Monday 10 October 2011

සේද මාවත ..ඇවිද යන සඳ

දිගු ලිපියක් ලියන්නට ඉඩක් නැති බව දැන දැනත් අද මා අත ගසන්නේ මහා දිග කතාවකට . ටික දිනකට පෙර කියවූ පොත් දෙකකින් හිස පිරවූ එකිනෙක සබැඳි කතන්දර විශාල ගණනක් එකිනෙක බැඳුනු ලිපියකට මුල පුරන්නේ මගේ හිතුවක්කාර හිතයි ....මා නම් නොවේ .
ගිය සතියේ දිනක පාසල් පුස්ථකාලයේමුල්ලකට වී සිටි මා දුර ඈත මොන්ගොලියාවට රැගෙන ගිය ''Horse Song '' සහ  ගෙදර ගෙනවිත් කියවූ ''Marco Polo 's Travels On Asia 's Silk Road " පොතත් නිසා කුඩා කල අපුරු ගුප්ත බවකින් මා චමත්කාරයට පත් කල සේද මාවතේ යලි ඇවිද  යමි .ඔබත් එනවාද  ?

මොකක්ද මේ සේද මාවත .[Silk Road ].....
අද මෙන් පැය කීපයකින් රට රට තරණය කල හැකි ගුවන් ගමන් නොතිබුණ දුර ඈත අතීතයේ සමස්ත ආසියාව, යුරෝපය උතුරු හා නැගෙනහිර අප්‍රිකාව එකට යාකල පාලමයි  මේ සේද මාවත . චීනයේ අනගි නිපැයුමක් වූ සිනිදු සේද වෙළඳාම ප්‍රධාන කොට ගත් නිසා සේද මාවත යයි නම් වුනද  මේ මග ඔස්සේ අනෙක විධ භාන්ඩ හුවමාරු වින  . එපමනක් නොවේ සංස්කෘතීන් මිශ්‍ර වූ අතර ආගම් පැතිර ගියා . ලෙඩ රෝග  සංක්‍රමණය වුනෙත් ඒ ලෙසමයි.
චීනයේ සිල්ක් ,පෝසිලෙන් , තේ වලට මෙන්ම ඉන්දියාවේ ඇත්දළ , මැණික් , කුළුබඩු වලට යුරෝපයේ ඉහල මිලක් ලැබුනා . නේක දුක්  විඳගෙන වෙළෙන්දන් කටුක කාන්තාර ගිරිහෙල් තරණය කර මේ මාවත යනෙන ගමන් වලදී කොපමණ මිය යන්නට ඇත්ද . එහෙත් මිනිසා  දිරිමත්ය.
කරුණු කාරණා සොයා බැලීමේදී පෙනෙන්නේ සේද මාවත යනු එක් සුමට පාරක් නොවෙන බවයි .

ඉහත සිතියමට අනුව දැලක් ලෙස විහිදුන මාවත් කීපයක එකතුවක් බව පෙනේ . මුලික වශයෙන් උතුරු , දකුණු සහ මුහුදු  මාර්ගය ලෙස කොටස් තුනකි.
දකුණු මාර්ගය අද කරාකොරාම් අධිවේගී  මාවත ලෙසදියුණු වී  චීනයත් පකිස්තානයත් හරහා දිවෙයි.

සේද මාවතේ ඉතිහාසය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ සමය දක්වා දිවෙයි. ඔහු ගැන වැඩිදුර කියවීමට මෙතනින් යාහැක .

බොහෝ කතා කල යුතු දේ ඇති හෙයින් අදට මෙතකින් නවතමි . සියල්ල එකට ඇනුවොත් රසයක් නැත .
සිතියම මෙතනින් පින්තුරය ගුගල් ඉමේජ් අනුග්‍රයෙන් .

21 comments:

  1. මාත් ඒ කාලේ ඔය පාරේ ගිහින් තියෙනවා කියලා යන්තම් මතකයක් තියෙනවා. දැන් මං හිතන්නේ ඕක අධිවේගී මාර්ගයක් කරලා.

    ReplyDelete
  2. බින්දිට මතකද ඉස්සර ටී වී එකේ සීරියස් එකක් ගියා සිල්ක් රෝඩ් කියලා. ඇත්තටම නොතේරුම් කමත් මේවා ගැන කිසිම උනන්දුවක් නැති කමත් නිසා ඒවායේ වටිනාකමක් දැනුනෙ නැහැ. ඒත් බින්දි මේක කිව්වට පස්සෙ මම ජාලෙ පීරලා ඒ ගැන ආයෙත් බැලුවා. මෙතන බලන්නකෝ . වෙලාව ලැබෙන විදියට බලන්න ඕන.

    @යහපත්_ඇනෝ
    හැමදාම නියමිත මාත්‍රාව ගන්නවනම් පරණ දේවල් අමතක වෙන්නෙ නැහැ.

    ReplyDelete
  3. දැන් නම් ඇත්තටම මේ වගේ වැදගත් කියන දේවල් දැන ගන්නේ අක්කාගේ බ්ලොග් එකට ඇවිත් තමයි.. ඒ කාලේ ස.අ විශයට ටිකක් වැඩිපුර මේ දේවල් ගැන ඉගන ගත්තා..

    ReplyDelete
  4. මරු මරු . . . . හෙන මෙගාවක් කියවන්න ලැබෙන පාටයි . . . .
    මට විස්තර හොයාගන්න අමාරු උන අදටත් කියවන්න ආසාවෙන් ඉන්න විස්තරයක් . . . සේද මාවත . . .

    ReplyDelete
  5. පෝස්ට් එකේ ලින්ක් වලින් ගිහින් බැලුවේ නැහැ තාම, සිල්ක් රෝඩ් ගැන චුට්ටක් අහල තියෙනවා වගේ මතකය්, මේ කතා ටික ඉන්ටරස්ටින් වෙය්

    P.S.
    ඕනයට මාල දිවයිනේ ජොබ් එකට ගියාට පස්සෙ හාමිනෙය්, දරු පැටියය් මතක් වෙලා රෑට නින්ද යන්නෙත් නැහැ වගේ.

    ReplyDelete
  6. වෙන වෙනම උත්තර නොදුන්නට තරහ වෙන්න එපා . හරියට වැඩ . පටන් ගත්ත වැඩේ ඉවර කරන්නත් එපාය . ඉඩ ඇති විදිහට කතා කරමු. මේ මගේ විදිහ නම් නෙමේ . මක් කරන්නද පොඩ්ඩෝ ගෙදර . නිතරම මේක ඉස්සරහ ඉඳන් ඉන්නවට දැන් දෙන්න අකමැතියි

    ReplyDelete
  7. හොඳ ලිපි පෙලක් වෙයි. ඉතිරි ඒවා එනකම් බලං ඉන්නවා

    ReplyDelete
  8. මටත් උනේ ලකී අයියාට වගේ ඒ කාලෙ ඒ වැඩසටහනේ අගයක් නොතේරීම. මේ ගැන කථාකරන්න පටන් ගත්තාට බින්දිටත්, ලින්ක් එක සොයන්න මහන්සි උනාට ලකී අයියාටත් ස්තූතියි බොහොම. බොහොම ලස්සන් නෙළුම් මල් පිපෙයි වගේ ඉස්සරහට, සරත් සමයෙ නිවාඩුව ප්‍රීතිමත් එකක් වේවා කියලත් පතනවා !

    ReplyDelete
  9. ඇවිදිමු ඇවිදිමු මාත් එනවා අක්කා...

    ReplyDelete
  10. මතක් කරන්න එපා ඔය මාවත. සමාජ අධ්‍යයනය පාඩම් කරලම එපා උනා! :)

    හැබැයි දැන් නං මේ වගේ ලිපි, වාර්තා වැඩසටහන් වගේ ඒවා වලින් දකිද්දී ආසයි.

    ReplyDelete
  11. ඉතිහාස ගැන තවත් ඉගෙන ගන්න ආශා හිතුනා

    ReplyDelete
  12. ලින්ක් එක ඔස්සේ ගිහින් බැලුවා ලකී . සැහෙන දිග එපිසෝඩ් එකක් . හිමිට බලන්න ඕන .හරිම වටිනවා . ලියන්න මහන්සි වෙන්නේ මොකටද කියලත් හිතෙනවා . කෙටියෙන් ඉවර කරන්න ඕන .

    ReplyDelete
  13. අනේ අප්පෙ එහෙම කරන්න එපා...නෙළුම් විලේ තියන දෙයක් තමයි අපිට කවද හරි ඉතුරු වෙන්නෙ.ඔය යූ ටියුබ් එකේ දේවල හැමෝටම බලන්නත් බැහැ..අනික නෙළුම් විල කියන්නෙ විකියෙත් තියන බ්ලොග් එකක් නෙ..

    ReplyDelete
  14. ඉස්සර වෙලෙන්දන්ට ඔය සේද මාවතේ ඉදලා සේද රෙදි අරන් එන්න මාස තුනක්වත් යන්න ඇති නේ. මාරම දුකක් විඳලා එන්න එපැයි.

    ReplyDelete
  15. සේද මාවතේ ඇවිද යන්න මාත් එනවා. බින්දි අක්ක දිග කතාවක් පටන් ගන්න වගේ යන්නෙ. ඔන්න ඉතුරු පොස්ට් ටික එනකන් මඟ බලන් ඉන්නෙ....

    ReplyDelete
  16. මේවට නම් මම අකමැතියි .. ඒත් බලමු නේද කියලවලා

    සේද මාවත කියන නම විතරමයි මම අහලා තියෙන්නේ . කමක් නෑ අනාගතේ දරුවෙකුට හරි කියාදෙන්න හැකිවේවි නේ මේවා ඒක නිසා බලනවා

    .

    ReplyDelete
  17. මාත් මග බලාගෙන ඉන්නවා අක්කා....ඉස්සර සමාජ අධ්‍යයනය කරන කාලේ නම් මම කැමතිම නෑ මේ මාතෘකාවට..ඒ ඉතින් අපේ කැමැත්තෙන් ඉගන ගන්නවා නෙමෙයි නිසා වෙන්න ඇති...දැන්නම් මේවා ගැන හොයාගෙන කියවන්න තරම් ආසයි.

    ReplyDelete
  18. එන්න සේද පාරේ ...එන්න සේද පාරේ !!!!!

    ReplyDelete
  19. ඇත්තෙන්ම මගේත් ආසම මාතෘකාවක් . .

    ඒත් ලකී කිව්ව වගේ නියමාකාරයෙන් වටිනාකම්ක් නොදැනුනු එකක් . .

    හිතේ හිරවෙලා තියෙන අර කැමැත්ත එලියට අරන් සේද මාවතේ ගමන් කරන්න එනවා ඕන් හරිය

    ReplyDelete
  20. ස්තූතියි නංගි සේද මාවතේ ඇවිද යන්නට පාර පෙන්නුවාට. මගේ ආච්චි ඉස්සර කියනවා, ආච්චිගෙත් අම්මල කියනවා කියල අරාබි වෙළෙන්දෝ ලංකාවට ආවෙ මේ පාරේ ඒ කාලෙ එයාල අතේ ගොතපු බීරලු එහෙම විකිණුවා ඒ අයට කියලා. මම කිසිදාක ඒ කියන කථා විශ්වාස කලේ නෑ. ලකී කීවා වගේ සිල්ක් රෝඩ් බලන්නවත් උනන්දු උනේ නෑ. සමාජ අධ්‍යයනයට විතරක් ටිකක් ආසාවෙන් ඉගෙන ගත්තා. දැන් ඉතිරි ටික බලන්න ආසාවෙන් ඉන්නවා.

    ReplyDelete
  21. මම නම් ඔය සේද මාවත ගැන ඇහුවමයි ......

    ReplyDelete