Tuesday 29 May 2012

දහසක් දහසක් මල් ඇති නගරේ ...මැයි මාසේ අවුරුදු සිරි විසිරේ

පුංචි කාලේ අවුරුදු මතක එක්ක සැරි සරල පුළු පුළුවන් විදිහට අවුරුදුත් සමරලා වෙසක් වලට බණත් අහල ඉන්න වෙලාවේ අපේ හැනොයි වල ශ්‍රී ලංකික ජනතාව තීරණය කළා මෙහෙම ඉඳල හරියන්නේ නැහැ අපේ ළමයි තරඟෙට බනිස් ගෙඩියක් වත් කන්න දන්නේ නැතිය , අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න ඕන කියල . ඇත්තම කියනව නම් අපේ පුරුෂ පාර්ශ්වයට තමයි මේ ජාතික කර්තව්‍ය ගැන අපට වඩා ඕන කමක් තිබුනේ .

මේ ගැන මුලික අදහස මතු වුනේ නිදහස් දවසේ . කියන්න බැරි වුනා අපි නිදහස් දිනයත් ලස්සනට සැමරුවා . ඒදවස්වල පොඩි කම්මැලි කමක් තිබ්බ නිසා ලියන්න බැරි වුනා . කලිනුත් කිව්ව පරිදි පිරිමි කට්ටිය කීපවතාවක් බරපතල සාකච්චා වට කීපයක් තියල අන්තිමට තීන්දු වුනේ මැයි 20. ඔන්න ඕක නිසයි අහසින් වැටුන වගේ වෙසකුත් පහුවෙලා පොසොනුත් කටේ තියාගෙන අවුරුදු ගැන ලියන්නේ . නැතුව බින්දිට පිස්සු හෙම නෙමේ ඔන්න .

අපේ මහත්තුරු හරිම කාර්යබහුල අය. බොහොම අය නිතරම රට රටවල රාජකාරි වලට යන එන අය . ඔන්න ඒ අය සේරම ලාහෙට එකතු කරලා ගන්න හැකි වුනේ මැයි 20 තමයි . මේ මහත්තුරු රැස්වීම් තියෙන අවස්ථාවල කාපු බිපුවා ගැන රස කතන්දර තියෙනව . එක්කෝ එව්වා මොකටද . සමහරු මේක කියවනත් එකේ ..D

මොනවා වුනත් ගැහැණු අපිට කෑමක් හදන එන එක ඇර වැඩි වගකීමක් දුන්නේ නැති එක ගැන එයාලට ගොඩක් ස්තුති කරන්න ඕන . ශ්‍රී ලංකික ජනතාව කිව්වට මෙහෙ සු ගාල ඉන්නේ පවුල් කීපයයි . සිංහල දෙමළ දෙගොල්ලම ඉන්නවා . ලොකු පිරිසක් නැති නිසා කල්ලි ගැසිමකුත් නැහැ . ඕනෑම දෙයකට සියලුම දෙනා සහභාගී වීමයි සිරිත . අනෙක වියට්නාම අම්මල සහ ශ්‍රී ලංකික තාත්තලාගේ ළමයි ගොඩක් ඉන්නවා . කට්ටිය එකතු වුනහම හරි ලස්සනයි .

අපට මේ අවුරුදු උත්සය අලුත් වුනාට හෝ චි මින් නගරයට නම් සැහෙන පරණයි . හෝ චි මින් කියන්නේ වාණිජ අග නගරය . හැනොයි තමයි ජාතික අගනගරය . හෝ චි මින් වලට නුතන දියුණුව කලින් ඇවිත් නිසා ජිවත් වීම පහසුයි .

එහෙ ඉඳන් මෙහෙ එද්දී''' wish you all the best ''කියන එක අස්සේ තියෙන්නේ ''හු හු ඇද්ද උඹට'' කියන එක . නැත්නම් ඉස්සර පාවෙල් සයිබීරියාවට පිටුවහල් කරද්දී අපි දුක හිතුවා වගේ . හැමෝම නෙමේ . අදටත් ආදරෙන් නිතර කතා බහ කරන හොඳ යාළුවොත් ඉන්නවා .


හැබැයි මෙහෙ ඇවිත් ජිවත් වෙද්දී හිතෙනවා ජිවිතේ ටිකක් සරලයි කියල . කට්ටිය අඩු නිසා කල්ලි ගැසීම් නැහැ . හමු වීම් අඩුයි . අනික පරිසරය සාමකාමියි සාපේක්ෂව . කොටින්ම මන් දැන් කැමතියි මෙහෙට . හරියට කොළඹයි නුවරයි වගේ .මේක හරිම ඉතිහාසයක් තියෙන ලස්සන නගරයක් . ඒ ගැන වෙනම ලියන්න ඕන . අනික අපේ තානාපති කාර්යාලේ තියෙන්නෙත් මෙහෙ . රාජකාරි වැඩක් කරගන්න ලේසියි


හරි දැන් කියන්න ඕන අවුරුදු ගැනනේ. ඉතින් පසුගිය 20 වෙනිදා අපි හැමෝම රැස් වුණා ලස්සන නිවාඩු නිකේතනයකට . එතන පිට්ටනිය තමයි අවුරුදු උත්සවේ තියන්න අරන් තිබුනේ . නිකන් නම් නෙමේ හරිම මිල අධිකයි . අනික එයාලගේ පාපන්දු පිට්ටනියේ අගනා තණකොළ ටික අපි කයි කියලද කොහෙද සැහෙන තර්ක විතර්ක තර්ජන වලින් පස්සේ තමයි ඒක ඉල්ලා ගත්තේ .

මේක උණ බට ඔන්චිල්ලාවක්




හිමේ වගේ කරත්ත වල ලෙස්සල යන තණකොළ බෑවුම ..


අලියට ඇහැ තැබීම ....බනිස් කෑම..මෙහෙ අපට ගැලපෙන වර්ගයේ බනිස් නොතිබ්බ නිසා කන්න දුන්නේ ඩෝනට් . අපේ ශ්‍රී ලාංකිකයෙක් ඩෝනට් ව්‍යාපාරයක් පවත්වන නිසා විසිකරකර කන්න ඩෝනට් තිබුන .
ටයි කොන්ඩෝ පැංචා ඩෝනට් කාල එක වුනා . අපේ බනියා දෙක . කවදාවත් දැකල නැතත් ඔව්ව ජාන ගත හැකියාවන් වෙන්න ඕන .

කටේ මුනේ ගාගෙන කාපු හැටි පින්තුරයක් දාන්න හැටියක් නැහැනේ . මුණු පොතේ ඉන්න අය නම් දැක්ක .

කනා මුට්ටි තරගෙත් හරිම විනෝදයි . කඹ ඇදීම පිරිමි තරඟයේ දිනුවේ 40 ට වැඩි අය ..Old is gold වෙන්න ඇති .

කඹ ඇදීම ගැහැණු තරඟය කියන්න ඕන නැහැනේ මන් උන්න පැත්ත පරාදයි .


බැලුම් පිපිරවීම කලේ ළමයි විතරයි .


ලොකු බඩවල් ඇති මහත්තුරු ගෝනි වල උඩ පැන පැන යාම තමයි තරඟ වලින් අංක එකට දාන්න පුළුවන් .[ ඒ අය මේක නොකියවන බව විශ්වාසයි ....]

උදේ සද්දෙන් කතා කල අයගේ හඬ හවස් වෙද්දී තව වැඩි වුනා . සද්ද නැතුව උන්න අය සද්ද කරන්න පටන් ගත්ත . කොටින්ම සීයලා පුංචි එවුන්ට මල්ලි කියල කතා කරන්න පටන් ගත්ත . ඒ සේරම වුනේ ශ්‍රී ලංකික කෑම වේලෙන් පස්සේ .


එතැනදී ඒගොල්ලන්ට මැජික් අරිෂ්ටයක් බොන්න ලැබිල . වයස අඩු කරන


කොහොම හරි එදා දවස බොහොම සතුටින් විනෝදෙන් ගෙවී ගියා . ආයෙමත් ඒ වගේ හමු වීමක් තියන්න කතා වෙලා .


අනික් අයගේ අවසර නැතුව පින්තුර දාන්න විදිහක් නැහැ . අවසර ගන්න ගියොත් එයාල මේක කියවයි ..ඊට පස්සේ ...මන් ඉවරයි .D



68 comments:

  1. පිටරටක ඔය වගේ එකක් කරනවා කියන්නේ මාර අමාරු වැඩක්....

    ReplyDelete
    Replies
    1. ඔව් රොබින් විශේෂයෙන් පිරිමි කට්ටිය ගොඩක් මහන්සි වුනා . සුළු පිරිසක් නිසා ලොකුවට අඩුපාඩු සෙව්වෙත් නැහැ

      Delete
  2. අර මැජික් අරිෂ්ටේ ලංකාවේ සාඩම්බර දේශීය නිෂ්පාදනයක් වෙන්ට ඇති! :D

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් මන් හිතන්නේ අන්තර්ජාතික එව්වා .

      Delete
  3. නියම හමුවක් වගේ.අර තණකොළ ගොඩේ ලිස්සන්න මටත් ආසයි...

    ReplyDelete
    Replies
    1. ඒක නම් හරිම ආස වැඩක් තමයි නිසුපා . වෙන දවසක අපේ පොඩි අය දවසක්ම ඔතන සෙල්ලම් කළා .

      Delete
  4. අනේ හරි ලස්සනට තියෙන්න අති නේද අක්කියෝ...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මල්ලියෝ

      Delete
  5. මොන අවසරද ....? පොටෝ ටික දාන්නයි තිබුණෙ, මූණු ෂේඩ් කරල හරි...
    අවුරුදු උත්සවේක ගතියක් අපට පෙනෙන්නෙ නෑනෙ....!?

    මේ පෝස්ට් එකට අදාල නැතත් අර "ඇලෙන හාල්" වර්ගය ගැන වැඩිදුරටත් දැනගන්න කැමතියි. ඒ වී වර්ගය වෙනත් රටවල් වලට දෙන්නෙ නැතුව ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. අපෝ මාධ්‍ය සදාචාරය ..D

      ඇලෙන සහල් ...ඇත්තටම ඔය වගේ සහල් මේ නැගෙන හිර ආසියාවේ හැම රටකම තියෙනව . අපේ හොදි මාළු එක්ක කන්න බැහැ හැබැයි . ඒ හින්ද ලංකාවට නම් ගේන්නේ නැතුව ඇති . අපිත් නොඇලෙන වර්ගයක් සොයන් තමයි කන්නේ . කඳුකර සුළු ජන කොටසක් වවන රතු හාල් වර්ගයක් ලඟදි මට හමු වුනා . අපේ රතු කැකුළු වගේමයි . හාල් වර්ග නම් සිය ගානක් ඇති . හොඳටම පර්යේෂණ කෙරෙන අංශයක් මෙයාලගේ . වෙන රටවල විශේෂත් වවනවා . ජපානය එහෙම මේ පර්යේෂණ වලට උදව් කරනවා . කලින් පොස්ට් එකේ කිව්ව ජපාන කාන්තාවගේ සැමියා කෘෂිකර්ම විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් . වැඩි යමක් අවශ්‍ය නම් අහන්න පුළුවන් .

      මතක් කල එක හොඳයි සුමිත් . ඇලෙන සහල් වල ග්ල්යිසිමික් අගය වැඩියි මන් හිතන්නේ . ඇත්තටම මෙහෙ වී වගාව ගැන ලියන්න හිටියට එක මග ඇරුන. ඉස්සරහට බලමු

      Delete
    2. //ඇලෙන සහල් වල ග්ල්යිසිමික් අගය වැඩියි මන් හිතන්නේ//

      මට දැනගන්න ඕන වුනේත් ඒකම තමා. හාල්පිටි වැඩි ප්‍රමාණයක් යොදලා පාන් හදන්න බැරි ඔය හේතුව හින්දනෙ...
      ඔය ගැන ටිකක් තොරතුරු හොයලා පෝස්ට් එකක් දාන්නකො, ඒක අපේ රටට හුගක් ප්‍රයෝජනවත් වෙයි.

      Delete
    3. කොරියාවේ හාල් පිටි වලින් වගේම විවිධ බෝංචි වර්ග වලිනුත් බනිස් වගේ ඒවා හදනවා . සොයා බලන්න හොඳ මාතෘකාවක් . ස්තුතියි සුමිත්

      Delete
    4. අපි ඉන්න දේශයේ සම්ප්‍රදායීක රොටි වර්ගයක් තියෙනවා, හරියට අපිට හුරු රතු කැකුළු හාලෙන් හදාපු පොල් රොටිය වගේ පාටින් (ඒත් පොල් පාවිච්චියක් නැහැ ). හාල්පිටිවලින් පාන් හැදීම ගැන සාකච්ඡා වුන වෙලාවක හොයාගත් ලින්ක් එකක් මෙන්න:

      http://www.ehow.com/how_5184877_make-bread-rice-flour.html

      ගූගල් තුමාට rice flour bread කිව්වාම විස්තර ගෙනත් දෙනවා, ඉන් බොහෝමයක්ම ගෙදර දොරේ පාවිච්චියට සුදුසු ඒවා. වැඩි දුර් දියුණු කරගන්න පුලුවන් වැදගත් මාතෘකාවක්.

      තවද Whole Grain කියලා පාන් වර්ග කිහිපයක් තියෙනවා, ධාන්‍ය වර්ග බොහෝමයක් නම් කරලා තිබුණත් හාල් ගැන සඳහනක් නැහැ, අනෙක් ධාන්‍යවල පොතුත් වගේම දහයියා කෑලි අහුවෙනවා.

      Delete
  6. ෂා.... ඔයා ඉන්න වියට්නාමය ලස්සන නිස්කලංක රටක්ද...?
    ඇත්තමයි...පොටෝ ටික දාන්න තිබ්බෙ..අපි නම් මූනු පොතේ නැහැ ..ඒකයි.
    ලංකාවෙ අය දැන් ගොඩක් ඉන්නවද... ඒ අය මොනවද..? කරන ‍රැකියාවන් ,කැමති නම් විස්තර ටිකක් කියන්න..
    මැජික් අරිෂ්ඨය නම් ඔය වගේ වෙලා වට ඕනම තමයි..එත් වාහන එහෙම ඩ්‍රයිව් කරන්න ප්‍රශ්ණ නැත්ද....?

    ReplyDelete
    Replies
    1. නිස්කලංක රටක් තමයි . ඒ කියන්නේ පොලිටිකල් ඉෂුස් නැහැ . නගරබද ජනගහනය නම් වැඩියි .. ලොකු රටක් නිසා ඈතට වෙන්න ජනගහනය අඩුයි . ස්වභාවික සුන්දරත්වය ඉහලයි .

      හොඳට ඒවා මාකට් කරනවා . අලුතින් හැදෙන නගර පිළිවෙලයි . පරණ නගර මධ්‍ය නම් කලබල කාරියි . හිතන්නකෝ තව අවුරුදු දහයකින් විතර මේක තායිවානය වගේ වෙයි . පරණ පෝස්ට් වල ඇති ලස්සන තැන් ටිකක් ගැන . හාලොන්ග් බේ කියල හරිම ලස්සන තැනක් තියෙනව . මකර මවක් වැතිර නිදන කියන පෝස්ට් එක බලන්නකෝ .

      ලාංකිකයින් සමහර අය තමන්ගේ ව්‍යාපාර . අපි වගේ අන්තර්ජාතික ආයතන වල වැඩට ආපු අයත් ඉන්නවා . තව ඇඟලුම් කර්මාන්ත ශාලා කීපයකම ලංකාවේ අය ඉන්නවා . ලංකාවේ අයට අයිති ඇඟලුම් කර්මාන්ත ශාලාත් තියෙනවා . වැඩියම අය ඉන්නේ වාණිජ අග නගරය වුන හෝ චි මින් වල

      විහිලුවට කිව්වට අරිශ්ටේ බිලා වැටෙන සයිස් නම් වුනේ නැහැ . මෙහෙ තහනම් තමයි ඩ්‍රයිව් කරන්න . කොහොමත් විදේශිකයෝ ඩ්‍රයිව් කරන්නේ අඩුවෙන් .වෙනම පෝස්ට් එකක් දාන වටිනා අංශයක් ඕක

      Delete
  7. ඒත් මම බැලුවා හිටපු ගමන් අවුරුදු උත්සවයක් ආවේ කොහොමද කියලා. ඒත් මෙහෙම කට්ටිය එකතු වෙන එකේ විනෝදයකුත්, එකමුතුකමකුත් තියනවා නේද?

    මේ ටික බැලුවාම තේරෙනවා කොච්චර ප්‍රීතිවෙන්ට ඇතිද කියලා. :)))

    //ලොකු බඩවල් ඇති මහත්තුරු ගෝනි වල උඩ පැන පැන යාම තමයි තරඟ වලින් අංක එකට දාන්න පුළුවන් . ඒ අය මේක නොකියවන බව විශ්වාසයි ....//

    //කඹ ඇදීම ගැහැණු තරඟය කියන්න ඕන නැහැනේ මන් උන්න පැත්ත පරාදයි .//

    //අපේ බනියා දෙක . කවදාවත් දැකල නැතත් ඔව්ව ජාන ගත හැකියාවන් වෙන්න ඕන .//

    හැබෑටම මොකක්ද ඔය මැජික් අරිෂ්ටේ. :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි මේ අර ජිම් පප්පා බීපු එකනේ

      Delete
    2. ජිම් පප්පා කොහෙද හලෝ අරිෂ්ටෙ බොන්නෙ..!? එයා චූටි කාලෙම අරිෂ්ට බාල්දියට වැටුන නිසා එයාට බොන්න ඕන නෑ නෙවැ.. ඕන වුනත් වෙදපප්පා දෙන්නෙත් නෑ නෙවැ.. :)

      Delete
    3. උන්ද වැටිච්ච වෙලේ බීගෙන බීගෙන යන්න ඇති D

      Delete
  8. අනේ කාපු, බීපුවයේ ලිස්ට් එකකුත් දාන්ට අප්පා....:D:D:D

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් කහ බත් ....රතු බත් ....චිකන් ..එළු මස් ...වම්බටු මෝජු....තෝර මාළු බැදලා...සෝයා..අල තෙල් දාල ....දැල්ලෝ උයල ..සලාද . අතුරු පසට කප් කේක්, බටර් කේක් , වටලප්පන් ..රඹුටන් ...කෙසෙල්.

      එක කටයි එක බඩයි නේ කොහාට කන්නද . එක දවසේ

      Delete
  9. හොඳ විනෝද ජනක දිනයක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. හරිම විනෝදයි තමා

      Delete
  10. හයියෝ පින්තූර ටිකකුත් තිබුනනම් වටිනාකම කියලා වැඩක් නෑ. වියට්නාමය ගැන මම ඒ තරම් දෙවල් දන්නේ නෑ ඒත් මේ පින්තූර දකිද්දි මේවා කියවද්දි හිතෙනව බොහොම සුන්දර සාමකාමි පරිසරයක් ඇති කියලා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කාව්‍යා කරදරයක් නැතිව ඉන්න පුළුවන් වෙලා තියෙනවා අපට

      Delete
  11. // අපේ බනියා දෙක //

    සික්! මෙච්චර හැකියාවක් තියෙන මෑණියන්දෑ කෙනෙක් ඉඳලත් බනියා බනිස් කෑමෙන් දෙක වෙලා නේ.. මවුතුමී හරියට ටැක්ටික්ස් කියලා දීලා නැද්ද කොහෙදෑ..

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවගේ කොලු පොඩ්ඩ නේ දිනුවේ . බනියගේ යාළුවා . කෑමේදී මන් එච්චර හපනියක් නෙමේ . අනික බනිය පස්සේ මට නෝක්කාඩු කිව්වේ අත් දෙක බැන්දම කන්නේ කොහොමද කියලයි .

      Delete
    2. හාල් සේරුවක බත් පිඟානක් වාගේ නම් ඔන්න... නේදෑ බුරෝ?

      Delete
    3. අම්මප මොකට කියනවද බං අයියෙ ඒ හරිය.. දැක්කනෙ උඩ දාලා තියෙනවා කාපු-බීපු ටික (හුහ්! හොඳ ටික).. ඒ කාලත් අන්තිමට කියනවා "එක කටයි එක බඩයි නේ කොහාට කන්නද" කියලා..

      Delete
    4. මන් හිතුව ඔය ටික කියයි කියල . නෑ අනේ මන් බත් සුට්ටයි එළවලු ගොඩයි කන්නේ . කන්න පුළුවන් වුනත් කෑ හැකිද මෙහෙ ඉන්න හිනි ලලනාවෝ දැක්කම . අනික මේ ඔය දෙන්නගේ පැහැදිලි ඉරිසියාව... D

      Delete
  12. හරි අපුරුයි නේ.. එ වගේ අවුරුදු උත්සවයක් ආවම හරි එකතුවක් පේනවා..මට මතකයි මෙහේ ලංකාවට නිදහස හම්බුනාම ගිය පෙල පාලිය..හරිම ශෝක්..හැමොම එකා වගේ හිටියා..ටිකක් දකින්න දුර්ලබ දෙයක් උනත් එ වගේ දේකදි හරි අපේ ආය එහෙම හැසිරෙද්දි හරි සතුටක් දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තමන්ගේ මිනිස්සු කියන හැඟීම කොයි වෙලාවක හරි එලියට එනවා නේ නිම්ෂා

      Delete
  13. පිටරට වල අපිට අවුරුදු උත්සව එන්නේ කොහොමත් පරක්කු වෙලානේ.. මෙහෙත් තිබුනේ මැයි මාසේ දවසක.. මම නම් ගියේ නෑ.. සෙනග වැඩි නිසා හැමදාම අන්තිමේ ප්‍රශ්ණ..

    //ලොකු බඩවල් ඇති මහත්තුරු ගෝනි වල උඩ පැන පැන යාම තමයි තරඟ වලින් අංක එකට දාන්න පුළුවන් . ඒ අය මේක නොකියවන බව විශ්වාසයි ....//

    :D :D

    ReplyDelete
    Replies
    1. කට්ටිය ගොඩක් ඇති නේද ඔහේ . මෙහෙ නම් ටිකයි .

      හික් ..මගේ යාලුවෙක් මගෙන් ඇහුව මේක කට්ටියට පෙන්වන්නද කියල . මන් කිව්වේ බඩවල් අඩු අයට පමණයි කියල .

      Delete
  14. උත්සව කවදත් රහමයි මිතුරේ
    මැජික් අරිෂ්ඨය හැලුණොත් උගුරේ..

    ReplyDelete
    Replies
    1. වැඩි වුනොතින් නම් කරදර පැතිරේ

      මිතුදම් සේරම එතකොට වතුරේ

      Delete
  15. හී හී මමනම් අවුරුදු උත්සවේ පින්තූර ටික දැක්කා. හරිම සුන්දර අත්දැකීමක් වගේ මට හිතුණේ. අනාගතේට ගන්න අවුරුදු අසිරිය බැංකුවක ඉතුරු කරා වගේ වැඩක් තමා ඔය. ‍මොකද ඕවා දැක්කම පස්සේ කාලෙකටත් ඕවා ඉතුරු වෙලා තියෙයි. සුභ පැතුම් කවදත් වගේ ඒවා ‍ගැන ලියන එක ගැන ස්තූතියි අක්කේ

    ReplyDelete
    Replies
    1. සැබෑමයි මල්ලි

      Delete
  16. පිටරටක හිටියත් තමන්ගේ සංස්කෘතික අංග සමරන එක තරම් දෙයක් වෙන කොයින්ද

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි කොච්චර ලොකුකම් කතාකලත් අන්තිමට තමන්ගේ දෙයක් කියල ඉතුරු වෙන්නේ ඔච්චරයි

      Delete
  17. හෑ.... බනියා කියන්නේ බින්දිගේ.... හෑ.. හෑ... හෑ....
    අදමනේ බොල මම් දන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය ඕගොල්ල දන්නා තඩි හාවෝ නෙමේ . මගේ පුංචි කෙලි පොඩ්ඩ..D

      Delete
    2. එයා බ්ලොග් ලියන්නේ නැද්ද ??? මම් හිතුවේ ගාල්ලේ ඉන්න බනියා කොල්ලා කියලා..

      Delete
  18. අපිට කොහෙන්ද බූල් බල්ලො?

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල රන්ගිට බල්ලෝ ඕනය . අපි දැක්ක ..පොත් ටික .

      Delete
    2. දැන් පොත් තිබ්බට කියවන්න වෙලාවක් නෑ බින්දි. මේ දවස් වල ගෙදරින් කන්න වත් වෙලාවක් තිබ්බේ නෑ ගිය සිකුරාද ඉඳන්.
      පොත් කියවන්න වෙන්නෙ ලබන මාසේ තමයි ආයේ....

      Delete
  19. අපිත් අවුරුදු සැමරුවෙ මේ ලෙසටමයි. ඇත්තමයි අක්ක කට්ටිය අඩු උනාම ප්‍රශ්නත් අඩු නිසාද මන්ද ටික දෙනෙක් ඉන්න කොට පරිසරය සාමකාමීයි. මෙහෙ ලංකාවෙ අය ඉන්නෙ පුන්චි අයත් එක්ක35ක් විතර .අර තණ පිටියටනම් හරි ආස හිතුන. ඇයි කනාට කිරි කැවීම පිටි වලින් කාසි හෙවීම එහෙම තිබුනෙ නෑද.මෙහෙදි නම් ඩෝනට් කෑමෙන් දින්නෙ ගෑණු ළමයෙක්. කාටද ඉතින් ආඩම්බර....

    ReplyDelete
    Replies
    1. මෙහෙත් ඒ වගේ ගානක් තමයි රෝස කුමාරි . අන්න හොඳයි ඊ ළඟ පාර ඔය සෙල්ලම් ටික තියන්න පුළුවන් .

      Delete
  20. අලේ පින්තූල නෑනෙ..

    ReplyDelete
    Replies
    1. අලේ සොලී හොඳේ

      Delete
    2. හරී, මෙන්න මෙතන බලන්ඩ..

      http://www.google.lk/search?hl=en&q=potato&bav=on.2,or.r_gc.r_pw.r_qf.,cf.osb&biw=1517&bih=714&um=1&ie=UTF-8&tbm=isch&source=og&sa=N&tab=wi&ei=LEjHT_y7J6eTiAeOmITBDg

      Delete
    3. @ සෙන්නා : නොදකින් ! මාත් මෝඩයා වෙලා ‘අලේ‘ බැලුවනේ !!!

      Delete
  21. අක්කා මොන තරඟ වලින්ද දිනුවෙ.

    ReplyDelete
  22. මෙහෙත් තිබ්බ බින්දි අවුරුදු උස්සවයක්...ඒකෙ විස්තර ලියල පෝස්ට් එකක් ලියන්ට හිතාගෙන ඉන්නව...පොඩි අවුලක් තියෙන්නෙ මම දැක්කෙ මුලින්ම පොල් තෙල් පාන පත්තු කරනව විතරයි.......හෙහ්, හෙහ්,

    ReplyDelete
  23. මා අදත් පරක්කුයි. ඒත් පොස්ටුව පුරා හුරු සුවඳක් දැනුනා, රටින් පිට ඉන්දෙද්දී ලාංකික කියන එක කොටසක් හැටියට අත්විඳින්කොට සතුටක් දැනෙනවා වගේම අපේ රට අතුලත සී සීකඩ වූ ඉරි ගැන ඇතිවෙන්නේ දුකක්.

    ReplyDelete
  24. කඹ ඇදීම ගැහැණු තරඟය කියන්න ඕන නැහැනේ මන් උන්න පැත්ත පරාදයි .// හියැක් හියැක්!!

    අපි නම් දැක්කා ඩෝනට් කෑමේ තරගය....! පසුබිම් විස්තරේ ඔබා මාමගේ බාසාවෙන් කියනවනම් පඳුරවටේ තැලිල්ල ලස්සනට කරලා තියෙනවා. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. දිගමට ලියන්ඩ. කම්මැලි වෙන්ඩ එපා...හෙහ්හේ....

    ReplyDelete
    Replies
    1. ඔව්, අපි ඔයාව දෙවෙනි වටයට තෝරාගන්නවා..

      Delete
  25. මං ඒත් බැලුවා, පරණ පෝස්ට් එකක් schedule වැරදිලා පරක්කු වෙලා වැටිල ද කියලා !!!

    පිට රටකදී අපේ සංස්කෘතික අංග මේ විදියට දකින්නට ලැබෙන එකත් සතුටක් (ෆොටෝ නැතිවුනාට !) ඒ කර්තව්‍ය සඳහා දායක වුනු හැමෝටම පිං !!! 

    අක්කා මේ ටිකේම කෑම ගැන කියෝනවා වැඩියි, මොකද මන්දා !!!

    ReplyDelete
  26. ඒත් මම බැලුවා මේ කාලෙ මොන අවුරුදුද කියලා. දැන්නෙ තේරුනේ. Better late than never කියලා අර කවුද ගොයියෙක් කියලත් තියෙනවානෙ. අපේ කට්ටිය අඩු නිසා කල්ලි ගැසීමක් නෑ කියන කතාවනම් හරියට හරි බින්දි, ඒක තමයි ඔයා ඒක දෙපාරක් කියලා තියෙන්නෙ,
    බින්දිලා බනියලා බනියලගෙ තාත්තා නොහිටින්න වියට්නාමෙ ලාංකිකයො ඉන්න බව අපිට දැනගන්නවත් ලැබෙන්නෙ නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
  27. ලස්සන විස්තරයක්... මම චිත්ත රෑපයක් මවා ගත්තා.... මැජික් අරිෂ්ටෙ ගොඩාක් බලවත් වගේ... නැත්නම් ඔච්චර ඉක්මනට වයස ආපස්සට යයිද නේද ?

    ReplyDelete
  28. බින්දියැ.. කිමැ මේ දිනවල නිහඩ..!!??

    ReplyDelete
  29. මට වූ අලකලංචිය ඔබ නොදනිද බුරා ...අද තමා යන්තම් ගොඩ ආවේ . බ්ලොග්ස්පොට් වලට පොඩි වැටක් . අද කෙනෙක්ගේ උදව්වෙන් යන්තම් හරි ගියා . හෙට ගැන නොදනිමි

    ReplyDelete
    Replies
    1. නොදනිම් කිසිවක්.. මක්කැයි වුනේ..!? මහා පරිගණක රාජයා ලෙඩ වූයෙහිද.??

      Delete
  30. අපොයි නැහැ ..මේ රෝස පාට පරිගණක පැටියා අලුත් නොවැ. සිදුවුයේ මේ රටේ රජය බ්ලොග් වලට පොඩි වැටක් බැඳීමය . මන් වාගේ හොඳ ළමයි අතර නරක ළමයිනුත් ඇති .හරි නම් විය යුත්තේ මට ත්‍යාගයක් ප්‍රධානය කිරීමයි . මේ රට ගැන ලියනා තරමට . බුරා මුණු පොතෙන් සම්බන්ධයක් නැති නිසා මේ ගැන නොදත් සැටියකි

    ReplyDelete
  31. උණ බට ඔංචිල්ලාව මාරයිනේ....

    ReplyDelete