Wednesday 4 May 2011

ඉබ්බා සහ කඩුව

වියට්නාමයේ අගනුවර hanoi විල් වලට කොයි තරම් ප්‍රකටද යත් city of  lake එහි අන්වර්ථ නාමය . නගරයේ හදවත කිව හැකි hoan kiem විල ඒ අතර කැපී පෙනෙනවා. පරණ නගරය [old  quater ]  ලෙස මේ විල වටා ප්‍රදේශය ප්‍රසිද්ධයි . සංචාරකයින් නිතර දෙවේලේ ගැවසෙන මේ ඉසව්ව ගැන වෙන ලිපියකින් විස්තර කරන්න ඕන.
 මේ පුංචි කතාව ඉබ්බෙක් ගැනනේ. වියට්නාමය හා චීනය අතර තියෙන්නේ උණු හින්ද බොන්නත් බැරි,කිරි හින්ද අහක දාන්නත් බැරි සම්බන්දයක් . හරියට ඉන්දියාවයි ලංකාවයි වගේ. ඒ ගැනත් පස්සේ ලියන්නම්කො. ඉස්සර චීනෙට උවමනා    වුණා මේක එයාලගේ කෑල්ලක් කරගන්න. මෙහෙ හිටි Le Loi කියන රජතුමාට චිනෙත් එක්ක යුද්ද කරන්න ඉබි දෙවි කෙනෙක් රත්තරන් කඩුවක් දුන්න.
    යුද්දේ දිනුවට පස්සේ විලේ ඔරු පදිමින් සිටි විටක විශාල ඉබ්බෙක් දියෙන් මතු වෙලා කඩුව ආපහු අරගත්තාලු. එදා ඉඳන් මේ විලට Hoan Kiem හෙවත් lake of returned sward කියන නම  ලැබුන  .
  කතාවේ හොඳ ටික එක නෙමේ. තාමත් ඉතා විශාල කැස්බෑ විශේෂයක් මෙහි ඉන්න එක. වැඩිය නැහැ. කීප දෙනයි. ලේසියෙන් දකින්නත් බැහැ. ඉතාම කලාතුරකින් දර්ශනය වෙනවලු. මෙයින් එකෙක් දැක ගැනීම දුලබ වාසනාවක් ලෙසයි සැලකෙන්නේ.
සංරක්ෂිත මිය ගිය ඉබ්බෙක්    නම් විල මැද පන්සලේදී දැක්ක. ලඟදි ලෙඩ වෙලා හිටි ඉබ්බෙක්  හමුදා මෙහෙයුමකින් අල්ලා ප්‍රතිකාර කරන බවයි ආරංචි. [මේ හමුදාවට දැන් තියෙන්නේ ඉබ්බෝ අල්ලන වගේ රාජකාරි තමයි]
ඉතුරු වී සිටින මේ කීප දෙනා සංරක්ෂණයට දැන් වත් හිතු එක හොඳයි.  ඉබිමස් වලට හොඳ ඉල්ලුමක් තියෙන නිසා [ ඉබ්බාට  කියන්නේ ba ba ] පරිස්සම් නොකලොත් ඉස්සරහට ලියන්න වෙන්නේ දැන් උන් වඳවී ගිහින් කියල තමයි .
වැඩි විස්තර wikipedia  වලතියනවා . කැමති නම්   ගොහින් බලන්න . විද්‍යාත්මක නම හෙම තියෙනවා,

9 comments:

  1. ස්තූතියි! ඔබ අපව දැනුවත් ක‍ලේ හොද තොරතුරකින්...

    ReplyDelete
  2. නොදන්න කතාවක් බොහොම ස්තුතියි ......... මේ වර්ඩ් වැරිෆිකේෂන් අයින් කලොත් නම් හොඳා ....

    ReplyDelete
  3. @ දිනේෂ් ,
    ස්තුතියි අදත් මේ පැත්තේ ආවට. එය මට ලොකු හය්යක් .

    ReplyDelete
  4. @ කල්හාර ,
    බොහොම ස්තුතියි. ඔන්න වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා. ඕක මම දැනන් හිටියේ නැහැ.

    ReplyDelete
  5. ලංකාවේ හමුදාවටත් දැන් කරන්න තියෙන්නේ සුභ සාධන වැඩ. පාරවල් හදන, එළවළු විකුණන වගේ වැඩ ගොඩාක් ලංකාවේ හමුදාවත් කරනවා.

    ඒ විලේ ෆොටෝ එකකුත් එකතු කළා නම් පංකාදුයි අක්කේ :)

    ReplyDelete
  6. ස්තුතියි මලේ. කොච්චර හොඳද ..තුවක්කු වෙනුවට පතෝල වැටකොළු ..බෝම්බ වෙනුවට අර්තාපල් බතල ..
    ඊ ලඟට ලියනකොට පින්තුරයක් දාන්නම්. හැනොයි ගැන ගොඩක් ලියන්න හිතා ඉන්නේ. අද පොස්ට් එකක් දාන්න හිටියේ එත් ලොක්කි ලෙඩ වෙලා ගෙදර. හෙටවත් බලමු.

    ReplyDelete
  7. කලින් කතා සෙට් එකේ මේක විතරයි මිස් උනේ . .

    හොඳ වෙලාවට අද ලිපියෙන් ඒකටත් ලින්ක් එකක් දාලා තිබ්බේ . . .

    ReplyDelete
  8. අනේ ඔන්න ඔහොම ඉබ්බෙක් ඇවිත් අපේ රටේ අය යුද්දේ ඉවර වෙලා අවුරුදු දෙකකටත් පස්සේ තාමත් උස්සගෙන ඉන්න තුවක්කුත් උදුරාගෙන ගියා නම් !

    ReplyDelete
  9. ඔබේ ලියවිලි ඇස්වලට සිහිලක්.!

    ReplyDelete