Monday 30 April 2012

උතුර දකුණ යාකල ජයග්‍රහණයේ දවස



Francoise Demulder taken April 30, 1975



මේක ඉතිහාසගත පින්තුරයක් . ඊතලයෙන් පෙන්වන පුංචි මිනිසා පේනවද .දුවන්නේ කොඩියක් අරන් . ඒ තමයි උතුරු වියට්නාම හමුදාව දකුණේ ඇමරිකන් රුකඩ ආණ්ඩුවේ ජනාධිපති මැදුරට කඩා පැන්න වෙලාව . පින්තුරයේ ඉන්න සෙබලා කොඩිය අරන් දුවලා මැදුරේ පියස්සේ කොඩිය ඔසවනවා . ඒ තමයි එක්සත් වියට්නාමයේ සංකේතාත්මක ඇරඹුම . 1954 ඉඳන් 1975 වෙනකම් තිබුන ඇමරිකන් -වියට්නාම යුද්ධයේ නිමාව .


මේ සෙබලාගේ නම Bui Quang Than . ..එදවස වෙද්දී වයස විසිනවයයි . යුද්ධෙට පටලවෙන්න කලින් තාන් සාමාන්‍ය ගොවියෙක් . ජනපති මැදුරේ ගේට්ටුව කඩාගෙන අංක 843 දරන සෝවියට් ටැංකිය ඇතුල් වෙද්දී එයින් බිමට පැනපු තාන් කොඩිය අරන් දුව්නන්නේ කිසිම ආයුධයක් නැතුව . ඒවෙනකොට ඇමරිකාව සටනින් පැරදිලා . තුන් දවසකට කලින් පත්වුණ සයිගොන් අලුත් ජනපති කොන්දේසි විරහිත යටත් වීමක් ප්‍රකාශයට පත්කරලා . ඒත් සයිගොන් වලට ඇතුල් වෙද්දී දරුණු සටන් තිබිල තියෙනවා . තාන් ලගේ රෙජිමේන්තුව සැහෙන විනාශයකට මුහුණපාල තමයි සයිගොන් පාලම තරණය  කරලා තියෙන්නේ .


'' අපි සයිගොන් පාලමින් එගොඩ වෙද්දී දැනන් හිටියේ නැහැ කොයි පැත්තේද ජනාධිපති මැදුර තියෙන්නේ කියල . පාරවල් වල කිසිකෙනෙක් හිටියේ නැහැ . මෝටර් බයිසිකලයක ගිය එක ගැහැණු කෙනෙක් බලෙන් නවතල තර්ජනය කරලා තමයි පාර අහගත්තෙ . ටැංකියෙන් බැහැල දුවද්දී සගයින්ට කිව්වා වහලය උඩ තමන්ව දකින්න නොලැබුනොත් මාලිගාවට පහර දෙන්න කියල . ''

ඒ තාන් අවුරුදු 37 කට පස්සේ තමන්ගේ මතකය අවදි කල හැටි .


නිරායුධව දුවයද්දී ඔහුට තමන්ගේ ජීවිතය ගැන හිතිලා නැහැ . පඩිපෙළ නගිද්දී හමුවූ දකුණේ හිටපු තොරතුරු ඇමති වරයා ඔහුව ජනාධිපති ලඟට එක්ක ගිහින් . ජනාධිපතිතුමා ඉඩ දීල තියෙනවා ඔහුව උඩට ගෙනයන්න .



''එතනදී මොකක්ද පෙට්ටියකට නගින්න කිව්වා .''

 උගුලක් යයි සැක කලත් ඔහු අන්තිමට එයට ගොඩ වෙලා . ඒ පෙට්ටිය විදුලි සෝපානයක් බව ගම්බද ගොවියෙක් වූ තාන් කෙසේ දැන සිටින්නද . විදුලි සෝපානයෙන් ගොස් ජයග්‍රහණයේ කොඩිය වහලය මත රඳවනු ලැබුවා .

picture from http://nhtuong.wordpress.com/category/on-this-day/


ඒ වන විට ඇමරිකන් හමුදා සහ ඔවුනට හිතැති ඇතැම් සයිගොන් වැසියන් රටින් පිටවන්නට පටන් අරන් . බොහොමයක් ඇමරිකාවටත් තව පිරිස් ඔස්ට්‍රේලියාව නවසීලන්තය ප්‍රංශය වැනි රටවලට දේශපාලන අනාථයින් ලෙසින් පැනගියා . බොහෝ දෙනෙක් බෝට්ටු මගින් තායිලන්තයට ගොස් එතනින් මේ රටවලට ගිය හෙයින් ඔවුන් ''බෝට්ටු ජනතාව '' ලෙස හැඳින්වුවා . එලෙස ගියවුන් සහ පැවතෙන්නන් හැඳින්වුයේ වියට් කියූ වරුන් කියා . මෑතක් වෙනතුරු ඔවුන් එතරම් පිළිගැනීමකට ලක් නොවුනත් අද වෙනවිට ඔවුන්ට සැහෙන පිළිගැනීමක් තිබෙනවා .



] අද මේ ලිපියට කරුණු වියට්නාම් නිව්ස් පුවත් පතින්]

..අද මේ සුවිසල් මැදුර සංචාරක ආකර්ශනයක් . මමත් කීපවිටක් නරඹා තිබෙනවා . ගත් පින්තුර නම් දැනට පලකිරීමට නොහැක්කේ අලුත් පරිඝනකයට ඇතුලත් කර ගැනීමට තවම නොහැකි වූ නිසයි . මේ පින්තුර නම් ගුගල් අනුග්‍රහයෙන්




විටට්නාම යුධ ඉතිහාසය ගැන කියවීම සහ ලිවිමට ඉතාම කැමතියි . එහෙත් එය සැහෙන දිග සහ සංකීරණ කටයුත්තක් . එකක් මේ ගම් නියම් ගම් ගැන අවබෝධයක් නැතුව ඒමය තේරුම් ගැනීම මදක් දුෂ්කර වීම . කාටත් වැටහෙන පරිදි සරලව ලියන්නට හැකිව වෙයි දැයි මට ඇති සැකය . අනික මේ සඳහා මට සහ කියවන්නන්ට ඉවසීමක් තියෙයි විස්වාසයක් නැති කම .
එහෙත් මේ ගැන කෙටි හෝ හැඳින්ව්මක් නොකලොත් ලොකු අඩුවක් .  ඉදිරියේදී ඒ ගැන සිතන්නට ඕනේ

වඩා උනන්දු අයට


කුචි උමන්


ඩියෙන් බියෙන් ෆු සටන


 බිම වැටුන කුරුල්ලෝ     ....  ලිපි ටික කියවන්න ආරාධනා කරනවා .

හෝ චි මින් ගැන කියවෙන නිදන මිනිසෙකි   ලිපියත් මෙයට සම්බන්ධයි


මේ ජයග්‍රහණය සැමරීමට අප්‍රේල් 30 Victory Day ලෙස නම් කොට ජාතික නිවාඩු දිනයක් කර තිබෙනවා . මෙවර එය දිග නිවාඩුවක් . සති අන්තය සහ අප්‍රේල් 30 ත් මැයි පලවෙනිදාත් ඇතුළුව දවස් හතරක් .

37 comments:

  1. හා හා එහෙනං දිග නිවාඩුව වීවේකයෙන් සමරණ ගමන් හිමින් සැරේ අර ගත්ත පිංතූරු ටිකක් අප්ලෝඩ් කරාන්ටකෝ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් මේ පාර කොහෙවත් නොගිහින් ගෙදරම ඉන්න තීරණය කළා .

      Delete
  2. //විටට්නාම යුධ ඉතිහාසය ගැන කියවීම සහ ලිවිමට ඉතාම කැමතියි . එහෙත් එය සැහෙන දිග සහ සංකීරණ කටයුත්තක්//

    ඒ පරිසරය, ඉතිහාසය ගැන නොදැන, එය කියවා තේරුම් ගැනීමත් අපහසු කටයුත්තක්. ඒත් වියට්නාම් යුද්ධය ගැන හැමෝම වගේ දන්න හන්දා කතාව කියවන්ට හැමෝම කැමති වෙයි.

    දැන් ඉතින් ලියන්නියගේ අතේ තමා වැඩේ තියෙන්නේ....:D

    ReplyDelete
    Replies
    1. මේකට අත ගැහුවොත් ඉතින් සංසාරේ වගෙයි . හිතා බලල ටිකක් සංවිධානයක් ඇතුව පටන් ගන්න ඕන . ටින්කිරිස් පොත් ටිකකුත් තියෙනවා පුස්තකාලේ .

      Delete
  3. අන්තිම ජේදේ දැක්කම ඉරිසියාවේ බෑ...:)

    වියට්නාම යුධ ඉතිහාසය අක්කා ලිව්වොත් කියවන්නනම් කට්ටිය ඉඳීවි...මේ වගේම ලස්සන කතා ඇති නේ.

    ReplyDelete
    Replies
    1. සයුරි කියන්නේ නිවාඩු ගැනද . මෙහෙ වැඩිය නිවාඩු නැහැ . ඉස්කෝලෙනම් ඕනෑතරම් නිවාඩු . ඒත් මහජන නිවාඩු තියෙන්නේ කීපයයි . ටෙට් [ අවුරුදු ] වලට දවස් පහක් විතරයි , මේ වික්ටරි ඩේ එක සහ මැයි දිනයයි සැප්තැම්බර් ජාතික දිනයයි ..ආ අප්‍රේල් මුල දවසක් තියෙනවා හුන්ග් රජතුමාගේ උපන්දිනේද කොහෙද . එච්චරයි .

      මේ දිග සති අන්තය මෙයාලට හුඟක් වැදගත් . මොකද උතුරු පැත්තට වෙන්න තියෙන මුහුදු වෙරළවල් ග්රිශ්මයට උත්සවාකාරයෙන් මිනිසුන්ගෙන් පිරෙන්න පටන් ගන්නේ මේ දවස්වල නිසා .

      Delete
  4. අපෙ රටේ යුද්දෙං පස්සෙ ඔයවගෙ කතා කියන අය තාම මුනගැහුනෙ නැහැ. ලස්සනට ලියලා......

    ReplyDelete
    Replies
    1. කවදාහරි දවසක අපේ අතරත් මේ වගේ කතා කියවෙයි . අද නෙමේ ඒවා වැදගත් . ස්තුතියි කවි

      Delete
  5. අපුරුව නම් වියට්නාමය ඒ ඉතිහාසය පැත්තකින් තියලා එහෙම ආක්‍රමණය කල රටවල් එක්ක අද සහයෝගයෙන් ක්‍රියාකිරීමයි.. අද ආසියාවේ අපි වගේ වියට්නාමයට සහය දුන්න පුංචි රටවල මිනිස්සුන්ට එහෙ යන්න විසා ගන්න මහා බරපතල සටනක් කරන්න සිදු උනත් ඇමෙරිකන් පුරවැසියන්ට ජංජාලය මගින් විසා අරගෙන නිදහසේ යන්න පුළුවන්.. ( ඒකට නම් මට බොහොම තරහයි..මොකටද බොරු කියන්නේ.. අපි මුළු හදින්ම එයාලට පක්ෂව හිටි අය) මොනවා උනත් කිසිම ආසන්න හේතුවක් නැතුව බටහිරට ඇමෙරිකාවට පලු යන්න පහර දෙන අපේ සමහරුන් වියට්නාමය ලෝකය එක්ක ගනුදෙනු කරන හැටි ඉගෙනගන්නවා නම් අපුරුයි..

    ReplyDelete
    Replies
    1. මටත් සැහෙන තරහයි ඔය වැඩේට . දැන් නම් ඇමරිකාව කිව්වොත් ඊට වැඩි දෙයක් නැහැ . හැබැයි අපිට අමාරු වෙලාවල අපිට පක්ෂව මෙයාල හිටියා නේද . මිනිස්සු අතරත් ඉන්දියන් අයට වඩා අපට සැලකීමක් තියෙනවා . ව්‍යාපාර කරද්දී නම් මේවා වෙනස් ඇති . මන් කිව්වේ එදිනෙදා ජීවිතේදී . මටත් හිතෙන්නේ හෝ ගාල තරහ කර නොගෙන ඉන්න පුළුවන් නම් හොඳයි . හැබැයි ඉතින් යාලුයි කිව්වට ඔය NGO වලට හෙම හායි ගාල පිළිගැනීමක් නැහැ . තවම පරිස්සන් . .

      Delete
  6. මතකයේ ඇඳිලා තියෙන වියට්නාම යුද්ධ ගැන තිබුනු ච්ත්‍රපට වල සිද්ධි දාමයන්..කතාවෙන් අළුත් යමක් ඉගෙන ගත්තා..

    ReplyDelete
    Replies
    1. කිපෙක ඇර අනික්වා වෙච්ච පරාදේ වහගන්න බොරු වීරයෝ මවපුවානේ . ඇත්ත ටිකක් වෙනස් .

      Delete
  7. වියට්නාම් ඉතිහාසෙ ගැන නම් මම කලින් එක්චරම දැනගෙන හිටියේ නෑ.. අර දුලභ ඡායාරූපයටන මගේ හිත ගියා....

    ReplyDelete
    Replies
    1. මාත් මෙහෙ ආවට පස්සේ තමයි ගොඩක් දැන ගත්තේ . අපි එද්දිත් සමහරු ඇහුවේ තාම යුද්ධේ නේද කියල .

      Delete
  8. අක්කගේ වියට්නාම් ඉතිහාසය ගැන ලිපි නම් මම මාර ආසාවෙන් කියවනවා... ඒ වියට්නාම් වරු ගැන මගේ හිතේ තියෙන ධීර-වීර හැඟීම හින්ද ද මන්දා ? කොහොම වුනත් හත්පොලේ කොටන ඇමෙරිකන් කාරයට පස්ස බිම ඇනෙන්න පාඩම් උගන්නපු වියට්නාම් කාරයින්ට මම සැහෙන්න කැමතියි. එච්චර ලොකු රටක් වෙලා වියට්නාම් වරු එක්සත් වෙලා පොදු සතුරාට විරුද්ධව සටන් කරලා අද සෑහෙන්න ඉහලට ඇවිත් ! අපිට අපේ රටේ කෝටි දෙක එක තැනකට ගන්න බැරිවෙලා තියෙන එක ගැන නම් දුකයි...!

    වියට්නාම් වීර වරුනි... මෙන්න මගේ ආචාරය !!!

    ReplyDelete
    Replies
    1. මගෙත් සැහෙන ගරු කිරීමක් තියෙනවා මේ පුංචි මිනිස්සු ගැන . ලෝකෙටම පාඩමක් එයාල . අනික යුද්ධෙන් පස්සේ රට ගොඩ නගපු හැටිත් අපුරුයි .
      අනික සුළු සුළු ජනකොටස් ටිකක් හිටියත් මුලිකව සේරම වියට්නාම ජාතිකයින් . අපේ තරම්ම විවිධත්වයක් නැහැ .

      Delete
    2. අන්න හරි වඩා වැදගත් අපිට යුද්දෙන් පස්සේ ඒ ගොල්ල ක්‍රියා කල විදිහයි.. ඇමෙරිකන් කාරයාට ප්‍රංශ කාරයාට පලු පැලෙන්න බන බන හුඉටියේ නැහැ. ඒ රටවල් ඔක්කොම එක්ක ඉක්මනින් සුහද වෙලා අද ඇමෙරිකාව ප්‍රධාන ආයෝජකයෙක්.. චතුරංගගේ එක කතාවකට මමත් එකඟයි.. අපේ කෝටි විස්සට එකතු වෙන්න බැරි එක තමයි ප්‍රශ්නය ඒ මිනිස්සුන්ගේ වරදකින් නෙවෙයි.. මිනිස්සු හරක් වගේ දක්කන දිසාව වැරදි වීමයි

      Delete
    3. ඇත්ත ඕක තමයි අපිට තියන හෙනේ.. යුද්දෙන් පස්සෙ රට ගොඩ යයි කියලා බලාගන ඉඳලා දැන අර එලුවගේ අහවල් එක වැටෙනකම් බලන් හිටිය නරියට වෙච්ච දේ අපිට වෙලා තියෙන්නෙ. ලංකාව බලන් ඉද්දි ප්‍රපාතෙට යන එකනම් හරිම දුකක්.. ඉස්සරනම් යුද්දෙ කියලවත් හිත හදා ගත්තා.. ඒත් දැන් ?

      Delete
  9. අපි ගැනත් ආපහු හිතන්න පොළඹවන සුලු ආකාරයේ ලිපියක්..
    ස්තුතියි..
    වියට්නාම් ඉතිහාසය ගැන කියවන්න මගෙත් කැමැත්තක් තියනවා ඔබතුමී ලියනවා නම්..

    ReplyDelete
  10. උත්සහ කරන්නම් රූ ..මගෙත් ආසාවක් තියෙනවා . අපි බලමුකෝ

    ReplyDelete
  11. මෙන්න බින්දි ඉතිහාස කතා අරන් ඇවිල්ලෝ. දැන් සුජීවගෙයි බුරා ගෙයි කතා ටිකත් බලන්න පස්සෙම එන්නම්

    ReplyDelete
    Replies
    1. බුරා විතරයි ඉතුරු රන්ගි ..සුජීව දැන් පැත්ත පළාතේ නැහැ නේ .

      Delete
    2. සුජීව පාඩං කරනවා මේ දවස්වල .ඒක උදැල්ල දාන්න එපා හරිද :)

      Delete
    3. මටත් අලි කම්මැලියි අප්පා සුජීව නැතුව.. කිසිම ගෝ එකක් නෑ මෙයා.. :)

      Delete
  12. නියමයි හොඳ ලිපියක්, මමත් අද මගෙ වියට්නාම් මිතුරන් වෙනුවෙන් සුභ පැතුම් ඉ මෙල් කරා......

    ReplyDelete
    Replies
    1. කුශිට ගොඩක් යාලුවෝ ඉන්නවා වගේ මෙහෙ .

      Delete
  13. කාලෙකට උඩදි වියට්නාම් යුද්දය ගැන හැදුන ෆිල්ම් එකක් බැළුවා.. යුධ ඉතිහාසය ගැන දැන ගන්න කැමතියි අක්කේ.. දන්නවා ඒක ලිවීම පහසු කටයුත්තක් මෙමෙයි කියලා..

    ReplyDelete
    Replies
    1. කොයි චිත්‍රපටයද දිනේෂ් ..ගොඩක් ඒවා ඉතින් වීර කතානේ . සත්‍යට ටිකක් සමීප ඒවා කීපයක් තියෙනවා . මන් දන්නා තරමින්

      Quiet American

      Born on 4th of July

      Rescue Dawn හොඳයි

      Delete
  14. යුධ සාහිත්‍යයක් ලෝකෙ බිහි වෙන්න වියට්නාම යුද්ධයෙනුත් ලොකු පිටිවහලක් ලැබුණා. ඒකට ඌන පූර්ණයක් විදියට තවත් ලියන්න බින්දි

    ReplyDelete
  15. අඩේ... මාත් ආසයි යුද්ධ කතා වලට. ඔන්න අපි බලන් ඉන්නවා ඈ.. :-)

    ReplyDelete
  16. බින්දි,

    ලියන්ඩකො වියට්නාම් යුද්ධෙ ගැන.. මට ඕක ගැන පැහැදිලි අවබෝධයක් නෑ... මුල ඉඳලා ලස්සනට ලිව්වනම් පින්.

    ReplyDelete
  17. මමත් ඔයාගේ පොස්ට් කියවනවා ඉතියෝපියන් කතාවේ ඉඳල.වියට්නාම ගැන දැනගන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ. වැඩේ කියන්නේ ඇමරිකාව තවම පිළිගන්නේ නැහැ නේ යුද්දේ පාරදවුනා කියල.

    ReplyDelete
    Replies
    1. අසරණයා ..ඊට කලින් ලිපි කීපයක් තියෙනවා වියට්නාම ගැන ලියපු . මේ ලිපියේ ලින්ක් තියෙන්නේ ටිකක් යුද්ධෙට සම්බන්ධ ඒවා . අනික් තොරතුරු සහිත ඒවා ගොඩක් තියෙනවා . හිමිට කියවන්න .

      Delete
  18. සත්‍ය වීර කතා කවදත් සිත් ගනී. ලියන්නට සුබ පතමි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික ..හොඳ කවියෙක් වග දැක්ක

      Delete
  19. සිදු , අඩවි රජා , සෙන්නා හැකි තරමකට ලියන්න පොරොන්දු වෙන්නම් . ගොඩක් කියවන්න වෙන නිසයි පරක්කු වෙන්නේ

    ReplyDelete
  20. මේ දවස්වල විශේෂයෙන්ම ඉතිහාස රැළලක් බ්ලොග් අවකාශේ යන නිසා මේ ගැනත් ලියන එක නම් වටිනවා අක්කේ

    ReplyDelete