවත් විශාල ගණනකින් යුක්තව සැදුන සේද මාවත ප්‍රධාන කොටස් දෙකක් ලෙස විස්තර කරන්න පුළුවන් . සරලව එහෙම බෙදුවත් අද වගේ කොළඹ නුවර පාර වගේ පැහැදිලි ලෙස තිබ්බ බෙදීමක් නෙමේ . කොයිකත් එකට එකක් සම්බන්ධ වෙලා . කාන්තාරය මැද තියෙන කෙම්බිම් හරහා හමයි මේ පාරවල් වැටිලා තිබුනේ .
එවකට චීනයේ අගනුවර වුන Changan [ නුතන Xian ] වලින් පටන් ගත්තු පාර
1. උතුරු මාවත
2. දකුණු මාවත
ලෙස ප්‍රධාන කොටස් දෙකයි .
උතුරු මාර්ගය ....
. අතුරු මාවත් කීපයක එකතුවක් . චීනයේ Changan වලින් පටන් ගෙන එක් එක් පාරවල් වත්මන් කසකස්තානය , උස්බෙකිස්තානය , ඇෆ්ගනිස්ථානය වගේම කරාකුම් කාන්තාරය හරහාද වැටෙනවා . මේ සියල්ල වත්මන් ටර්ක්මෙනිස්ථානයේ Merv වලට කලින් එක්කහු වෙලා Merv වලදී දකුණු පාරට එකතු වෙනවා
දකුණු මාර්ගය .....
චීනයේ ඉඳන් කෙලින්ම කරාකොරම් කාන්තාරය හරහා වැටිලා පස්සේ උතුරු දෙසට හැරිලා Merv වලදී උතුරු සේද මාර්ගයත් එක්ක එකතු වුණා . නුතනයේ පකිස්තානයත් - චීනයත් යාකරන කරාකොරම් අධිවේගී මග මෙය තමයි . කවුරු හරි ගිහින් තියෙනවද . ඇෆ්ගනිස්ථානය හරහාත් වැටිලා ඇති නිසා දැන් නම් ලේසි නැහැ ඔය පළාත .
චීනය පැත්තට බුදු දහම යන්න ඇත්තෙත් මේ දකුණු මාර්ගය හරහා . කෙලින්ම ඉන්දියාවෙන් ගියාටත් වඩා ඉන්දියාවට උතුරු ප්‍රදේශ වලින් බුදු දහම චීනයට යන්න ඇතැයි සැලකෙනවා . ඒ ගැන නම් වෙනමම කතාකල යුතු මාතෘකාවක් .
ක්‍රි වර්ෂ පලවන සියවස වෙද්දී සේද මාවත එක පිළිවෙලකට දියුණු වෙලා තියෙනවා . හොඳ වගේම චීනයට මේ මාර්ගය නිසා සෑහෙන කරදරත් වෙලා . අනික වටිනා භාණ්ඩ එහා මෙහා යද්දී සොර කල්ලි වලින් බේරෙන එක ලොකු ප්‍රශ්නයක් වුණා . තවලම් වලට අමතර ආරක්ෂාව අවශ්‍ය වුණා .
තව දෙයක් කියන්න ඕන . මේ තවලම් මුළු දුරම ගෙව්වේ බොහොම කලාතුරකින් . මගින් මගට විවිධ ස්ථානවලදී බදු හුවමාරුව තමයි වුනේ . අතින් අතට ගිහින් භාණ්ඩ නියමිත අන්තයට ගියේ ගොලුබෙලි ගමනින් .
.
ක්‍රි.පු . මුල් හරියේදී චීනයේ ඉඳන් මුහුදු මාවත ඇති වී තිබෙනවා . තව ලිපි දෙකකින් විතර මේක ඉවර කරන්න ඕන . මොන්ගෝලියන් අධිරාජ්‍යය ගැනයි මාර්කෝ පෝලෝ ගැනයි මුහුදු සේද මාර්ගය ගැනයි ලියන්නම ඕන . එයින් පස්සේ මන් නිදහස් .
ප .ලි .
මෙන්න අදයි දැක්කේ . විකියේ සිංහලෙන්ම සේද මාවත ගැන ලිපියක් තියෙනවා . මෙතනින් යන්න
මං බලාගෙන හිටියෙ මාකෝ පෝලෝ සේද මාවතට ගෑවෙන්නෙ කොතනින්ද කියල බලාගන්න . . . .
ReplyDeleteඅගය කරනවා ඔබගේ රසවත් හරවත් ලිපි පෙළ....තව තව ලියන්න !!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකොටි වලිගයක් අල්ල ගත්තා වගේ දැනෙනවද මන් නිදහස් කියන්නේ . . එහෙම ලේසියෙන් අතාරින්න එපා බින්දි . . මේ ලිපි පෙල හරිම වටිනවා . . අපේ දරුවන්ටත් දෙන්න හොඳ තෑග්ගක් වෙයි බින්දි නැන්දගේ නෙළුම් විල . .
ReplyDeleteඅපි කොහොම කිව්වත් දවසට පැය විසිහතරයිනෙ තියෙන්නෙ. මම ඔයාගෙ ලිවීම වඩාත් අගය කරන්නෙ හරබර දෙය ලස්සනට කියන නිසා. හැමෝටම ඒක කරන්ට බැහැ. මටනං ලියන්ට දේ බොහොම තිබුනත් කාලය අඩුයි තාත්තාගෙත් පුතාගෙත් ආච්චිගෙත් වැඩ සහ පෞද්ගලික ලේකම් කම කරලාම. මට පුදුම පොඩ්ඩියො දෙන්නත් එක්ක මේ හරඹය කරන්ට කාලය කලමනා කරගන්න එක ගැන.සමහර අය ඉතා වගකීම් දරන රැකියා කරන අතරෙමනෙ මේ වැඩේ කරන්නෙ. මගෙ ප්‍රනාමය ඔවුන්ටත් ඔබටත්. මගෙ පෝස්ට්ස් නං ඉතිං මගෙ ජීවිත කතාව නොවැ ඔහෙ ගලාගෙන යන අතර සිදුවෙන එවා හරහා එන විසිතුරු අමුතු හෝ අසාමාන්‍ය දේ මුනගැහුනම ලියන්ටම වෙනවා පමනයි.
ReplyDeleteහොඳ ලිපි පෙලක් බින්දි. ඔයා කොහෙන් මේවා ලියන්ට වෙලාව හොයාගන්නවද කියලා හිතාගන්ටත් බෑ. ඔක්කොම ලිපි ටික හෙමින් සැරේ බලන්නේ නැතුව කමෙන්ට් කරන එක හරි නෑ. අමතකවු මතකය අවදි කරගනම එන්නම්...:D
ReplyDeleteනියම ලිපි පෙලක් බින්දි අක්කේ.දිගටම ලියන්න. මම් සාමාන්‍ය පෙළ ඉතිහාසය කරනකොට සේද මාවත ගැන ඉගෙන ගන්න ලැබුනා. ඒත් මෙච්චර ගොඩක් නම් ඉගෙන ගන්න ලැබුනේ නෑ.
ReplyDeleteපුලුවන් නම් සිංහල විකියටත් මේ විස්තර ටික දාන්න. ඒකත් ගොඩක් වටිනව. මොකද සිංහල විකිය ලිපි වලින් පිරෙන හන්දා.
බින්දි දිගටම ලියන්න... කොමෙන්ට් වලින් පේනව ඇති අපේ මුලු පරම්පරාවම මේ ගැන සාමාන්‍ය පෙල සමාජ අධ්‍යයනයෙන් උනන්දුවක් ඇතිවුනත් හුඟ දෙනෙක් ඊට පස්සෙ මේක ගැන කියවල නෑ... ඒත් හැමෝටම මේ ගැන දැනගන්න උවමනාව තියෙනව...
ReplyDeleteඔබේ කාලයටත් ..උත්සාහයටත් ස්තුතියි
අපි දිගටම කියවනවා...
තවත් වැදගත් කොටසක්....ස්තුතියි අක්කෙ...
ReplyDeleteස්තුතියි...ඉතිරි ලිපි එනකන් බලාගෙන ඉන්නවා...
ReplyDeleteමේක තව කොටස් දෙකකින් ඉවර කරන්නේ කොහොමද.. මම මේ මෙගා එකක් කියවන්ඩ ලෑස්ති උනේ මේක පටන් ගත්තම... කැතයි හොඳේ..
ReplyDeleteඅවසානය මෙය නොවේ .......
ReplyDelete@බින්දී
ReplyDeleteකොමෙන්ට් නොකලත් මමත් දිගට බලනවා.. දිගටම ලියන්න
කමෙන්ටුවක් දාන්න පරක්කු උනත් සේරම කියවනවා නංගි. ඔයාට ජය!
ReplyDelete