Thursday, 29 March 2012

අපි කොයිතරම් පුංචිද මහ සයුර ළඟ




දුවන ගමනේ ඉසිඹුවක් ගෙන කාලයට නැවතුම       සොයා
හිඳින මොහොතේ වෙරල අද්දර අනන්තය දෙස නෙත් අයා
නැගෙන පෙරලෙන රැල්ල දිවයයි සුමුදු පෙණ වෙරළේ තියා
මටම සිතුනා සයුර අබියස මන් හරිම පුංචියි                 කියා

දකුණු චීන මුහුදේ සුන්දර වෙරළක ඉමක් නැති ක්ෂිතිජය දිහා බලන් ඉන්නකොට මේ කවිය ලිව්වේ හිතේ . පුංචි කාලේ කවදාවත් හිතේ හැටියට මුහුදු වෙරළක සෙල්ලම් කරන්න ලැබිල නැහැ . ඉඳහිටක ගාලු මුවදොර බලන්න ගියා වුනත් ඇති තරම් සෙල්ලම් කරන්න ලැබුනේ නැහැ . ඉස්කෝලෙන් හික්කඩු වෙරළට එක්කන් ගිය ගමනත් හරිම කෙටියි . ඒ හින්ද දවසක ඇති වෙනකම් මුහුදු වෙරළේ සෙල්ලම් කරන්න තිබුන ආසාව නැති වුනේ නැහැ . පසුකලෙක නම් ඇති වෙනකම් මහ සාගරය දිහා බලන් ඉන්න අවස්ථාව ලැබුන . ඒත් අර මගේ හිතේ ඉන්න ළමයට ඕන වෙරළට වෙලා රැල්ල එක්ක සෙල්ලම් කරන්න . ඉතින් ඉඩක් ලැබුන ගමන් ඒ ළමය හිතේ හැටියට මුහුදේ අසිරිය විදිනවා .
වියට්නාමෙටත් දිගම දිග මුහුදු තිරයක් තියෙනව . ඔයිනුත් ලස්සනම ටිකක් රට මැදට වෙන්න .කඳුකරයක් එක්කම මුහුදු වෙරලක් දකින්න ලැබෙනවා මෙහෙ . වියට්නාමෙට මායිම් වෙන්නේ දකුණු චීන මුහුද . චීන ලොකු අය්යයි මේගොල්ලයි අතර  නිතරම පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා මේ මුහුදේ කාරණා සම්බන්ධයෙන් .
වියට්නාමය භූගෝලීය වශයෙන් කොටස් තුනකට බෙදෙනවා . උතුර , මධ්‍යම සහ දකුණ ලෙස . අතීතයේ කලින් කලට විවිධ ආක්‍රමණයන් හමුවේ මේ කොටස් විවිධාකාරයෙන් බෙදී පාලනය වෙලා තියෙනවා . ඒත් 1975 දී ඇමරිකන් යුද්ධෙත් ඉවර වෙලා සයිගොන් වල රූකඩ ආණ්ඩුවත් බිඳ වැටිලා රට එක්සේසත් වුනාට පස්සේ ඉඳන් දැන් එකම පාලනයක් . විටින් විට මන් මේ දේශපාලන පෙරලි සහ යුද්ධ ගැන යම් යම් කරුණු ඇතුලත් ලිපි ලිව්වා . ඒ කාලේ අද තරම් පිරිසක් නෙලුම් විලට ආවේ නැහැ . කැමති නම් මේ ලිපි ටික කියවන්න . නොදැවුණ හදවත , නිසලව නිදන මිනිසෙකි , කුචි උමන් , ප්‍රන්ශුවාට ඉන්දු චීනය අහිමි වූ ඩියෙන් බියෙන් පහු සටන, බිම වැටුන කුරුල්ලෝ

මධ්‍යම වියට්නාමයේ විශාලම නගරය Danang . ඉස්සර පුංචි ගුවන් තොටක් තිබුනේ . ලඟදි අලුතින් ඉතාම ලස්සන ගුවන් තොටක් හදල තියෙනවා . මේ නගරයේ ඒ කාලේ ඇමරිකන් හමුදා බේස් එකක් තිබිල තියෙනවා . වියට්නාම ඇමරිකන් යුද්ධය ගැන පිළිවෙලකට ලිපියක් හෝ ලිපි පෙළක් ලියන්න ඕන කියල කලක හිටන් හිතන් ඉන්න නිසා ඒ ගැන අද නොකියා ඉන්නම් . මේ ලිපියේ අරමුණ මා දුටු ලස්සන දේවල් කිවීම විතරයි .
Danang වලින් බැහැල පැය භාගයක් විතර කුලී රථයකින් ගිහින් තමයි Hoi An කියන නිස්කලංක ඉපැරණි නගරයට ලඟා වුනේ . මෙය පැරණි වරායක් තිබුන නගරයක් . සේද මාවතට සම්බන්ධ වී තිබුන . මට පිස්සු හැදිලද කොහෙද ඔය සේද මාවත ගැනත් ලිපි හයක් ලිව්වා මතකනේ .
[මටත් ඔන්න බැනුම් අහන්නත් වෙයිද මන්ද ලින්ක් වලින් පිරිලා කියල . ඒ වුනත් මන් ආසාවෙන් ලියුව ලිපි නේ . කැමති නම් කියවන්න .]
මේ Hoi An  නගරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සංරක්ෂිත එකක් . පැරණි නගරය තුල පයින් සහ බයිසිකල් වලින් පමණයි ඇවිදින්න හැකි . හරිම නිස්කලංක බවක් දැනෙනවා . පරණ ගෙවල් හෙම ඒ විදිහටම තියෙන්න ඇරලා . කලබලකාරී හෝ චි මින් සහ හැනොයි වලට වඩා හරිම වෙනස් . සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙනවා .
හරිම විශේෂ දෙයක් දැක්ක . ඒ තමයි මැහුම් කඩ . කෝට්, සුට්,  ගවුම් ඕනෑම ඇඳුමක් එවෙලේම මිමි අරගෙන එදාම හවසට දෙනවා . ඒ වගේමයි සපත්තු . අපිට හමු වුන ඔසී ජාතික යුවලක් කිව්වේ එයාල විශේෂයෙන්ම ආවේ ඇඳුම් මහන් යන්නලු .
මේ පරණ ගෙවල් දකින කොට අපිට මතක් වුනේ ගාලු කොටුව .
කෑම බිමත් මධ්‍යම වියට්නාමයට අවේනික ඒවා . උතුරේ දකුණේ සහ රට මැද කෑම වල පොඩි පොඩි වෙනස් කම් තියෙනවා .
අද වැඩිය ලියන්නේ නැහැ . මේ පින්තුර ටික විතරයි ඔන්න .
@බුරා අදට මේ ''වේලුණ කොටි මස් කන්න . හෙට අමු කොටි මස් දෙන්නම් '' මොකද තව ටිකක් කියවන්න තියෙනවා අපේ අර ලිපියට
අහසේ සිට
Hoi An වල විශේෂම අංගයක් මේ ලස්සන බකට් .



නගරය මැදින් ගලන ගඟ

 මෙහෙ ඕනෑම ප්‍රසිද්ධ තැනක ඉන්නවා ෆොටෝ ගන්න අය. ඩොලර් එකකට පින්තුරය අරගෙන මුද්‍රණය කරලත් දෙනවා . මෙන්න මෙයා ගේ පින්ත්රයක් මන් ගත්තේ ඇයි දන්නවද . එයා අතේ තියෙනවා පුංචි ප්‍රින්ටරයක් . තනි පුද්ගල ව්‍යාපාරයක් .




පුංචි ඇලක් උඩින් වැටුන මේ පාලම අවුරුදු 400 ක් පරණලු. මෙහෙ Don 20,000 හේ සල්ලි නෝට්ටුවෙත් මේ රූපේ තියෙනවා
මේ පාලම හදල තියෙන්නේ ජපන් ජාතිකයින් වර්ෂ 1590 දී විතර . එතනින් ඇතුලේ පන්සලක් . මේ පාලමට ඇතුල් වෙන තැන තමයි මේ සුනඛ ප්‍රතිමාව තියෙන්නේ . ඇත්තටම දෙකක් තියෙනවා දෙපැත්තේ .මුර පිළිම ලෙස . පාලමෙන් අනික් පැත්තේ වඳුරු පිළිම දෙකක් .. එක මතයක් තමයි ලුනා කැලැන්ඩරයේ සුනඛ වර්ෂයේ හදන්න පටන් අරන් වඳුරු වර්ෂයේ දී අවසන් වුනා කියන එක . අනික් මතය බොහෝ ජපන් අධිරාජයන් බලු සහ වඳුරු අවුරුදු වල උපන් නිසා කියන එක .
කොහොම වුනත් මේ පාලම හැදීමේ අරමුණ වෙලා තියෙන්නේ නගරයේ ජපන් කොටසත් චීන කොටසත් යා කිරීමේ සමගි සංකේතයක් විදිහට . ඇත්තටම මේ ටික කියෙව්වේ අන්තර්ජාලයෙන් . හරි ගේ ඉල්ලීම පිට .
තවත් පුංචි දෙයක් එක කරන්න ඕන හොයී ආන් නගරය ඇමෙරිකන් හමුදා බේස් එකක් අසල තිබිලත් යුද්ධෙන් විනාශ නොවුනේ යුධ මුක්ත කලාපෙට අයිති වෙලා තිබුන හන්දලු .





ලෝකේ ප්‍රසිද්ධ නැව් බෝට්ටු වල ආකෘති හදන්න මෙයාල හරි හපන්නු .





මේ රුප වල පුරුදු ගතියක් තියේද බලන්න

මේ පින්තුර එක පන්සලක පිටත බිත්තියේ ඇඳපුවා. 1802 දී මේ පන්සල හදල තියෙන්නේ චාන් නම් ප්‍රකට පවුලක් විසින් . ඇත්තටම මේක එයාලගේ පවුලේ රැස්වීම් , ඒ වගේම මැරුණ අයගේ අළු තැන්පත් කිරීම් වගේ දේවල් කෙරුණා ස්ථානයක් . මේ බුදු පිළිම සහ චිත්‍ර මෑත කලෙක සදපුවා . පිටතින් අපේ පන්සලක් වගේ පෙනුනට අරමුණ වෙනස් . චිත්‍ර ටික අපේ වගේම නිසා තමයි මගේ හිත ගියේ . මේ පන්සල ෆෙන්සුයි නීති රීති අනුව නිමවුවක් . මොකද මේ චාන් [TRAN - කියල තමයි මෙයාල චාන් ලියන්නේ ] පවුල ඈත අතීතයේ චීනෙන් ආපු අය නිසා .
ඇත්තටම මන් මේ දමපු පින්තුර වෙන වෙනම විස්තර කරන්න හරිම වෙලාවක් යන වැඩක් . පෝස්ට් එකත් ගොඩක් දික් වෙයි . ඒ නිසා ප්‍රශ්න මතු වෙන විදිහට කමෙන්ට් වලදී විස්තර කරන්නම් .

බොන්සායි බෝ ගහක්

මේ තොප්පිය කාගේද දන්නේ නැහැ

මේ taxi යේ යන්න නම් කවුරුත් කැමති වෙයි


මේවට කියන්නේ සික්ලෝ

අපි උන්න හෝටල් පරිශ්‍රයේ ගමක් හදල තිබුන . ඒකෙ උන්න දෙන්නෙක් .

ලැබූ මැස්සක්

එරබදු වර්ගයක් වගේ නේද

මාරයාට කියල විචාරයක් ලියව ගන්න ඕන


ලස්සන බකට් රෑට

68 comments:

  1. දැනට පැමිණීම ලකුණු කරලා විතරක් යනවා.

    ReplyDelete
  2. මාත් එහෙමම කරනවා.. :)

    ReplyDelete
  3. පින්තූර ගැන අහන්න දේවල් බොහොමයි. අදමයි දැක්කෙ බොන්සායි බෝ ගස්. එතකොට අර චිත්‍ර? අපේ ආච්චිලගෙ ගෙදරත් තිබුණා. සිත්තරාගෙ නම මතකත් නෑ. කොහොමද මේවා එකට ගැලපෙන්නේ? බලු දේවාලෙ ගැනත් දැනගන්න කැමතියි .

    ReplyDelete
    Replies
    1. ඒ චිත්‍ර සාර්ලිස් මාස්ටර්ගෙ..

      Delete
    2. ස්තූතියි බුරතිනෝ!

      Delete
    3. ඔන්න හරි ඔයාගේ ඉල්ලීම ඉටු කළා . වෙළුන කොටිමස් කාල ගිය අය ආයේ ඇවිත් බලන්නෝ

      Delete
    4. සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍රයක් තිබීම ටිකක් වටිනා පෙනුමක් දුන්න නේද අපේ පරණ අයගේ ගෙවල් වලට

      Delete
    5. ඉල්ලීම ඉටුකරාට ස්තූතියි, ආයිම පාරක් කියෙව්වා. හැමදාමත් වගේ කමෙන්ට් වලිනුත් යමක් දැනගත්තා

      Delete
  4. මමත් මේ පළවෙනි පාරට බොන්සායි බෝ ගහක් දැක්කේ.. අර සුනඛ දෙවියන් ගැනත් දැන ගන්න තිබුනනම් තමයි වටින්නේ.. මොකද ඊජිප්තුවේ පූසන්ට වදිනවා අහලා තිබ්බට සුන්ඛයන්ට ලොකේ කොහේවත් වදිනවා මම අහලා නෑ දැනට..

    ReplyDelete
    Replies
    1. මෙතැනදී හඳුන් කුරු පත්තු කලාට වඳින බවක් නම් නැහැ . මුර කාරයෙක් විදිහට තමයි හදල තියෙන්නේ . ඔන්න මන් එකතු කළා විස්තරේ . සත්තුන්ට වැඳීම ගැන වෙනම ලියන්න ඕන කියලත් හිතුනා

      Delete
    2. ඩොඩක් ස්තූතියි අක්කේ පුංචියට හරි ඒ ගැන සදහනක් දැම්මට.. සතුන්ට වැදීම ගැනත් ලියන්න.. අපි එනවා කියවන්න..

      Delete
  5. මගේ පළවෙනි කොමෙන්ටුව වෙන්න ඕනේ.... :)ඉතුරු ලිපි ‍ටිකත් දාන්නකෝ....අමු කොටි මස් රහ ඇති....

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ආවට ස්තුතියි . වෙල්කම් කිව්වා ඔන්න . අමු කොටි මස් කොහොම වෙයිද මන්ද . ලුණු දාපු පරණ කොටි මස් නම් තියෙනවා අපි තවම රහ බලන . කැමති නම් ඔයත් බලන්න

      Delete
  6. ලස්සන පින්තූර ටිකයි, විස්තරෙයි. නොවරදවාම යන්ට ඕනි. සිත්ගත්තේ පැරණි නගරය තුල, යන්ට පුලුවන් සයිකල් වලින් හරි පයින් හරි විතරක් කීව හන්දා. අනෙක හොඳ ඇඳුම් ටිකක්, සපත්තු ටිකක් හරි ගන්ටත් පුලුවන්නේ.

    අර සික්ලෝ වැඩෙත් හොඳයි වගේ.:)

    ReplyDelete
    Replies
    1. යන්න පොඩ්ඩි. ඇත්තටම මට ඔයාව මතක් වුනා . ඔයා නම් හොඳටම රස විඳියි කියල හිතුන . පාට පාට බකට් එල්ලපු කඩ තියෙන වාහන නැති අද අඳුරු පාරක ඇවිදින එක හරිම චමත්කාරජනකයි . ඔයා වගේ අයට. අපිටත් එහෙමයි . අපේ බනියා කළුවරේ පාරේ ගැට්ටෙන් ලෙස්සලා දඩොරියන් ගාල බිම . එයාව නැගිට්ටවල මඩ පිහිදල හෙම ගන්නකොට හරිම චමත්කාර ජනකයි ..So Romantic මෙයා .D

      Delete
    2. හික්ස්!! මට නිකං මැවිලා පේනවා පේනවා වගේ.. Romantic with capital R.. :D

      Delete
    3. පොඩ්ඩිටත් ඉතින් ඔය යනකොට, වැටෙන කට්ටියව නැගිට්ටවලා, මඩ පිහදාලා ගත්තෑකි. එතකොටත් ඉතින් so romantic with capital R... තමා මෙයාලා... :D

      Delete
  7. වියට්නාමය ගැන අපි නොදන්න ගොඩක් දේවල් කියල දෙනවට අක්කට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මටත් සතුටුයි ඒගැන . ඒ වගේම ලියන්න දේවල් ගොඩක් ලැබෙන නිසා

      Delete
  8. මේ ළඟදි දවසක මාත් වියට්නාමේ පුරා රවුම් ගැහැව්වා. හැනෝයි රෑ මාකට් වලින් පටන් ගත්ත මාගේ සංචාරය රෑ එක දෙක වෙනකම් දුර ගියා. බින්දිගේ කතාවලට ටිකක් විතර ලින්ක් හොයා ගන්න ඒකෙන් මටත් පුළුවන් වුනා. කොටින්ම අද දවල් ඒක මතක් වෙලා ඔයාගේ පෝස්ට් එකක් දැක්කේ නෑ කියලා ඇවිත් කලින් පෝස්ට් එකත් කියවලා ගියා.

    මටත් වියට්නාමෙට ජීවත් වෙන්න හිතුනා අර වැව් ටික හෙම දැක්කම නම්...

    (ප. ලි) අර පොඩි කාලේ මුහුදු යන්න බැරි වුන හින්දා වෙන්න ඇති එහෙනම් මාත් මේ තරම් මුහුදු ලවර් කෙනෙක් වුනේ නේද?

    ReplyDelete
    Replies
    1. අපි තරහයි නොකියම ඇවිත් ගියාට . ජිවත් වෙන්න හොඳ රටක් තමයි .

      Delete
    2. රංගි,
      තල්මස්සු කොහොමත් මූදට ආසයිනෙ . . . ඒක වෙන්න ඇති

      Delete
    3. බින්දි වැරදීමක් වෙලා. (මම කලින් වියට්නාම් ආවේ 2002 විතර.)

      මේ ළඟදි දවසක් පාන්දර වෙනකම් ඩොකියුමන්ටරි වගයක් බැලුවේ. කොටින්ම අර වියට්නාම් ගිහින් දැක්කට වඩා ගොඩාක් දේවල් මම ඉගෙනගත්තේ මේ ඩොකියුමන්ටරි එක හරහා. ඒවම ඔයාගේ බ්ලොග් එකෙත් දැක්කා.... මම ඊයේ පෙරේද ඔහෙ එන්න පුළුවන් තත්වෙක හිටියේ නෑ. මාස දෙකකටම කිට්ටු කාලයක් බෙඩ් රෙස්ට්

      ඕනයා... හා හා... අපි තව දවස් කිහිපයකින් මුහුදු යනෝ... අපිට ඊස්ටර් හොලිඩේ.....

      Delete
  9. බෝ ගහක් බොන්සායි කරලා අදමයි දැක්කේ. ස්තුතියි විස්තර වලටයි ලස්සන පින්තූර ටිකටයි. ඔන්න වියට්නාමේත් දාගත්තා යන්න තියන රටවල් ලිස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. ආවට පාඩු නැහැ Nikki ...ස්තුතියි අදහස් වලට

      Delete
  10. මමත් ඔන්න ඔයාගෙ පිහිටෙන් Hoi An නගරයේ ඇවිදලා ගොඩක් දේ දැක ගත්තා..

    ReplyDelete
  11. ලස්සන පින්තුර ටිකක්...විස්තරත් බොහොම වටිනවා...අර සුනඛ වර්ෂ, වඳුරු වර්ෂ ගැනත් අක්කට පුළුවන් වෙලාවක කියනවනම් හොඳයි...

    //වියට්නාම ඇමරිකන් යුද්ධය ගැන පිළිවෙලකට ලිපියක් හෝ ලිපි පෙළක් ලියන්න ඕන කියල කලක හිටන් හිතන් ඉන්න නිසා //

    නොඉවසිල්ලෙන් බලා සිටිමි :)

    ReplyDelete
    Replies
    1. ඔය චීන අවුරුදු ක්‍රමේනේ. දැන් යන්නේ මකර අවුරුද්ද . මේ අවුරුද්දේ ඉඩදෙන ළමයි විශේෂයෙන් පිරිමි ළමයි කලෙකදී බැබලෙනවා කියල මෙහෙ අය හිතනවා . යුද්ධේ ගැන ලියන්න ඕන . වෙන වෙන් දේවල් නිසා මග ඇරී ගියා සයුරි .

      Delete
  12. ලස්සන පින්තූර එක්ක අලුත් දේ ගොඩක් දැන ගත්තා..

    ReplyDelete
    Replies
    1. මගේ සතුට එය තමයි ඩිලාන්

      Delete
  13. හ්ම්ම් ඒ ගොල්ලන්ටත් එහෙනම් ලොකු අයියෙක් ඉන්නවා ඈ.. අපේ ලොකු අයියා වගේමද ?

    අර පාලම දැක්කම මට මතක් උනේ බෝගොඩ පාලම.. ඒකත් ඔය වගේමනෙ..

    අර හෝටලේ ගමක් හදලා දෙන්නෙක් දාලා තිබුනලු නේද.. ඇයි අපේ කට්ටියත් අනුරාධපුරේ ගිහින් එහෙ අයට හරක් පෙන්නලා තිබුනෙ.. :-)

    අන්තිමට ඉතින් වියට්නාමෙ රවුමක් එක්කන් ගියාට පින්.

    ReplyDelete
    Replies
    1. senna කිව්වා හින්ද බෝගොඩ පාලමත් බැලුව . ඒකෙයි මේකෙයි වෙනස එතන අපේ අනන්‍යතාවය තියෙන එක . සංකල්පය නම් එකයි නේද . මෙයාලගේ ලොකු අය්යා ඉස්සර කාලේ හරියට ලෙඩ දාල තියෙනවා . හැබැයි ඇමෙරිකාව එක්ක ගහගනිද්දී රුසියාවයි ලොකු අය්යයි තමා උදව් කලෙත් . අපේ අය්යා එහෙම වත් උදව්වක් කරයිද .
      හරක් දෙන්න අපි දිහා බැලුවේ '' ආවද උඹලත් මෙතන ෆොටෝ ගහන්න . '' වගේ සුහද ආකල්පෙකින්

      Delete
    2. අපේ අයියා ඔය කොරේ... නොදෝමකින් ඔහොමත් අයියලා. නොපතන් !

      Delete
  14. වෙනදා වගේම ලස්සන වැදගත් විස්තරයක්,අර පිංතූර ටික නං මරු ඈ...ඉස්සර පරණ ගෙවල්වල එල්ලා තියෙන්නේ...යන්න ආසාව තිබ්බත් ඔය රටට කවදා යන්න ලැබෙයිද නොලැබෙයිද කියන්න බෑනේ.ඒ උනාට ඔය ටැක්සි නං එළ ඈ....වටයක් යන්න එන්න ඕනේ බලන්න ....

    ReplyDelete
    Replies
    1. taxi එලම තමයි . චුටිගේ ටැක්සිය දැක්ක ගමන් මට කට්ටිය මතක් වෙලා පින්තුරයක් ගත්ත .

      Delete
  15. මේ ඒක නෙවෙයි, මට ප්‍රශ්නයක් ආවා.. මොකද්ද මේ නගරයේ චීන කොටසයි ජපන් කොටසයි කියන්නෙ..?? චීන්නු නං හිතාගන්න පුළුවන් නිකංම උඩ ඉදන් පහළට එන එකනේ, ඒත් ජපන්නු.!!?? 1500 ගනන්වල ජපන්නු පාලම් හැදුවා කියන්නෙ ඒකාලෙ ජපන් ආධිපත්‍යයට‍ යටත්වෙලා හිටියද මෙයාලා..?? 1500 ගනන් කියන්නෙ ෂෝගුන් කාලෙනෙ..

    ReplyDelete
    Replies
    1. I am going out . will reply in d evening

      Delete
    2. '''Japanese Covered Bridge

      Connecting Tran Phu st. with Nguyen Thi Minh Khai st., Japanese Covered bridge was constructed in the middle of the 16th century by Japanese merchants in Hoi An. Due to natural disaster, Japanese Covered bridge was restored so many times that it gradually lost its original Japanese architecture style and was impacted by Vietnamese and Chinese design. The bridge was provided with a roof which was arched shape and skilfully carved with many fine patterns. Over the door, 3 Chinese characters “ Lai Van Kieu” (it means Bridge for Passers-by From Afar) were carved prominently to name the bridge by Nguyen Phuc Chu Lord in his trip to Hoi An in 1719.
      The two entrances to the bridge are guarded by a pair of monkeys on one side and a pair of dogs on the other. According to legend, these once lived an enormous monster called Cu whose head was in India, its tail in Japan and its body in Vietnam. Whenever the monster moved, terrible disaster such as floods and earthquake befell these places. Thus, aprat from the purpose of transportation, building the bridge aslo is to speak-killing the monster to preserve safe and peaceful life.
      Japanese Covered Bridge is an invaluable property and has been officially selected to be the symbol of Hoi An.''

      මෙන්න විස්තරේ . ජපන්නු ඒකාලේ වෙළඳ කටයුතු වලට ඇවිත් තියෙන්නේ . හැබැයි ඊට ටික කලකට පස්සේ නොදන්නා හේතුවක් නිසා ජපානය අනෙක් රටවල් එක්ක ගනුදෙනු නතර කලාලු . ඒගැන යමක් බුරා දන්නවා ද .

      දැන් ඔන්න ජපන් ඉතිහාසේ කියවන්න හිතුනා .

      Delete
    3. තව එකක් Hoi An කියන්නේ සේද මාවතේ සැලකිය යුතු තැනක් . ඉතින් ලෝකේ පුරාම වෙළෙන්දෝ මෙතනට ඇවිත් තියෙනවා . මේ ටික ඊළඟ ලිපියට දාන්න හිටියේ . ඒත් ඔන්න ඔහේ කමක් නැහැ . පසු කලෙක Danang වරාය දියුණු වෙලා මේක අභාවයට ගිහින්

      Delete
    4. ඊයෙ ආයෙමත් නයිට් ෂිෆ්ට් එකක් ඇදලා අද උදෙයි ගෙදර ආවෙ.. මම දැන් නිදාගන්න යනෝ, ඔය ජපන් history එක මම ටිකක් විතර කියෙවුවා.. නැගිට්ටහම එඤ්ඤං‍කො විස්තරෙත් අරගෙන..

      Delete
    5. බින්දි මෙන්න මගේ කියවීම..

      1500 මැද භාගය වෙද්දී ජපානයේ අධිරාජයා නාමමාත්‍රික පාලකයෙක් විතරයි, රටේ පාලනය ඇත්තටම සිදුවුනේ 'දයිමියෝ' හෙවත් වෝර්ලෝඩ්ලා අතිනුයි.. මේ අතරින් 'ඔඩා නොබුන්ගා' කියන වෝර්ලෝඩ් තමා මුල්මවරට ජපානය එක්සත් කරන්න ට්‍රයිඑකක් දෙන්නෙ.. මේකට සපෝර්ට් එකට එයාට එක්වෙනවා 'තොකුගාවා ඉයෙයාසු' හා 'තොයොතොමි හිදෙයොෂි‍' කියන වෝර්ලෝඩ්ලා දෙන්නත්.. නොබුන්ගා තේරුම් ගන්නවා තමන්ගෙ අරමුණු මුදුන් පමුණුවා ගන්න ඕන නම් බටහිර තාක්ෂණයෙ සහායත් ලබාගන්න ඕන කියන එක, මේ නිසාම බටහිර ජාතින් (විශේෂයෙන්ම පෘතුගීසින්) සමග කෙරෙන වෙළෙදාමට මෙයා පූර්ණ සහයෝගය දෙනවා..

      ජපානෙට පෘතුගීසින් ගොඩබහින්නෙත් (1543) අපේ වගේම අහම්බෙන් කුණාටුවකට අහුවෙලා තමා.. පෘතුගීසින්ගෙ තුවක්කුවලට වහ වැටෙන ජපන් වෝර්ලෝඩ්ලා එයාලත් එක්ක වෙළෙදාම් කිරීම නවත්තන්නෙ නෑ.. හැබැයි පරංගියා අරන් එන්නෙ තුවක්කු විතරක් නෙවෙයි, අර කතාවටත් කියන්නෙ එක අතකින් තුවක්කුවයි අනෙක් අතෙන් බයිබලෙන් අරන් ආවා කියලා.. ඒ වගේ ජෙසුයිට් මිශනාරිවරුනුත් තමන්ගෙ ධර්මදූත සේවය පටන් ගන්නවා හීන් සැරේ.. 1582 නොබුන්ගා ඝාතනය වීමෙන් පස්සෙ සුප්‍රීම් කමාන්ඩර් වෙන හිදෙයොෂි තේරුම්ගන්නවා මේකේ තියෙන අනතුර.. ඒ නිසා එයා නියෝග කරනවා ක්‍රිස්තියානිය තහනම් කරලා සියළුම මිශනාරිවරු පිටුවහල් කරන්න, ඒත් මේක සාර්ථක වෙන්නෙ නෑ.. මේකෙම ඉදිරි පියවරක් විදියට 1597දී හිදෙයාෂිගෙ අනින් ක්‍රිස්තියානින් 26 දෙනෙක් ප්‍රසිද්ධියේ මරාදානවා කෘසිෆයිඩ් කරලා, නමුත් මේකෙ අන්තිම ප්‍රතිඵලය වෙන්නෙ ක්‍රිස්තියානිය තදින්ම මුල්බැසගැනීමයි..

      හිදෙයාෂිගෙ මරණින් පස්සෙ 1600දී ඉයෙයාසු ජපානය එක්සත් කරන්න සමත්වෙනවා අන්තිමේදි, 'සෙකිගාරා' සටනෙන් 'ඉෂිදා' ක්ලෑන් එක යටත් කරලා සම්පූර්ණ රටේම පාලනය තමන් අතට ගන්නවා.. මේ නිසා 1603දී අධිරාජයා මෙයාට පිරිනමනවා 'ෂෝගුන්' කියන පදවිය, ඒ කියන්නෙ සියළුම මිලිටරි කටයුතුවලදී රටේ පාලනය මෙහෙයවීම, නාමිකව මිලිටරි වුනාට ඒ එක්කම දේශපාලන බලයත් එනවා නෙවැ, ඒ කියන්නෙ මෙයා තමා රටේ බලවත්ම පුද්ගලයා වෙන්නෙ.. මේ තමා අවුරුදු 260ක ෂෝගුන් පාලනයේ ආරම්භය, 1860 ගනන්වල 'මෙයිජි ප්‍රතිසංස්කරණ' හරහා බලතල කප්පාදුවෙනතුරු ජපානය පාලනය කරන්නෙ මේ 'තොකුගාවා ෂෝගුනේට්' එක තමා.. මෙයාලා යටතේ තමා රටේ පරිපාලනය කියෝතෝ සිට එදෝ (වර්තමාන තෝක්යෝ) වලට මාරුවෙන්නෙත්..

      ක්‍රිස්තියානි ව්‍යාප්තියේ අනතුර දකින ඉයෙයාසු 1614දී සියළුම ක්‍රිස්තියානි කටයුතු තහනම් කරලා බටහිර වෙළෙදාමත් සීමා කරනවා නාගසාකි (පෘතුගීසින්ට) හා හිරාදෝ (ලන්දේසින්ට) කියන නගර දෙකට පමණක්.. මේකෙම ඉදිරි පියවරක් විදියට 1633දී තෙවන ෂෝගුන්වරයා වන තොකුගාවා ඉයෙමිත්සු (ඉයෙයාසුගෙ මුණපුරා) සියළුම විදේශ සංචාර පාලනය කරනවා.. විදේශීය නැවුවලට ඇතුළුවෙන්න දෙන්නෙ නාගසාකි වරායට විතරයි.. 1635දී මේකම තවත් දික්කරමින් කිසිම ජපන් නැවකට රටෙන් පිටවීම තහනම් කරනවා.. ජපාන නාවිකයන්ට විදේශ නැවුවල සේවය කිරීමත් තහනම් කරනවා.. මේකට පිටින් ගිය ඕනෑම කෙනෙක් කිසිම සමාවක් නැතිව මරාදානවා..

      [To be continued...]

      Delete
    6. 1637දී නාගසාකිවලට යාබද ෂිම්බාරාවල ඇතිවෙනවා කැරැල්ලක්.. මේක මුලින්ම පටන්ගන්නෙ බදුවලින් හෙම්බත්වුනු ගම්බද ජනයා වුනාට ඉක්මනින්ම ඒක පරිවර්තනය වෙනවා ක්‍රිස්තියානි කැරැල්ලක් විදියට.. 40,000ක කැරැලිකරුවන් (හා එයාලගෙ ගැහැණුන් හා දරුවන්) මාස 4ක ගැටුම්වලින් පස්සෙ සමූලඝාතනය කරනවා.. මේකෙන් පස්සෙ ඉයෙමිත්සු තීරණය කරනවා ජපානයේ එක්සත්බවට ක්‍රිස්තියානිය ත්‍රෙට් එකක් කියලා, ඒකනිසා එයා සියළුම විදේශිකයින් පිටුවහල් කරලා පෘතුගීසි නැවුවලට ජපන් වෙරළ තහනම් කරනවා.. මේකෙන් බේරෙන්නෙ චීන හා ලන්දේසි වෙළෙදුන් විතරයි, ලන්දේසින් බේරෙන්නෙ එයාලා වෙළෙදාම මිස ධර්මදූත සේවයක් නොකරන නිසයි.. නමුත් 1641දී ලන්දේසින් පවා එතෙක් හිටපු හිරාදෝවලින් අයින් කරලා දෙජිමා කියන දූපතට සීමා කරනවා.. මේනිසා පිටත ලෝකයත් එක්ක තියෙන එකම සම්බන්ධතාව වෙන්නෙ චීන්නුන් හා ලන්දේසින් විතරයි..

      මේ තත්ත්වයේ පොඩි වෙනසක් වෙනවා 1716දී.. අටවෙනි ෂෝගුන්වරයා වෙන තොකුගාවා යොෂිමුනේ රටේ විද්‍යාත්මක සංවර්ධනය උදෙසා ආනයනික බටහිර පොත්වලට තියෙන තහනම ඉවත්කරනවා, නමුත් තාමත් ලන්දේසින් දෙජිමාවලට සීමාවෙලා ඉන්නෙ.. හැබැයි මේ වෙනකොට ෂෝගුනේට් එකටත් යම් යම් ප්‍රශ්නවලට මූණදෙන්න වෙලා තියෙන්නෙ, විශේෂයෙන්ම දුර්වල ෂෝගුන්ලා බිහිවීම නිසා රටේ පාලනය නිසියාකාරයෙන් පවත්වාගන්න බැරිවීම වගේ.. ඒ එක්කම බාහිර ලෝකයේ ඇතිවෙන වෙනස්කම්.. 1790 ගනන් වලදී ඇමෙරිකානු හා රුසියානු නැවු උත්සාහ කරනවා වෙළෙද සම්බන්ධකම් ඇතිකරගන්න, ඒත් අසාර්ථක වෙනවා.. මේ උත්සාහයන් 1830 ගනන් වෙනකනුත් දිගටම කෙරෙනවා කිසිම සාර්ථකත්වයකින් තොරව, ඒත් මේ වෙනකොට රට ඇතුළෙන්ම විරෝධතා එනවා මේ 'වෙන්ව සිටිමේ ප්‍රතිපත්තියට', විශේෂයෙන්ම ස්කොලර්ස්ලාගෙන්..

      1853දී ඇමෙරිකානු කොමදෝරු 'මැතිව් පෙරී' නැවු 4ක් එක්ක ඇවිත් බලපෑම් කරනවා බාහිර වෙළෙදාමට රට විවෘත කරන්නයි කියලා.. මේ වෙනකොට ෂෝගුනෙට් එක හොදටම දුර්වලයි අසාර්ථක පාලකයින් නිසා, ඒ එක්කම රට ඇතුලෙන් එන බලපෑම අධිකයි.. මේ නිසා ෂෝගුනේට් එකට සිද්ධවෙනවා 'කනගාවා ගිවිසුම' අත්සන් කරලා ඇමෙරිකන් නැවුවලට වරායන් කිහිපයක් විවෘත කරන්න.. 1867දී පත්වෙන 15වන (අවසාන) ෂෝගුන්වරයා වෙන තොකුගාවා යොශිනොබු උක්සාහ දරනවා යම් යම් ප්‍රතිසංස්තකරණ මගින් තවදුරටත් බලය රදවාගන්න, ඒත් මේ කාලයේ ඇතිවෙන සිවිල් යුද්ධය නිසා (අධිරාජයාට පක්ෂ පිරිස් හා ෂෝගුනේට් එකට පක්ෂ පිරිස් අතර) මේ උත්සාහයන් අසාර්ථක වෙනවා.. අන්තිමේදි 1868දී යොශිනොබු තම ෂෝගුන් තනතුරෙන් ඉල්ලා අස්වෙනවා අධිරාජයාට සම්පූර්ණ රටේම පාලනය බාරදෙමින්..

      1868දී පටන්අරන් 1912 දක්වා විහිදෙන මෙයිජි ප්‍රතිසංස්කරණ මගින් ජපානය, ඇමෙරිකාව හා යුරෝපයට විවෘත කෙරෙන අතර වෝර්ලෝඩ්ලාගේ හා සමුරායිලගේ බලය සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා.. මේ ගැන හොදටම කතාවෙනවා The Last Samurai ෆිල්ම් එකෙන්..

      Delete
    7. බොහොම ස්තුතියි බුරෝ . සියල්ල පැහැදිලියි . Last Samurai දෙපාරක්ම බැලුව . ආයිත් බලන්නත් පුළුවන් . ජපානෙත් මහා පුදුම රටක්. දවසක ඒ ගැනත් ලිපියක් ලියමු . මට හම්බ වුනා හොඳ ජපන් යෙහෙලියක් . හොඳට රටතොට ගැන දන්නා . දැන් මේ ගැන කතා කරන්න පුළුවන් . Thank You very much . සුජීවත් උන්න නම් නේද .

      Delete
    8. ඔයා ඒක දෙපාරය බැලුවෙ.!? මමනං හත් අට පාරක් වත් බලලා ඇති අඩුම තරමේ, ඒත් මටත් ආයෙමත් බලන්න පුළුවන්.. එච්චර‍ට ආසයි ඒ ෆිල්ම් එකට..

      හැබෑටම කෝ බොලේ මේ සුජීව.!!?? ඒලියන්ස්ලා වත් ඇවිත් උස්සගෙන ගොහිල්ලාද.. බ්ලොග් ලෝකෙම පාළුයි ඌ නැතිව..

      Delete
    9. බින්දිට මතකද 80 ගනන්වල ටීවී එකේ ගිය ෂෝගුන් සීරිස් එක.. පුළුවන්නම් ඒක හොයාගෙන බලන්න, මං දැක්කා DVD එහෙම ගන්නත් තියෙනවා, නැත්තං ඔන්ලයින් බලන්න හෝ බාගන්න හෝ පුළුවනි..

      Shogun TV Mini Series 1980

      Delete
  16. මාතෘකාවටයි ඇදිලා ආවේ.. මෙච්චර දිග පෝස්ට් එකක් කොහොම කියවන්නද මේ වෙලාවේ.. ඔය අත්දැකීම් පොඩ්ඩ පොඩ්ඩ දාන්න බැරිද ඇත්තට..? කවිය කියෙවුවා.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. දිග වැඩිද . කාන්තා පාර්ශවයේ කතන්දර නේ දන්නේ නැද්ද . හිමිට කියවන්නකෝ . කොටස් කරන්න ගියහම මට කම්මැලි හිතෙනවා .ඔයාගේ වැඩි මනාපය කවි වලටනේ

      Delete
  17. දහ පාරකට වැඩිය ඔහේ ආව එත් දැක්ක ඉටි ගෙඩියක් නැහැ. අයි ඉතින් වැඩ වැඩ වැඩ ඊට පස්සේ ගෙදර දුවන හදිස්සිය... ඔන්න ඒ පාර අපේ ප්‍රොජෙක්ට් එකත් තාවකාලිකව හබක්.. ඉතින් ඔයාගේ පිහිට තමයි ඔවුව දකින්න..

    ReplyDelete
    Replies
    1. ආයේ දවසක නිදහසේ ඇවිත් බලන්න

      Delete
  18. යන්න හම්බ වෙන්නෙ නැති තැන් වලට ඔයා අපිව හැම දාම ගෙනියනවා.ස්තූතියි අක්කේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි.

      Delete
  19. හොඳ විස්තරයක්.

    අර ලාෆින් බුද්ධ පිළිරුවෙ රත්තරන් පාට ආකෘති තියල තියෙනව මෙහෙ ලොටෝ, හුරන ලොතරැයි එහෙම විකුණන නිව්ස් ඒජන්සි වල. ඔසියො ආසියාතිකයො කියල වෙනසක් නැතුව තමන් ගත්ත ටිකට් එක හුඟක් අය අර පිළිරුවෙ බඩේ අතුල්ලනව, වාසනාව උදා වෙනව කියන විශ්වාසෙන්.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් සමහර කඩ වල හෙම ඉන්නවා . චීනෙන් තමයි එන්න ඇත්තේ

      Delete
  20. වේලිච්ච කොටි මසුත් නරක ම නෑනේ. හිකිස්. ස්තුතියි බින්දී

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ...ස්තුතියි චන්දි

      Delete
  21. // [මටත් ඔන්න බැනුම් අහන්නත් වෙයිද මන්ද ලින්ක් වලින් පිරිලා කියල . ඒ වුනත් මන් ආසාවෙන් ලියුව ලිපි නේ . කැමති නම් කියවන්න .] //

    මටත් කියන්නේ, ඇයි, වෙන කාටහරිත් බනිනවාද ලින්ක්ස් ගැන කියලා?

    ReplyDelete
    Replies
    1. කෙහෙල් කැන...අළු පුහුල්..D
      නෑ නෑ ...ඔය හල් තයන්න වැරදිලා ටයිප් වෙලා

      Delete
  22. හොඳ රසවත් විස්තරයක්. දවසක බලන්න යන්න ඕන.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න . හැබැයි රන්ගි වගේ හොරෙන්ම යනවා හෙම නෙමේ

      Delete
    2. උඩ කොමන්ට් එක බලන්න

      Delete
  23. ඉතුරු කොටසත් කියවලාම කොමෙන්ට් කරන්නංකො. එතකන්,
    මම උපන්නෙ සර්පයාගෙ අවුරුද්දෙ . . . .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම .කියවල බලන්න ඕනේ

      Delete
  24. ලස්සන පින්තූර ටික වගේම කතා ටික. ඒක ෆොටෝ එකක ලාෆින් ගෝඩ්/ ලාෆින් බුද්ධ කියන කෙනාත් ඉන්නවා දැක්කා

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒ අර Tran පවුලේ පන්සලේ තිබුනේ . කොහොමත් මෙහෙ ඉන්නවා ලාෆින් බුද්ධා

      Delete
  25. මරු, මාත් ගියා සති දෙකකට කලින්. හැබැයි තනියම ගියේ (හික් හික්)

    එහෙ තියෙනව එක ඉන්දියන් කෑම කඩේකුත් ගියෙ නැද්ද ඒකට??

    ReplyDelete
    Replies
    1. හා හා අපි ඇහුවය කා එක්කද ගියේ කියල D . නැහැ මට ඕන වුනේ Central Vietnam කෑම කන්න . ටිකක් මිරිස් පාවිච්චි කරනවා වගේ .

      Delete