Sunday 8 April 2012

චම්පා ..පාලි සහ සංස්කෘත මිශ්‍රිත චාම් බස

කලින් ලිපියේ කි පරිදි චම්පා රාජ්‍ය බිහි වුනේ ජාවා පෙදෙසින් පැමිණි මිනිසුන්ගෙන් , දෙවෙනි සියවසේදී . ඒ කාලේ ඉන්දියන් බලපෑම මේ ප්‍රදේශයේ තදින්ම තිබුන නිසා චම්පා හි මුලික හරය වුනේ ඉන්දියන් සංස්කෘතිය . මෙයට සමගාමී ක්මෙර් ශිෂ්ටාචාරයත් එහෙමමයි . වියට්නාමයේ ප්‍රධාන ජාතිය වන වියට්නාම් [ Dao Viet ] අයට චීන බලපෑම ලැබෙද්දී චම්පා ට ලැබුනේ ඉන්දියන් බලපෑම .
හොඳට හෝ නරකට Dao Viet ල චම්පා විනාශ කල නිසා අද ඉන්දියන් ලක්ෂණ ඇත්තෙම නැති තරම් .

සංචාරක ව්‍යාපාරයට මුක්කුවක්  ලෙස චාම් සංස්කෘතිය මෑතක සිට එලිබැස ඇති බවයි  පෙනෙන්නේ .
අච්චර බලවත්ව තිබුන චම්පාට මොකද වුනේ කියන එක සොයා බලන්න වටිනා කාරණයක් .
කලින් ලිපියේ සහ කමෙන්ට් වල සඳහන් පරිදි 17 වන සියවසේදී සම්පුර්ණයෙන්ම යටත් වුන චම්පා රජ තුමා තම පිරිවරත් එක්ක මිකොන්ග් ගංගා නිම්නයෙන් පහුබැස ගොහින් වත්මන් කම්බෝජියාවේ පදිංචි වුනා . ඒත් සුළුතර ජාතියක් විදිහට . ඒ වෙනකොට මේ චම්පා පිරිස මුස්ලිම් වෙලා හිටියේ .

මධ්‍යම වියට්නාමේ ඉතුරු වුන සුළු පිරිස හින්දු සහ බුදුදහම මුලික කොට ගත්තා . අදටත් කම්බෝජියන් චාම්ලා බහුතරය මුස්ලිම් . වියට්නාම් චාම්ලා බහුතරය හින්දු සහ බෞද්ධ . හැබැයි දේශීය විශ්වාසයන් සහ ඇදහිලිත් එක්ක මිශ්‍ර වෙලා මේ ආගම් සියල්ලම මුලික තත්වයෙන් සැහෙන වෙනස්කම වලට බඳුන් වෙලා .
කම්බෝජියවේදී චාම් ලට පොල්පොට්ගේ කාලේදී සැහෙන වන්දියක් ගෙවන්න වුනා . පොල්පොට්ටත් අර හිට්ලර්ට වගේ ම ලෙඩක් තිබුන වෙනස් අයව විනාශ කිරීමේ . චාම් ජනතාව විශාල ලෙස ඝාතනය වුනා . ඉන්දු චීන අරගලයන් තුලත් මොවුන් සැහෙන්න පොඩි පට්ටම් වී ගියා .

වරින්වර චාම් නැගිටීම් වෙලා තියෙනවා වියට්නාමය තුලත් .නමුත් අද වෙනකොට සුළුතර ජාතියක් ලෙස අන්‍යයන් සමග මිශ්‍ර වෙමින් ජිවත් වෙනවා . චාම් බස උපතින් මැලේ- පොලිනිසියන් වර්ගයේ වුනත් පසුව පාලි සහ සංස්කෘත සම්මිශ්‍රණයෙන් යුතු වුනා .




අද වෙනකොට මධ්‍යම සහ දකුණු පළාතට වෙන්න තැන තැන විසිරුන කුඩා ජන සමුහයන්ගෙන් සමන්විතයි . සමස්ථය ලක්ෂයක් ඉක්මවන්නේ නැති තරම් . මෙයිනුත් අඩක් පමණ වෙසෙන්නේ Ninh Thuan පළාතේ Phan Rang නගරයේ . අදටත් මාතෘ මුලික සමාජයක් . පවුලේ වගකීම් දරන වැඩිමහල් දියණිය දිග යන විට වගකීම් බල දියණියන්ට අනුපිළිවෙලින් පැවරෙනවා . දියණියන් විවාහ වූ පසු වෙනම නිවසක් ඒ ආසන්නයේ ගොඩ නැගෙනවා . සැමියා ප්‍රයෝගිකව ගැහැනියගේ නිවසේ පදිංචියක් තමයි සිදුවන්නේ . බින්න බැසීම කියා අපි කියන පරිදි .
මේ පළාතේ ශිව දේවාලයක්ද පිහිටා තිබෙනවා.
මා සිත් ගත් කාරණයක් වන්නේ අතීතයේදී මොවුන් නිවෙස් ආසන්නයේ ලොකු ගස් වැවිමක් නොකළ කාරණයයි . රාත්‍රියට බකමුනන් මේ ගස්වල වසා නද දීමෙන් මළගියවුන් පැමිණේ යයි තිබු විශ්වාසය නිසා . අප කුඩා කල රෑට හඬ නගන බකමුණන් එළවීමට පොල් කටු දෙකක් සද්ද කල හැටි මට මතකයි . එදා ගහකොළ වැඩි නිසාත් විදුලි එලිය අද මෙන් වැඩිපුර නොතිබුන නිසාත් බකමුනු හඬ ගෙන දුන්නේ අමුතුම ගුප්ත හැඟීමක් .



මේ චාම් ජනතාව වී ගොවිතැන මුලික කොට ගත් අය. ඒ වගේම මැටි කර්මාන්තය ප්‍රසිද්ධයි . මොවුන් අප දන්නා සක පෝරුව භාවිතා නොකර අතින්ම මැටි නිර්මාණ එළිදක්වනවා . නමුත් වියට්නාම ජාතිකයින් නම් සකපෝරුව තමා භාවිතා කරන්නේ .
මිට අමතරව ප්‍රදේශය රන් කැනීමත් සිදුවෙනවා . සොයා බැලීමේදී වියට්නාමය පුරා රන් ආකාර 500 ක් පමණ ඇතිලු . අපිටත් එකක් වත් තිබුන නම් .
මේ පළාත වෙරළාසන්න නිසා අද වෙනකොට චාම් මිනිසුන් ඉස්සන් වගාව පවා සිදු කරනවා .
චාම් ජනතාවගේ  තේරවිලි   කීපයකින් මේ ලිපිය නිමා කරනවා .
1. දෙකොනම කඩලා කන්නේ
2.ගලවා ගත්තොත් විසිකර දමන්න හැක . නැත්නම් ගෙදර ගෙන යාමට සිදුවේ
3.කවර දෙකක් අයින් කලොත් හමු වෙයි රන්
4.රැවුල ඇති ආච්චි
5.දිග ඇදුන විට කෙලින් සිටි. කෙලින් සිටි විට සිටියි හරහට
6.වයස සියා හඬවන නරක කොල්ලා
7. කාල අහවර වූ විට මොහුගේ බෙල්ල ගැට ගසයි
8.තරුණ කල කොළ පාට ගවුමක් අඳි . වයසට ගොස් අඳින්නේ රතුය
 
තෝරන්නට හැකි දැයි බලන්න
මුලාශ්‍රයන් ..
WANDERING THROUGH VIETNAMESE CULTURE ...BY Huu Ngoc
මේ පොත ටික කලක් මෙහි සිටි හංසනී නැගණිය මට දුන් තෑග්ගක්

34 comments:

  1. මම ලිපිය මුලින් දැක්කා. නමුත් පරණ ලිපිය කියවල එන්න ගියා. එතෙක් නෙලුම් විලට කව්රුත් ඇවිත් නැති හැඩයි. එහෙනං පළමු කමෙන්ටුව මගෙන්ද?

    ReplyDelete
  2. මම පරණ ලිපියේ කමෙන්ටුවක් දමා 'චම්පා - මාතෘ මූලික සමාජය' ගැන විස්තර කියන ලෙස බින්දි ගෙන් ඉල්ලුව. දැන් බලන කොට මේ ලිපියේ ඒ ගැන යම් තොරතුරක් තියෙනවා. නමුත් මගේ මනදොල පුරන්නට ඒ ප්‍රමාණවත් නැති. ඒ නිසා බින්දියනි, කමෙන්ටු අතර තව තොරතුරු කියනු මැනවි.

    අර අන්තිමට තියෙන ඒවා ප්‍රස්තාව පිරුළු නෙවෙයි මන් හිතන්නේ තේරවිලි නේද?
    ඔන්න මගෙන් උත්තර.

    01. බුලත්
    02. තුත්තිරි
    07. පැණි මුල

    හරිදැයි කියන්න.
    අනෙක්වා නොදන්නෙමි.

    ReplyDelete
    Replies
    1. මාතෘ මුලික ලක්ෂණය තවමත් තියෙනවා ,. දේපල හිමිවෙන්නේ දුවරුන්ට . හැබැයි ඉන්දියන් අභාෂය තිබිලත් එහෙම වුනේ කොහොමද මන්ද . හැබැයි අපේ රටෙත් මාතෘ මුලිකම නොවුනත් ගැහැණියට සැහෙන තැනක් ලැබුන නේද අතීතයේදී . තව විස්තර ලැබුන පසු කියන්නම්

      ඔව් ඔව් තේරවිලි තමයි . තව ටිකක් බලමු . සමහර ඒවා අපිට අමාරු තමයි . ඒත් ඒ හරහා යමක් දැන ගන්න ලැබෙනවනේ

      Delete
    2. @ පොත්ගුල්ලා,

      කලින් පෝස්ට් එකේ මගෙන් අහපු ප්‍රශ්නෙට මම මෙතන උත්තර දෙන්නම්, නැත්තං අපිට පෝස්ට් දෙකක් අතර එහා-මෙහා යන්න වෙනවා නේද.?? චම්පා ශිෂ්ටාචාරයට චෝල බලපෑමක් තියෙන්න ඇති කියලා මම හිතන්නෙ කරුණු කිහිපයක් නිසයි..

      1. මේ දෙකම සමාන කාල වකවානු තුළ එකිනෙකට යාබදව පැවැති රාජධානි, බලන්න පහල තියෙන මැප් දෙක..
      1.1 චෝල රාජධානිය
      1.2 ‍චම්පා රාජධානිය

      2. චෝලයන් මලයාවේ තිබුනු සිරිවිජය රාජධානිය ආක්‍රමණය කලානම් එතනින් පොඩ්ඩක් එහායින් තිබුනු චම්පා රාජධානිය හම්බ නොවෙන්න තියෙන්න චාන්ස් එක මොකක්ද.??

      3. ඇයි චම්පා රාජධානිය ශෛව භක්තිය ඇදහුවේ.?? ශෛව භක්තිය වැඩිපුරම තිබ්බෙ දකුණු ඉන්දියාවෙ නේද, උතුරු ඉන්දියාවෙ තිබ්බෙ වෛශ්ණ භක්තිය නේද.??

      Delete
    3. මේ පස්සෙ මට මතක්වුන තවත් දෙයක්..

      // මන්ද චෝල බලපෑමක් තිබුන නම් මාතෘ මූලික සමාජ පදනම රැකෙන්නේ නැති බව පැහැදිලියි. //

      හින්දු ආගමටත් වඩා පුරුෂ මූලික වන ඉස්ලාමයට හැරුනට පස්සෙත් අද දක්වාම තමන්ගෙ මාතෘමූලික සමාජ පදනම රැකගන්න එයාලට හැකිවෙලා තියෙනවා නේද.??

      Delete
    4. පැහැදිලි කිරීම පිළිඹඳව බුරාභිදානයන් හට ස්තුතියි. බොහෝ විට බුරා නිවැරදි ඇති. ඒත් මෙතන අපිට අහු නොවුණු කොනක් තියෙන බව මගේ හිත කියනවා.

      ඒ මොනවා උනත් බින්දි ලංකාවට එන්න කලින් වියට්නාමයේ සංචාරයක් කල යුතු බව නම් මම හිතා ගත්ත. වියට්නාම් සංචාරක දෙපාර්තමේන්තුවෙන් බින්දිට ගානක් ඉල්ලගන්න පුළුවන්, රට ගැන දෙන ප්‍රචාරයට.

      Delete
  3. 8. තරුණ කල කොළ පාට ගවුමක් අඳි . වයසට ගොස් අඳින්නේ රතුය = මීරිස් කරල

    ReplyDelete
  4. මම ඉන්නේ තේරවිලි ටිකේ පැටලිලා.. ආයෙම එනවා අක්කගේ උත්තට ටික බලන්න..

    ReplyDelete
  5. ප්‍රස්තා පිරුළු කිව්වට මාත් මේ බැලුවේ...බලනකොට තේරවිලි නේ...

    දෙකොනම කඩලා කන්නේ බෝංචි නේද :)) අනේ මන්දා...

    ReplyDelete
  6. / අප කුඩා කල රෑට හඬ නගන බකමුණන් එළවීමට පොල් කටු දෙකක් සද්ද කල හැටි මට මතකයි /

    අපි පොඩි කාලෙ බස්සො බකමූණො කෑගහනකොට අපෙ අත්තම්ම කලේ මොකක්ද දන්නවද?....ලිබ්බටේ දානව ලිපට....ඒක රත්වෙනකොට බකමූණට කෑගහන්න බැරුව ගොලු වෙනවයි කියලයි අපිට කිව්වෙ...බස්සො ගොළුවිල්ල කොහොම උනත් අමතකවෙලා ගිනියම් වෙච්ච බටේ අල්ලල මගෙ අත පිච්චුන නම් ඔන්න මතකයි හොඳට.......හෙහ්, හෙහ්,

    චාම් භාෂාවෙ තියෙන පාලි සහ සංස්කෘත වචන ගැන විස්තරේකුත් ලියන්න බින්දි පුළු පුළුවන් විදිහට...

    ReplyDelete
    Replies
    1. ඒක නම් මම ඇහුවමයි . පොල් කටු සද්ද කලහම නම් බකමුනා යන්න ඇති . මට කනගාටු දැන් නම් බස්සෝ රෑ තිස්සේ බ්ලොග් ලියන්න පටන් අරන් ළමයෙක්ට බය වෙන්න වත් සද්දයක් දාන්නේ නැති එකයි

      Delete
  7. රවි අයියා කිව්වා වගේ, පාලි සංස්කෘත ලක්ෂණ ගැන පොඩ්ඩක් විස්තරයක් තිබුනොත් හොඳයි අක්කේ. ඇත්තටම මේ ලිපිය කියවද්දී ලොකු කුතුහලයක් එනවා... ලෝකේ හැම සුළු ජනකොටසක් ගැනම පවා මුළ ඉඳන්ම කරුණූ එකතු කරලා තිබුණත්, මෙච්චර දීර්ඝ ඉතිහාසයක් තියෙන ලංකාවේ පදිංචිකරුවන් ගැන ‘විධීමත්‘ පරීක්ෂණයක් කවුරුවත් කරන්නැත්තේ ඇයි ???

    ReplyDelete
    Replies
    1. මන් සොයල ලියන්නම් මල්ලි.

      Delete
  8. 1. දෙකොනම කඩලා කන්නේ - බුලත්

    2.ගලවා ගත්තොත් විසිකර දමන්න හැක . නැත්නම් ගෙදර ගෙන යාමට සිදුවේ - කූඩැල්ලා

    4.රැවුල ඇති ආච්චි - බබි ආච්චි

    6.වයස සියා හඬවන නරක කොල්ලා - ඇම්ඩා

    ඕං දන්න ටිකට උත්තර දුන්නා. :)

    ReplyDelete
  9. මට මතක විදියට බොහොම ඉස්සර දවසක බින්දිගෙ පෝස්ට් එකකට ආපු කමෙන්ට් එකකින් කියැවුනේ දෙකොණ කඩලා බුලත් කෑම අපේ රටේ පමණක් වන දෙයක් බවයි.. මට මතක හැටියට අර බුලත් ගැන පෝස්ට් එකට වෙන්න ඕන.. ඒ නිසා දෙකොණ කඩාලා කන්නෙ බුලත් වෙන්න බෑ.. :)

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියල අනුමානයක් කරලා තිබුනේ පොත් ගුල්ලා

      Delete
  10. ගොඩක් ස්තුතියි, තව පොස්ට් එකක් දැම්මට, ඔය චම්පා රාජධානිය විනාශකරපු නගුයෙන් පරම්පරාවේ අය තවමත් වියට්නාම් වල ඉන්නව, උදා:- කිම් නගුයෙන්,නගුයෙන් හොවා, හි්‍යු නගුයෙන්, හොන්ග් හුන්ග් නගුයෙන්...ඔය වගෙ තව නම් ගොඩක් තියෙනව, එ ගොල්ලන් ගොඩක් කැමති නගුයෙන් නමින් අමතනවට, මගෙ යලුවන් කිපයක්ම ඉන්නව නගුයෙන් ලා.... එගොල්ලොනම් කියන්නෙ චාම්පා අධිරාජ්්‍ය විනාශ කෙරුවෙ නැතිනම් මෙලහකට වියට්නාමයත් මුස්ලිම් රටක් වෙනව කියල (මැලෙසියව, ඉන්දුනිසියාව වගෙ)

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මේ චම්පල ගැන කතා කියවද්දී මට මතක් උනේ මේ සින්දුව

    http://www.youtube.com/watch?v=B5Xhve6uCqY


    අපි ඉතින් ඔහොම තමා! හඳ පෙන්නුවම බලන්නෙ ඇඟිල්ල දිහා :D

    ReplyDelete
    Replies
    1. අප්නා දේශ්! හැක හැක.. ඔය සිංදුව තමා ඉස්සර චම්පා කල්හාරි පොඩිකෙල්ල කාලෙ නිතරෝම TV එකේ කියන්නෙ.. :D

      Delete
    2. මුහුදු නම් බලලා තියෙන්නේ හඳ දිහාවත්, ඇඟිල්ල දිහාවත් නෙමේ නටන ගෑනු ලමයි දිහා. :D

      Delete
  13. laptop got some trouble. I will get back soon

    ReplyDelete
  14. නොදන්නා තවත් ඉතිහාස කතාවක් කියෙව්වා, කලින් පොස්ට් එකත් කියවන්න වෙනවා මට.

    ReplyDelete
  15. අදනං විස්තරටික එක හුස්මට කියල ඉවරකලා වගේ

    ReplyDelete
  16. ප්‍රහේලිකා කිහිපයේ පිළිතුරු දැනගන්ට නොඉවසිල්ලෙන් සිටිමු.

    ReplyDelete
  17. 1.දෙකෙළවර කඩා කන්නේ බුලත් ..@බුරා ...ලංකාවේ විතරයි කියල පොත්ගුල්ල කරලා තිබුනේ අනුමානයක් විතරයි .
    2.කකුලේ ඇනුන කටුව
    3. බිත්තරේ
    4.නාකි එළු දෙන
    5.කකුල් වල ඇඟිලි
    6.මිරිස් කරළ
    7,මාළු සෝස් බෝතලය ....මේක ටිකක් අලුත් දෙයක් අපට . ඒ වුනත් වියට්නාමේ ප්‍රධානම සෝස් වර්ගයක් ...හරි සුවඳයි ..D
    8.මිරිස් කරළ

    කීපදෙනෙක්ම සමහර ඒවා හරියට කියා තිබුනා .
    මගේ කම්පියුටරේ සම්පුර්ණයෙන්ම වැඩ වර්ජනයක් . මේ උත්තර ලිවේ හරි අමාරුවෙන් වෙන පොඩි ලැපකින්. අදාළ අංශ වලින් ඒ ගැන ක්‍රියාමාර්ග ගන්න තෙක් වැඩිපුර ලියන්න අමාරුයි . පාලි වචන හෙම ගැන පසුව ඉඩ ඇති විදිහට .කමෙන්ට් කල හැමෝටම ස්තුතියි . කාලෙකින් පොත්ගුල්ලාට විවේකයක් ලැබීම හරිම සතුටක්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇත්තටම ඔව්. මේ දවස්වල පාසල් නිවාඩු සමය නේ.

      අර ප්‍රහේලිකා වල, ලංකාවට අනුව නම් 2 සහ 7 සඳහා මං දීපු පිළිතුරු නිවැරදියි නේද?

      පරිගණක අවුල ඉක්මනින්ම විසදේවා කියා පතනව.

      (කමෙන්ටු දෙකක් අවලංගු කිරීම ගැන සමාවෙන්න. සමහර අක්ෂර දෝස පෙනෙන්නේ පල කල පසුවයි.)

      Delete
  18. ප්‍රත්ථා පිරුළු නෙවෙයි තේරවිලි නේද?

    එක එක උත්තර කල්පනා වුනා...

    henryblogwalker the Dude

    ReplyDelete
  19. ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)

    ReplyDelete
  20. බින්දි අක්කාටත්, පවුලේ සියළු දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete